(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.
ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන් (Dr S.Murugan) , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha), ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්(Puneet Agrawal), ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් (Anshuman Gaur) මහත්වරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr. S. Jayashankar), ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල්(Shri Ajith Doval) මහත්වරු සමඟ අද (15) රාත්‍රියේ සාකච්ඡා කිරීමට ද නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.
රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත.
මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමියකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක
ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ
මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ජනපති අනුරට ඉන්දියාවේදී ඉහළ පිළිගනීමක්