IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා  විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීහු  වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු  හා මත භේදයට තුඩු දී ඇති  ජාතික පුෂ්පයේ  ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු  ඉදිරිපත්  කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය යකන්දාවල මහතා පැවසුවේජාතික පුෂ්පය නිල් මහනෙල් බවට  කැබිනට් පත්‍රිකාවක් මගින්  නිල වශයෙන්  ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද නිල්මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කර ඇත්තේ දම්පැහැති මානෙල් මලක ඡායාරූපයක් බවයි. එය සැබෑ නිල් මානෙල් මල නොවන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදි පරිසර අමාත්‍යාංශ නිලධාරීන්  පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස්වූයේ සිංහල භාෂා ප්‍රවීණයකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා දක්වන ලද මතයක්  අනුව  බවයි.  මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට  ඔහු යෝජනා කළ බවද  එම නිලධාරීහු පැවසූහ.

ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත්විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතාවූ පොදු නම් වෙනස් නොකළ යුතු බව මහාචාර්ය වරයා ප්‍රකාශ කළේය.

මානෙල් යනු පොදු නාමයක් බවත්   දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින හෙයින්   ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවරැදි වියයුතු බවත්  මහාචාර්ය දෙපළ පෙන්වා දුන්හ.

ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් 1986 දී  සලකා බලන ලද  ස්වදේශියවීම හා ආවේණික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, වර්ණය  හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්ය යකන්දාවල මහතා  ප්‍රකාශ කළේය.

මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති  නමුත් එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක් බව මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය පැවසුවාය. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේද වැරැදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවලද  අද උගන්වන්නේ  වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එමෙන්ම ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කරමින් අලෙවි කැරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නොවන බව මේ මහාචාර්යවරුන්ගේ අදහසයි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරු  පිරිසක්ද  පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.



අදහස් (12)

ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක්

Vira Wednesday, 14 December 2022 04:00 PM

ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ජාතික පුෂ්පය හරියටම තීරණය කලොත් අපිට මෙ රට ගොඩ දාගන්න පුලුවන්. ඉක්මනට කමිටුවක් පත් කල යුතුයි.

:       4       24

Sunil Wednesday, 14 December 2022 04:04 PM

මෙ කන්න බොන්න නැති වෙලවෙ අනවශ්‍ය ප්‍රශනයක් ඇදගන්නෙ ඇයි?

:       4       20

chandimaThursday, 15 December 2022 07:17 AM

පිස්සුද? මේ කන්න බොන්න නැති කාලේ මේක අත්‍යවශ්‍යම දෙයක්. ජාතික පුෂ්පේ මානෙල් උනත් බඩගින්නට නිල්මානෙල් අල ගලවාගෙන කෑවට අවුලක් නැහැ.

:       0       4

sujeewa edirisinghe Wednesday, 14 December 2022 04:06 PM

දැනට ලංකාවෙ තිබෙන ලොකුම ප්‍රශ්නය

:       4       22

සුරංග Wednesday, 14 December 2022 04:23 PM

පෙන්වා තියෙන මල් වර්ගය කොලයකින් පැල කරන්න පුළුවන් ඒවායේ අලයක් නැතිතරම්. අතීතයේ මානෙල් අල සිංහල බෙහෙත් සඳහා ගත්තා. අලයක් නැති දෙයක් බෙහෙත් සඳහා ගන්න බැහැ.. එහෙම බැලුවොත් කොළයෙන් පැලවෙන වර්ගය නිල් මානෙල් වෙන්න බැහැ..

:       2       6

විපරමා Wednesday, 14 December 2022 06:04 PM

ලංකාවේ දැනට පවතින බරපතල දැවන්ත ප්‍රශ්නයක්... ජනාධිපති කොමිෂන් සභාවක් හරි පත්කරලා හරි විසඳුමක් දෙන්න වටිනවා...

:       2       14

සෙනරත් Wednesday, 14 December 2022 06:21 PM

දම් මානෙල් මල තමයි හොඳ... ඒකෙ ඉන්ඩිගෝ පාට නාසා ආයතනයේ ලංකාවේ සිතියමේ දම් පාටට ඉතාමත් ගැලපෙනවා. ලංකාව තමයි ලෝකෙම අඩුම ගුරුත්ව තියෙන තැන.. බුදුන් හෝ නිවනට පත් වූ කෙනෙක්ගේ ඕරා එකේ අවසාන පාටත් දම්.. ඊට පස්සේ ඒ සිතේ අවසානය නිවනට පත්වීමයි. ලංකාවේ එවැනි අය බොහෝයි. මනුස්සයෙක්ගේ නිවන් මාර්ගයේ අවසන් තොටුපල ලංකාවයි. ඒ නිසා දම් නිල් පැහැ සියල්ල පාවිච්චිය ඉතාමත් යෝග්‍යයි. මම ජීවත් වෙන්නේ කැනඩාවේ උස කඳුකරයේ අඩි 7200ක් උඩ... ඉදිරි මාස 7 දී ලංකාවේ ලොකු පෙරලියක් වෙනවා. ඊට පස්සේ අවුරුදු 7 න් ලංකාව ලෝකෙ අංක 01 රට...

:       8       5

ලසන්තWednesday, 14 December 2022 09:45 PM

ගුරුත්වය කොච්චර අඩුද කියනවා නම්.., හැම භාණ්ඩයක්ම මේ බලං ඉද්දී ඉහළ යනවා..!.

:       1       14

සෙනරත් Wednesday, 14 December 2022 11:24 PM

කාටහරි ගානක් කඩාගන්න කරන වැඩක්. මිනිස්සුන්ට සතපකහක වැඩක් නැති දෙයක්.

:       0       1

sampath Wednesday, 14 December 2022 06:29 PM

මූලිකවම රටක් නියෝජනය කරද්දී බලන්න ඕනෑ ඒකදේශීය අනන්‍යතාවයක් තියේද? නැද්ද? අපට සුවිශේෂී ප්‍රෙයා්ජන තිබේද? නැද්ද? යන්න... මම නම් ඕකට ගන්නේ පොල්මල... මොකද පොල්මල තරම් අපිට ප්‍රෙයා්ජනවත් වන මලක් නෑ. ඒක මලක් විදිහට සලකන්න බැරිද කියන එකනම් මම දන්නේ නෑ. පොල්ගස ජාතික වෘක්ෂය කරන්නත් පුළුවන් ඕනෑ නම්...

:       4       3

lankasri Thursday, 15 December 2022 12:04 AM

මම නම් කියන්නේ තෝරලා ඒකට 'රාජපස්ස' කියලා නම් කරන්න ඔනේ කියලා.

:       0       2

malaka Thursday, 15 December 2022 09:15 AM

බැරිද ඕකට කෙහෙල් මල දාගන්න... ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 189 0


අම්බලන්ගොඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 357 0


අක්මීමන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 352 0


බලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 373 0


මාතලේ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 288 0

මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප


නුවරඑළිය තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 532 0

ඡන්ද. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 238 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site