“එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප‍්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. මගේ කාමරේ ජනෙල් දෙදරුවා. මගේ යාළුවා මෙන්ඩිස්ගේ කාමරේට ගොඩක් කිට්ටුවෙන් පිපිරීම් කිහිපයක් සිදු උනා. අපිට මොකුත් හිතාගන්න බැරි වුණා. ගේ දෙදරුම් කෑවා. ඉස්සරහ දොර නිකන්ම ඇරුණා . අපි කාමර වලින් බඩ ගාගෙන සාලේ මැදට ආවා.කොහෙන් ප‍්‍රහාර එල්ලවෙයිද කියා හිතාගන්න බැරි වුණා. එදා අපි බේරුණේ අනුනමයයි දශම නමයෙන් යැයි යේමනයේ සිවිල් යුද ගැටුම් වලට මැදි වී දිවිගලවාගෙන දිවයිනට පැමිණි ග්ලෙන් එඞ්වඞ් තලෙයිරත්න(38) මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවසුවේය.”
ඔහු සමග යේමනයේ සනා නුවර කොටු වී සිටි තවත් ශ‍්‍රී ලාංකිකයෝ 29 දෙනෙක් දිවයිනට පැමිණියහ. ඒ අතර කාන්තාවෝ තිදෙනක්ද වුහ. කටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 656 දරණ ගුවන්යානයෙන් දෝහා සිට මෙම පිරිස දිවයිනට ආහ.
පසුගිය 6 වැනිදා චීනයේ ලිංයී නැමැති යුද නෞකාව යොදවා යේමනයේ අගනගරය වන සනා හි කොටු වී සිටි ශ‍්‍රී ලාංකිකයෝ 45 දෙනෙකු මුදාගනු ලැබුහ. ඉන් 29 දෙනෙකු මෙලෙස පෙරේදා රාත‍්‍රියේ දිවයිනට පැමිණි අතර ඉතිරි පිරිස ඉදිරි දින දෙක තුනේදි තුලදී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
විවිධ දුක් කම් කටොළුවලට මුහුණ දී දිවි බේරාගෙන දිවයිනට එන තම සහෘදයින් දැක බලා ගැනීම සදහා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයෙහි මොවුන්ගේ ඥාතීහු රැසක් රැඳී සිටියහ.
විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය වන තලතා අතුකෝරල, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නන්දපාල වික‍්‍රමසුරිය , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය , විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ වැඩ බලන අධ්‍යක්ෂිකා ප‍්‍රදීපා දි සේරම් ශ‍්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති රෙන් ෆැක් යින් යන මහත්ම මහත්මීහු මේ අතර වුහ.
යේමනයේ සිවිල් යුද්ධයෙන් අතරමං වී සිටි මෙම ශ‍්‍රී ලාංකිකයන් පසුගිය 6 වැනිදා හොදෙයිදා වරාය නගරය වෙත පැමිණීමෙන් අනතුරුව චීන නාවික හමුදාවට අයත් ලිංයී නෞකාවෙන් දකුණු අප‍්‍රිකා කලාපීය රාජ්‍යයක් වන ජිබුට් රාජ්‍යය වෙත ගෙන එනු ලැබු අතර එතැන් සිට ගුවනින් කටාර් හි දෝහා රාජ්‍යය වෙත පැමිණිමෙන් ගෙන ඒමෙන් අනතුරුව දිවයිනට ගෙන එනු ලැබුහ.
මෙරටට පැමිණි බොහෝ පිරිස් චීන රජයට ස්තුති කරමින් පැවසුවේ තමන්ට චීන රජයේ උදව් උපකාර නොලැබුණා නම් එහි මියයන්නට පවා ඉඩ තිබුණු බවයි.
තම අත් දැකීම් විස්තර කළ ග්ලෙන් තලෙයිරත්න මහතා
මුලින්ම සටන් පටන් ගත්තේ මාර්තු 26. සෞදියට උඩින් ජෙට් 100 ක් විතර ඇවිත් බෝම්බ දාන්න ගත්තා. එදා පාන්දර තුනට විතර ඇති. එක පාරට උඩට ගහනවා වගේ සද්දයක් ආවා. මමයි මගේ යාළුවයි අපි දෙන්නා ජනේලය ඇර බැලූවා. ජනේලෙන් අපි දැක්කා පිපිරෙනවා, එළිය වැටෙනවා. අපිට හිතාගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියා.
මෙහේ නිතර නිතර කැරලිකරුවන්ගේ සටන් පවතිනවා අපි අන්තර්ජාලයෙන් තමයි දැනගන්නේ හේතුව මොකක්ද කියා. පහුවදා අපි දැනගත්තා යේමනයේ කැරලිකරුවන්ට විරුද්ධව සෞදි රජය ඇතුළු රටවල් 10 යක් සටන් කරන්න තීරණය කර ඇති බව.
පහුවදා 27 වෙනිදා දරුනුවට සටන් ඇති වුණා. මම නිදාගන්න ඇදට ගියා විතරයි එකපාරටම ජනේලය දෙදරුවා. පස්සේ මම කාමරයෙන් එළියට ආවා. එතකොටම මගේ යාළුවා මෙන්ඩිස්ගේ කාමරය ළඟ පිපිරුවා. අපේ ඇගට හොදට දැනෙනවා. මුළු ගේම එක පාරටම දෙදරුවා. ඉස්සරහ දොර නිකන්ම ඇරුණා. අපි දෙන්නා සාලෙට බඩ ගාගෙන ආවා. එදා බේරුණේ ඒ විදිහට.
හැමදාම හවස 4.30 ට විතර උඩින් ඇවිත් ගහන්න පටන් ගන්නවා. එළිය වැටෙනකෙට ජෙට් යානා ටික යන්න යනවා. අපි ?ට ගෙදර ඉන්නේ නැහැ. මෙහේ කඳු තියෙන පලාතක් තියෙනවා. ටිකක් දුර උනත් අපි වැඩ ඇරිට එහේ ගිහින් නිදාගන්නවා.
අපි ඉන්න හරිය වටකරගෙන කැරලිකරුවන් හිටියා. ඒ නිසා තමයි අපි ඉන්න හරියට බෝම්බ දාන්නේ.මේ වෙනකොට රටේ පාලනය කැරලිකරුවන් අතේ තිබුණේ. ඒ අයගෙන් අපිට කරදරයක් තිබුණේ නැහැ. ඒත් එන්න එන්න සටන් දරුණු උනා.
සනා කියන්නේ යේමනයේ අගනුවර. අපි හිටියෙත් සනා නුවර තමයි. හවුති, ෂියා වගේ කැරළිකාර කණ්ඩායම් රැසක් යේමන රජයට විරුද්ධව සටන් මෙහෙයෙව්වා. සෞදි රජයෙන් කැරලිකරුවන්ගේ අවි ගබඩා ඉලක්ක කර ගුවන් ප‍්‍රහාර එල්ල කළා.
අපි හිටපු ප‍්‍රදේශයේ කැරලිකරුවන් අවි ගබඩා පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ නිසා සටන එන්න එන්ම දරුණු වුණා. කොයි වෙලේ ප‍්‍රහාරයක් එල්ලවෙයිද කියා බයෙන් හිටියේ. ඇස් දෙකට පෙනි පෙනී සටන්. සතියක් දෙකක් නිදාගත්තේ නැහැ. වෙඩි සද්දෙට නින්ද යන්නේ නැහැ. විදුලිය, ජලය හැමදේම අක‍්‍රීය වුණා.
ගුවන් තොටුපල වසා දැමුවා. අපි නගරය ඇතුළේ කොටු වුණා. ඔය අතරේ සනා නගරයේ ඉන්න වැසියන්ට ඉවත් වෙන්න කියල නිවේදනය කළා.
අපි වැඩ කළ ටොයෙටා කම්පැනියේ අය හරියට අපිට උදව් කළා. . ඒකේ අයි.ටී මැනේජර් උජාල පෙරේරා ශ‍්‍රී ලාංකිකයන් ටික බේරගන්න සෑහෙන්න මහන්සි වුණා. ඔහු අපිව මුදවාගන්නැයි ඕමාන තානාපති කාර්යාලයට දැන්නුවා. ඉනපසු ඕමාන් තානාපති කාර්යාලය හරහා ඉන්දියා තානාපති කාර්යාලයෙන් සහයෝගය ඉල්ලූවා. අපි ඉන්දියා තානාපති කාර්යාලයට දවස් හතරක් ගියා. ඔවුන් අපි ගණන් ගත්තේ නැහැ. අපි උදේ ඉදන් හවස් වෙනකම් එතන ඉඳලා ආපසු ආවා.
පස්සේ ලංකාවේ විදේශ අමාත්‍යංශයෙන් චීනයට කතා කර තියෙනවා. චීනය අපිව අරගෙන එන්න කැමති වෙලා තියෙනවා. අපිට දැනුම් දුන්නා කිලෝ පහක බරක් ලෑස්තිකරගෙන ඉන්න. දුරකතන ඇමතුමක් දුන්න ගමන් පැයක් ඇතුලත සනා ගුවන්තොටුපලට එන්න කියා. අපි ඉතින් ඒ විදියට සියල්ල සුදානම් කරගෙන හිටියා. පස්සේ ආරංචි උනා සනා ගුවන්තොටුපලට ගුවන් යානා බස්සන්න සෞදි රජයෙන් අවසර දීලා නැහැ කියා.
ඉන්පසු අපිට කිව්වා හොදෙයිදා වරාය නගරයට එන්න කියලා. අපිට ආයතනයෙන් වාහන දුන්නා. නමුත් සනා වලින් වෙනත් ප‍්‍රදේශයකට කණ්ඩායමක් යන්න යේමන් රජයෙන් අවසර ගන්න වෙනවා. අපිට යේමන් රජයෙන් අවසර දුන්නේ නැහැ. පස්සේ අපේ ආයතනයේ අය කැරලිකරුවන් එක්ක කතා කරලා ඔවුන්ගෙන් ලියුමක් ගත්තා. පස්සේ ලියුමේ පිටපතක් අපිට දුන්නා. අපි කැරලිකරුවන්ගේ මුරකපොලූ වලට ඒ ලියුම පෙන්න පෙන්නා හොදෙයිදා වලට ආවා. සනා වල ඉදලා කිලෝමීටර් 400 කටත් වැඩියි. හවස 4 ට පිටත් උන ගමන ? දොලහ වෙනකම් ආවා. පස්සේ හොදෙයිදා වල ලංකාවේ ගෙදරක නතර වෙලා වරායට ගියා. එදා හවස දෙකට විතර ජිබුති වලට යන්න චීන යුධ නැවට නැග්ගා. පැය 11 කින් විතර ජිබුති වලට ආවා.
ජීවිතයත් මරණයත් අතර සිටි අපිට පන බේරගෙන එන්න ලැබුණු එකට චීන රජයටත්, ශ‍්‍රී ලංකා රජයටත් බෙහෙවින්ම ස්තුතිවෙනවා.
චීන ජාතිකයන් අපිට සහෝදරයින්ට වගේ සැලකුවා. කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නේ නැහැ. හැමදේම සැපයුවා. ඒ වගේම චීන රජයෙන් අපිට පුදුම සහයෝගයක් දුන්නේ. හිතාගන්න බැරි විදියට ඔවුන් අපිට උදව් කළා. ජිබුට් වල සිට ගුවන් යානාවලින් කටාර්හි දෝහා ගුවන්තොටුපලට ආවා.
දිවියිනට පැමිණි රිෂාන් සමරතුංග
අපි ගොඩක් බයෙන් හිටියේ ඒ වෙලාවේ. බොහොම අමාරුවෙන් තමයි බේරිලා ආවේ. ගොඩක් ප‍්‍රශ්ණ ඇති උනා. අපිට ඒ වෙලාවේ සනා නගරයෙන් අපිට එළියට එන්න බැරි උනා. යේමන්වල හරි මැද තමයි සනා නගරය තියෙන්නේ.
නගරයේ සියළු කටයුතු අක‍්‍රීය වුණා. ගුවන්තොටුපල වසා දැමුවා. ජලය විදුලිය නැති නිසා අපි බයෙන් හිටියේ වතුරත් නැතුව ගියොත් අපිට මොකද වෙන්නේ කියා. ඇත්තටම අපි ජීවිත ආශාව අත් ඇරලා අන්තිම දවස්වල හිටියේ.
පසුව අපි හොදෙයිදා වරාය නගරයට ආවා. ඉන්පස්සේ චීන නෞකාවෙන් ජිබුටි වලට ආවා. බොට්ටුවේ දුක් විදගෙන දවසක් හිටියා. කෙන්යාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා අපිට හරියට උදව් කළා.
1,2,3,4 - යේමනයේ යුධ ගැටුම් වලට මැදි වු ශ‍්‍රී ලාංකිකයෝ දිවයිනට පැමිණි අයුරු
4187 - ග්ලේන් තලෙයිරත්න මහතා
11 - ග්ලේන් තලෙයිරත්න මයා සිය බිරිද සහ දරුවන් සමග
4178 - රිෂාන් සමරතුංග මහතා
4134 - ඥාතීන් ගුවන්තොටුපලේ රැදී සිටි අයුරු
4137 - ශ‍්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති රෙන් ෆැක් යීන් මහතා තම ජංගම දුරකතනයෙන් යේමනයේ සිටි ශ‍්‍රී ලාංකිකයන් පෙන්වමින් ඥාතීන් අස්වසන අයරු
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ
කණිෂ්ක Thursday, 09 April 2015 06:12 AM
චීනය, ඉන්දියාවට වඩා අපිට හිතවත් බව පෙන්වීමට කදිම උදාහරණයක්. (නි)
නන්දික Thursday, 09 April 2015 06:24 AM
චීනය එදා පටන් අපට ගොඩක් උදව් කරලා තියනවා. චීනය ලෝකයේ ප්‍රබල දැවැන්ත රටක් වේවි නුදුරු අනාගතයේදී. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට චීනයට හදවතින් සුබ පතමු. (ස)