IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්

(ගයාන් සූරියආරච්චි)

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඒ අනුව පොලිස් නිලධාරීන් 70,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 3200 ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් මැතිවරණ රාජකාරිය සදහා සෘජුව යෙදීවීමට නියමිත අතර පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යෙදවීමෙන් පසු ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා නිලධාරීන් 11,000 ක් පමණ යෙදවීමට නියමිත බවද තල්දූව මහතා කීය.

ඊට අමතරව ජංගම සංචාර සදහා පොලිස් නිලධාරීන් 3109 ක්, මාර්ග බාධක සදහා නිලධාරීන් 269 ක්, කැරළි මර්දන කණ්ඩායම් 241 ක් ද විශේෂ රාජකාරී සදහා යෙදවීමට නියමිතය.

මැතිවරණය රාජකාරිය සදහා අවශ්‍ය වුවහොත් තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් කණ්ඩායම් සූදානමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

 



අදහස් (0)

ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 14 32 0

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම


අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 201 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් ස


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 757 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 486 0

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්
2024 නොවැම්බර් මස 14 813 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර


ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ
2024 නොවැම්බර් මස 14 532 0

ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 210 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 542 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1641 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site