(අංජුල මහික වීරරත්න)
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලංකාවේ ආර්ථික, අධ්‍යාපන,මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික,සංස්කෘතික, දේශපාලන,සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බව කී විජිත හේරත් මහතා එම ද්වි පාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බව සඳහන් කළේය.
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.
අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයේ දී චීන-ලංකා දෙපාර්ශවය අතර ඉතා සුහද කතාබහක් පැවැති බව කී අමාත්‍යවරයා දෙරට සබඳතාවය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයේම එකඟතාවය පළ කළ බව කීය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා දුම්රිය සේවක යහසාධක සංගමය සාමාජිකයන්ට ණය වෙනුවෙන් නිකුත් කළ චෙක්පත් මුදල් කර
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා
කළුබෝවිල වෙළදසලකට මීට සුළුවේලාවක පෙර පැමිණි වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි .
ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බ
බුලත්සිංහල, මීගහවත්ත සහ හොරණ පොලිස් බල ප්‍රදේශවලදී සොරකම් කරන ලද යතුරු පැදි 03 ක් හා කැබලි කර අලවියට සූදානම් කර තිබූ යතුරු පැදි දෙකක කොටස්ද සමග සැකකරුව
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි
රම්බොඩ Thursday, 16 January 2025 01:59 PM
දැන් ඉතින් මාලිමාව යනු ලොව එකම පක්ෂය යැයි සිතා එහි සරණ ගිය , වෙනත් කිසිම කෙනෙකුගේ අසහස් වලට ගරු නොකරන , අසංවර සහ අසභ්‍ය වචන භාවිතා කරන උදවිය උඩ පනීවි මෙන්න මෙයාලා වැඩ කරනවා කියලා. බැලූ බැල්මට එහෙම පෙනෙයි. නමුත් නිසි අධ්‍යනයකන් තොරව මෙවැන් දෑ කළොත් රට චීනෙ ඉදිරියේ හිර වෙනවා..අපේ ස්වෛරී භාවයට හානි වෙයි. එසේ නොවෙන්න වගබලා ගත්තේ නම් කමක් නැත. මෙපමණ කලක් නොකළ ආායා්ජන දැන් එන්නේ ඇයිදැයි බලමු.
Donal Thursday, 16 January 2025 03:49 PM
අම්මෝ ඉතින්... මාර ලොකු වැඩ ටිකක් තමයි කරන්න යන්නේ