IMG-LOGO

2025 පෙබරවාරි මස 23 වන ඉරිදා


ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පසුගියදා පියවර ගත්තේය.

එලෙස පිටුවහල් කළ සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවේ ඩිකැපොලිස් තරු පන්තියේ හෝටලයේ රැඳවීමට එරට බලධාරීහු කටයුතු කළහ. එම හෝටලය ඉදිරිපිට හමුදා ආරක්ෂාව දැමීමට කටයුතු කර තිබෙන බවත් ඇතැම් සංක්‍රමණිකයන් අපට උදව් කරන්න ලෙස පුවරු හෝටලයේ ජනේල තුළින් ප්‍රදර්ශනය කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩිකැපොලිස් හෝටලයේ රඳවා සිටි පිටුවහල් කළ පිරිස අතරින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 100 දෙනකු තම රටවල් වලට යෑමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් පැනමාවේ ඩේරියන් වනාන්තරය පෙදෙස ආසන්න කඳවුරක් වෙත යැවීමට පැනමා බලධාරීහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතිරි පිරිසෙන් 175 දෙනකු සිය රටට යෑමට කැමැත්ත පළ කර ඇති බවත් 13 දෙනකු මේ වනවිටත් ඔවුන්ගේ රටවල්වලට පිටුවහල් කර අවසන් බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

තම රටට යාමට අකැමැති හෝ එම සංක්‍රමණිකයන් අයත් රටවල් ඔවුන් බාර ගැනීමට අකැමැත්ත පළකළ ආසියානු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් මධ්‍යම ඇමෙරිකානු රටවලට පිටුවහල් කිරීම ඇමෙරිකාව පසුගියදා ආරම්භ කළ අතර ඒ යටතේ මෙම සංක්‍රමණිකයන් 299 දෙනා පැනමාවට පිටුවහල් කරනු ලැබුවේය.

 



අදහස් (1)

ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය

fairoos Sunday, 23 February 2025 10:58 AM

දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ... ට්‍රම්ප් මේ සැරේත් අනාගෙන තමයි ගෙදර යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක්
2025 පෙබරවාරි මස 23 21 0

ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍


පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි
2025 පෙබරවාරි මස 23 13 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි
2025 පෙබරවාරි මස 23 102 0

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීම


ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි
2025 පෙබරවාරි මස 23 94 0

ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව්


කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ
2025 පෙබරවාරි මස 23 134 0

අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිස


ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ
2025 පෙබරවාරි මස 23 303 1

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද (23) බදු


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 153 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 401 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 173 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site