IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘ජගත් වාර්තාව ඉවත දමනු‘

ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා හැටියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාල නිකුත් කළ වාර්තාව අනුව එම සිදුකළ පරීක්ෂණයට තම ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව ගැටළු සහගත බවත් ආත්ම ගරුත්වයක් ඇති කිසිදු රටක් මෙම යෝජනාවේ ඇති ඇඟිලි ගැසීම්වලට එකඟ නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති වාර්තාව ගැන ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයා හැටියට මා දරණ මතය ජනතාවට පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මේ සිදු කළා වූ විමර්ශනයට මාගේ ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැත. එයට හේතු ගණනාවක් තිබුණු අතර ඉන් ප්‍රධානම එකක් වන්නේ මෙම විමර්ශනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ පවතින ක්‍රියා පටිපාටි වලින් බැහැරව සිදු කිරීමයි. මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වූයේ අදාළ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වූ පසු කවුන්සිලයේ සභාපතිවරයා විසින් ඒ විමර්ශනය සිදු කිරීමට ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමයි. නමුත් ලංකාවට එරෙහි මේ විමර්ශනය සිදු කරනු ලැබුවේ එවන් ස්වාධීන විමර්ශන කොමිසමක් විසින් නොව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසිනි. එවන් දෙයක් සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය විය.

එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ස්වාධීන බව ප්‍රශ්න සහගතය.  එහි නඩත්තුව සඳහා මුදල් වැඩි වශයෙන් ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පොදු අරමුදලෙන් නොව විවිධ බටහිර රටවලින් ලැබෙන ස්වෙච්ඡා සම්මාදම් වලිනි. ලංකාවට එරෙහිව මානව හිමිකම් ක‍වුන්සිලයේ යෝජනා ඉදිරිපත් කළේද ඒ බටහිර රටවල් විසින්මය. එමෙන්ම මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ වැදගත් තනතුරු සියල්ලම පාහේ බටහිර ජාතිකයන් සතු වන අතර ආයතනයේ සේවකයන්ගෙන් අඩක්ම බටහිර රටවල පුරවැසියන් වේ. මානව හිමිකම් කවුන්සිලයේ සෑම සැසිවාරයකම පාහේ මීට වඩා සාධාරණ ආකාරයට ලෝකයේ වෙනත් කලාප අතරත් මේ තනතුරු බෙදී යා යුතු බවට යෝජනා සම්මත වූවත් මේ ආයතනය තුළ පවතින බටහිර ආධිපත්‍ය එලෙසම පවතී. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සංයුතිය නිසා එම ආයතනයෙන් ලංකාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. 

2014 වසරේදී මෙකී විමර්ශනය පිහිටුවීමට ගෙන ආ යෝජනාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ පකිස්තානු නියෝජිතයා වූ සමීර් අක්‍රම් මහතා පවසා සිටියේ‘’ආත්ම ගරුත්වයක් ඇති කිසිදු රටක්’’ මේ යෝජනාවේ සඳහන් වන ආකාරයේ ‘’ඇඟිලි ගැසීම්’’ වලට එකඟ ‍ෙනාවන බවයි. මානව අයිතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට මුදල් ලැබෙන ආකාරය ගැන ප්‍රශ්න කරමින් මෙකී විමර්ශනයට මුදල් ලැබෙන්නේ ලංකාවට එරෙහිව යෝජනා සම්මත කළ “දානපතියන්ගෙන්ම” නම් එය මුල සිටම සැකයට භාජනය වන බවද අක්‍රම් මහතා තවදුරටත් පවසා සිටියේය.

මානව හිමිකම් කවුන්සිලයේ ඉන්දි‍යාවේ නියෝජිත දිලිප් සිංහා මහතා අනතුරු අඟවා සිටියේ ජාතික ස්වාධිපත්‍යයටත් හානිකරවන ආකාරයට මෙලෙස රටවල් වල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම නොකළ යුත්තක් බවත්, මෙහිදී අවශ්‍ය වන්නේ සාකච්ඡා හා සම්මුතිවාදී පිළිවෙතක් බවයි. ඉන්දියාවද මෙම විමර්ශනයට එරෙහි විය. මේ යෝජනාව පසුපස සිටි බලගතු බටහිර රටවල් විසින් කොතරම් පීඩනයක් එල්ල කළත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 අතුරෙන් ඇමරිකානු යෝජනාවට පක්ෂ වූයේ රටවල් 23ක් පමණි. මේ විමර්ශනය සිදු කර තිබෙන්නේ එවන් පසුබිමක් තුළය.

ලංකාවේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වී තිබෙන නිසා මානව හිමිකම් කොමසාරිස් කාර්යා‍ලයේ මෙකී වාර්තාවේ “සැර අඩු කොට” ඇති බවට ඇතැම් අය ප්‍රචාර ගෙන යමින් සිටී. 2014 මාර්තු 27 වනදා මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදී පකිස්තානු නියෝජිත අක්‍රම් මහතා ‘’මෙම යෝජනාව මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක්’’ යැයි අවඥාවෙන් කළ සඳහන අද අපට ඇසෙන මේ ප්‍රචාර වලින් සනාථවේ. ඒ කෙසේ වෙතත් මෙකී වාර්තාවේ සැර අඩු කොට තිබෙන බවක් මට පෙනෙන්නේ නැත. මෙවන් වාර්තාවකින් කළ හැකි උපරිම දෙය වන්නේ යුධ අපරාධ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කිරීම පමණි. මේ වාර්තාවට එවන් යෝජනාවක් ඇතුළත් කිරීමෙන් ඔවුන් යා හැකි උපරිම දුර ගොස් ඇති බව පෙනේ. 

මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැක. එවැන්නක් කිරීමට බලය ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පමණි. නමුත් ආරක්ෂක මණ්ඩලය තුළ චීනයේ හා රුසියාවේ නිශේධ බලය නිසා ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණය නමින් ස්ථිර යුධ අපරාධ අධිකරණයක් තිබුනත් එම අධිකරණයට අදාළ ප්‍රඥප්තිය වන රෝම සම්මුතියට අපි අත්සන් කර නැති නිසා ඒ අධිකරණයේ ලංකාවට එරෙහිව නඩු පැවරිය නොහැක. යුධ අපරාධ අධිකරණයක් ඇති කිරීමට තිබෙන තුන්වන හා අවසන් ක්‍රමය වන්නේ අදාළ රටේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග “දෙමුහුන්” යුධ අපරාධ අධිකරණයක් පිහිටුවීමට එකඟ වීමයි. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙකී වාර්තාව විසින් කර ඇත්තේ යුධ අපරාධ අධිකරණයක් බිහි කිරීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමයට අනුව එවැන්නක් පිහිටුවීමට නිර්දේශ කිරීමයි. මේ වාර්තාවේ සැර අඩුකර නැති බව එයින් කාටත් පැහැදිලි වනු ඇත. 

මෙකී වාර්තාවේ සිද්ධීන් වලට අදාළව කිසිවෙකුගේ නම් සඳහන් කර නොතිබීම එහි සැර බාල කර තිබෙන බවට සාක්ෂියක් හැටියට ඇතැම් අය ගෙනහැර දක්වයි. සිදුවූවා යැයි කියන සිද්ධීන් සම්බන්ධව කිසිවෙකුගේ නම් සඳහන් නොවන්නේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට එය සනාථ කිරීමට නොහැකි නිසාය. නමුත් දේශපාලන විචාරකයකු වන ඩී.බී.එස්.ජයරාජ් මහතා පෙන්වාදෙන්නේ මෙම වාර්තාවේ නිශ්චිත සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුගේ නම් සඳහන් නොවූවත් යුධ අපරාධවලට වගකිව යුතු යැයි හැඟවෙන ආකාරයට වාර්තාවේ වෙනත් තැනක ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ හා හමුදා ඒකකවල නම් සඳහන් වන බවයි. මේ වාර්තාව හිතපු තරම් නරක නැති බව ඇතැම් අය කියා සිටියත් ඒ ගැන මා දරන්නේ වෙනස් මතයකි. 

මේ වාර්තාවේ සැර අඩු වී තිබෙන නිසා දැන් අපේ රණවිරුවන් පිටරට වලදී මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත හිරභාරයට ගැනීමේ අවදානම නැතිවී තිබෙන බව ඇතැම් ඇමතිවරුන් කියා සිටියද සත්‍ය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ලංකාවේ රණවිරුවන් පිටරට වලදී හිරභාරයට ගෙන නඩු පැවරිය යුතු යැයි කියන නිර්දේශය මෙම වාර්තාවේ 252 පිටුවේ පැහැදිලිව සඳහන් වේ. මේ වාර්තාව පිලිබඳව සත්‍ය ජනතාවට පැහැදිලි කිරීම වැදගත්ය. 

ආණ්ඩු පෙරළියක් සිදුවී නොතිබුණේ නම් මේ වාර්තාව උපයෝගී කරගෙන ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පවා පැනවීමට ඉඩ තිබුණේ යැයි ඇතැම් අය කියයි. නමුත් මානව හිමිකම් කවුන්සිලයට හෝ මානව හිමිකම් පිලබඳ මහ කොමසාරිස් කාර්යාලයට ආර්ථික සම්බාධක පැනවිය නොහැක. එවැනි බලයක් ඇත්තේ ආරක්ෂක මණ්ඩලයට පමණි. ඔවුන්ද ගෝලීය සාමයට තර්ජනයක් විය හැකි දරුණුම තත්ත්වයන් යටතේ මිස රටවල් වලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම සිදු කරන්නේ නැත. ඔනෑම රටකට තමා ගනුදෙනු කරන්නේ කා සමගදැයි ස්වාධීනව තීරණය කිරීමට අයිතියක් තිබෙන නිසා ඇමරිකාවට හා යුරෝපයට අපට එරෙහිව ඕනෑම අවස්ථාවක ඒකපාර්ශවීය ආර්ථික සම්බාධක පැනවීමට හැකියාව තිබුණි. මේ වාර්තාව එළි දක්වන තුරු බලාසිටීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. නමුත් ඒ ආකාරයට සම්බාධක වලට ලක් වන රටේ ජනතාව සහ සම්බාධක පනවන රටවල් අතර සදාකාලික විරසකයක් ඇති වන නිසා එවන් පියවර කොතරම් බලගතු රටක් වුවත් ගන්නේ ඉතා ප්‍රවේසමෙනි. මාගේ පාලන සමය තුළ ලංකාවට එරෙහිව ඒකපාර්ශවීය සම්බාධක පිළිබඳ තර්ජනයක් කිසි අවස්ථාවක නොපැවතුනු බව කිව යුතුය. 

මාගේ ආණ්ඩුවත් ඇතැම් බටහිර රටවල් අතරත් යම් කිසි ආතතියක් තිබුණු බව සැබෑවකි. නමුත් අපේ ප්‍රශ්නය තේරුම් ගත් ප්‍රබල නායකයින්ද බටහිර රටවල සිටියේය. ජෝන් කෙරී මහතා ඇමරිකානු සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුවේ ප්‍රධානියාව සිටි සමයේ ඔහුගේ මතය වූයේ ඔබාමා ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්න වලට පමණක් සීමා නොවී ඊට වඩා පුළුල් ආර්ථික, දේශපාලන හා ආරක්ෂක කාරණා පෙරදැරි කර ගෙන ලංකාව සමඟ සම්බන්ධතාවය වර්ධනය කළ යුතු බවයි. කෙරී මහතා 2009 දෙසැම්බර් මාසයේදී “ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු ඇමරිකානු උපාය මාර්ගය වෙනස් කිරීම” යන මැයෙන් ඔහු විසින් ඇමරිකානු ආණ්ඩුවට විශේෂ වාර්තාවක්ද සපයන ලදි. 

යුද්ධය පැවති සමයේදී අමෙරිකාවත් ශ්‍රී ලංකාවත් ඉතා සුහදව ආරක්ෂක තොරතුරු හුවමාරු කරගත්තේය. අමෙරිකාවේ රිපබ්ලිකන් ආණ්ඩු පොදුවේ ගත් කල ලංකාව සම්බන්ධයෙන් දැරුවේ තරමක වෙනස් මතයකි. ජාත්‍යන්තර සබඳතා යනු මානව හිමිකම් ගැන කථා කිරීම පමණක් නොවේ. ආණ්ඩු විසින් කරන මිලදී ගැනීම්, කොන්ත්‍රාත් ලබා දීම, ආයෝජකයන්ට අවස්ථාව සලසා දීම වැනි කාරණා මානව අයිතීන් ප්‍රශ්න වලට වඩා ජාත්‍යන්තර සබඳතා වලට බලපානු ලැබේ. එම නිසා මාගේ ආණ්ඩුව බලයේ සිටියා නම් මේ වාර්තාව නිකුත් වීමත් සමඟ ආර්ථික සම්බාධක පැනවෙනු ඇති බවට කියන කතාව මම පිළිගන්නේ නැත. මා බලයේ සිටි කාල පරිච්ඡේදය පුරාම කොටස් වෙළඳපොළේත් ශ්‍රීලාංකික දිගුකාලීන බැඳුම්කර වෙළඳපොළේත් වැඩියෙන්ම මුදල් ආයෝජනය කළේ ඇමරිකාවත් යුරෝපයත්ය. මේ ආයෝජකයින් තම මුදල් ආපසු ගෙන යාමට පටන් ගත්තේ මට බලය අහිමි වීමෙන් පසුව පමණි.

ජනතාවගේ අවශතාවයන් ඉටු කිරීම සඳහා පාලකයින්ට ඇතැම් අවස්ථා වල බලගතු රටවල් වල කීමට එරෙහිව යෑමට සිදු වේ. 1952 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනය සමග රබර් - සහල් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී ඇමරිකාව විසින් චීනයේ නව කොමියුනිස්ට් රජයට එරෙහිව ආර්ථික සම්බාධක පනවා තිබුණු අතර අදාළ තහනම් භාණ්ඩ අතර රබර්ද විය. නමුත් ලංකාවේ මිනිසුන්ට සහල් අවශ්‍ය වූ නිසා ඇමරිකානු උදහසද නොතකා අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා චීනයට රබර් අපනයනය කළේය. ඒ ආකාරයටම ත්‍රස්තවාදය පරාජයකර මේ රටට සාමය ගෙන ඒම සඳහා ඇතැම් රට වල කීමට සවන් නොදී කටයුතු කිරීමට මටද සිදුවිය.

යම් හෙයකින් මගේ පාලන සමය තුළ අමෙරිකාව හා යුරෝපය ලංකාවට එරෙහිව ඒකපාර්ශවීය සම්බාධක පැනවූයේ නම්, එයට මුහුණදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනු ඇත. යුරෝපයේ බලගතු දෙමළ ඊළාම් කණ්ඩායම් වල බලපෑම යටතේ යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් වෙළඳ සහනය අහෝසි කළ පසු සෑම වසරක් පාසාම ‍යුරෝපයට යවන ඇඟළුම් නිෂ්පාදන ප්‍රමාණයේ වර්ධනයක්ම මිස කිසිදු අඩුවීමක් සිදු නොවන තැනට වග බලා ගැනීමට මාගේ ආණ්ඩුව කටයුතු කළේය. 1930 ගණන් වලින් පසු ලෝකයේ දරුණුම ආර්ථික අවපාතය 2008-2009 වසර වලදී ඇතිවූ විට මේ රටේ ජනතාවට එවැනි ප්‍රශ්නයක් තිබෙන බවටවත් නොදැනෙන ආකාරයට මගේ ආණ්ඩුව විසින් ඒ තත්ත්වය පාලනය කළේය. මාගේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය පිළිබඳව මම අවංකවම ආඩම්බර වෙමි. 

මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවේ අඩංගු නිර්දේශ බරපතළ ලෙස ප්‍රශ්න සහගතය. සිදුවූවා යැයි කියන යුධ අපරාධ විමර්ශණය කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් අධිචෝදකයින් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව පිහිටුවීමට යෝජනා කර ඇති ඊනියා දෙමුහුන් යුධ අපරාධ අධිකරණය ඇති නොකළ යුත්තකි. ආරක්ෂක හමුදාවන් වල ඇතැම් සාමාජිකයින්ට එරෙහිව චෝදනා ඇත්නම් එම චෝදනා ලංකාවේ පවතින නීතියට අනුව අපේ පවතින උසාවි පද්ධතිය යටතේ අපේ විනිශ්චයකාරවරුන් විසින් හා අපේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් පමණක් විභාගයට ලක් කළ යුතුය. අපේ වීරෝධාර රණවිරුවන් තම ජීවිත පරදුවට තබා මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කළ කැපකිරිම අප සිහිපත් කළ යුතුය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ලංකාවේ නිත්‍ය නියෝජනයක් ඇති කොට මානව හිමිකම් තත්ත්වය අධීක්ෂණය කිරීමට කර තිබෙන යෝජනාවේ අර්ථයක් නැති බව මගේ හැඟීමයි. මේ රටේ සාමය ඇති කොට දැනට අවුරුදු 6ක් ගතවී මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ චෝදනාද නැති අවස්ථාවක ලංකාවේ මෙවන් කාර්යාලයක් අර්ථ ශුන්‍ය බව මාගේ හැඟීමයි.

ලංකාවේ නඩු අසා තීන්දු දීමට හැකිවන පරිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට බලය පැවරීමට හැකිවන පරිදි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකග කරවා ගැනීමටබලපෑම් කළ යුතු බවට යෝජනාවක්ද ඇත. අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ඩොමිනියන් රාජ්‍යක් වූ සමයේ එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට ලංකාවේ නඩු ඇසීමට එවැනි බලයක් තිබුණි. ලංකාව දැන් ස්වෛරී ජනරජයක් වන නිසා එවැනි වැඩපිලිවෙලකට නැවත අවතීර්ණ වීමෙන් ප්‍රයෝජනයක් නැති බව මාගේ අදහසයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ වී ඇතැයි සැක කෙරෙන ආරක්ෂක අංශ නිලධාරීන් නිලයෙන් ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ලංකාවේ ආණ්ඩුව පිහිටුවිය යුතු බවටද මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය මේ වාර්තාවේ 250 වන පිටුවේ යෝජනා කර ඇත. සනාථ නොකරන ලද චෝදනා මත හෝ සැකයක් මත කිසිවෙකු නිලයෙන් පහ කිරීම නොකල යුතුය. මෙවැනි යෝජනා ගෙන එන්නේ යුද්ධයේ අවසන් මෙහෙයුම නැවැත්වීමට උත්සාහ දරා අසාර්ථක වූ පාර්ශවයන් විසින් බව ආණ්ඩුව මතක තබා ගත යුතුය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා මහජන ආරක්ෂාව පිළිබඳ ආඥාපනත සහමුලින්ම අහෝසි කොට ජාත්‍යන්තර නීතියට අනුකූලව නව ආරක්ෂක නීති සම්පාදනය කළ යුතු බවටද මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් කාර්යාලය නිර්දේශ කොට ඇත. මේ නීති නොතිබෙන්නට ලංකාවට රාජ්‍යක් හැටිය‍ට පැවතීමට නොහැකි වනු ඇත. එමෙන්ම ස්වාධීන රාජ්‍යයක ජාතික ආරක්ෂාවට අදාල නීති සම්පාදනය කල යුත්තේ පවතින තර්ජන වලට අනුව මිස ආරක්ෂක කටයුතු වලට අදාළ නැති ජාත්‍යන්තර සංවිධානයකනිර්දේශ අනුව නොවේ.

මාගේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන් පිලිබඳ ජනාධිපති කොමිසමට ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙප්රි නයිස්, රොඩ්නි ඩික්සන්, ඩේවිඩ් ක්‍රේන් හා පෝල් නිව්ටන් වැනි ජාත්‍යන්තර නීති විශාරදයින් යුධ නීතිය පිළිබඳව සපයන ලද නීති උපදේශන ලියවිලි හදාරා බලා ඒවා මානව හිමිකම් කවුසිලයේ සභාගත කිරිම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයැයි මම සිතමි. ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා මෑතකදී අතුරුදන් වූවන් පිළිබදව කොමිසමට සැපයු සවිස්තරාත්මක වාර්තාවද මෙහිදී වැදගත් වන අතර මේ සියලුම නීති විශාරදයින්ගේ අදහස් ආණ්ඩුව විසින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාවට යවන ප්‍රතිචාරයේත් අඩංගු විය යුතු බව මම විශ්වාස කරමි.

දැන් මේ සිදුවෙමින් පවතින සියළු‍දේවල්වලට මා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සමග 2009 මැයි 23 වන දා අත්සන් කල ඒකබද්ධ ප්‍රකාශනයෙන් එකගතාවය පළකර තිබුනු බවට පවසමින් මේ වැඩපිළිවෙලට ජනතාව ඉදිරියේ සුජාත බවක් ලබා දීමට ඇතැම් අය උත්සාහ කරන බව පෙනේ.  මේ අන්කිසිවක් නොව ජාත්‍යන්තර බලවේග සමග සහයෝගයෙන් වැඩ කරන උදවිය තමාගේ ක්‍රියාකාරකම් සාධාරණිය කරණය කිරිමට පතුරුවන මුසාවකි. එක්සත් ජාතින්ගේ මහ ලේකම් වරයා සමග මා කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ යුධ අපරාධ විමර්ෂණ හා යුධ අපරාධ අධිකරණ ගැන කිසිවක් සදහන් කොට නොතිබිනි. එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ලංකාවේ ආණ්ඩුව භාරගෙන තිබුනේ “දුක්ගැනවිලි” ගැන සොයා බැලීමටපමණි. උතුරේ සංවර්ධනය වේගවත් කිරිම, නැගෙනහිර සහ උතුරු පළාත් සභා සඳහා ඡන්ද පැවැත්වීම, උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කිරිම, අතුරුදහන් වූවන් පිළිබද කොමිසම ඇති කිරිම යන ආදිය අප විසින් දුක්ගැනිවිලි නිරාකරණය කිරිමට කරන ලද ක්‍රියාකාරකම් වේ. 

2014 මාර්තු මාසයේදී මේ විමර්ෂණයට මුල පිරූ යෝජනාවට විරෝධය පල කරමින් මානව හිමිකම් කවුන්සිලය තුල ඉන්දීය, කියුබානු හා පාකිස්තානු නියෝජිතයන් එක හඩින් කියා සිටියේ ඇමරිකාව විසින් ඉදිරිපත් කොට තිබෙන මේ යෝජනාවේ ලංකාව සංහිදියාව ඇති කිරිම පෙරදැරි කරගෙන උගත් පාඩම් හා සංහිදියා කොමිසම වැනි යාන්ත්‍රනයන් පිහිටුවා තිබිම සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබෙන බවයි. එම රටවල් ඒ.ජා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මෙම විමර්ෂණයට එරෙහි වීමටද මේ කාරණය බලපෑවේය. 

ඉහත දක්වන ලද හේතූන් මත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මේ වාර්තාව ප්‍රතික්ෂේප කල යුතු බව මම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට යෝජනා කර සිටිමි.

මහින්ද රාජපක්ෂ (පා.ම)
හිටපු ජනාධිපති
 



අදහස් (0)

‘ජගත් වාර්තාව ඉවත දමනු‘

කෝකිලා රණසිංහ Tuesday, 22 September 2015 05:14 PM

බොහොම බයවෙලා වගේ ජගත් වාර්තාවට. වරදක් කරලා නැත්නම් මොකටද බොරු බයක්? (නි)

:       0       0

මොහ‍ොට්ටාල Tuesday, 22 September 2015 05:46 PM

අපිට ඔබතුමාගේ අගය දැන් දැනෙනවා (නි)

:       0       0

පෙරේරා Tuesday, 22 September 2015 06:27 PM

එතකොට කිව්වේ ඕනෑම පරීක්ෂණයකට සූදානම්ය, විදුලි පුටුවටත් රට වෙනුවෙන් යන්න සූදානම්ය කියලා? (නි)

:       0       0

චමිල්ක Tuesday, 22 September 2015 06:38 PM

කාටද මේවා කියන්නේ?? (නි)

:       0       0

විජිත් Tuesday, 22 September 2015 06:49 PM

බොරුවට කෑගහන්න එපා. කවුද පළමු වරද කළේ? (නි)

:       0       0

අනුර Tuesday, 22 September 2015 07:40 PM

හිටපු ජනාධිපතිතුමාට කවුරුහරි මතක්කරලා දුන්නොත් හොඳයි පිටරටකින් ලියුමක් ආවොත් එයට නිසි විදිහට පිළිතුරු නොයැවුවොත් ඔය මොන ගේම් ගහලත් වැඩක් නැහැ. කාටහරි එය නිවැරදි කරන්න වේවි (නි)

:       0       0

ජගත් Tuesday, 22 September 2015 09:13 PM

ඉතා හොඳයි (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 06:47 AM

තම නියම නමින් රට වෙනුවෙන් ඇත්ත ඇති සැටියෙන් කතා කළ දිලිප් වික්‍රමරත්න මහතාට මගේ හද පිරි ප්‍රණාමය (බ)

:       0       0

තරංග Tuesday, 22 September 2015 10:34 PM

ඔබතුමාට ජයශ්‍රී! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 September 2015 12:09 AM

ඔබතුමාගේ කාලේදී මේවා හරියට කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද කියලා මට හිතුණා (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 23 September 2015 12:41 AM

එක සරල තර්කයකින් මේ වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.ඔබ මෙහි සදහන් කළත් නොකළත් මේ අභියෝග ජයගන්න මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජනතාව පෙළගැස්සවීම ඔබටම මිස වෙන අයෙකුට කරන්න බැහැ. මේ ඇති වෙලා තියෙන රික්තය පුරවමින් නව බලවේගයක් ගොඩ නඟන්න.ආයේ නිදහස් පක්ෂයක් ඔබට නැහැ.ඔබේ පක්ෂය ඔබට ඡන්දය දුන් ජනතාව කරගන්න.නම් සළකුණු අපිට වැදගත් නැහැ. වැදගත් ඔබව පමණයි.ඔබේ නායකත්වය පමණයි. (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 01:56 AM

සිදුවන දේවල් නොපෙනෙන්නේ ඇයි මේ ප්‍රබුද්දධ පාඨකයන්ට? තවම කිසිම යාන්ත්‍රණයක් පටන් ගත්තේ නැහැ. නමුත් රණවිරුවෝ කී දෙනෙක් අත්අඩංගුවට ගත්තාද? දැන් අද මොකද වෙලා තියෙන්නේ?? (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:04 AM

පිවිතුරු මහතා හරි. මෙතන ඇත්තේ මහින්දගේ ප්‍රශ්නයක් නොවේ. රට ගැන, දිනාගත් නිදහස ගැන, යුද්ධයට දායකවුණ රණවිරුවෝ ගැන ප්‍රශ්නයක්. මේ තත්වය තේරුම් නොගෙන මෙය මහින්දගේ ප්‍රශ්නයක් ලෙස සළකා මහින්දට විරුද්ධව කතාකරන උදවිය පෙරපාසල් වල ළමයින්ට සමාන කිරීමේ වරදක් මට නම් නොපෙනේ. එක මහතෙක් කියනවා මහින්ද විදුලි පුටුවට ඇයි බය කියලා. මහින්ද විදුලි පුටුවට නැඟීම හෝ නැතා හෝ නොවේ ප්‍රශ්නය, දිනාගත් රට. යුද්ධයට දායකවුණේ රණවිරුවෝ. මේ උදවියට මොකද වෙන්නේ? (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:08 AM

පෙරේරා මහතා, කෝකිලා නෝනා , මෙතන තියෙන්නේ මහින්දගේ ප්‍රශ්නයක් නොවේ. එතුමා විදුලි පුටුවට ගියා හෝ නොගියා කියා මේ ප්‍රශ්නය විස‍ඳෙන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Wednesday, 23 September 2015 02:13 AM

බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල,ඔය මහින්දගේ කාලේ කරපු කියපු දේවල් අපිට නම් අමතක වෙලා නැහැ. (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 02:18 AM

ලුම්බිණි මැඩම් මේ ඉල්ලන දේවල් කරන්න බැහැ.ඔබතුමිය බුද්ධිමත් බව මම දන්නවා. කරුණාකර බුද්ධිමත් වී ප්‍රශ්නය තේරුම් ගන්න (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 23 September 2015 02:29 AM

ඇත්තෙන්ම මෙය ඉතා හොඳ ප්‍රතිචාරයක්. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන්, ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම ඉතා අගයකොට සළකන අතර එයට අපගේ කෘතවේදීත්වයද පළකළ යුතුයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 23 September 2015 02:36 AM

තමන් නිසා මහින්ද විදුලි පුටුවෙන් ගැලවුණා කියලා පාරම්බබා කියන්න තරම් දේශපාලකයෝ ඉන්න රටේ, ඔවුන්ට අත්පුඩි ගහන්න දේශපාලනයෙන් අන්ධ වූ මිනිස්සු ඉන්න රටේ,මහින්දව එල්ලන්න පුළුවන් නම් නඩු නොඅසාම මේ රටේම එල්ලන්න පෙරුම් පුරන අය ඉන්න රටේ අපි මේවා ගැන කතාකරලා වාදකරලා වැඩක් නැහැ මහානාම මහත්තයෝ.මහින්ද මහත්තයාට මේ යුද්ධය අවසන් කළාට දොස් කියනවා ඇරෙන්න.. (නි)

:       0       0

සම්පත් Wednesday, 23 September 2015 02:58 AM

ඔබතුම දුරදර්ශී විශිෂ්ට ගනයේ රජ තන්ත්‍රිකයෙක්. කීප දෙනෙකුගේ අමන කම් උලුප්පල ජනතාව ලව්වම සුළුතරයකින් ප්‍රතික්ෂේප කෙරෙව්වා ඉතිහාසයේ සිංහල මිනිස්සු කරපු ලොකුම වරැද්ද (අ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 23 September 2015 03:00 AM

මෙහි ජාත්‍යන්තර , හයිබ්‍රිඩ් හෝ දේශීය යාන්තර්ණ ගැන හොදයි හා අවශ්‍යයි කතා කරන බුද්දිමත් ජනතාව ට තරු පෙනේවි , ඇස ඇරිලා පියවි ලොවට වැටේවි , එයා ලා ගේ කවුරු හරි යුද්දයට දායක වී , අත්අඩංගුවට අරන් පෝරකේට නියම කළා නම් . අද සුනිල් රත්නායක රණ විරුවාගේ පවුලට මොනවා හිතෙනවා ඇත්ද ? (අ)

:       0       0

සමීර කළුපහන Wednesday, 23 September 2015 03:00 AM

පිවිතුරු යහපාල මහත්තය ගේ උපන් දිනය කවද්ද හැබැටම (අ)

:       0       0

තිලක් Wednesday, 23 September 2015 03:13 AM

මම නම් කියන්නේ යුද්දය ඉවර කරපු එකට මහින්දට දඩුවම් කල යුතුයි. එහෙම ඉවර කරේ නැත්නම් අද ප්‍රභාකරන් මැති තුමත් ඉන්නවා .ලස්සනට බෝම්බත් පිපිරෙනවා ..මොන තරම් ජෝලිද ..

:       0       0

ඉමේෂ් Wednesday, 23 September 2015 03:13 AM

වැඩ කරලා වැඩක් නැත්තන් මොකට පිවිතුරු මේකේ ප්‍රතිචාර දාන්නේ? (අ)

:       0       0

රොහාන් Wednesday, 23 September 2015 03:22 AM

රූපේ ලැබුනට මොලය නැත.(අ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 23 September 2015 03:37 AM

සුඩානය දෙකට බෙදීම පටන්ගත්තේ , එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට එරෙහිව සමූල ඝාතනයක් කළ බවට ලෝකෙටම පෙන්නුම් කරලා ,තවදුරටත් අනෙක් ජාතිය සමග විසීමට නොහැකි බව ඒත්තු ගන්වමින් සම්බන්දන්ට විපක්ෂ නායකකම ලැබුණාම ඒක ජාතික සමගියේ මහා ජයග්‍රහනයක්ය , මීට පසු ඔවුන් රට බෙදන ඉල්ලීම් අතහරියි කියලා හීන දකින ඈයෝ අපිව මේ ඇදගෙන යන්න හදන්නේ කොහෙටද කියලා තේරුම් ගත්තොත් හොදයි (බ)

:       0       0

ලාල් Tuesday, 22 September 2015 01:29 PM

අනේ ඔව්, මේ කියන විදියට වැඩකරමු නේද? (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 23 September 2015 10:07 PM

පිවිතුරු යහපාල තරම් දේශපාලන අන්ධභාවයෙන් අත්පුඩි ගහන අය තවත් නැති තරම්ය. මෙහි ප්‍රතිචාර දක්වා ඇති සමහර අයගේ අදහස නැවතත් දේශප්‍රේමය පෙන්වා බලයට පැමිණීමද? කවුරුත් රටට ආදරය නම් මෙය රටේ ප්‍රශ්නයක් ලෙස සැළකිය යුතු මොහොතකි. අදහස් ප්‍රකාශ වියයුත්තේ ප්‍රශ්නයට විසඳුම් පිණිස මිස නැති ප්‍රශ්න ඇතිකර ගැනීමට නොවේ. නිතරම ගැලරිය පිනවීමේ දේශපාලනයක් ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 22 September 2015 03:21 PM

අපි සටන් කරන්නේ, මේ අදහස් දාන්නේ ඔබතුමාට වුණ අසාධාරණය වෙනුවෙන්.කළ අසාධාරණය වෙනුවෙන්.ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඕනෑ රාජ්‍ය බලය අතේ තියාගෙන.ගෞරවනීය විශ්‍රාම ගැනීමක් ලෙස.නැතුව පරාජිතයෙක් විදියට නෙමෙයි.ඔබ කවදාවත් පැරදුනේ නැහැ.පැරදුනේ අපි.මේ රටට ආදරය කරන සියලු ජාතින්. අපි දිනන්න නම් රට දිනන්න නම් ඔබව නැවත දිනවන්න ඕනෑ.ඒක අපි කරනවා.මේ පාර බැරි වුණත් ලබන පාර හරි. (නි)

:       0       0

සිංහ‍ Tuesday, 22 September 2015 03:44 PM

ඔබට ජය! (නි)

:       0       0

විජිත් Tuesday, 22 September 2015 04:02 PM

මහින්ද මහත්තයෝ, ඔබ විසින් ඉල්ලගෙන කෑ අවස්ථාවක් මේක.ඉල්ලන් කාපු නොවෙයි ඉල්ලන් අපිට කවපු එකක්.දැන් බොරුවට කෑගහනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 314 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 429 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 91 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 619 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 908 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site