IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජනපති සිරිසේන අතුරේ යයි

නව රජයේ දින සියයේ වැඩපිළිවෙලින් අර්ධයක්, එනම් දින පනහක් පසුගිය සතිය වන විට ගෙවී අවසානය. ජනපතිවරණයේදී තම ප‍්‍රචාරණ උපක‍්‍රමය ලෙස පොදු විපක්ෂය දින සියයක වැඩපිළිවෙලක් යොදාගත් අතර එයින් රටේ ජනතාවට නොයෙකුත් සහන සලසා දෙන බව පැවසුනි. වැඩපිළිවෙලේ වූ ඇතැම් පොරොන්දු නියමිත පරිදි ඉටුකිරීමට රජය සමත්වුවත් බොහෝමයක් තවමත් තිබෙන්නේ පොරොත්තු ලේඛනයේය. මෙය රජයට පාරාවළල්ලක් වෙමින් තිබෙන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. තත්ත්වය තවත් බරපතල වූයේ නව රජයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතාවයන්ට පැමිණීමට ජාතික විධායක කවුන්සිලයේ නියමයෙන් පත් කෙරුණු අනුකමිටුවක කැඳවීමට අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේ යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අසමත් වීමත් සමගය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම නිල නිවස ලෙස භාවිතා කළ අරලියගහ මන්දිරය අද දිනයේ නව රජයේ කාර්යාලයක් ලෙස යොදාගැනේ. ජාතික විධායක කවුන්සිලය ජනපතිවරණ සමයේදී පොදු විපක්ෂය ලෙස අත්වැල් බැඳගෙන සිටි දේශපාලන පක්ෂ වල නායකයින්ගෙන් හා සිවිල් සංවිධාන වල කි‍්‍රයාධරයින්ගෙන් සමන්විත වන්නකි. දින සියයේ වැඩපිළිවෙලේ අන්තර්ගත ව්‍යවස්ථාමය වෙනස්කම්, දූෂණ මර්දන කි‍්‍රයාමාර්ග ආදී යෝජනා කි‍්‍රයාවට නැංවීම ඉක්මන් කරවීම සදහා එම අංශ ආවරණය වන පරිදි අනුකමිටු පත්කර තිබෙන අතර එම අනුකමිටු පත්කර තිබෙන්නේ මේ ජාතික විධායක කවුන්සිලයේ නියමයෙනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ගැටුමක්

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වුවමනාව වන්නේ ව්‍යවස්ථාවට සිදුකරන වෙනස්කම් හා සමගම දැනට රටේ තිබෙන සමානුපාතික ඡන්ද ක‍්‍රමයද වෙනස් කිරීමය. නමුත් දැනට සිදුකළ යුතුව තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ අදහසයි.මේ සඳහා වන යෝජනා පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමට එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බහුතරය අවැසිය. දැනට පාර්ලිමේන්තු අසුන් බෙදී තිබෙන ආකාරය අනුව ආසන 225 න් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආසන 126 කුත් එක්සත් ජාතික පක්ෂය ආසන 41 කුත් හිමිකරගෙන සිටී. අවසාන වරට එක්සත් ජාතික පක්ෂයේ සිට පැති මාරු කළේ හිටපු පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකය. ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අදහස වන්නේ එය මැතිවරණයෙන් පසුවට කල්දැමිය යුතු බවයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා මෙන්ම රටේ වත්මන් අගමැතිවරයාද වන රනිල් වික‍්‍රමංසිහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙන අතර ඉදිරි මැතිවරණයෙන් පත්වන නව රජය ජාතික රජයක් වනු ඇති බව ඔහු නැවත නැවතත් පවසන්නකි.

ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව දෙපාර්ශවය අතර පැවැත්වුනු සාකච්ඡා විසඳුමක් නොමැතිව අවසන් විය. එතැන් සිට දින 52 ක් වයසැති ඒකාබද්ධ රජයේ ඉදිරි පැවැත්ම ගැන නැගෙමින් තිබෙන්නේ සැකසංකාය. රජයේ ඇතැම් පාර්ශවකරුවන් රජයටම එරෙහි ප‍්‍රකාශ නිකුත් කරමින් සිටීම තත්ත්වය තවත් නරක අතට හරවා ඇත. ඇමැතිවරු හා නිලධාරීන් වංචා හා දුෂණ ගැන විමර්ෂණ කටයුතු සිදුකරන්නේ  ගොළුබෙලි ගමනින් බවත් තෝරු මෝරු  ඕනෑ තරම් සිටියදී රජය අල්ලමින් සිටින්නේ හාල්මැස්සන් බවත් ඔවුහු චෝදනා කරති. අනෙක් පසින් රජයේ පිළිතුර වන්නේ වැරදිකරුවන්ට දඬුවම් පැමිණවිය යුතු වන්නේ රටේ නීතියට අනුව හෙයින් ඒ සදහා අවශ්‍ය පරිදි කාලය ලබාදීම වැදගත් බවය. මේ හබයේ අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැත. එමෙන්ම දෙපාර්ශවයම ඔවුන්ගේ කියුම් කෙරුම් නිසා සිටින්නේ වරක් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනතාව අතර කොන්වී යමින්ය.

ඒ කෙසේවුවත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක් ගෙන ඒම රජයේ මුල්පෙළ නායකයින්ගේ අරමුණයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ‍්‍රහස්පතින්දා රැයේ ජනපති මෛති‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පැවැත්වුණු අතර එයට අගමැති වික‍්‍රමංසිහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම, ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක ආදීහු සහභාගීව සිටියහ. ව්‍යවස්ථාමය වෙනස්කම් හා ඡන්ද ක‍්‍රමයට සිදුකෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය කෙසේ හෝ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතුයැයි හමුවේදී තීරණය විය. ඒ අනුව මාර්තු 2 වැනිදා එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් හමුවනු ඇත. සම්පූර්ණයෙන්ම වෙනස් ප‍්‍රතිපත්තීන් ඇති පක්ෂ දෙකක් අතර එකඟතාවක් ඇතිකර ගැනීම කෙසේවෙතත් එම ඇතිකරගත් එකඟතාවය ප‍්‍රකාරව කටයුතු කිරීම නම් කිසිසේත්ම පහසුදෙයක් නොවනු ඇත.

පසුගියදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අනුකමිටු හමුවේදී වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ව්‍යවස්ථා වෙනස්කම් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ලෙස සඳහන්වූ පිටු 4 ක ලියවිල්ලක් ඉදිරිපත් කළ අතර එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ දෙයක් විය. මෙම ලියවිල්ලම පසු අවස්ථාවක පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමේදී එහි සාමාජිකයින් අතර බෙදාහැරීමටත් ද සිල්වා මහතා කටයුතු කළේය. එහි අන්තර්ගත කරුණු කියවා බලා සංශෝධන සිදුකළ යුතුදැයි තීරණය කිරීම සදහා ඔහු කාරකසභා සාමාජිකයින්ට සතියක කාලයක්ද ලබා දුනි.

 

විධායක ජනාධිපතිධූරයට සිදුකෙරෙන වෙනස්කම් සමගම රටේ ඡුන්ද ක‍්‍රමයද  වෙනස්විය යුතුව ඇතැයි යන මතයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය සිටී.මෙය යෝජනා දෙකක් ලෙස නොව එකම යෝජනාවක් ලෙස කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි අපගේ අදහසයි.

යැයි එහි සඳහන්ව තිබුණි.

විධායක ජනපතිධූරය සංශෝධනය කර මේ දක්වා භාවිතයට ගත් සමානුපාතික ඡුන්ද ක‍්‍රමය එලෙසම පවත්වාගතහොත් රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇත.එනිසා විධායක ජනාධිපතිධූරයට වෙනස්කම් කෙරෙනවා හාම රටේ ඡුන්ද ක‍්‍රමයද වෙනස්විය යුතුය.

එහි වැඩිදුරටත් දැක්විනි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මේ හදිසි වෙස් පෙරළිය එක්සත් ජාතික පක්ෂය කෝප  ගැන්වීමට සමත්ව තිබේ.

අපි ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සමග ස්ථීර එකගතාවයකට පැමිණුනා.දින 100 යේ වැඩපිළිවෙලේ යෝජනා කි‍්‍රයාත්මක කළායින් පසු මැතිවරණයකට යන්නට අප එකඟවුනා.මෙහිදී අප විශේෂයෙන් සදහන් කළ දෙයක් තමයි මැතිවරණ ක‍්‍රමයට වෙනස්කම් සිදුවෙන්නේ දින 100 වැඩපිළිවෙල අවසානයේ පැවැත්වෙන මැතිවරණයෙන් පස්සේ පත්වෙන නව රජයේ පාලන කාලයේදී කියන එක.දැන් කාටවත් කියන්න බැහැ ඒකට වෙලාවක් නැහැ ඒ නිසා විධායක ජනාධිපතිධූරයේ සංශෝධනත් එක්කම මැතිවරණ ක‍්‍රමයක් වෙනස් කළ යුතුය කියලා.පාර්ලිමෙන්තුව එළඹෙන අප්‍රෙල් 23 වෙනිදා විසුරුවන්නට අප මුල ඉදන්ම  එකඟ වෙලා ඉන්නේ.ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නේ අපේ මතයේම තමයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතා සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ එසේය.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග  සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹ සිටින බවද ඔහු පැවසීය.

අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ.ඔහු අවධාරණය කළේය.

ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට ප‍්‍රථමයෙන් මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණට ඇති වුවමනාව තේරුම්ගැනීම පහසුය.නව ඡන්ද ක‍්‍රමයෙන් යෝජිත පරිදි කේවල ක‍්‍රමයෙන් වැඩි නියෝජිතයින් ප‍්‍රමාණයක් පත්කර ගැනීමට ඉඩ සැළසෙන අතර සමානුපාතික ඡුන්ද ක‍්‍රමයෙන් පත්කර ගැනෙන්නේ සුළු පිරිසකි.මෙය දැනට රටේ තත්ත්වය සැළකූ විට එක්සත් ජාතික පක්ෂයට හා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ඉදිරි මැතිවරණයේදී අවාසිදායක තත්ත්වයක් වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාව වන්නේ වෙනස්කම් කිහිපයක් සිදුකර විධායක  ජනාධිපතිධූරය එළෙසම පවත්වාගැනීමය.පක්ෂය ඉදිරිපත් කර ඇති ලියැවිල්ලේ මෙසේ සදහන් වේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයාත්මක විය යුතු රජයේ ඇතැම් ආයතනයන් වල කටයුතු වලට  ජනපතිවරයා සතු විධායක බලතල එල්ල කරන්නේ මරු පහරකි.එම බලතල භාවිතා කරමින් අදාළ ආයතනයේ කි‍්‍රයාවලිය තමන්ට වුවමනා පරිදි වෙනස් කිරීමේ හැකියාව  ජනපතිවරයාට ඇත.එනිසා මෙවන් බලතල හඳුනාගෙන ඒවා වෙනස් කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.නමුත් ජාතික ආරක්ෂාවට වැදගත් වන විධායක බලතලද ජනාධිපතිවරයා සතුය.එවන් බලතල සංශෝධනය කිරීම නොකළ යුත්තකි.

පක්ෂයේ තවත් යෝජනාවක් වන්නේ ජනපතිධූර කාලය අවුරුදු 6 ක සිට අවුරුදු 5 ක් දක්වා අඩු කිරීමය.ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුවේ කටයුතු වලට ඇගිලි ගැසීමේ හැකියාවක් නොතිබීම පිළිගත හැකි වුවත් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කෙරෙන අවස්ථාවලදී වහාම ඒ සදහා මැදිහත්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබිය යුතුයැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය කියන්නේය.අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ  බලය කැබිනට් මණ්ඩලය වෙත ලබාදීම,වරක් ජනාධිපතිධූරය හෙබවූ පසු ඔහුට හෝ ඇයට නැවත වරක් ජනාධිපති පුටුවට තරග කරන්නට හැකිවන සේ එක් පුද්ගලයෙකුට දෙවරක් ජනාධිපතිධූරය දැරීමට අවස්ථාව සළසා දීම,ජනාධිපතිවරයා රජයේ නායකයා බවට පත්කිරීම මගින් ඔහුව අමාත්‍ය මණ්ඩල රැුස්වීම් වල ප‍්‍රධානියා බවට පත්කිරීම,වත්මන් ජනාධිපතිවරයා යටතට ඇතැම් අමාත්‍යංශ පත්කිරීම ආදී යෝජනාද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇත.

ඉදිරියේ පත්වෙන ජනාධිපතිවරුන් යටතට පත්විය යුතු අමාත්‍යංශ හා ආයතන  සම්බන්ධයෙන්ද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය තම යෝජනාවලියේ විශේෂයෙන් සදහන් කර  ඇත. පොලිස් දෙපාර්තමෙන්තුව ඇතුළු ආරක්ෂක අමාත්‍යංශය ජනපතිවරයා යටතට පත්විය යුතු බව පක්ෂයේ අදහසයි.මෙය ජාතික හෙළ උරුමයද අනුමත කරන්නකි.

බ‍්‍රස්පතින්දා දිනයේ සාකච්ඡා අසාර්ථකවීමට පෙර සිටම එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ ඔලූ යකාගේ කම්මල මෙන් තිබුණායැයි කීමේ වරදක් නැත.පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමිය යුතුව ඇතැයි රජයේම නොයෙකුත් පාර්ශවයන් එළිපිටම අදහස් දක්වමින් සිටීම ඊට හේතුවයි.කෙසේවෙතත් පාර්ලිමෙන්තු මැතිවරණය කල්දමන්නේදැයි හෝ අප්‍රෙල් 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් සිදුනොවන්නේදැයි සම්බන්ධයෙන් මේ දක්වාම රජය නිල ප‍්‍රකාශයක් නිකුත් කර නොමැත.ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ පෞද්ගලික මතය හෙළිකරමින් මැතිවරණ ක‍්‍රමයට අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු මහ මැතිවරණයකට යෑම යෝග්‍ය බව පැවසීය.කටුනායක ෆුල් මූන් හෝටලේයදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් සදහා සංවිධානය කර තිබුණු දෙදින වැඩමුලූවකදී මැතිවරණ පැවැත්වීම පිළිඹදව දීර්ඝ ලෙස සාකච්ඡුාවී තිබේ යැයි අනාවරණය වීමද එක්සත් ජාතික පක්ෂයේ නොසන්සුන්තාව තවත් වර්ධනය කර ඇත.වැඩමුලූවේදී ව්‍යවස්ථාමය වෙනස්කම් හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ශක්තිමක් කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කෙරී තිබෙන බව සඳහන්ය.ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විශේෂ විශ්ලේෂණයකට ලක්කර ඇති බවද පැවසේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන තවත් යෝජනාවලියකින් (අනුකමිටුවට ඉදිරිපත් කෙරුණු ලියවිල්ල නොවේ) කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් ගණන 30 ක උපරිමයකට පත්කිරීමටත්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සැලකූ විට එම ප‍්‍රමාණය 40 ක් දක්වා සීමා කිරීමටත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.ජාතික රජයක් පත්කෙරෙන අවස්ථාවකදී නම් කැබිනට් අමාත්‍යවරුන් ගණන 45 ක් දක්වාත් නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් ගණන 55 දක්වාත් ඉහළ නැංවිය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු රාජපක්ෂ  රජයේ ප‍්‍රබල ඇමතිවරුයෙකු මෙන්ම ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මුල්පෙල සාමාජිකයෙකුද වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු පැවසූයේ මෙහි අරමුණ ජාතික රජයක් පිහිටවූ අවස්ථාවක සාපේක්ෂව විශාල කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම බවයි.මේ සදහා වන යෝජනාව ව්‍යවස්ථාවෙන් සම්මත කර ගත යුතුව ඇතැයිද ඔහු කීය.

දින 100 යේ වැඩපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වුනේ නැතිනම් අපට වෙන්නේ ජාතික රජයක් පිහිටුවාගන්න තමයි.වැඩිපිළිවෙල හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියන්නේ මැතිවරණය කල් යනවාය කියන එක.එතකොට මැතිවරණය එනකන් පාලන කටයුතු කරන්න ජාතික රජයක් අනිවාර්යයෙන්ම වුවමනා වෙනවා. ඔහු පැවසීය.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ අදහස අනුව රටේ පාලන තන්ත‍්‍රයට සිදුවිය යුතු වෙනස්කම්  අනුසාරයෙන් සකස් කර ඇති යෝජනාවලියට අවශ්‍ය වෙනස්කම් සිදුකර එහි අවසාන පිටපත එළැඹෙන 14 වැනිදා පැවැත්වෙන පක්ෂ මහසමුලූවේදී නිදහස් පක්ෂ සාමාජිකයින් අතර බෙදාදීමට නියමිතය.මැතිවරණය කල්දැමිීමට බහුතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් දක්වන්නේ යහපත් ප‍්‍රතිචාරයකි.මැතිවරණය කල්යෑම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පක්ෂය ශක්තිමක් කිරීමේ කටයුතු වල නියැළීමටද අනගි අවස්ථාවකි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකුම පෙන්වා දුන් පරිදි එසේ මැතිවරණය කල්ගියහොත් හිටපු රජයේ ප‍්‍රබලයින්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයන් කලබලයකින් තොරව විමසිලිමත්ව හා නිරවද්‍යව සිදුකිරීමට අවස්ථාවද ලැබෙනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජාතික රජයක් පිහිටුවීම සිදුවුනොත් ඇතිවෙන නව ඇමතිධූර වලට නිදහස් පක්ෂයේ තරුණ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් පත්කරන්නට ජනපතිවරයා කටයුතු කරනවානම් හොදයි. ඒකෙන් පක්ෂයට හොද ගැම්මක් ලැබෙනවා.

යැයි හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු අදහස් දැක්වීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය යන නම සංශෝධනය කොට නව නායකයෙකු යටතේ ඉදිරියට යෑම සංකේතවත් කිරීම සදහා නව පක්ෂ නාමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද විමසා බැලිය යුතුව තිබෙන බව ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිචාරය

මැතිවරණය කල්දැමීමක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් නැගෙන්නට ගත් රාවය වඩ වඩාත් තීව‍්‍රවන්නට ගත් පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හා හිමිවරුන් කිහිපනමක් සහභාගීව සිටි විශේෂ රැස්වීමක් ඇමතීමට එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම වත්මන් අගමැතිවරයාද වන රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළේය. මෙම හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදීය. එය අවසානයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුනි. එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර අරලියගහ මන්දිරයේදි පැවැති හමුව අසාර්ථකවී  ඇතැයි ඒ වන විටත් ප‍්‍රචාරයව තිබීම නිසා මෙම රැස්වීම පැවැත්වෙන්නේ ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි බොහෝ දෙනා සිටියේ වැරදි වැටහීමක් ඇතිකරගෙනය. නමුත් එවැනි අරමුණක් මෙම රැස්වීමට නොතිබුණි.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බැවින් දැන් සිටම මහ මැතිවරණයට සූදානම් වන ලෙස පක්ෂයේ සාමාජිකයින්ට දැනුම්දී ඇතැයි පැවසීය. නිවැරදි ක‍්‍රමය විය යුතුව තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මැතිවරණයකට යෑම වුවත් ජනතාව ගැන සිතා තමන් ඇතුළු රජය දින 100 යේ වැඩපිළිවෙල අනුව කටයුතු කිරීමට තීරණය  කළ බව ඔහු කීය.

හරිනම් ඡන්දය තියන්න තිබ්බේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා වැඩි දවසක්  යන්න ඉස්සෙල්ලා.නමුත් අපි එහෙම කළේ නැහැ.අප කාලය ඉල්ලා සිටියේ ජනතාවට අප පොරොන්දුවූ සහන ලබාදෙන්න.අනෙක අපට වුවමනා වුනා විධායක ජනපතිධූරය අහෝසි කරලා දාන්න.මැතිවරණයෙන් පත්වෙන්නේ ජාතික රජයක්.එක් එක් ඡන්ද කොට්ඨාශ වලින් වැඩිම ඡන්ද ලබාගන්නා ජනතා නියෝජිතයින්ව තමයි පාර්ලිමෙන්තුවට ගැනෙන්නේ. අගමැති වික‍්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම හා පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් යන මහත්වරුන් පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය භාරව කටයුතු කරන බව සඳහන් කළ ඔහු තමා හා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊට  නායකත්වය දෙන බව කීය.

බිම් මට්ටමේ සංවිධාන ශක්තිය නගා සිටුවීම එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ තිබෙන විශාලම අභියෝගයයි.පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ මෙම දුර්වලතාවට පිටතට  නොපෙනුනේ පැවති මහින්ද රාජපක්ෂ රජය ගැන කළකිරීමෙන් සිටි නිදහස් පක්ෂ  සාමාජිකයින් ඔවුන්ගේ පක්ෂයේ මහලේකම්වරයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනපති සටනට ඉදිරිපත්වීම දැක ඔහු දිනවීමට බිම් මට්ටමේ සංවිධාන කටයුතු වල වැඩි බරට කරට ගත් නිසාවෙනි.මනා ලෙස සංවිධානය වූ සාමාජිකයින් පිරිසක් සිටින ජනතා විමුක්ති පෙරමුණද මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කළේය.නමුත් එළැඹෙන මැතිවරණයේදී මේ දෙපිරිස හමුවේ එක්සත් ජාතික පක්ෂයට මොහොතකටවත් සැනසුම් සුසුමක් හෙළීමට නොහැකිය.පක්ෂයට ඇති තවත් ගැටලූවක් වන්නේ අපේ‍්‍රල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවනු ඇතැයි සිතා සියලූම ආකාරයේ ප‍්‍රතිපාදන වැයකර මැතිවරණ ව්‍යාපාරය දියත් කර තිබියදී අවසාන මොහොතේ මැතිවරණ කල් දැමෙන බවට නිවේදනය කෙරුණහොත් ඒ සියලූ වෙහෙස ගගට කැපූ ඉණි මෙන් වනු ඇති වීමය.

අප්‍රේල් මස 23 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවා හරින බවට වික‍්‍රමසිංහ මහතා දැඩි ලෙසම  අවධාරණය කළත් ඔහු පවසන ලෙසට පාර්ලිමෙන්තුව එදිනට විසිරුවීමේ හැකියාවක් තිබේදැයි ඇත්තේ සැකයකි.දැනට පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතු බව කියන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පමණකි.ඒ සදහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ දින 100 යේ වැඩපිළිවෙලට අනුව අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමක් ගැන සදහන් වන බැවින් එය එසේම පිළිපැදිය යුතු බවයි.නමුත් මේ කියන දින 100 යේ වැඩපිළිවෙල දැනටමත් සැළසුම් කළ කාලයට  වඩා පසුපසින් දිවෙන බව අප මතක තබාගත යුතුය.පාර්ලිමෙන්තුව විසිරුවාහැරෙන බවට සඳහන් වන දිනයටත් එම සෙතම අත්නොවනු ඇතැයි ස්ථීර සහතිකයක් දීමට මේ අනුව කිසිවෙකුටවත් නොහැකිය.පොරොන්දු ඉටු කිරීම පසෙක තබා අදාළ දිනයේදී පාර්ලිමෙන්තු විසිරුවාහැරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළහොත් එජාපය ඉදිරියේ දෙනු ඇති පොරොන්දු වල බර කිරා බැලීමට ජනතාව පෙළඹෙනු ඇත.එය නොවැළැක්විය හැක්කක් සේම පක්ෂයට මහත් අවාසිදායක තත්ත්වවයක්ද වන බව අමුතුවෙන් පෙන්වාදිය යුතු නොවේ.

රනිල් වික‍්‍රමසිංහට රහසිගත සැළැස්මක් තිබෙනවාද?

 

 

වත්මන් පාර්ලිමෙන්තුවේ බහුතර බලය පැහැදිලිවම රැඳී තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස්  පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතය.අනෙක් අතට පාර්ලිමෙන්තුව විසිරුවීමේ බලතල ව්‍යවස්ථාවෙන්ම පවරා දී තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාටය. අගමැතිවරයාට හැක්කේ ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට පමණකි.රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනපති සිරිසේන හෝ හිටපු ජනපතිනි  කුමාරතුංග හෝ නියමිත දිනයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන බවට සහතිකයක් දී ඇත්දැයි අපි නොදනිමු. නැතිනම් ඔහු අත තවත් තුරුම්පුවක් තිබෙන්නේදවත් අපි නොදනිමු. ඔහුට ජනපතිවරයා හෝ හිටපු ජනපතිනිය එවන් සහතිකයක් දී ඇතැයි සැලකුවහොත් දේශපාලන ලෝකයේ දෙන ඔවැනි සහතික වල පැවැත්ම කාලයත් සමග වෙනස්වීමට විශාල ඉඩක් තිබෙන බව නම් ස්ථීර වශයෙන්ම කියා සිටීමේ හැකියාව අපට ඇත.

1994 වසරේ ජනාධිපතිවරණ සමයේදී එවක ජනපතිනී කුමාරතුංග මහත්මිය තමන් නැවත වරක් බලයට පත්වුවහොත් විධායක ජනාධිපතිධූරය ස්ථීරවම අහෝසි කරන බව  සඳහන් කර ඇයම අත්සන් තැබූ ලියවිල්ලක් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන්නාය.ඇයගේ අරමුණ වූයේ එමගින් ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත්ව සිටි නිහාල් ගලප්පත්තිගේ සිත දිනාගෙන ඔහුගේ හා ඔහුගේ පක්ෂයේ සහය තමන්ට ලබා ගැනීමය.ඇය සටනින් දින්නාය.නමුත් පොරොන්දුව ඉටු නොකළාය.මෙවැනි පොරොන්දු කඩකිරීම් මෑත ඉතිහාසයේ ඇති පදම් දැකගත හැකිය.ඒවායේ පිහිට ලැබූ විධායක ජනාධිපතිධූරය අදටත් කි‍්‍රයාත්මකය.පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ තමා යැයි රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.නමුත් අවසානයේ පොදු විපක්ෂයක වේදිකාවෙන්  ඉදිරියට ආවේ මෛතී‍්‍රපාල සිරිසේන මහතාය.

වර්තමානයේ උද්ගත වෙමින් තිබෙන තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් සිටින්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයයි.එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන හිටපු ඇමතිවරයෙකු සඳහන් කරන ආකාරයට පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීම කල් දමා පාර්ලිමෙන්තුව විසිරුවීම ප‍්‍රමාද කළ අවස්ථාවක හෝ පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට පෙරම ඉතාම නුදුරු දිනකදී හෝ ජාතික රජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගීමේ ඉඩ ඇත.මෙය සැබෑ වුවහොත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 17 දෙනෙක් එම ජාතික රජයේ කැබිනට් මණ්ඩලයට එකතු වනු ඇත.මේ හාම දැනට පත්ව  සිටින ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් වෙනත් අමාත්‍යංශ වෙත මාරු කිරීමද,තවත් අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන්ම පහ කිරීමද සිදුවනු ඇත.මෙසේ ඉවත් වීමට හෝ 

වෙනත් අමාත්‍යංශයක් භාරගැනීමට සිදුවනු ඇත්තේ විවිධ චෝදනා ලබා සිටින අමාත්‍යවරුන්ට හා අකාර්යක්ෂමව තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ වැඩකටයුතු වල නියැලෙන අමාත්‍යවරුන්ට බව සැළය.මෙවන් තත්ත්වයක් හමුවේ පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමේ බලයක් එක්සත් ජාතික පක්ෂයට නොතිබෙනු ඇත.තවද පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට ඔවුන් ඉදිරිපත් කරන යෝජනාව කිසිවෙකුත් සැලකිල්ලට නොගන්නා තැන ගෞරවයෙකගෙන සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත්වීම විනා වෙනත්  විකල්පයක් ඔවුන්ට නොමැත.එයින් පසු නැවත වාරයක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ඔවුන්ගේ මෙහෙයවීමෙන් පත්කළ නව රජය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් බවට පත්වනු දකිමින් 2016 වසරේ පාර්ලිමෙන්තුවේ ධූර කාලය අවසන්වන තෙක් ඉවසා සිටින්නට එක්සත් ජාතික පක්ෂයට සිදුවනු ඇත.

එක්සත් ජාතික පක්ෂය මෙසේ ගැටළුකාරී තත්ත්වයකට මැදිවෙමින් සිටියද පසුගිය  ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන් විධායක  ජනාධිපතිධූරය අහෝසි කරන බවද දින 100 යේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවද  ජනපතිවරණ වේදිකාවේදී නැවත නැවතත් පැවසූ බව අමතක කළ යුතු නැත. ශී‍්‍ර ලංකා  නිදහස් පක්ෂයේ සභාපතිධූරයෙන් පිදුම් ලැබූ දිනයේද ඔහු මෙය නැවත වරක් සඳහන් කරමින් මේ ලද නායකත්වය තමන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට මහත් රුකුලක් වනු ඇති බව පැවසීය. නමුත් දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කිරීමට සිදුව ඇති නිසා ඔහුගේ අවධානය වෙනතකට යොමුවෙමින් තිබෙන බවක් පෙනේනන්ට ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් ඇතැම් කණ්ඩායම් පිල් බෙදී සිටින  බව සත්‍යයකි. ගෙවුනු සතියේ එම පක්ෂයට අයත් පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මාතරදී විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතුයැයිද,ජාතික රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නොමැති යැයිද ආදී එකඟතාවන් ඔවුහු ඇතිකරගත්හ. මෙනිසා ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්වද සතුටු කරමින් එක්සත් ජාතික පක්ෂයේ සහයද ලබාගනිමින් මේ යෑමට සිදුව ඇත්තේ පහසු ගමනක් නොවේ.එක්සත් ජාතික පක්ෂයට වැඩි ඇල්මක් දක්වන්නට ගියහොත් ඔහුට තම මව් පක්ෂයේ සහය අහිමිවන අතර එය දේශපාලනමය සියදිවි නසාගැනීමකි. අනෙක් අතට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඇගෑලූම් පාන්නට ගොස් එක්සත් ජාතික පක්ෂයේ සහය අහිමිවුවහොත් එම පක්ෂයේ පිහිටෙන් අන්තර්ජාතික තලයේ ගොඩනැගෙමින් තිබෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය විනාශ වේ. දෙපිරිස අතර සබඳතාවය සමබර කර ගැනීමට තම පාක්ෂිකයින්ට පක්ෂපාතී වීමටත් ඒ සමගම අවංක දේශපාලඥයෙකු ලෙස තම ප‍්‍රතිරූපය ආරක්ෂා කරගැනීමටත් ජනපති සිරිසේන  මහතාට සිදුව තිබේ.

වර්ධනය වෙමින් තිබෙන ගැටලූකාරී තත්ත්වය මර්දනය කිරීමට ඇත්තේ එක් විසඳුමකි. එය නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා එහි හවුල්කාර පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවට හිසනමා විධායක ජනපතිධූරය අහෝසි කර අදාළ දිනයේදී  පාර්ලිමේන්තුව විසිරුවා හැර දමා අලූතින් පත්වෙන රජය සමයේදී ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකඟවීමය. නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මානසිකත්වය සැලකූ විට ඔවුන් මෙවැන්නකට කිසිලෙසකින්වත් එකගවේයැයි සිතිය  නොහැක.දින 100 යේ වැඩපිළිවෙලේ ඇතැම් පොරොන්දු නියමිත දින ගතවී තිබියද ඉටුව නොමැති අවස්ථා රැසක් තිබෙන තැන එය තමන්ගේ වාසියට භාවිතා කරනවා විනා එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව වෙනුවෙන් කැපකිරීමක් සිදුකරන්නට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොපෙළඹෙනු ඇත.

‘‘දින සියයයේ වැඩසටහන - තොරතුරු සවිස්තරව” ලෙස මුල්පිටුවේම මුද්‍රණය කර තිබූ  නව රජයේ දින සියයයේ වැඩසටහන පිළිඹද ලියවිල්ල ජනාධිපතිවරණය පැවැත්වූ ජනවාරි මස 8 වැනිදාට පෙර සිටම ජනතාව අතර බෙදා හැරීමට එවක පොදු විපක්ෂය කටයුතු කළේය.එහි සදහන්ව තිබුණු අයුරින්,

ජනවාරි 28 - පවතින සමානුපාතික ඡන්ද ක‍්‍රමය වෙනස් කර ඒ වෙනුවට කේවල හා සමානුපාතික ඡන්ද ක‍්‍රම වල එකතුවක් ලෙස කි‍්‍රයාවට නැංවිය හැකි නව ඡන්ද ක‍්‍රමයක් ස්ථාපනය කිරීම සදහා සියලූ පක්ෂ නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත්කෙරෙනු ඇත.මෙම නව ක‍්‍රමයෙන් සියලූ ප‍්‍රදේශ නියෝජනය වන පරිදි පාර්ලිමෙන්තුවට ජනතා නියෝජිතයින් පත්කරගැනීමට මෙන්ම සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේද නියෝජිතයින් කිහිපදෙනෙක් පත්කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

අප්‍රෙල් 23 - පාර්ලිමෙන්තුව විසිරුවා වැඩබලන රජයක් යටතේ නිදහස් හා සාධාරණ  මැතිවරණයක් පැවැත්වෙනු ඇත.මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂයට අගමැතිධූරයත් දෙවනුවට වැඩිම ආසන ගණනක් ලබාගන්නා පක්ෂයට නියෝජ්‍ය අගමැතිධූරයත් ප‍්‍රදානය කෙරෙනු ඇත.පාර්ලිමෙන්තුවේ සියලූ පක්ෂ නියෝජනය වන අයුරින් පත්කර ගැනෙන ජාතික රජයක් ඉදිරි වසර 2 ක කාලයේදී රට  පාලනය කරනු ඇත.මෙම පාලන සමයේදී රට මුහුණදෙන ප‍්‍රතිපත්තිමය අභියෝග ජයගැනීමට හැකිවන සේ ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් සකස් කෙරෙනු ඇත.මෙම ප‍්‍රතිපත්ති රාමුවේ පිහිටෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇතිවනු ඇත.

 

එම ලියවිල්ලේ අවසානයට මෙසේ සදහන් වේ,

රට පාලනය වන ආකාරය ආඥාදායක පාලන ක‍්‍රමයක් හා සමය.පවුලක සාමාජිකයින්  කිහිපදෙනෙක් රටේ ව්‍යවස්ථාවටද පිටින් යමින් තමන්ට වුවමනා තීන්දු තීරණ ගනිමින් සිටින්නේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම නොසළකා හරිමිනි.සමාජ සාරධර්ම හා සම්ප‍්‍රදායන් සියල්ල තිබෙනුයේ බිද වැටීය.එයි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවෙමින් තිබෙන මහා පරිමාන දුෂණ,වංචා, හමුවේ රට ගමන් කරමින් සිටින්නේ ආගාධයටය.මෙයට එරෙහිව නැගී සිටිය යුතුය.පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් අප පෙරට පැමිණිය යුතුය.සමාජමය හා ආර්ථිකමය ප‍්‍රතිසංස්කරණය කිරීම් වලින් අපට එය කළ හැකිය.අප වරක් ජීවත්වූ ඒ සමෘද්ධිමත් කාලය නැවත ඇතිකළ හැකිය.

පීඩාවට පත්ව සිටින්නන් වෙනුවෙන් රජය පෙරට පැමිණෙමින් සිටියත් එය සිදුවෙමින්  තිනේනේ ඉබි ගමනින් බව සදහන් කළ යුතුය.එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික්  සමරවික‍්‍රම පවසන ආකාරයට දුෂිතයන් එක රැයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කිරීමට රජයට හැකියාවක් නොමැත.නීතිය කි‍්‍රයාත්මකවීමට අවශ්‍ය ඉඩ ලබා දියු යුතු බව  ඔහුගේ අදහසයි.දින 100 යෙන් තවත් ගතවීමට තිබෙන්නේ දින 42 කි.එම කෙටි කාලයේදී මේ සා විශාල වැඩකොටසක් කිරීමට රජයට කෙසේ හැකිවේදැයි සිතාගැනීමට පවා නොහැක.

අද දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා වැදගත්වන්නේ මේ නිසාය.මෙම පක්ෂ දෙකත්,අනෙකුත් දේශපාලන පක්ෂත්, සිවිල් සමාජ කි‍්‍රයාධරයිනුත් එක්ව කටයුතු කළේ හිටපු ජනපතිවරයා බලයෙන් පහකර අලූත් දේශපාලන සංස්කෘතියකට,යහපාලනයට,ශී‍්‍රලංකාව විවර කරදීමේ අරමුණ ඇතිවය. ඡන්ද දායකයින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නේ කිසිදා නොවූ අයුරින් රටේ දේශපාලන පක්ෂ එකම අරමුණකට එක්වූ නිසාය.එසේහෙයින් දැන් බලය ලැබිය යුත්තේ කාහටදැයි විවාද කරමින් නැවත වරක් පක්ෂ පාට මුල් කරගෙන පිල් බෙදීම එම ජනතාවට කරන ද්‍රෝහී කමකට නොඅඩු දෙයකි.අඩුම තරමේ යම් එකඟතාවයකට පැමිණීමට හෝ ප‍්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් සමත්වන්නේ නම් එය රටේ ජනතාවට අස්වැසිල්ලක්ම වනු ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනා වෙනත් තැනක පළව තිබෙන බව කරුණාවෙන් සලකන්න.



අදහස් (0)

ජනපති සිරිසේන අතුරේ යයි

පිවිතුරු Sunday, 01 March 2015 05:14 PM

ඉහළ සිට පහළම සමාජිකයා දක්වාම සැළකිල්ලෙන් බැලුවොත් පෙනෙන්නේ කුහකත්වය ඊර්ෂ්‍යාව පමණයි.තමන්ගේ ගොඩ වැඩිකරන්න ඔවුන්ට මේ රටේ අවුල් වියවුල් නැතුව බැහැ.එවන්අයට රට බාරදෙන්න රටේ මිනිස්සු මැරිලා ඉපදිලාවත්, අන්ධයෝවත්, බිහිරන්වත් නෙමෙයි. (නි)

:       0       0

ජයන්ත Monday, 02 March 2015 02:41 AM

ඇත්ත ප්‍රාන්, තව කී දවසකටද ඔක්සිජන් තියෙන්නේ? මගේ ප්‍රාර්ථනය කවදාකවත් ශ්‍රී ලංකාවේ නැවත බිලි පූජා නොවේවා කියලයි. (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 02:51 AM

මෙම දින 100 ක්‍රිස්තු වර්ෂ නොවන බව දැන් පැහැදිලිය. තව ටිකක් ඉවසමු (නි)

:       0       0

සොපී Monday, 02 March 2015 03:00 AM

ඇත්ත තේරෙන්නේ දැන් තමයි . (නි)

:       0       0

අමරකෝන් Monday, 02 March 2015 04:20 AM

මහින්දට විතරයි මේක කරන්න පුළුවන් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 March 2015 05:48 AM

මේ ලියුම්කරුට ජනාධිපති නිර්පාක්ෂික විය යුතුයි කියන පොරොන්දුව අමතක වෙලා..තමන්ට අයිති නැති ලක්ෂ 58 ක ජනමතය හැල්ලු කරලා සදාචාරාත්මක නොවන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයිතිය බදා ගන්නේ නැතුව ඡන්දෙ දිනපු ගමන් පාර්ලිමේන්තුව විසුරවලා බලය අරන් දින 100 එතැන් සිට ක්‍රියාත්මක කළා නම් ඔය ප්‍රශ්න නැහැනේ..දින 100 පොරොන්දුව දෙනකොට දිනුවට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ තමන්ට බලයක් නැති බව මේ අයට තේරුනේ නැද්ද? (දිල්)

:       0       0

නන්දලාල් Sunday, 01 March 2015 10:04 AM

අතුරේ යන නව රජය බිම වැටී, සුනු විසුනු වී දැකීමට කැමති සමහර අය දැන් දින ගණන් කරමින් සිටිනවා. 50 ක්, කරපු දෙයක් පේන්න නම් නැහැ. තව තියෙන්නෙත් පනහක් නිසා එ්කත් ඔහේ ගෙවිලා යාවි. එදාට අපට කැවුම්, කිරිබත් කන්න පුළුවන් වේවි බලා සිටින අයට අවස්ථාවක් නොදී ඉක්මනට, නව රජය දුන් පොරොන්දු ඉටු නොකොළොත් මහා විනාශයක් වෙන්නත් පුළුවන් බව හැම දෙනාම සිතට ගෙන වැඩ කරොත් රටටම හොඳයි නේද? (නදී)

:       0       0

අනුෂි Sunday, 01 March 2015 10:25 AM

මේ දෙගොල්ලොම අඳුරේ අතපතගනවා,මේක රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්.තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි රැකගන්න පොරකනවා,හරිම අප්‍රසන්නයි.(දිල්)

:       0       0

මාධවී Sunday, 01 March 2015 11:01 AM

සිරිසේන නෙමේ අතුරේ යන්නේ. අන්තිමට වටු රැළට වෙච්ච දේ තමයි සිංහලයට වෙන්නේ. පිටරටවල අාශාව සන්සිදුවනවා (නදී)

:       0       0

ඡන්න Sunday, 01 March 2015 11:06 AM

ස්වේච්ඡා දේශපාලනයක් කරන ජනතා විමුක්ති පෙරමුණ පමණයි එකම විසදුම. (නදී)

:       0       0

අනුෂි Sunday, 01 March 2015 11:29 AM

මේ දෙගොල්ලොම අඳුරේ අතපතගනවා, මේක රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි රැකගන්න පොරකනවා. (ර)

:       0       0

අබේරත්න Sunday, 01 March 2015 01:11 PM

සිරිසේන අතුරේ යනවා .මහා ජනතව එල්ලෙන්න වැල් හොයනවා (බ)

:       0       0

සුනිල් Sunday, 01 March 2015 01:12 PM

ජනතා විමුක්ති පෙරමුණට උවමනා යහපත් වෙනස්කම් අවශ්‍ය නම් කළ යුතුව තිබුනේ දින සීය කතාව අමතක කර මාස කිහිපයක කාලයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ මැතිවරණ ක්‍රමය යන වෙනස් කම් දෙවර්ගයම කරන්න යයි උද්ඝෝෂණය කිරීමයි. (බ)

:       0       0

ප්‍රාන් Sunday, 01 March 2015 01:23 PM

බිලිපූජා 2 ක් තියා සිංහල කොල්ලෝ දාස් ගානක් පරලෝ යවපු රාජ්‍ය දේපොළ ගිනි තියපු රට වෙනුවෙන් කිසිම දෙයක් නොකළ මිනීමරු හොර ත්‍රස්ත කල්ලියකට මොනවාද රටක් වෙනුවෙන් කොරන්න පුළුවන් රට කොරන්න පුළුවන් කාටද කියල ජනතාව කියල දෙයි මනාප ක්‍රමය නැතුව ඡන්දෙකට ගියොත් (බ)

:       0       0

ශෘන්ත Sunday, 01 March 2015 02:49 PM

සමහරුන්ට පුළුවන් උද්ඝෝෂණය කරන්නයි විවේචනය කරන්නයි විතරයි. ඒ අයට වැඩ බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 31 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 419 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 236 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 351 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1092 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2881 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site