IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජූජක ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය

වෙස්සන්තර රජු රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී යන තුරු දන් දුන්නේ ය. රජු දන් දෙන විට මහ සෙනග සතුටින් පැමිණ මලු පුරවාගෙන ගියෝ ය. “අනේ එපා දේවයන් වහන්ස“ යැයි වැරදිලාවත් කීවේ නැත“. මහ රජු දන් දී පින් පුරවා ගත්තේ ය. මහජනයා මලු පුරවා ගත්හ. මහජනයා වන අප එදත් එහෙම ය, අදත් එහෙම ය. එදාට වඩා අද වැඩේ පහසු වී තිබේ. වෙස්සන්තර රජුට මෙන් පරම්පරාවෙන් හිමි බූදලයක් අද පාලකයින් ට නැත. ඒ නිසා, ඔවුන් වසර කිහිපයකට වරක් මහජනයා ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලා සිටිය යුතුය. එතෙක් පටි තද කරගෙන සිටින අප, ආණ්ඩුවෙන් මොන මොනවා හරි වැඩිපුර ලබා ගැනීමට යොදා ගන්නේ මේ අවස්ථාවයි. පාලකයා ඔය ටික දන්නා නිසා ම, වැඩි වැඩියෙන් තෑගි බෝග දෙන බවට පොරොන්දු වන ලේඛනයක් මැතිවරණයට ඉදිරිපත් කරයි. ඒ පාලකයාගේ කපටි වෙස්සන්තර ජවනිකාවයි. තවත් මනරම් ජවනිකාවක් අපි රඟ දක්වමු. ඒ ජූජක ජවනිකාවයි. ජූජක බමුණා වෙස්සන්තර රජුට දෙන්න බැරි ටික ඉල්ලා සිටියේ ය. ඒ, රජුගේ දරු දෙදෙනායි. එපරිද්දෙන් ම, අද අපි ආණ්ඩුවට දෙන්නට බැරි ටික ඉල්ලා වීදි බසිමු. වැජ වර්ජනය කරමු. අපේ සංස්කෘතියේ සාරයක් වන දන් දීමේ පුරුද්ද සහ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙක බැඳී ඇති ආකාරය සාකච්ඡා නොකරම බැරි බව පෙනේ.

තම පුරවැසියාගේ යහපත සුබසිද්ධිය සැලසීම රජයක ප්‍රධානත ම කාර්යය යි. ඒ වෙනුවෙන් රජය, ජනතාවට සෞඛ්‍යය සහ අධ්‍යාපනය ලබා දිය යුතු ය. එමෙන් ම, දිළිඳු බවේ පතුළේ සිටින්නන්ට ජීවත්වීමට ආධාර කළ යුතු ය. එහෙත් අපේ රටේ තත්ත්වය මීට වඩා එහා ගිය එකකි. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කරනු වෙනුවට ජනාවට සහන, වරදාන, සන්තෝසම් පිරිනැමීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම ඒ තත්ත්වයයි. රජය යනු වෙස්සන්තර පාරමිතාව පුරන මහා දානපතියකු ලෙස දැකීමට අප රටේ ජනතාව පුරුදු වී සිටිති. ඒ නිසා, අය-වැය යනු තෑගි මල්ලකි. මැතිවරණයක් යනු තෑගි මලු වෙන්දේසියකි. ප්‍රතිඵලය නම් දිනෙන් දින ම රාජ්‍ය භාණ්ඩාගාරය මත පැටවෙන තෑගි බිල වැඩි වීමයි. පුද්ගල සහන ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යය බවට පත් වීමයි. උපාධිධාරියකුට රැකියාවක් දීමට රජය බැඳී සිටින්නේය යන අදහසේ සිට රාජ්‍ය සේවකයින්ට වාහන බලපත්‍ර ලබා දීම, දේශපාලනඥයකුට යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීමට නම් ඇමතිකමක් දිය යුතු වීම ආදිය පිටුපස පෙනෙන කණගාටුදායක යථාර්ථය නම් රජය තමාට පුද්ගලික සැලකිල්ලක් දැක්විය යුතුය යන විශ්වාසයයි.

මෙසේ සමාජයේ ඉහළ සිට පහළ දක්වා සියලු දෙනා රජයෙන් යම් පුද්ගලික වාසියක් අපේක්ෂා කිරීම රටට අත් කර දෙන ප්‍රතිඵල මොනවාද? දිගු කාලීන වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මුදල් නැති වීම ප්‍රධානතම ප්‍රතිඵලයයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර තුළ ලංකාව සිදු කරන ආයෝජන අප ආර්ථිකයට කොහෙත්ම ප්‍රමාණවත් නොවේ. කොළඹ නගරයේ සහ ප්‍රධාන මාර්ගවල තදබදය ඇසුරින් මේ ගැටලුවේ තරම වටහා ගත හැකියි. වාහන තදබදය වැඩි මාර්ගවල ඉඩ මදි නිසාය. ඉඩ මදි වන්නේ වාහන වැඩි නිසාය. යන්තමින් හෝ හැකියාව ඇති සියලු දෙනාම තම පුද්ගලික වාහන වලින් ගමන් කරන්නේ පොදු ප්‍රවාහන පහසුකම් දුර්වල නිසාය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරන උමං දුම්රියක් හෝ විදුලි දුම්රිය සේවාවක් තිබුණි නම් එය අනෙක් සෑම ගමනා ගමන ක්‍රමයකටම වඩා ලාභදායී සහ වේගවත් වේ. ඒ සඳහා ආයෝජනය කිරීමට මුදල් කොයින්ද? විශාල ආයෝජන සඳහා රජයේ එදිනෙදා වියදම් අඩු විය යුතු ය. එහෙත්, කිසිදු රජයකට එසේ රාජ්‍ය වියදම් අඩු කිරීම තියා ඒ ගැන සිතීමටවත් නොහැකිය.

අපේ රටේ ජූජක ප්‍රජාතන්ත්‍රවාදයට පාර කැපුණේ කෙසේද? ලොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල තත්ත්වය එවැන්නකි. ජනතාව සිය ඡන්ද බලය ගැන සිතන්නේ, එය තිබෙන්නේ තමාට පුද්ගලික වාසි ලබා ගැනීමට ඇති ආයුධයක් ලෙස නම්, එතැන බිහි වන්නේ ජූජක ප්‍රජාතන්ත්‍රවාදයකි. ඇමරිකා එක්සත් ජනපදය පවා මේ ජූජක රෝගයෙන් බැට කෑ රටකි. ඒ, 1830දී තරම් ඈතක දී සියලු පිරිමින්ට ඡන්ද බලය ලැබුණායින් පසුවය. එවක විශාල වශයෙන් කෘෂිකාර්මික රටක්ව පැවැති ඇමරිකාවේ ජනයා ද තම ඡන්දය හෙට්ටු කළේ වැඩිපුර ඉඩම් හෝ වෙනත් වරප්‍රසාද ලබා දෙන්නට පොරොන්දු වූ පක්ෂයේ නායකයාටයි. මේ තත්ත්වය, වඩාත් පසුගාමීව පැවති ප්‍රාන්තවල දී වඩාත් දරුණු විය.

සැබවින්ම, සර්වජන ඡන්ද බලය කියා දෙයක් ශ්‍රී ලංකාවට ලැබුණේ 1931 තරම් ඈතක දී ය. ඒ ඩොනමෝර් කොමිසම විසින් අපට එය ලබා දිය යුතු යැයි තීරණය කළ බැවිණි. ඒ යෝජනාව ඉංග්‍රීසීන් විසින් ඉදිරිපත් කළ විට ඊට පක්ෂව සිටියේ එකම එක වාමාංශික නායකයකු පමණි. පසු කාලීනව රටේ අගමැති ධුරයට පවා පත් වූ අනෙක් අය කියා සිටියේ “සර්වජන ඡන්දය අපට අනවශ්‍ය දෙයක්“ බවය. ඇතැම් විට ඔවුන් නිවැරදි වූවා විය හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයා අරගල කර ලබා ගත් දෙයක් නොවන සර්ව ජන ඡන්ද බලය භාවිතා කිරීමට අප හුරු වූයේ “අපට උදව් කරන අයට අපත් උදව් කළ යුතුයි“ වැනි අදහසක් මුල් කරගෙන විය හැකිය.

අනෙක් අතට දන් දීම ඉතා අගය කොට සලකන රටක වෙසෙන අප, දන් දීම කෙරෙහි නැඹුරු වන රජයක් ගැන අහිතක් නොසිතනවා විය හැකිය. පාලකයා ලෙස පත් වන්නේ ද අපෙන් ම එකෙකු නිසා, ඔහු ද රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ‘දන් දීම සහ පින් රැස් කිරීම‘ නිතැතින්ම සිදු කරනවා වන්නට ද පුළුවන.

කෙසේ වෙතත්, මේ දෙන්නට බැරි තරම් ඉල්ලා සිටින සම්ප්‍රදාය අප සෑහෙන ඉදිරියට ගෙන ගොස් තිබේ. පුපුරා යන තරමට තෑගි බැලුම පිම්බුවා වැනිය. වෙස්සන්තර රජු රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කර තපසට ගිය පසු බ්‍රහ්මදත්ත නුවර සතුරන් අල්ලා ගත්තා ද, ඒ නුවර එක් පාරක් තොටක්, එක් පාළමක් හෝ හැදුණාද කියා අපි නොදනිමු. එහෙත්, අපේ භාණ්ඩාගාර සිදුණු විට නම් සිදු වන දේ අපට සිතා ගත හැකිය.

-කැස්බෑවා-



අදහස් (0)

ජූජක ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය

වී.ස.ප.විමලසේන Monday, 04 January 2016 09:22 AM

වෙස්සන්තර රජු දන් දුන්නෙත් මහන්සිවෙලා හම්බකරගත්ත දේ නොවෙයිනෙ. ජනතාවගෙන් එකතු කරගන්න බදු. ඒකාලෙත් කොයිකාලෙත් රජවරු කලේ ජනතාවට බර පටවන එක. ජපානයේ මිනිස්සු රට වෙනුවෙන් කැප වෙන කොට රටේ සල්ලි පාලකයො හොරකම් කලේ නැහැ. රටේ දියුණුවටම යෙදෙව්ව. මෙහෙ පාලකයො හොරකම් කරනව. ඒකයි දෙරටේ වෙනස. (ස)

:       0       0

රොෂාන් Monday, 04 January 2016 04:17 AM

ඉතාමත් වටිනා ලිපියක් (ම)

:       0       0

ලුම්බිණි Monday, 04 January 2016 04:44 AM

හරියට හරි. ඒත් මේ තත්වය වෙනස් කරන්න බැරි එකයි ප්‍රශ්නය. තමන්ට සහ තම පවුලේ අයට හරියනවා නම් අනික් අයට මොනවා උනත් මොකද? (ස)

:       0       0

ඉන්දික Monday, 04 January 2016 04:41 AM

ඉතින් ඕක කරන්න පුළුවන් කෙනෙකුට දීල නිකන් හිටියනම් ඉවරයිනේ. එත් එහෙම කරන්නෙත් නැහැ බල තණ්හාව නිසා. (ස)

:       0       0

දිනූෂ Monday, 04 January 2016 04:59 AM

සියලු කාරණා සමග එකගයි. අපිට රටක් වශයෙන් කවදාවත් දියුණු වෙන්න බැරි මේ හැගීම රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට ඉහළම මිනිහ දක්වා තියන නිසයි . ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසු දියුණු වුනු හැටි අධ්‍යයනය කළානම් ඒ මිනිසුන් තනි තනිව කළ කැප කිරීම් කියෙව්වනම් අපේ රටේ මිනිස්සු ගැන දුක හිතෙනවා . මොනවද අපි රට වෙනුවෙන් කරන්නේ කියල (බ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 04:07 PM

ඉතාම අපුරු විග්‍රහයක්. අපි හිතුවට අපේ ජනයා සාක්ෂරතාවයෙන් 80% යි, දේශපාලන දැනුම අතින් හරි ඉහලයි එහෙම කියලඅපිත් අර තමිල්නාඩු කට්ටිය වගේම තමයි. දුෂණ චෝදනාවලට දෙපාරක් හිරේ ගිය 'අම්මා' වෙනුවෙන් මැරෙන්න කී දෙනෙක් ඉදිරිපත් වුනාද? රටේ හැටියටයි ඒ රටට ආණ්ඩුවක් ලැබෙන්නේ කියල කියමනක් තියෙන්නේ නිකම්ම නෙමෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 601 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 844 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1276 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2484 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3270 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35029 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24040 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site