IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජනපති වැටුප් සමාලෝචන කොමිසමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ඉල්ලයි

(ඩයනා උදයංගනී)

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටින රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (27) එම කොමිසමට දැනුම් දුන්නේය.

ඒ තුළින් ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ ප‍්‍රථම වරට රැස් විය. 

කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සාමාජිකයින්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම පිළිබඳ කාරණය ඉතා දිගුකාලීන ගැටලූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා විධිමත් ක‍්‍රමවේදයක් හරහා එම ගැටලූව විසදීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු  ඇති බවට ද විශ්වාසය පළ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 14 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශපි‍්‍රය, බී.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඞී. ජයකොඩි, එම්.සී. වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.  



අදහස් (7)

ජනපති වැටුප් සමාලෝචන කොමිසමේ නිර්දේශ ඔක්තෝබර් 30 ට පෙර ඉල්ලයි

සතයපාල Monday, 27 August 2018 12:29 PM

අතීත අත්දැකීම් අනුව මේ වාර්ථාව තවත් ගැටලු රැසකට මුල පිරිමක් විය හැකිය.

:       1       13

ගාමිණී Monday, 27 August 2018 12:52 PM

රජයේ සංස්ථා, මණ්ඩල සහ අධිකාරි වලටත් වෙනම කොමිසමක් දාන්න. වර්ජන තර්ජන කරන්න පුළුවන් අයට විතරක් නොවෙයි විෂමතාවයන් තියෙන්නේ...

:       0       54

BamunuarachchiTuesday, 28 August 2018 11:10 PM

ඩි වැඩිකරන්න එපා රටටම බුක්ති විදින්න පුළුවන් විදිහට බඩුමිල අඩුකරන්න. රජයේ සේවකයා විතරද ජීවත් වෙන්න ඕනේ?

:       0       0

kalpa Monday, 27 August 2018 01:10 PM

මෙම විෂමතා ඇතිවුනේ 6/2006 චක්‍රලේඛය නිසා. මෙයින් විශාල විෂමතා ඇතිවුනා. මේවා පෙන්වා දුන්නත් ඒවා වෙනස්කරන්න කමිටු සාමාජිකයන් අකමැති වුණා. අපට ඔවුන් හමුවෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. නමුත් සමහර කෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් වැඩිකර දුන්නා. මේනිසා එකම සේවයේ එක සමාන වැටුප් ගත්ත අය අතරත් වෙනස්කම් ඇතිවුණා. බොහෝවෙලාවට ඔවුන්කලේ 1977 ත් 1994 ත් අතර රාජ්‍ය සේවයට එක්වූ අයට අසාධාරණ වන ලෙසට වැටුප්ක්‍රම සැකසීම... එ්නිසා නව කමිටුවවත් 6/2006 යටතේ විෂමතා සහිතව විශ්‍රාම ලැබූ අයටත් සහනයක් සලසන්නේ නම් සුදුසුයි.

:       0       23

Bamunuarachchi Monday, 27 August 2018 04:54 PM

රජයේ සේවකයින්ගේ වැටුප් විෂමතා හොයහොය වැටුප් වැඩි කරන්නේ කොහෙන් ලැබෙන සල්ලි වලින්ද? ඔවුන් ලැබෙන වැටුපට සරිලන සේවයක් කරන ජාතියක් නොවෙයි. ඔවුනට වැටුප් ගෙවීමට ජනතාවට බදු බර වැඩිකළ යුතුයි. අපි ඒ කර්මය ගෙවීය යුතුද? එසේම ගාස්තු නිසා කෝටි ගණන් වලින් ලබන ලාබත් මොවුන්ගේ වැඩිවන වැටුප් ගෙවීම් වලට ගියාම රටේ සෙසු ජනතාවගේ සුබ සිද්දියට කිසිවක් කල නොහැකිය.

:       10       1

BamunuarachchiTuesday, 28 August 2018 11:06 PM

රට අගාදයට තල්ලු වුනේ අදායම් නැතිව ඡන්ද ගුණ්ඩුවක් ලෙස 10000 පඩි වැඩි කල නිසයි.

:       0       0

hasantha Monday, 27 August 2018 05:36 PM

විශ්ව විද්‍යාල වල සුදුසුකම් තියෙන කථිකාචාර්ය වරුන්ගෙන් පඩි වැඩිවෙන්න ඕනේ. දැනට වෛද්‍යවරු ආචාර්යවරුන්ට වඩා පඩි ගන්නවා. උපාධිය කරලා පිටරට ගිහින් ආචාර්ය උපාධියත් කරලා ඔක්කොටම අවරුදු දහයක් විතර යනවා. තව පර්යේෂණ ලෝකේ පිළිගත් තැන් වල පලකරන්න ඕනේ. වෛද්‍ය වරු අවරුදු 6ක් කැම්පස් ගිහින් උපාදිය ගත්ත ගමන් පඩි තියෙන්නේ කථිකාචාර්ය තත්වයට උඩින්. එක එහෙම වෙන්න බෑ.

:       76       51

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 109 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 440 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 230 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 318 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 384 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 220 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site