IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. 

සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට එළිමහනේ වුවත්, මේ වනවිට වොෂින්ටන් අගනුවරට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන්, දිවුරුම් දීමේ උත්සවය කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේ දී පැවැත්යීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

දැඩි ශීත කාලගුණය හේතුවෙන්, තම දිවුරුම්දීමට සහභාගී වන සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දිවුරුම්දීම ගෘහස්ථව සිදු කරන බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත.

මීට පෙර ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ දිවුරුම් දීමේ උළෙලක් ගෘහස්ථව පැවැත්වූයේ 1985 වසරේදීය. එදා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ රොනල්ඩ් රේගන්ය. එම දිවුරුම් දීම ද ගෘහස්ථව සිදු වූයේ අයහපත් ශීත කාලගුණය නිසාය.

පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ට්‍රම්ප්, දිවුරුම් දෙන්නේ බයිබලය මත අත තබමිනි. ඒ, අගවිනිසුරුවරයා ඉදිරියේය. 

ට්‍රම්ප් බිරිඳ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ලේ දරු දැරියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති.

ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දී, ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස තෝරාගත් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් එම ධුරයේ දිවුරුම් දෙනු ඇත. ජේ.ඩී. වැන්ස්ගේ බිරිඳ ද එම අවස්ථාවට සහභාගී වෙයි.

දිවුරුම් දීමේ උළෙලට ට්‍රම්ප් සහ මෙලානියා කැඳවාගෙන ඒම සිදු කරනු ලබන්නේ, ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන් විසිනි.

ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූයේ ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්, පසුගිය 2024 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තවත් ධුර කාලයක් ඉතිරිව ඇති බැවිනි. 

අද (20) දින පැවැත්වෙන දිවුරුම්දීමේ උළෙලට, ධුරයෙන් සමුගන්නා උප ජනාධිපතිනී කමලා හැරිස් සහ සැමියා ද සහභාගී වනු ඇත. පසුගිය නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූයේ හැරිස්ය. 

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් සහ බිරියන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි පැවැසෙයි. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා උළෙලට සහභාගී වුවත්, බිරිඳ මිෂෙල් ඔබාමා ඊට සහභාගී නොවනු ඇතැයි කල් තියා නිවේදනය කර තිබේ.

විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වනු ඇතැයි ද පැවැසෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් එම පිරිස අතර සිටිති.

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ශක්තියක් වූ ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් ප්‍රමුඛ ඇමෙරිකන් ව්‍යාපාරික ප්‍රබලයන් ද දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ද නියමිතය. මාර්ක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝස් පමණක් නොව ටික්ටොක් සමාගමේ ප්‍රධානී ෂෝව් සී චිව් ද ඒ අතරේ සිටිති. 

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, ඇමෙරිකාවේ තුළ ටික්ටොක් තහනම් කර තිබේ. ඒ, චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චීනය ඇමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවටත්, එය ඇමෙරිකාවට තර්ජනයක් බවටත් ඇමෙරිකානු රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද

fairoos Monday, 20 January 2025 11:03 AM

අපේ හිටං සිරිසේන වගේමයි. නියම විහිලු කාරයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මහ වැස්සෙන් යාපනයේ පවුල් 222කට පීඩා
2025 ජනවාරි මස 20 16 0

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශයවන පාවක්කුලම ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.


බන්ධනාගාර නියාමකගේ හිස් වැසුමෙන් කුඩු මතුවේ
2025 ජනවාරි මස 20 132 0

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රෝහලේ රාජකාරිකරන බන්ධනාගාර නියාමක වරයකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍ර


වැස්සෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්
2025 ජනවාරි මස 20 26 0

ආපදා තත්වය දිස්ත්‍රික්ක 11කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


ගුවන්තොට කුරුල්ලන් එළවන්න එල්ල කළ අහස් කූර ජිප් රියට ගිනි තබයි
2025 ජනවාරි මස 20 406 0

කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීමට එල්ල කළ අහස් කූරු අතර නොපිපිරුණ අහස් කූරක් යළිත් එම කැබ්රථය මතට ඇ


මනූෂ හෙට ප්‍රකාශයක් දෙන්න සූදානම්ලු
2025 ජනවාරි මස 20 320 1

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ ඊ 8 විසා ගිවිසුම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට අදාළව , හිටපු


දුම්රිය ඔන්ලයින් ටිකට් මගඩිය ගැන විමර්ශන
2025 ජනවාරි මස 20 474 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන ’’ ඔන්ලයින්’’ ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අල


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 388 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 608 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 332 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site