IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය ගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වන විට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති කාර්යාලය පවසයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දිළිදුභාවය පිටුදැකීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන ඉහළ නැංවීමට අවධානය යොමුව ඇති බවත්, සංචාරක කර්මාන්තය, නාවුක කර්මාන්තය, රාජ්‍ය ආයතන හා බලශක්ති ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

එසේම, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ආර්ථික වර්ධනය සහතික කිරීම, විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර මෙම ප්‍රදේශවල ඉහළ යන ශ්‍රම බලකායේ අවශ්‍යතාව සපුරාලීම සඳහා අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

2025 ජූලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව මෙහිදී සඳහන් කළ ලෝක බැංකු සභාපතිවරයා ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD), ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA), ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදු වනු ඇති බවද සඳහන් කළේය. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 95 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 109 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 54 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 183 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි
2024 නොවැම්බර් මස 28 299 0

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 817 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site