මෙරට නව වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තෝරා ගැනීමේ මහ මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් වෙමින් තිබේ. ඉදිරි පස් වසර රට පාලනය කිරීමට සුදුස්සන් කවුරුන්දැයි සාහිතශය බහුතරයක් ජනයා තීන්දු කළ කඳවුර ජයග්‍රහකයා බවට පත්වනු ඇත. ඒ ජයග්‍රාහී කඳවුරට අපගේ ශුභාශිංෂණ පළමුව පිරිනමමු. ජනතාව ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසයට වැලි කැටයක තරමේ හෝ හානියක් නොකර ඒ ජනතා අභිලාෂයන් මුදුන් පැමිණවීම සඳහා කැපවීමෙන් මෙන්ම අගති විරහිතව හා බුද්ධිමත්ව ඔවුන් කටයුතු කරනු ඇතැයි යන්න අපගේ ඒකාන්ත විශ්වාසය වේ.
මිනිසකුගේ බුද්ධි මට්ටම විමසා බැලෙන එක් අවස්ථාවක් වනුයේ ඔහු පිළිගැනීමට ලක්වන මොහොතේ ඔහුගේ චර්යාවය. ජයග්‍රාහකයා මේ මොහොතේ මුහුණ දී සිටින්නේ තමන් පිළිගැනීමට ලක්ව තිබෙන මොහොතේ තමාගේ චර්යාව නිරීක්ෂණය කෙරෙන මොහොතකටය. ජයග්රහණයෙන් උඩඟුවීම, එය නැවත ආපස්සට නොහැරෙන අසමසම සදාකාලික බලයකැයි සිතා කටයුතු කිරීමට පෙළඹීම සිය දිවි නසා ගැනීමකි. ජයග්‍රාහකයා තේරුම් ගත යුතු පරම සත්‍ය ඇත්තේ තමන් ජයග්‍රාහකයා බවට පත් වූයේ තමන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක නිසා නොව ප්‍රතිවාදියා සකලාකාරයෙන්ම අසාර්ථක වූ හෙයින් බවය. එහෙයින් අසාර්ථක වූවන්ගේ මාර්ගයේම ගමන් කරන්නේ නම් තමන්ට පරාජයේ අඳුරු ඉරණම වැළඳ ගැනීමට සිදුවීමට වැඩි කලක් ගත නොවන බව තේරුම් ගත යුතුය. තමන් සිංහාසනයට ඔසොවා තබන්නේත් ඉතිහාසයේ කුණු බක්කියට විසි කර දමනු ලබන්නේත් මහජනයා බව තේරුම් ගැනීම ජයග්‍රාහකයා සතු පරම වගකීම ද වෙයි.
පරාජිතයාට තමන්ට ජයග්‍රහණය කිරීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය නොවේ. තමන් ජනතාවගේ පිළිගැනීමට ලක්වන දියුණු දේශපාලන ව්‍යාපාරයක් ලෙස වැඩෙන්නට තව කාලය ඉතිරිව තිබේ. එහෙයින් කළ යුතු වන්නේ වඩ වඩාත් නිවැරැදි වීමය. පරාජය යනු යහපත් ගුරුවරයෙකි. එහෙයින් එම ගුරුවරයාගෙන් පාඩම් උගත යුතුය. අනාගතයේ අවස්ථාවක දී වඩාත් නිවැරදි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතාවගේ පිළිගැනීමට ලක්වනු ඇත්තේ එසේ කටයුතු කළහොත් පමණි.
මහ මැතිවරණය අවසන්ය. මැතිවරණ සමයේ දී දෙපිළ බෙදී මතවාදී සංග්‍රාමයක යෙදුණ ද එළැඹ ඇත්තේ එම සංග්‍රාමය අතහැර ජනතාව දිනවීමට තමන්ගෙන් විය යුතු කාර්ය භාරය නොපැකිලව ඉටුකළ යුතු මොහොතකය. තමන් සර්වතෝභද්‍රය, සර්ව සුන්දරය, සර්ව සම්පූර්ණය යනුවෙන් සිතා ජයග්‍රාහකයා කටයුතු නොකළ යුතුය. අන්‍යයන්ට සවන් දිය යුතුය. විවේචනයට සංවේදී විය යුතුය. වැරැදි නිවැරදි කර ගැනීමේ නිහතමානීකම තිබිය යුතුය. ජනතාවට ආදරය කළ යුතුය. රටට ආදරය කළ යුතුය. රටේ ගෞරවය මෙන්ම ජනතාවගේ ආත්මාභිමානය ආරක්ෂා කළ යුතුය. බලකාමයෙන් මත් නොවිය යුතුය. යසස් කාමයෙන් උඩඟු නොවිය යුතුය. තමන් සරුංගලයක් බවත් තමන්ට ගුවන්ගතවී සිටිය හැකි වන්නේ නූල අතරැඳි මිනිසාගේ කැමැත්ත පවතින තුරු බවත් තේරුම් ගත යුතුය.
ජයග්රාහකයාගේ සියලුම දේට කොන්දේසි විරහිතව විරුද්ධවීම විරුද්ධ පක්ෂයේ වගකීම නොවේ. ඔවුන්ගේ පරම වගකීම වන්නේ ආණ්ඩුව වරදකාරී මාවතෙන් මුදා ගැනීමය. ඒ වෙනුවෙන් ප්‍රහාරක බළඇණියක් සේ කටයුතු කළ යුතුය. ඒ වෙනුවෙන් නිවැරැදි දෙයට කොන්දේසි විරහිතව සහාය දිය යුතුය. වැරැදි දෙයට සම්මුති විරහිතව විරුද්ධ විය යුතුය. විරුද්ධ පක්ෂය ගන්නා සෑම තීන්දුවකම අවසාන ප්රතිලාභ ලැබිය යුත්තේ මහජනතාවය, රටය. ඒ ඉලක්කයෙන් බැහැර වූ ගමනක් විපක්ෂයට නැත.
වසර හාර පන්සියයකට වැඩි කාලයක් අප රට යටත් විජිතයක්ව තිබිණි. දෙදණින් වැටී ජීවත්වීම වෙනුවට දෙපයින් නැගී සිට මිය යාම ශ්‍රේෂ්ඨ යැයි ඇදහූ අපේ ඉපැරණි මුතුන් මිත්තන්ගේ අයස්කාන්ත අරගලයන්හි ආනුභාවයෙන් අප රටට නිදහස ප්රදානය කර පල්ලම් බැසීමට අධිරාජ්‍යවාදීන්ට සිදුවිය. එසේ පල්ලම් බැස ගොස් වසර 72කි.
ගෙවුණු වසර 72 සම්බන්ධයෙන් රටේ පුරවැසියාට තෘප්තිමත් විය නොහැක. බොහෝ රටවල් අප පසුකර යද්දී අප ගමන් කර තිබෙන්නේ ආපස්සටය. මේ ඉරණම වෙනස් කළ යුතුය. බොල් බොළඳ සටන් පාඨවලින් එම ඉරණම වෙනස් කළ නොහැකිය. වාගාඩම්බර පිරී ගත් සිහින සාප්පු, බොරු පොරොන්දුවලින් ජනයා ඉල්ලන රට ගොඩනැගිය නොහැකිය. ආණ්ඩුව යනු රටේ භාරකාරයා මිස අයිතිකාරයා නොවේ. ඒ බව ගැඹුරින් අවබෝධ කරගත් ගමනක් අද සිටම ආරම්භ කළ යුතුය. ඒ ගමන දෙස අපි අවදියෙන් බලා සිටිමු.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතා තීන්දුවට ගරු කරමු
පූජා Friday, 07 August 2020 06:45 AM
ස්තූතියි කතුතුමනි, ඉතාම කාලෝචිත ලිපියක්.. මෙහි අවසානයට ලියා ඇති," ඒ ගමන දෙස අපි අවධියෙන් බලා සිටිමු "යන වැකිය මගේ සිත බොහෝ සේ පැහැර ගත්තේය.
කමල් Friday, 07 August 2020 06:59 AM
තමනුත් ඒවාට වග කියන්න ඕනෑ, අවසාන පරිච්ඡේදයට අදාලව...
සමිත සේනක අලුත්ගමගේ. Friday, 07 August 2020 08:10 AM
මේ අගනා හරබර කරුණු ඇතුළත් කතුවැකියට කතුතුමා හට ස්තුතියි. මෙය සියලුම දේශපාලනඥයන්ට රාමු කරගෙන තම මේසයේ නිතර පරිහරණයට තබාගතයුතු දෙයක් යැයි සිතමි. ඒ තරමටම ලිපියේ අඩංගු කරුණු ඔවුන්ට වැඩදායක වේ. ස්තූතියි ...
thilak Friday, 07 August 2020 10:25 AM
ඔය කියන බලාපොරොත්තු තමයි අපිට පසුගිය අවරුදු 72දීම තිබුනේ. අවුරුදු 5කට වරක් ඡන්ද වලින් පසු හැමදාමත් වුනේ මහජනයාගේ කරපිටින් ගොස්, මහජනයාට ඉහළින් වැජඹෙන කිහිප දෙනෙක් බිහිවීම පමණයි. ජනතාවත් බොහෝවිට ප්‍රේම කරන්නේ හොරුන්ටයි. මා සිතන්නේ ප්රජාතන්ත්රවාදයට වඩා ලංකාවට යෝග්‍ය වන්නේ දිගු කාලීන ඒකාධිපතිවාදයකි.
K Perera Friday, 07 August 2020 12:25 PM
අනිවාර්යයෙන්ම ගරුකළ යුතුමයි. මොකද මේක ජනතා තීන්දුවක් නිසා... නමුත් මට හැඟෙන විදිහට නම් පොදුපෙරමුණට ඡන්දය දුන්නු අයගෙන් 50%ක්වත් එයාලට නොදන්නවා හෝ නොතේරෙනවා වෙන්න පුළුවන්... දැන් රට යන අත, රටේ ආර්ථික ප්‍රශ්න... කොහොමද තෙල්, ගෑස් මිල ඇතුළු ජීවන වියදම් අඩු කරන්නේ..? අපේ රටට අවශ්‍ය 19 ව්‍යවස්ථාව නැතිකරාවිද? අධිකරණයෙන් දඬුවම් ලැබූ සමහර මිනීමරුවන්ට, කුඩුකාරයන්ට ජනාධිපති සමාවක් ලැබේද? සහ තවත් මෙතන ලිවීමට නොහැකි ගොඩක් දේවල් ගැන..
ramona90 Saturday, 08 August 2020 08:57 AM
මේ වගේ මන්ද බුද්ධික තීරණ ගන්න රටවැසියෝ ඉන්නේ ලංකාවේ පමණයි. දැන් උඩින්ම දින්නට දෙතුන් සැරයක් එළියට විසිවෙච්චි අයනේ. ඒ තීන්දු ගත්තෙත් ජනතාවමයි නේද? අද වෙනකම් ලැබුණු එකම ආශිර්වාදය මාලදිවයිනෙන් පමණයි. පේනවා නේද ජාත්‍යන්තර පිළිගැනීම කොහොමද කියලා..
Rohana Sunday, 09 August 2020 02:09 AM
මම හිතන්නෙ බහුතරයක් ජනතාව හැගීම් වලට වහල්වී සංව්දී කාරනාවලට ජන්දය දෙනවා මිසක් බුද්ධිමත්ව ඡන්දය පාවිව්චි නොකරන බවයි.