(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවට එරහෙිව අනිද්දා (12) ආරම්භ වන තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහට ස්ථානය අහිමිවී තිබේ.
ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන නවසීලන්ත තරගාවලියට 22 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ ඇතුළත් විය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියට නම් කළ 16 දෙනකුගෙන් යුත් සංචිතයට අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග යන වේග පන්දු යවන්නන් සිවුදෙනා ඇතුළත්ව සිටිති.
මෙම එක්දින තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 12 සහ 14 දෙදින දිවා තරග ලෙස පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිෂාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිල් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග
සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරය
පොල් කැඩීමට නැගි ගසක කද මැදින් කැඩී අඩි හතලිස් හතක පමණ උසක සිට බිමට වැටුණු පුද්ගලයකුගේ හිස මතට කඩා වැටුණු පොල් ගසෙහි කද කොටසද වැටී ඊට යට වී එම ස්ථානයේදි
බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් අති දුෂ්කර පාසලක් වන මීගහකිවුල බෝගහපතන විද්‍යාලයේ සේවය සඳහා අද (11) දින එකදු ගුරුවරයකු හෝ නොපැමිණීම
විදුලි කප්පාදුවක් හෙට (12) ක්‍රියාත්මක නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ගල්කිස්ස පොලිසියේ ගිනි අවි ගබඩාවෙන් ලබාගත් ටි 56 ගිනි අවිය සහ ජීව උන්ඩ 30 නැවත භාර නොදී දිවයිනෙන් ඩුබායි රටට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ රාජක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව - 2025හි පූර්ණ සැසිවාරයට සහභ
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
චමිඳු එක්දින සංචිතයෙන් ඉවත් කරයි