(අංජුල මහික වීරරත්න)
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය.
රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජී යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහද
විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී සහ ඉන්ධන මිලදී ගැනීමේදී නියමිත වේලාවට ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් කෝටි 2194
කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු ති
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එ
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පො
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ජනපති චීන සංචාරයේ තෙවැනි දිනය අරඹයි