IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චීනය අපේ නෑයෝ

 ’‘ අපේ කම්පැනිය ඉස්සරහට බෝම්බ වැටුනා.   මගේ  ඇස්  ඉදිරිපිටම  බෝමබ පිපිරුණා. අපි ඉදිරිපිට තිබුන කදුවලට උඩින් බෝම්බ දැම්මා.  මම වැඩ කරපු ආයතනය  ඒ කදු අතරයි තිබුනේ බෙහොම පුංචි ඉඩ ප‍්‍රමාණයක්.  බෝම්බ උඩින් ඇවිත්  අපි ලගම පිපිරෙනකොට ඇත්තටම අපිට  ජීවිතේ ඉවරයි කියා දැනුනා. ඒ තරමටම   බයක් දැනුනා. අපේ රටේ  තිබුන යුද්දෙත් එක්ක බලද්දී මේක දරුණුම යුද්ධයක්. දරුණුකම කොච්චරද කියනවා නම් ජීවිතයත් මරණයත්  කියන එක අතරේ වෙනසක් නැති තරම්‘‘.  යැයි   යේමනයේ යුධ ගැටුම් වලට මැදි වී දිවිගලවාගෙන  දිවයිනට පැමිණි අවසන්  කණ්ඩායමේ  සිටි රෝහිත නිශාන්ත පෙරේරා   මහතා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී   පැවසුවේය.

යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී  සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන්  ශ‍්‍රී  ලාංකිකයෝ 16 දෙනාද  පෙරේදා දිවයිනට පැමිණියහ. පැමිණි සිටි පිරිස අතර අවුුරුදු එකයි මාස දෙකක් වයසැති  කුඩා දරුවෙකු හා  තරුණ මවක්ද විය.

පසුගිය 6 වෙනිදා චීන නෞකාව මගින් ශ‍්‍රී ලාංකිකයෝ  44 දෙනෙක්  මුදවාගනු ලැබුහ.  ඉන් 29 දෙනෙක් පසුගිය 8 වෙනිදා රාත‍්‍රියේ දිවයිනට පැමිණියහ. ඒ අනුව චීන නෞකාව මගින් බේරාගත් සියළු දෙනා මේ වන විට දිවයිනට පැමිණ අවසන්ව ඇත.

මෙම පිරිස යේමනයේ සනා නගරයේ සිට කිලෝමීටර් 222 ක්  පමණ  දුරින් පිහිටි  හොදෙයිදා වරාය නගරයට පැමිණ ඇත්තේ ගොඩබිමිනි.   එතැන් සිට චීන නාවික හමුදාවට අයත් යුධ නැවකින් ජිබුති වරායට පැමිණ ඇත. පසුව එතැන් සිට යළි ගුවනින්  දෝහා - කටාර් හරහා දිවයිනට පැමිණියහ.

මෙලෙස දිවි ගලවාගෙන දිවයිනට පැමිණි ශ‍්‍රී  ලාංකිකයන්ගේ සුව දුක්  බැලීම සදහා   පසුගිය 8 වෙනිදා යේමනයේ සිට දිවයිනට  පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ පිරිසක්ද, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතාද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

දිවයිනට පැමිණි බොහෝ දෙනෙකු පැවසුවේ  යේමනයේ සනා නුවර පිහිටි ටොයොටා ආයතනයේ පරිඝණක අංශයේ  ප‍්‍රධානියා  වන උජාල පෙරේරා මහතා එහි සිටි ශ‍්‍රී  ලාංකිකයෝ සියළු දෙනා සම්බන්ධීකරණය කරමින් කණ්ඩායමක් වශයෙන් ඒක රාශීකොට  ශ‍්‍රී ලංකා රජයට මෙන්ම  ඕමාන සහ කෙන්යා තානාපති කාර්යාල වලටද දන්වා  ශ‍්‍රී ලාංකිකයින් බේරා ගැනීමට විශාල මෙහෙයක් කළ බවයි.  

ඔහුගේ  මෙහෙයුමට අනුව සනා නගරයේ කොටු වී සිටි සියළු ශ‍්‍රී ලාංකිකයින්  කණ්ඩායමක් ලෙස  වාහනවලින් සුරක්ෂිතව හොදෙයිදා වරාය නගරය වෙත රැුගෙන විත් ඇත. ඔහු ඇතුළු ටොයොටා ආයතනයේ නිලධාරීන් යේමන රජය සමගද, හවුති කැරළිකරුවන් සමගද නගරයෙන් පිටවීම සදහා සාකච්ඡාකොට ඇත.   එසේ නොවන්නට තමන් යේමනයේ යුධ ගැටුම් වලට මැදිව මිය යන්නට පවා ඉඩ තිබුනු බවත් දිවයිනට පැමිණි මෙම පිරිස පැවසුහ.

තවද චීන රජයේ නිලධාරීන් හොදෙයිදා වරායට පැමිණ තමන් සාදරණයෙන් පිළිගත් බවත් ඔවුන් ශ‍්‍රී ලාංකිකයින්ට ආහාර, පාන මෙන්ම වෛද්‍ය පහසුකම් ඇතුළු සියලූ පහසුකම් සපයමින්  හොදෙයිදා වරායේ සිට ජිබුති වෙත තමන් රැුගෙන ඒමට ගත් පියවර ගැනත් ඔවුහු චීන රජයට බෙහෙවින් ස්තුති කළහ.

එමෙන්ම  කෙන්යා තානාපති ඩබිලිව් ක‍්‍රිෂණමුර්ති  මහතා නොකා නොබී මහත් කැපවීමකින්  ශ‍්‍රී ලාංකිකයන්ට උදව් කළ බවත්  සමහර කටයුතු වලදී ඔහු ඔහුගේ පෞද්ගලික ධනය පවා වැය කරමින් ශ‍්‍රී ලාංකික හැගීමෙන්, කැපවීමෙන් කටයුතු කළ බවත් ඔවුහු කීහ.

තමන්ට මේ අයුරින් සුරක්ෂිතව පැමිණීමට සහය වු පිරිස අතර  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපති  අබ්දුල් හලීම් මහතාද  සිටින බව කී ඔවුහු ශ‍්‍රී ලංකා රජයටද, මෙරට  විදේශ කටයුතු අමාත්‍යංශයටද, විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයටද  ස්තුති කළහ.

වෘත්තියෙන් තාක්ෂණික ඉංජිනේරුවෙකු වු රෝහිත නිශාන්ත මහතා තිදරු පියෙකි. ඔහු තම අත් දැකීම් තව දුරටත් විස්තර කරමි්න මෙසේද පැවසීය.

 ’‘ මම වැඩකරන තැන වටේටම කදු තියෙනවා.  එක පාරටම කදු අතරින් බෝමබ දාන්න පටන් ගත්තා. හරියට ගිනි බෝල කැරකෙනවා වගේ. උඩින් ඇවිත් අපේ වහලයට වැටෙනවා වගේ දනෙනවා. ගොඩනැගිලි දෙදරුම් කෑවා. මම එදා මගේ ජීවිතය අවසන් කියා සිතුවා. පැය ගණනක් ඒ විදිහට විශාල පිපිරීම් ශබ්ද තිබුනා. මම මහා පුදුම දේවල් දැක්කේ. තවමත් මට හිතාගන්න බැහැ.  

එදා කොහොම හරි  පන බේරාගෙන ගෙදර ගියා.  මගේ කම්පැනියේ ඉදලා මම දැකපු දේවල් වල  හැටියට මට ගෙදර ගියහම නින්ද යන්නේ නැහැ. 

මම යුද්දෙට මැදිවෙලා හිටපු කෙනෙක් විදිහට ඇස් පනාපිටම දැක්කා කදුවලට බෝම්බ වැටෙනවා. මම වැඩ කරපු ආයතනයයි ඒ කදු අතරයි තිබුනේ බෙහොම පුංචි ඉඩ ප‍්‍රමාණයක්.  බෝම්බ උඩින් ඇවති ලගම පිපිරෙනකොට ඇත්තටම අපිට  ජීවිතේ ඉවරයි කියා දැනුනා. ඒ තරමටම   බයක් දැනුනා.

ඔය අතරෙදි  අපේ ටොයොටා කම්පැනියේ උජාල පෙරේරා මහත්තයා අපිට හමු උනා. ඔහු  අපි ඔක්කොම රැුස්කරගෙන මේ ප‍්‍රශ්නෙන් ගැලවෙන්න උත්සහ කළා. ඔහු ලංකා රජය දැනුවත් කරලා, මාධ්‍ය දැනුවත් කරලා අපි කොහොම හරි ලංකාවට එන්න ලෑස්ති කරගත්තා.  කෙන්යාවේ තානාපති ඩබ්ලිවි. ක‍්‍රිෂ්ණමුර්ති මහත්මයා අපිට විශාල සහයෝගයක් දුන්නා. ඔහු අපේ   හැම අඩු පාඩුවක්ම සොයා බැලූවා. ඒ දවස් ටිකේම ඔහු නොකා,නොබී අපිව මුදා ගන්ඩ උත්සහ කළා. ඔහුගේ පෞද්ගලික ධනය පවා අප වෙුනවෙන්  වැය කළා.  අපේ ඇස්  පනාපිටම අපි ඒක දැක්කා.

ඒ වගේ මහත්තුරු තමයි මේ රජයට ඉන්න  ඕනේ.  නිකම් පුටු රත්කර කර ඉන්නේ නැතුව මිනිස්සුන්ට කරදරයක් උනහම ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ හිත සනසන්න පුලූවන් උදවියයි ඉන්න  ඕනේ.  ඔහු වගේ තානාපතිවරුන් අපේ රටට හරි ආඩම්බරයක්. අපි ගොඩක් ගෞරව කරනවා ඒ තානාපතිතුමාට.

ඒ වගේම චීන රජය අපිව බඩගන්නේ තිබ්බේ නැහැ. ඇත්තටම කිලෝමීටර් 220 ක් විතර දුරක්  ගෙවාගෙන අපි හොදෙයිදා කියන වරායට ආවේ.  එතනදී  චීන රජය අපිව ගොඩක් හොදින් පිළිඅරගෙන චිබුති වරායට අරන් ආවා. චීන නැවේදි අපිට කන්න බොන්න හැම දේම දුන්නා. නාවිකයන්ගේ කාමරවල අපිට සැප පහසුවට ඉන්න දුන්නා. චිබුති වරයාට  එන අතරෙදි එයාලා අපිව මනසින් වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. සිංදු කියලා ඉතා ආදරයෙන් අපිත් එක්ක හිටියා.

අපි  මුලින්ම ඉන්දියාව ගැන බලාපොරොත්තු තියාගෙන හිටියේ. නමුත් ඉන්දියාව අපිව ගනන් ගත්තේ නැහැ. ඉන්දියාව අපේ නෑදෑයෝ නෙමෙයි චීනය තමයි අපේ නෑදෑයෝ.  මේ වෙලාවේ චීන රජයට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

ඇත්තටම මේ යුද්ධය පටන් ග්තතේ මීට මාස දෙකකට උඩදි විතර.  හවුති කැරළිකරුවන්  යේමන් ජනාධිපති මන්දිරයට දැඩි ප‍්‍රහාර එල්ල කළා.  ඉන්පසු ජනාධිපතිවරයා එම මන්දිරයෙන් ගියා. ඉන්පසු මාසයක් විතර ඒඞ්න් කියන ස්ථානය ඔහු මුලස්ථානය කරගත්තා.

හවුති කැරළිකරුවන් එතනටත් ගියා. ඉන්පස්සේ ජනාධිපතිවරයා එතනින් සෞදි අරාබියට ගිහින් තියෙනවා. ජනාධිපතිවරයා සෞදියට ගියාට පස්සේ තමයි මේ ගුවන් ප‍්‍රහාර එල්ල කරන්න ගත්තේ.

යේමන යුද්ධයට මැදි උන කෙනෙක් විදිහට මම දකින්නේ අපේ රටේ  තිබුන යුද්දෙත් එක්ක බලද්දී මේක දරුණුම යුද්ධයක්. දරුණුකම කොච්චරද කියනවා නම් ජීවිතයත් මරණයත්  කියන එක අතරේ වෙනසක් නැති තරම්.  එලිවෙනකම් ප‍්‍රහාර එල්ල කරනවා. අපේ වහලයට උඩින් වැටෙනවා වගේ දැනෙන්නේ. ලග ලගම බෝම්බ වැටෙයි කියලා දැනෙනවා. එහෙම තත්වයක් තියේද්දී මේ විදියට එන්න ලැබුන එක ගැන හරිම සතුටුයි.‘‘

බංඩාරගම සිරිවර්ධන පෙරේරා මහතා තම අත්දැකීම් විස්තර කල අයුරු

‘අපි  ගෙදර නිදාගෙන ඉන්නකොට උඩ ඉදලා බෝම්බ වැටෙනවා.  එතකොට හවුති කැරළිකරුවන් උඩට ගහනවා. තත්වය එන්න එන්නම දරුණු උනා. ඔවුන්ගේ ආයුධ ගබඩා ගොඩක් තිබුනේ අපි හිටපු සනා නගරය ඇතුලේ.   ඒ නිසා නගරය වටේට බෝම්බ දානවා. ලොකු කදවුරු වලට ගහනවා. ලොකු ආයුද ගබඩා වලට ගහනවා. ආයුධ ගබඩා මුලූ දවසම පුපුරුනවා.  හමුදාව වෙඩි තියනවා. ?ට නිදාගන්න බැහැ. එක දිගටම ඒ ක‍්‍රියාවලිය සිදුවෙනවා.

 අන්තිම දවස් වෙනකොට සනා නගරය මුළු මනින්ම කැරළිකරුවන්ගේ පාලනයේ තිබුනේ. යේමනය  අපිට වැටුප් ගෙවන්නේ ඩොලර් වලින්. අන්තිම දවස් වෙනකොට ඩොලර් හැංගුවා. මුදල් හිග උනා.අපි හැම පැත්තෙන්ම කොටු උනා.

මුලින්ම අප  හිතුවේ නැහැ මේ යුද්ධය මෙච්චර දුර දිග යයි කියලා. ඒ නිසා අපි මුලින්ම හිතුවේ ලංකාවට ආපසු යන්න  ඕන වෙන එකක් නැහැ කියලා.   පස්සේ තේරුනා  ජෙට් යානා ඇවිත් උඩින් බෝම්බ දානකොට තවත් රටවල් මේකට මැදිහත් වෙලා කියා.  
මම ගොඩක් අසරණ වෙලා හිටපු මොහොතක ටොයොටා ආයතනයේ උජාල පෙරේරා මහත්තා මාව සම්බන්ද  කරගත්තා.  ඔහු නැතිනම් මම  තවමත් යේමනයේ. ඔහු ටොයොටා ආයතයේ දෙන්නෙක් මාව හොයාගෙන එව්වා. ඔහු මාව විතරක් නෙමෙයි සනා නගරය අවට ඉන්න සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවක් හදලා දුරකතන නොම්මර හොයාගෙන ලොකු මෙහෙයුමක් කළා.

ඉන් පස්සේ  ඕමාන් තානාපති කාර්යලයත් සම්බන්ධකරගෙන ටොයොටා ආයතනයේ සහයෙන්   වාහන වලින් ඔදෙයිදා වරාය නගරයට ආවා. සනා වල ඉදලා කිලෝමීටර් 222ක් තියෙනවා. ඒ මග දිගට සටන්කරුවන්ගේ චෙක් පොයින්ටි තිබුනා. ජීවිතයත් මරණයත් අතර ගමනක් ඒක.  කියන්න සතුටුයි අද ඒ 44 දෙනාම ලංකාවට කරදරයක් නැතුව ඇවිත් ඉන්නවා.

චීන නෞකාවෙන් අපිව බාරගත්තට පස්සේ අපිට හොදට සැලකුවා. නැවියන්ගේ කාමර අපිට නිදාගන්න දුන්නේ. පැය 10 යක් නැවේ ආවා. ජිබුති වල දවසක් හිටියා.  එතනදි කෙන්යා තානාපති ක‍්‍රිෂ්ණමුර්ති මහත්තයා අපිට උදව් කළා.‘‘  

 ශ‍්‍රී ලාංකිකයන්ට යළි මව්බිමට පා තැබීමට මහා මෙහෙවරක් සිදු කළ යේමනයේ ටොයෙටො ආයතනයේ පරිඝණක තාක්ෂණ  අංශයේ ප‍්‍රධානියා වන උජාල පෙරේරා මහතා

‘‘මම යේමනයේ ටොයොටා ආයතනයේ වැඩ කළේ. එහි  ශ‍්‍රී ලාංකිකයෝ 13 දෙනෙක් හිටියා. මම අවුරුදු 10 යකට වැඩිය මෙහෙ වැඩ කළා. කළින් පොඩි පොඩි සටන් ඇති වෙලා තියෙනවා. නමුත් මේ වගේ තත්වයක් ඇති උනේ නැහැ. ඒ අත් දැකීම් අනුව අපි තේරුම් ගත්තා මේක හරියන්නේ නැහැ මේ ගැන ශ‍්‍රී ලංකා රජයට දැනුම් දෙමු කියා.  අපි සාකච්ඡුා කළා. අපි කිහිප දෙනෙක් එකතුවෙලා සනා  නගරයේ ඉන්න ශ‍්‍රී ලාංකිකයෝ ගැන තොරතුරු හෙව්වා.

ඉන්පසු අපි ශ‍්‍රී ලංකා රජයට දැනුම් දුන්නා. මේ අතරෙදි සනා ගුවන් තොටුපල වානිජ ගුවන්යානා පැමිණීම තහනම් කළා. පසුව ගුවන්තොටුපල වසා දැමුවා. ගුවන් යානා ගොඩ බස්සන එක නතර උනා.

අපේ ආයතනයේ හිටපු හතර පස් දෙනෙක් එකතුවෙලා මෙහි සිටින ශ‍්‍රී  ලාංකිකයින්ගේ පිළිබද දත්ත සෙවීම ඉක්මන් කළා.  ඉන්පසු ශ‍්‍රී ලංකා රජයට ඒ දත්ත යැව්වා.
පස්සේ  ඕමානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා සහ කෙන්යා තානාපතිවරයා අපිට සම්බන්ධ  උනා. ඒ අනුව අපි  යේමනයේ පිහිටි ඉන්දියා  මහ කොමසාරිස් කාර්යාලයට කිහිප විටක්ම ගියා. කාගෙත් බලාපොරෙත්තුව තිබුනේ ඉන්දියාව එයාලගේ අයව බේරගන්න ගමන්  අපිවත් බේරගනියි  කියා.  

අපිට තේරුනා ඉන්දියාව එයාලගේ ප‍්‍රශ්ණ ටික නිරාකරණය කරගන්න බලනවා මිසක් අපේ ප‍්‍රශ්ණ වලට මැදිහත්වෙන්න උනන්දුවක් නැති බව.

අපි මේ බව ශ‍්‍රී ලංකා රජයට දැන්වුවා. පසුව අපිට චීනය සම්බන්ධ කර දුන්නා. විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයත් සම්බන්ධ උනා. ශ‍්‍රී ලංකාවේ සිටින චීන නියෝජ්‍ය තානාපතිවරයා නිතරම අපි සමග කතා කළා. මේ වෙලාවෙදි චීනයේ සහයෝගය අපි හිතුවටත් වැඩිය ඉහලින් අපිට ලැබුනා.  ඇත්තටම චීනයෝ සහයෝගය නොලැබුනා නම් මොනවා වෙයිද කියාහිතාගන්න බැරි තත්වයක් තිබුනේ.‘‘

 2

  (යුද්ධයට මැදි වී සිටි තාක්ෂණික ඉංජිනේරු රෝහිත නිෂාන්ත පෙරේරා මහතා)

3

(යේමනයේ සිට පැමිණි සිරිවර්ධන පෙරේරා මහතා)

1
(යේමනයේ යුධ ගැටුම් වලට මැදිවු ශ‍්‍රී ලාංකිකයෝ සම්බන්ධීකරණය කරගෙන දිවයිනට රැුගෙන ආ යේමනයේ ටොයොටා ආයතනයේ පරිඝණක තාක්ෂනික අංශයේ ප‍්‍රධානී උජාල පෙරේරා මහතා)


 

 

 



අදහස් (0)

චීනය අපේ නෑයෝ

ජයලත් වීරකෝන් Monday, 13 April 2015 06:35 AM

ඉන්දියාව එයාලගේ ගුවන් යානා වලින් ගෙන්න ගත්තේ එංගලතේ සහ ඇමරිකන් පුරවැසියන්. එ්ක ඉන්දියන් ජනමාධ්‍යවල මහා ඉහළින් කියවුනා. හොදින් මතක තියාගන්න, ඉන්දියාව ලංකාව දිහා බලන්නේ එයාලගේ කුණුගොඩවල් විකුණා ගන්න තියන "මාර්කට්" එකක් විදිහට. (බ)

:       0       0

රොෂාන් Sunday, 12 April 2015 04:52 AM

මමත් මේ ගොල්ලොත් එක්ක තමයි අාවේ. ජිබුති වලට අාවම අපිට ලංකාවේ කෙන්යා තානාපති නිලධරයෙක් අත් උදව් කරන්න ආවා. (නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 12 April 2015 05:03 AM

ඔන්න ශ්‍රී ලාංකික එකමුතුකම (නදී)

:       0       0

අ.බ. ශ්‍රීලා Sunday, 12 April 2015 05:06 AM

උජාල පෙරේරා මහත්තයට නිදුක් නිරෝගී දීර්ග ආයු ලැබේවා. කෙන්යා තානාපති ක‍්‍රිෂ්ණමුර්ති මහත්තය සෞදියේ හිටිය කෙටි කාලෙට කිසිම සෞදි තානාපති කෙනෙක් නොකළ තරමට ජනතාවට සේවය කලා. එතුමා වගේ විදේශ සේවයේ ඉන්න නිලදාරීන් තානාපති සේවයට ආවනම් හුගක් විදේශ සේවාවේ ප්‍රශ්න විසදෙනවා. (නදී)

:       0       0

හේමාල් Sunday, 12 April 2015 05:29 AM

මේකට අදාල නැතත් මෙහි මතුවන දෙයක් තමා නියම යුද්දය කොළඹ තිබුනේ නැහැ. එ්ක අත් වින්දේ උතුරේ හිටපු අයයි. මේ කීම සනාථ කරන්නේ යේමනයේ ඉදල අාපු අය මෙහෙම කියනවා " අපේ රටේ තිබුන යුද්දෙත් එක්ක බලද්දී මේක දරුණුම යුද්ධයක්. දරුණුකම කොච්චරද කියනවා නම් ජීවිතයත් මරණයත් කියන එක අතරේ වෙනසක් නැති තරම්‘‘ එනිසා අපි නැවත යුද්දයක් නො එ්වායි පතමු. එමෙන්ම උතුරේ ජනයාගේ දුක හඳුනා ගනිමු (නදී)

:       0       0

චන්දන Sunday, 12 April 2015 05:37 AM

අල්ලපු රටේ එවුන්නම් සත පහකට විශ්වාස කරන්න එපා. බුදු හාමුදුරුවන්ගේ උපත ඔය රටේ උනේ නැත්නම් සම්පුර්ණයෙන්ම හලලා දන්නා තිබුනා. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. උන් අපෙන් උදවු ගත්තොත් මිසක් අපට නම් කවදාවත් උදවුවක් නැහැ. (නදී)

:       0       0

විමල් Sunday, 12 April 2015 05:55 AM

විදේශයක සිටියදී තමන් සතු හැකියාව උපයෝගී කරගෙන සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මහඟු මෙහෙවරක් කල ශ්‍රී ලාංකිකයින්ටත්, අප රටට අවශ්‍ය වූ සැමවිටම උදව් කරන චීනයටත් ශ්‍රී ලාංකිකයන් ගේ උත්තමාචාරය. (නදී)

:       0       0

රසික Sunday, 12 April 2015 06:17 AM

ඉන්දියාව එයාලගේ ගුවන් යානා වලින් ගෙන්න ගත්තේ එංගලතේ සහ ඇමරිකන් පුරවැසියන්. එ්ක ඉන්දියන් ජනමාධ්‍යවල මහා ඉහළින් කියවුනා. හොදින් මතක තියාගන්න, ඉන්දියාව ලංකාව දිහා බලන්නේ එයාලගේ කුණුගොඩවල් විකුණා ගන්න තියන "මාර්කට්" එකක් විදිහට. (බ)

:       0       0

සිරිවංශ සිල්වා Sunday, 12 April 2015 06:23 AM

වැදගත් ශ්‍රී ලාංකික මහත්වරුන් තිදෙනකුගේ විශිෂ්ට වැඩක් මේක. පෙරේරා සහ අනික් මහත්වරු ගැන අපට ආඩම්බරයි. චීන රජයටත් ස්තූතියි! මම ඊජිප්තුවෙන් බුදු සරණයි ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1745 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1096 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1645 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1150 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1137 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site