(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහා යාමට ලංගම සහ පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවිම හමුවේ ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් අධික මුදලක් අය කර එම මගින් කොළඹ දක්වා ප්‍රවාහනය කරන බව මගින් චෝදනා කර කරති.
එසේ පැමිණි වතුකරයේ පිරිස් හැටන් බස් නැවතුම්පොලේ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා ස්ථාන වෙත යාමට දිගු පොලිම් වල පැය ගණනාවක් රැදි සිටි අතර, හැටන් සිට කොළඹ දක්වා දිනපතා ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස් රථවලින් රුපියල් 450 ක නියමිත ප්‍රවේශපත්‍ර ගාස්තු වෙනුවට රු 1500-2000 වැනි මුදලකට මගින්ව කොළඹ දක්වා ප්‍රවාහනය කරනු ලැබුහ.
රැකියා කළ ස්ථාන වෙත අනිවාර්යෙන්ම (24) දින වාර්තා කළ යුතු නිසා අධික මුදලක් හෝ ගෙවා තමන් රැකියා ස්ථාන කරා යන බව එම පිරිස කියා සිටියේය.
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණද කොළඹ දක්වා ගමන් කිරිමට විශාල මගින් පිරිසක් එකවර පැමිණිම හේතුවෙන් එක් කර ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බවද ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේය.
හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට කෙටි දුර ධාවනය කරන බස් රථ කිහිපයක් සහ පිට පළාත් වලින් හැටන් දක්වා පැමිණි පෞද්ගලික බස් රථ කිහිපයක් මාර්ග ගමන් බලපත්‍රයක් නොමැතිව මගින් ප්‍රවාහනය කිරිමට සුදානම් වි සිටියදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත එම බස් රථ රියදුරන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගත් බව පොලීසිය කියයි.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
රම්බොඩ Tuesday, 24 September 2024 12:48 PM
අවස්ථාව අනුව තව අමතර බස්රථ අවශ්‍ය වෙලාවක බාර් බලපත්‍ර හොයලා ඒවා නතර කරලා. මෙවැනි ක්‍රියා නීත්‍යානුකූල ඇති නමුත් ප්‍රායෝගිකව අවාසියි.
ජයනාත් Tuesday, 24 September 2024 12:51 PM
මේවට බස් ගැමුණු වග කියන්න ඕනැ . හෙන ගහනවා මේ වගේ අසාධාරණ ලෙස වැඩ කරන බස් අයිති අයට
ජිල්බු Tuesday, 24 September 2024 01:00 PM
තැපැල් ඡන්ද හිමිවිය යුත්තේ ඡන්ද වැඩ වලට යන අයට විතරක් නෙවේ කියලා පේන එක අවස්ථාවක්. නීත්‍යානුකූලව ඉල්ලුම් කරනවානම් අවශ්‍ය ඕනෑම කෙනෙකුට තැපැල් ඡන්දය භාවිතා කිරීමට, නව නීති ගෙනල්ල ඉඩ හදලා දෙන්න ඕනැ. ඒ වගේම විදේශවල ජීවත්වන ලාංකිකයන්ටත්, තානාපති කාර්යාලයට ඇවිල්ලා ඡන්දය දාන්න අවස්ථාව දෙන්න වැඩ පිළිවෙළක් තියෙනවා නම් හොඳයි.
ගමේ එකාලා Tuesday, 24 September 2024 01:16 PM
වවාගෙන කන දූෂිත බස්කාරයන්ට විරුද්ධව නීතීයෙන් කටයුතු කළ යුතුමයි .සමහරු ටිකට් දෙන්නෙත් නැහැ.මාටියා ගහනවා.
saman Tuesday, 24 September 2024 01:29 PM
අනුර සහෝදරයා මේ ඔබගේ අවදානය පිනිසයි
karolis Tuesday, 24 September 2024 01:32 PM
ජනසමාජය නම් කිසි කලෙක තම දුර්ගුණ මකා නොගනු ඇත. ක්‍රමය වෙනස් කරන්න දේශපාලන පක්ෂ මාරු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමකි.
Prabha Tuesday, 24 September 2024 01:42 PM
කෝ මේ මිනිස්සු ගෙන්න ගන්න විදයක් බලන්න