(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය.
ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.
ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
ජාතික උරුමයන් කර පින්නාගෙන තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිට ගනිමින් යළි කුමන සුළි කුණාටුවක් පැමිණියද කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කොට්ටාවේ පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිව
ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනි
කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය
මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
නිර්පාක්ෂික Wednesday, 09 April 2025 12:28 AM
ගොම්මන්පිළ,රිලාසිරියා ,විමලේ නම් දැනටමත් අනාවැකි පල කරලා ඉවරයි ??
sakra Wednesday, 09 April 2025 01:50 AM
ට්‍රම්ප් එක්ක සාකච්චා කරන්න නෙවෙයි මෙයාලට අඩුම තරමින් හලෝ කියන්නවත් ට්‍රම්ප් එක්ක appointment එකක් ලැබෙන්නේ නැහැ මොකද එහෙම එක එක්කෙනා අඬාගෙන ආපලියට ඇමරිකාවේ ජනධිපති හමුවෙන්න වෙලාවල් දෙන්නේ නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ . අධිරාජ්‍ය වාදීන් ගැන ලොරි ටෝක් දීපු අය එයාලගෙන් හිඟමනේ යාම දෛවයේ සරදමක් .
යෝගා Wednesday, 09 April 2025 09:23 AM
මතක ඇතුව කලිසම් කමිසවල බොත්තම් ටික හරියට පිලිවෙලට දාගෙන යන්න.
ගුණරත්න Wednesday, 09 April 2025 10:50 AM
දැන් ඉතින් කරන්න තියෙන්නේ රනිල් වගේ පළපුරුදු දේශපාලනඥයෙක් ඔය සාකච්ඡා කණ්ඩායම් වලට එකතු කරගෙන රටක් විදිහට පෙනී සිටින එක,
කුකුල් චමින්ද Wednesday, 09 April 2025 11:00 AM
බැරිද දනගහගෙන කට්ටියගෙම කලිසම්වල බොත්තම් ටික දාල දෙන්න? ඒ වෙනුවෙන් මං ගානෙ ඔයාට බත් කටක්.