IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි

(මනෝප්‍රිය ගුණසේකර)

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කරනු ලැබූ රුපියල් දස ලක්ෂයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා අවසන් කළ බව ඒ මහතාගේ නීතිඥවරු අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.

සිද්ධියට සම්බන්ධ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.

පෙත්සම පසුගිය මාර්තු මාසයේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් අධිකරණයෙන් නියම කරනු ලැබූ වන්දි මුදල වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් ගෙවා නොමැති බව අධිකරණයට දැනුම් දි තිබිණි.

ඒ පිළිබඳව විමසීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කර තිබිණී.

එහෙත් එදින එම නොතිසි නිකුත් කිරීමේ නියෝගය නිකුත් කර ස්වල්ප වෙලාවකින් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ වන්දි මුදල ගෙවා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාගේ කාර්යාලයේ වාර්තා පිරික්සීමේදී පෙනී යන බව දැනුම් දුන්නේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාද සිය සේවාදායකයා අදාළ වන්දි මුදල් ගෙවා ඇති බව තහවුරු කළේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් අධිකරණය නියම කළ වන්දි මුදල තම සේවාදායකයා දැනටමත් ගෙවා අවසන් කර ඇති හෙයින් සිය සේවාදායකයා මුදාහරින්නැයි ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අධිකරණයේ හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ නඩුවෙන් මුදා හැරීමට නියෝග කළේය.



අදහස් (9)

ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 04:38 PM

ලක්ෂ දහයක් සිරිසේනට කජු කන්නත් මදි ඇති මාසයකට, ගහන්න තිබුණේ බිලියන දහයක් විතර, එතකොට තමයි අනිත් අයත් පාඩම් ඉගෙන ගන්නේ...!

:       2       27

ravin Tuesday, 29 April 2025 04:43 PM

ඇයි නිදහස් බලය අයුතු ලෙස යොදාගැනීම ජීවිතාන්තය දක්වා හිරේට...

:       1       26

මං පඹයා බකල ජයා Tuesday, 29 April 2025 04:53 PM

දඩේ මදි, ඒ මෑන්ව ගෙන්නවා දෙන්නත් කියන්න.

:       1       31

ජයරත්න Tuesday, 29 April 2025 04:59 PM

මෙතුමාට ගැලවුමක් ඇත්තේම නෑනේ. එකක් පස්සේ එකක්. දැන් හිතෙනවා අනේ මම හිටපු විදියටම හිටියා නම් කියලා. වැරැදි උපදෙස් නිසා වෙන්න ඇති. දැන් තනියම විඳවන්න වෙලා. පව් කියලා හිතෙනවා...!

:       16       7

NPP Tuesday, 29 April 2025 05:31 PM

අනිත් එක්කෙනා ළඟ එනවා...

:       1       11

අතුල Tuesday, 29 April 2025 07:01 PM

ජූඩ් ශාමන්තව නිදහස් කරන්න ලැබුණු කොමිස් කුට්ටිය නම්... බිලියන ගණනක්ලු...

:       2       11

fairoos Tuesday, 29 April 2025 07:19 PM

මිනීමරුවෙක් නිදහස් කළා නේද?

:       1       8

Nihal Tuesday, 29 April 2025 08:46 PM

ගෝනවල සුනිල්ට ජේ ආර් මහතා නිදහස දුන්නේ රනිල් මහතාගේ ඉල්ලීම නිසා. ඒ කාලේ රජයේ අවසර ලත් මැරයෙක්...!

:       0       5

බද්රානි Tuesday, 29 April 2025 09:30 PM

ලංකාවේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැකිව තිබියදීත්, මේ රටේ තරුණ හා බුද්ධිමත් ජනතාවගේ වටිනා චන්දයට නිග්‍රහ කල කුරිරු මෙන්ම නින්දිත මිනිසා... ඡන්දයක වටිනාකම වැදගත් බව අවබෝධ කර නොගෙන එය විහිළුවක් බවට පත්කළ අඥාන කවටයා... කෙලෙහි ගුණ නොදත් ගුණමකුවා... පාස්කු ප්‍රහාරය සිදුවෙන වෙන බව දැන දැනම එය වලක්වා නොගත් පාලකයා... මෙසේ වන්දි ගෙවා, කල පාපකර්ම වලින් මොහුට කිසිදා ගැලවිය නොහැකියි...2015 න් පසුව මේ රටේ පරිහානියට ඍජුවම වගකිව යුතු මේ පුද්ගලයා හරි නම්, සිටිය යුත්තේ සිර ගෙදරයි...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 435 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 184 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 93 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1087 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 1984 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 1264 6

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 103 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1061 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site