IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ  පෙත්සමක් අද සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තුරු  යාපනය චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරයේ වැඩ කටයුතු අත් හිටුවමින්   තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම විදුලි බලාගාරය හේතුවෙන් යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ළිං වලට තෙල් සහ ග්‍රීස් එක් වීමෙන්  ජලය අපවිත්‍ර වී ජීවිතයට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය ගොනු කර තිබූ පෙත්සම අද   අගවිනිසුරු කේ ශ්‍රී පවන්, බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.

මෙම පෙත්සම ජනවාරි 30 වැනි දා විභාගයට ගැනීමට ද තීන්දු විය.

පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් රවින්ද්‍ර කාරියවසම් මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරි ය, විදුලිබල මණ්ඩලය , උතුරු පළාත් මහ ඇමති , යාපනය චුන්නාකම් විදුලි බලාගාර සමාගම ,අයෝජන මණ්ඩලය , වලිකාමම් ප්‍රදේශීය සභාවේ සභාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

2010 වසරේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අරඹා ඇති යාපනය චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු නිසා 2012 වසර වන විට එම ප්‍රදේශයේ ළිං ඇතුළු ජල මූලාශ්‍රවලට තෙල් සහ ග්‍රීස් එකතුවීමෙන් ජලය අපවිත්‍ර වී ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සිය පෙත්සමින් පෙන්වා දෙයි.

මෙම බලාගාරයේ එකතු වන අපවිත්‍රතා හේතුවෙන් ප්‍රදේශයේ ළිං 120ක පවතින ජල සම්පත් වල සියයට 73 ක ප්‍රමාණයෙන් තෙල් හා ග්‍රීස් අඩංගුව පවතින බවද පෙත්සම්කරු කියා සිටී. එසේම මෙම විදුලි බලාගරයෙන් යාපනය අර්ධද්වීපයේ භූගත ජල සම්පත් වලට විශාල වශයෙන් දැවි තෙල් බැහැර වන බවද පෙත්සමකරු කියා සිටී.

මෙම තත්ත්වය උඩ ජල සම්පාදන මණ්ඩල විසින් එම ප්‍රදේශය ජල සැපයුම් සිදු කිරීමද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර ඒ ගැන එම ප්‍රදේශයේ සිටින ප්‍රධාන වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ජල සම්පාදන මණ්ඩලය වාර්තා මඟින් අවස්ථා කිහිපයකදීම වගඋත්තරකාර බලධාරීන්ට පෙන්වා දී ඇති බව පෙත්සමේ සඳහන් වේ.

මෙම විදුලි බලාගාරය නිසා ජලය අපවිත්‍රවීමෙන් යාපනය අර්ධද්වීපයට දැවැන්ත පරිසර හානියක් සිදු ව ඇති බැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් ,චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු වහාම නවත්වන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

එසේම මෙම භූගත ජල දූෂණය වීම නිසා පීඩාවට පත්වූවන්ට වගඋත්තරකාර පාර්ශවයන් ගෙන්  වන්දි ලබා දෙන ලෙද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ  ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා නොමිලේ පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුරේන් ඥානරාජ් ,උතුරු ජනනි විදුලි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු ,ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු යන මහත්වරු  පෙනී සිටියහ.



අදහස් (0)

චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්

කුමාර් Thursday, 01 December 2016 10:40 AM

දැන් ඊළඟට කෑගහපල්ලා විදුලිය කැපුවා කියලා, (හේ)

:       0       0

කෝනාර Wednesday, 30 November 2016 06:36 PM

ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සේනක Wednesday, 30 November 2016 10:07 PM

හොඳ තීරණ වලට අපේ සහයෝගය !! (නි)

:       0       0

ලංකා Thursday, 01 December 2016 03:12 AM

දැන් අපි විදුලිය හදන්නේ කොහොමද, මේකත් එපාලු, මුත්තූරුත් එපාලු... (නි)

:       0       0

දර්ශන Thursday, 01 December 2016 05:10 AM

ඔය බලාගාරය හැදුවේ නැත්නම් තමයි ලංකාවට වරදින්නේ. (නි)

:       0       0

ලුසේන Thursday, 01 December 2016 06:25 AM

2017 වැඩි විදුලිය ඉල්ලුමට විදුලිය ගෙනවිත් දෙනවද? නැත්නම් විකල්ප පිළියමක් තියෙනවද? (නි)

:       0       0

දසනායක Thursday, 01 December 2016 04:12 PM

පුනර්ජන්නිය බලශක්තියට ඉඩකඩක් ලැබේද (බ)

:       0       0

රූපවතී Thursday, 01 December 2016 07:43 AM

ඔය සේරම තුරුම්පු. මෙයාලා සේරම දඟලන්නේ ඉන්දියාවෙන් උතුරට විදුලිය සපයලා එයාලගේ සේරම ඉන්දියාවත් එක්ක කරගන්නයි. අපි තමයි බදු ගෙවන්න ඕනෑ මෙයාලට අංගසම්පුර්ණ ජීවිත හදල දෙන්න.අපේ දරු මුණුපුරොත් ලෝක බැංකුවට ණය ගෙවන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1193 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 735 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1957 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1787 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 555 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 239 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site