IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඡන්දෙට සියල්ල සූදානම්

 

 

 2024  හෙට (21) පැවැත්වෙන  ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.

මේ වන විට සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස් කිරීම් සිදුවන අතර ජන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා යැවීමේ කටයුතුද අරඹා තිබේ.

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ එම කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කාර්යයාලය සඳහන් කරයි .

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 530 කට බදුල්ල මධ්‍ය මහ විදුහලේ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී අද (20) ජන්ද පෙට්ටි නිකුත් කරමින් .

( ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)


ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි වවුනියාව සෛවප්‍රකාශ මහ විද්‍යාලයෙන් මධ්‍යස්ථාන වෙත රැගෙනගිය අයුරු.

( සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)


ත්‍රිකුණාමල විපූලානන්ද මහා විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිට මෙම ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය පිටත්කර හැරිණි .

(ත්‍රිකුණාමලය අමදෝරැ අමරජීව )


පස්දුන්රට අධ්‍යාපන විද්‍යා පීඨ පරිශ්‍රයෙන් ඡන්ද පෙට්ටි රැගත් වාහන පිටත්ව යනවිට නිලධාරීන් ඒවා පරීක්ෂා කළ ආකාරය.

(,කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි සහ පානදුර සුමිත් පොතුපිටිය  )


ජනාධිපතිවරණය වෙනුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 528 ක් සදහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි නිකුත් කිරිම අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ දී ආරම්භ විය.

(දිගාමඩුල්ල විශේෂ - ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)


මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ජන්ද මධ්‍යස්ථාන 383ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරිම අද (20)  මොනරාගල රාජකීය විද්‍යාල පරිශයේ සිට  සිදු කෙරිණි.

(වැල්ලවාය අයි ආර් ඉන්දික)


මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 526 කට හිස් ඡන්ද පෙට්ටි රැගෙන යාම අද (20) උදෑසන මාතර රාහුල විද්‍යාලයීය ප්‍රධාන ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


(මහනුවර ෂේන් සෙනෙවිරත්න)


ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථාන 636ක් සදහා ජන්ද පත්‍රිකා සහ ජන්ද පෙට්ටි නිකුත් කිරිම අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර නිලධාරි රංජිත් විමලසූරිය මහතාගේ අධික්ෂණය යටතේ අද (20) අනුරාධපුර මධ්‍ය විදුහලේ පිහිටි ප්‍රධාන ජන්ද මෙහෙයුම් මධ්‍යස්ථානයේදි සිදුකෙරුණි.

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)


 



අදහස් (0)

ඡන්දෙට සියල්ල සූදානම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 57 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 57 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


මැකෝ කළුතර මැතිවරණ කටයුතු නිරීක්ෂණ කරයි
2024 සැප්තැම්බර් මස 20 136 0

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.


බඹරු ඇන අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 20 124 0

තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ


රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 349 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 921 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14540 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 109 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site