IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


චිත්‍රසේන-වජිරා පරපුරේ වත්මන් තාලය 'තජිතාංගනී'

ඇගේ ආච්චි අම්මා ඇයට තජිතාංගනී කියා නම දැමුවේ එය අරුත්බර කරනු ඇතැයි කියාය. නැතහොත් පරම්පරාවේ උරුමය රැගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙනු ඇතැයි සිතාය. නර්තනයේ ශ්‍රී ලාංකීය උරුමය රකින මේ මිණිබිරිය කවුද? නර්තන ලෝකයේ බොහෝ දෙනා ඇය ආමන්ත්‍රණය කරන්නේ තජී (තජ්ජි) නමිනි. මේ තජී යනු චිත්‍රසේන වජිරා පරපුරේ නව ප්‍රවණතාවයයි. වජිරා යන ඒ ප්‍රවීන නර්තනවේදිනිය තජීගේ ආදරණීය ආච්චි අම්මාය. චිත්‍රසේන වජිරා නමැති ශ්‍රී ලාංකීය නර්තන හැඩතලයේ වත්මන් නියෝජනය වන තජිතාංගනීගේ තාලයට මොහොතකට සවස් දෙන්න. තජිංතාංගනී ගැන කෙටියෙන් තජිතාංගනී ඩයස් ඇගේ සම්පුර්ණ නාමයයි. කොළඹදී උපන්න තජී වජිරාගේ පුතු අනුදත්ත ඩයස්ගේ දියණියයයි. තජීගේ අක්කා උමදන්තිද නර්තන ශිල්පිනියකි. මේ අයගේ නැන්දා වන අංජලීගේ දියණිය හේෂ්මා චිත්‍රසේන කලායතනයේ කටයුතු මෙහෙයවන්නීය. තජී උදේවරුවේ ඒ.බී.සී. නමැති පෙර පාසලක උගන්වන අතර හැන්දෑවේ නර්තන කටයුතුවලට දායක වන්නීය.   තජී ඔබ නර්තනය කරන්නේ පරපුරේ ආභාසය සහ උරුමය ඉදිරියට ගෙන යන්න ඕන නිසාද? පවුලෙන් එය ගිලිහී යයි කියලා හිතන නිසාද? ඒ අභිමානය නිසාම නෙවෙයි. කුඩා කාලයේ ඉඳලාම මම දැක්කෙ නර්තනයයි. නර්තනය මගේ ලෝකය වුණා. ආච්චි නටන හැටිල අම්මා නටන හැටි මං බලාගෙන හිටියා. ඒත් කවුරුත් නර්තනය කරන්න කියලා මට බලකළේ නැහැ.   වෙන අරමුණක් තිබුණේ නැද්ද? ඇත්තටම නැහැ.   ඒ කියන්නේ නර්තනය ඔබ ආදරයෙන් වැළඳ ගන්නා කියන එකද? සහතිකෙන්ම ඔව්. අපි එහෙම කරන්න ඕන. නර්තනය හෝ තමුන් කරන ඕනෑම විෂයයකට අපි අවංක වෙන්න ඕන. ඒත් පරපුරක ආභාසය තියෙන අයට ඒ උරුමය හරියට ගෙන යන්න බැහැ.   ඔබ හිතනවද ඔබ මේ උරුමය රකිනවා කියලා? අඩු තරමින් හඳහනවත් බලල නෙමෙයිද මේ අංශයට ආවේ ? හඳහන නම් බලල තියෙනවාද කියලා නම් දන්නෙ නැහැ. මම හිතන්නෙ පෙර ආත්මයේ ඉඳලම අපි නැටුමට සම්බන්ධ වෙලා ඇති. ඒ නිසාම නර්තනයට සාධාරණයක් කරනවත් ඇති.   මේ ක්ෂේත්‍රයේ බොහෝ අය කියන්නෙ තජී හරි වෙනස් කියලයි? මොකක්ද මේ වෙනස ? මොන විදියටද? ඔබගේ බාහිර පෙනුම සහ නර්තන ක්ෂේත්‍රයේ චරිතයක් ලෙස ? මම හිතන්නෙ මේ සියල්ල පරපුරේ ආභාසය නිසා වෙන්න ඇති. ඒ කාලයේ අපේ ආච්චිට වගේම නැන්දා උපේඛාටත් තිබුණේ සිහින් සිරුරක්. එය නර්තනයේ ලාලිත්‍යයට පෑහුණා.   ඒ හැර වෙනත් අභ්‍යාස නැද්ද? සිරුරට වඩා නර්තනයේ නම්‍යශීලීත්වය උදෙසා අභ්‍යාස කළ යුතුයි. ආහාර පාන ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. කොහොම වුණත් සිරුරේ හැඩය උරුමයෙන් එන දෙයක් කියල හිතෙනවා.   තජී දැන් වයස කීයද? අවුරුදු 23 යි   නර්තනය කියනදේ ඔබට දැනෙන්නෙ හැඟෙන්නෙ කොහොමද? මම හිතන්නෙ නර්තනය කියනදේ ඕනෑම කෙනෙකුට කරන්න බැහැ. සංගීතය, රංගනය ආදී අනෙකුත් සෞන්දර්යය විෂයයන් ඒ විදියයි. ඕනෑම කලාවක නියැලීම සඳහා ලොකු කැපවීමක් විනයක් තිබෙන්න ඕන.   එතැනින් එහාට කතා කළොත් සංගීතයෙන් අපි වින්දනයක් ලබනවා වගේ. නර්තනයෙන් මොකක්ද ලබන්න පුළුවන්? නර්තනයෙන් වින්දනයක් ලබාදීම වගේම ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. මොකද අද වනවිට අපේ නර්තන කලාව පිරිහීගෙන යන තත්ත්වයට පත්වෙලා.   ඇයි එහෙම වෙන්නෙ? බොහෝ දුරට වාණිජකරණයට ලක්වෙලා නිසා වෙන්න ඇති. එය ආට් එකකට, නැත්නම් කලාවකට වඩා වාණිජමය පරමාර්ථ උදෙසා කරන දෙයක් වෙලා.   එහෙම වෙන්න බැරිද? වටිනාකමක් ලැබීම නරකද? වටිනාකම ලැබෙන්න ඕන. එය ලැබෙන්නෙ ගුණය - හරය සහ මූලික පදාර්ථ සමගයි. ඒ නිසා අප නටන නැටුම් හරියට කරන්න ඕන. පහතරට නම් එය හරියට කරන්න ඕන. උඩරට නම් එය හරියට කරන්න ඕන. ඒ අනුව කරන නිර්මාණයට අවංක වෙන්න ඕන.   නිර්මාණයක් කරන්න ආර්ථික පිරිවැයක් අවශ්‍යයිනෙ? ඒක හරි. නමුත් මූලික දේ ගැනයි අපි හිතන්න ඕන. ජීවිතේ පවත්වාගෙන යන්න මුදල් අවශ්‍යයි. නමුත් නිර්මාණයක් මුදල්වලින් බිහිකරන්න බැහැ. බිහිකරන නිර්මාණයට පසුව සෑම අතකින්ම වටිනාකමත් ලැබේවි. මුදල් මුල්කරගෙන ගියොත් පැවැත්මක් නැහැ.   ඇය ඔබලා නර්තන වේදිකාවේ දකින්න නැත්තෙ? ලොකු මිලක් අය කරනවාද? නැත්නම් කරළියට එන්න අකමැතිද? ඇයි විශේෂිත අවස්ථා සඳහා පමණක් නටන්නෙ? අද කාලයේ බොහෝ දුරට විදෙස්ගත වන්නෙ කණ්ඩායම් ලෙස ගිහින් ඒ අවස්ථාවට සහභාගී වෙන්නයි. නමුත් අපි ඒ යන තැන, සිටින තැන, කාටද නටන්නෙ කියන තැන වගේ සියලු දේ ගැන මූලිකව සොයා බලන්න සිද්ධ වෙනවා. මොකද අපට පාරේ නටන්න වේවිද? සංදර්ශනවල නටන්න වේවිද? කියලා දන්නෙ නැතුව ගිහින් නටන කලාවක් අපි කරන්නෙ නැහැ. සමහර විට අපේ නිර්මාණය ඒ මොහොතකට විතරක් කරන ඒ වෙනුවෙන්ම බොහෝ වෙහෙස මහන්සි වී කළ සංකල්පයක් වගේම රටේ උරුමය රුගත් දෙයක් වෙව්.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

චිත්‍රසේන-වජිරා පරපුරේ වත්මන් තාලය 'තජිතාංගනී'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 2 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 115 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 259 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 197 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 102 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 252 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2162 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site