IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඩුබායි බැංකුවේ පරික්ෂණ නවතී : තාජුඩීන් පරික්ෂණත් යටයයි


ගොලූබෙලි ගමනින් යමින් තිබෙන වංචාවට හා දුූෂණය මර්දනය කිරීමේ රජයේ කි‍්‍රයාන්විතය අරබයා ඔහුගේම අමාත්‍යවරුන්ගෙන් නැගුනු දරුණු විවේචනයන්ට මුහුණදීමට පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට සිදුවිය.


මහ බැංකු බැදුම්කර අර්බුදය සම්බන්ධයෙන් සකස් කැරුනු, දැන් ප‍්‍රසිද්ධියට පත්කර ඇති කෝප් කමිටු වාර්තාව මුල් කරගෙන සිදුවූ අදහස් දැක්වීම පැයකට ආසන්න කාලයක් සිදුවිය.හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර නිකුත් කිරීමේදී ඒ සදහා අයුතු ලෙස මැදහත් වීමක් හෝ පීඩනය යෙදීමක් සිදුකර ඇති බවට පැහැදිලි සැකයක් මතු වන බව කොප් කමිටු වාර්තාවේ සඳහන්ය.බැදුම්කර වෙළඳාමෙන් වරක් ඔහුගේ බෑණනුවන් වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධව සිටි පි‍්‍රපෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අධික ලාභයක් උපයාගෙන ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වේ.


වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමේ රජයේ මන්දෝත්සාහී ස්වභාවය සම්බන්ධයෙන් විවේචනය කළ එක් පුද්ගලයකු වූයේ අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතාය.බැදුම්කර ගැටලූව විසදී ඇතැයි කිසිවෙකුත් කිසිවිටෙකවත් විශ්වාස කළ නොයුතුව ඇතැයි ඔහු අවධාරණය කළේය.මේ අරබයා ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ අවධානමක් පවතින හෙයින්, එවැන්නක් පරාජය කිරීමට දැන් සිටම කටයුතු කළ යුතුව තිබෙන බවද රණවක පැවසුවේය.ජනපතිවරණයේදී හා පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව වංචා හා දුූෂණ වල යෙදී ඇති පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමට රජය වහාම කටයුතු කළ යුතුව ඇති බවත්, එසේ නොකළහොත් 2017 දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී විශේෂයෙන් නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් වල රජයට අතිශයින් අවාසිසහගත තත්ත්වයක් නිර්මානය වනු ඇති බවත් ඔහු කීවේය.
මහා පරිමාන සිදුවීම් නොසළකා හැර සුළු පරිමාන සිදුවීම් කෙරෙහි අවධානය යොමු කිරීමේ කිසිඳු තේරුමක් නැතැයි රණවක පැවසුවේය.කැබිනට් මණ්ඩල හමුවෙන් පැය දෙකකට පසු සන්ඬේ ටයිම්ස් හා විශේෂ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ ජනපති සිිරිසේනද මෙම කරුණු අවධාරණය කළේය.කැබිනට් මණ්ඩල සාමාජිකයෝ තැති ගැන්මට පත්වූයේ රණවකගේ ඊළඟ ප‍්‍රකාශයත් සමගය.මහා පරිමාන වංචා හා දුූෂණ වල යෙදී ඇති පුද්ගලයින්ට එරෙහිව රජය පියවර නොගන්නේ නම්, තම දේශපාලන අනාගතය ගැන සිතා පියවරක් ගැනීමට සිදුවන බව ඔහු කීවේය.
රණවක හා සමානව අදහස් දැක්වූ අනෙක් පුද්ගලයා වූයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ මහා පරිමාන වංචා කිහිපයකටම සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව තවමත් විමර්ෂණ පැවැත්වීමක් හෝ කි‍්‍රයාමාර්ග ගැනීමක් හෝ සිදුව නොමැති බව ඔහු පැවසුවේය.අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමෙන් කැඳවීමක්ද බලාපොරොත්තුවෙන් සිටින සේනාරත්න වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය රජය සමයේ රටට රුපියල් කෝටි ගණනින් අහිමි කළ, මහ බැංකුවේ ගි‍්‍රීක බැදුම්කර ගනුදෙනුව, හෙජිං ගිවිසුම, ආදියට සම්බන්ධවූ පුද්ගලයින්ට එරෙහිව වහාම කටයුතු කළ යුතුව ඇති බවය.විමර්ෂණ කි‍්‍රයාවලියේ මහා පරිමාන සිදුවීම් වලට ලැබී තිබෙන්නේ අඩු අවධානයක් බව ඔහුද පිළිගත්තේය.බදාදා පැවැති මාධ්‍ය හමුවකට එක්වූ සේනාරත්න, රජය ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංගය අපේක්ෂාවෙන් සිටින බව පැවසුවේය.එක්සත් ජාතික පක්ෂයේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු මෙය පරාජය කිරීමට එක්ව නැගී සිටිනු ඇතැයි ඔහු කීවේය.විශ්වාසභංගය එය ඉදිරිපත් කරන පුද්ගලයින් වෙතම භූමරංගයක් මෙන් කැරකී යනු ඇති බව කියා සිටි සේනාරත්න,
‘‘ රජයට දික් කරන එක ඇගිල්ලකට, ඇගිලි 25 ක් ඔවුන්ට එරෙහිව දික් වෙලා තියේවි ‘‘ යැයි පැවසුවේය.
‘‘ අපි තවමත් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අරගෙන නැහැ.මේ ගැන නොවැම්බර් අට වෙනිදා පවත්වන්නට නියමිත පක්ෂ නායකයින්ගේ හමුවේදී සාකච්ඡුා කරලා, පස්සේ පාර්ලිමෙන්තු කණ්ඩායම් හමුවකදී අවසන් තීරණයක් ගන්නයි අපි සිතාගෙන සිටින්නේ.‘‘

සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් විශ්වාසභංගයට සහය දක්වනු ඇතිදැයි තිබෙන්නේ සැකයකි.මහබැංකු බැදුම්කර අර්බුදයට තනිව වගකිව යුත්තේ අගමැතිවරයා නොව මුළු රජයම යන පදනමෙහි ඔහු සිටීම එයට හේතුවයි.
අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අදහස් දක්වමින් මහ බැංකු බැදුම්කර සිදුවීම් ඇතුළු වෙනත් සියලූ වැරදිවලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම පියවර ගතයුතුව ඇති බව කීවේය.ඊට අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එකඟත්වය පළකළේය.මෙහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, ඇතැම් විමර්ෂණයන් වලදී විවිධ රටවල් වල සහය ඒ සදහා ලබාගත යුතුව ඇති නිසා එම විමර්ෂණ කටයුතු වල ප‍්‍රමාදයක් තිබෙන බව කීවේය.චෝදනා ලබා ඇති ඇතැම් පුද්ගලයින් මෙම රටවල ගැවසී තිබෙන බවට සාක්කි හමුවී තිබීම, එම රටවල්ද විමර්ෂණ කටයුතු වලට එක් කරගැනීමට හේතුව බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මුදල් විදෙස් රටවල ගබඩා කර ඇති බව තම පෞද්ගලික විශ්වාසය යැයිද අමාත්‍යවරයා පැවසුවේය.
කොප් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේ ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන උපදෙස් ලබාගැනීම සදහා එය නීතිපතිවරයාට යොමු කර තිබෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගේ විවේචනයන්ට පිළිතුරු දෙමින් ජනපති සිරිසේනද, බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ෂණයක් පැවැත්විය යුතු වීමේ වැදගත්කම පිළිගත්තේය.
කැබිනට් මණ්ඩල හමුවෙන් පසු ජනපති ලේකම් කාර්යාලයේ තම කාර්යාලයේ අසුන්ගත් ජනපති සිරිසේන සන්ඬේ ටයිම්ස් හා සුවිශේෂී සම්මුඛ සාකච්ඡුාවකට එක්විය.මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් මා විශේෂයෙන් විමසූ අතර ඔහු එම පැනයන්ට පිළිතුරු දුන්නේය.
‘‘ කෝප් එකේ ඉතිහාසය ගත්තොත් ගොඩක් රජයන් කෝප් වාර්තා අනුව කටයුතු කරලා නැහැ.දැනට තියෙන වාර්තා වලට අනුව 2007 2008 සමයේ සිදුවූ බැදුම්කර ගනුදෙනු සම්බන්ධයෙනුත් ගැටලූ තියෙනවා.නමුත් ඒ ගැන කවුරුත් කතාකරලා නැහැ.දැන් අපිට ලැබිලා තියෙනවා කෝප් වාර්තාවක්, අර්ජුන් මහේන්ද්‍රන් ගැන සඳහන් වෙන.‘‘
‘‘ වාර්තාව හරිද වැරදිද කියලා වාද කරමින් ඉන්නේ දේශපාලකයෝ.ඔවුන් එසේ කරමින් සිටින්නේ තම තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂය දරන මතය උඩ.නමුත් කෝප් වාර්තාව දේශපාලන පක්ෂ වල මතය අනුව සකස් වුනු එකක් නොවෙයි.දැන් වාර්තාව පිටවෙලා තියෙන නිසා, ඒ ගැන ඉදිරි කටයුතු භාර දෙන්න  ඕනේ ස්වාධීන, අපක්ෂපාතී, සාමාජිකයන් හැටියට දේශපාලඥයින් නොමැති, කණ්ඩායමකට.මේක මගේ අදහස.කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඔහුව අධිකරණය ඉදිරියට ගෙන ආ යුතුමයි.මේ සිදුවීම පමණක් නොවෙයි, පසුගිය අවුරුදු 10 ක කාලයේ සිදුවෙලා තියෙන මේ වගේ බැදුම්කර ගනුදෙනු සහ වෙනත් වංචා ගැනත් විමර්ෂණ සිදුවිය යුතුයි.‘‘
ප‍්‍රශ්නය - එයින් ඔබ අදහස් කරන්නේ කෝප් වාර්තාව අධ්‍යනය කිරීම විශේෂ ජනපති කොමිසමක් යටතට පත්කෙරෙන්නේ නැති බවද?
පිළිතුර - කොමිසමක් හෝ තනි පුද්ගලය අධිකරණ කි‍්‍රයාමාර්ගයක් හෝ, වාර්තාව අධ්‍යනය කරන්න යොදවනවාද කියන එක ගැන තීරණයක් ගන්න මම මුලින්ම නීති උපදෙස් ලබාගත යුතුයි.නමුත් මේ කටයුතු වලින් දේශපාලඥයින් නම් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටිය යුතුමයි.විමර්ෂණය සිදුවිය යුත්තේ අධිකරණයේ මැදිහත්වීම යටතේ ස්වාධීනව.මෙයයි මගේ අපේක්ෂාව.
බ‍්‍රහස්පතින්දා මහරගමදී පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධන වැඩසටහනේ ආරම්භ උත්සවයට සහභාගී වෙමින් ජනපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය.තමා පසුගිය රජයෙන් ඉවත්ව නව රජයක් පිහිටැවූයේ සියලූ දෙනාට සමානව සැළකීමට මිස, සමාජයේ කොටසකට අනිසි අයුරින් වාසි සළසා ගැනීමට මාර්ගය පාදා දීමටත්, කොටසකට පමණක් දඩුවම් නියම කිරීමත්, නොවන බව ඔහු අවධාරණය කළේය.කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේ සහ ව්‍යවස්ථාවේ නීති ප‍්‍රකාරව, ඉදිරියට අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ගයන් පිළිබදව නොයෙක් අදහස් ඉදිරිපත්ව ඇතත්, නියමාකාරයෙන් සිදුවන අධිකරණමය කි‍්‍රයාමාර්ගයක් මගින් කෝප් වාර්තාව පිළිබද ඉදිරි පියවර ගැනෙන ආකාරය ගැන ජනතාවද දැනුම්වත් කළ හැකි බව, ජනපතිවරයා පැවසුවේය.
සන්ඬේ ටයිම්ස් සම්මුඛ සාකච්ඡුාවේදීද ජනපතිවරයා අදහස් දැක්වූයේ මේ අයුරින්මය.ඔහු කිසිදු පුද්ගලයකුගේ හෝ දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අභිමතය පරිදි කටයුතු කිරීමට කිසිසේත්ම සූදානම් නොමැති බව මනාව පැහැදිලි විය.ජනපතිවරයාට සමිීප ආරංචි මාර්ගයකට අනුව ඔහු කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙම සතියේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.අදාළ කටයුතු ඉක්මන් කි‍්‍රයාකාරීත්වයකින් යුතු වන විමර්ෂණයක් යටතට පත් කිරීම ඔහුගේ අරමුණ වන බවත්, ඒ සදහා දැනට සේවයේ නියතුව සිටින ජේ්‍යෂ්ඨ විනිසුරුවරයකුගේ සහය ලබාගැනීමට ඔහු අපේක්ෂාකරන බවත් එම ආරංචි මාර්ගය පැවසුවේය.විමර්ෂණ කටයුතු කොමිසමක් යටතට පත් කළහොත් දීර්ඝ කාලයක් ගතවන හෙයින්, මෙවන් පියවරක් ගැනීමට ජනපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි එම ආරංචි මාර්ගය පැහැදිලි කළේය.මේ සදහා අදාළ වන අනෙක් කරුණු ඉදිරියේදී පැහැදිලි කර ගැනෙනු ඇතැයිද එම ආරංචි මාර්ගය පැවසුවේය.

ඔක්තෝබර් 12 වැනිදා ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සිදුකළ දේශනය පිළිබදවද ජනපතිවරයා අදහස් දැක්වූයේය.
’‘ මාධ්‍ය මගේ කතාව වාර්තා කරලා තිබුනේ ආන්දෝලනයක් ඇතිවෙන විදිහට.තිබුනු ගොඩක් වැදගත් කොටස් රාජ්‍ය මාධ්‍ය වලින් පවා ප‍්‍රසිද්ධ කළේ නැහැ.ඉංගී‍්‍රසි මාධ්‍යයන් තමයි මගේ අදහස් වලට වැරදි අර්ථකතනයක් දෙමින්, වැරදි ප‍්‍රතිරූපයක් ජනතාව අතර ඇති කළේ.විනාඩි 45 ක් තිස්සේ මම කතා කළා.නමුත් වාර්තා වල තිබුනේ මම විමර්ෂණ නවත්වන ලෙස ඉල්ලා සිටියා කියා.‘‘
ප‍්‍රශ්නය - මොන වගේ වැරදි අර්ථකතනයන්ද ඒක?
‘‘ මම දැනට පැවැත්වෙන විමර්ෂණ වලට විරුද්ධ බව කියන එක.ඒ නිසයි ඔවුන් කීවේ මම ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සිදුකළ දේශනය, මැතිවරණ සමයේ දුන් පොරොන්දු වලට පටහැනියි කියා.ඉංගී‍්‍රසි මාධ්‍ය ආයතන තමයි විශේෂයෙන්ම මේ ගැන වාර්තා කර තිබුනේ.මේකෙන් වුනේ ජනතාව අතර වැරදි ප‍්‍රතිරූපයක් නිර්මානය වුනු එක.මගේ මුලූ කතාව සැළකිල්ලට ගත්තානම්, මම මොකක්ද කියන්න ගියේ කියන එක හොදින් පැහැදිලි කරගත හැකිව තිබුනා. ඕන කෙනෙක්ට විවේචනය කරන්න ලෙහෙසියි.නමුත් රජයක් පවත්වාගෙන යන කොට එල්ලවන අභියෝගයන්ට මුහුණදෙන්නේ කොහොමද කියන එක ගැන දැනීමක්, ඔය විවේචනය කරන අයට නැහැ.‘‘
‘‘ ඒ අයට විවිධ ප‍්‍රකාශ කරන එක ලෙහෙසියි.නමුත් රාජකාරිය කරන තැනැත්තා තමයි දන්නේ තමන්ට මුහුණදෙන්න සිදුවෙන අභියෝග ගැන.2015 දී අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේ, රජයට අයත් නොවන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේත් සහය ලබාගෙන, තුනෙන් දෙකක බහුතරයක සකස් කරගෙන.ව්‍යවස්ථාමය වෙනස්කමක් කරන්න තුනෙන් දෙකක බහුතරයක් හිමිවුනු වෙනත් අවස්ථාවක් ලෝකයේ කොතැනකවත් සිදුවුනාය කියා මම නම් හිතන්නේ නැහැ.මේකට කොච්චර වෙහෙසක් දරන්න වුනාද කියන එක දන්නේ මම විතරයි.ඒ වෙහෙසේ ප‍්‍රතිඵලයක් විදිහට තමයි අද ස්වාධීන කොමිෂන් සභා කි‍්‍රයාත්මක වන්නේ.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම කොමිෂන් සභා පිහිටැවූයේ මම.කොමිෂන් සභා කි‍්‍රයාත්මක විය යුත්තේ, අපක්ෂපාතීව, ස්වාධීනව සහ දේශපාලන න්‍යාය පත‍්‍රයකින් තොරව බව මම කීවා.‘‘
‘‘ මහා පරිමාන වංචා හා දුූෂණ ගැන විමර්ෂණ පැවැත්වීම නතර වෙලා.වාහනයක් අවභාවිතා කිරීම, කොඩි කණු මිලයට ගැනීම, කැරම් පුවරු බෙදා හැරීම වගේ ඉතාම සුලූ සිදුවීම් ගැන තමයි අධිකරණය ඉදිරියේ කි‍්‍රයාමාර්ග ගැනෙමින් තිබෙන්නේ.නමුත් ජනතාව බලාපොරොත්තු වුනේ මෙයට වඩා ගොඩක් වැඩි දෙයක්.ඔවුන්ට වුවමනා වුනේ බරපතල මට්ටමේ වංචා හා දුූෂණ ගැන විමර්ෂණ පැවැත්වෙනවා දකින්න.‘‘
‘‘ පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ඇති කෙරුනේ මේ වෙනුවෙන්.එයට සීමාවක් පැනවුනා.නමුත් දැන් එම ඒකකය තමයි සියලූම විමර්ෂණ කටයුතු සිදුකරන්නේ.මම දන්නා විදිහට විමර්ෂණ 400 ක් පමණ සිදුවෙනවා.පෞද්ගලික ආරවුල්, සමාගම් වල කලමණාකාරීත්වයේ ගැටලූ, අධ්‍යක්ෂ මණ්ඩල වල ගැටලූ, මූල්‍ය ගැටලූ, විමර්ෂණය කරන්න නොවෙයි මෙම ඒකකය ඇති කෙරුනේ.රාජ්‍ය සම්පත් සහ දේපළ අවභාවිතා කිරීම්, වංචාව සහ දුූෂණය සම්බන්ධ සිදුවීම් ගැනයි අපට අවධානය යොමු කරන්න අවශ්‍ය වුනේ.නිලධරයෝ කරන්න වුවමනා මේ දේවල්.‘‘

‘‘ නමුත්, මේ අරමුණු දිනාගන්න හැකියාවක් නැහැ මේ අයගේ අවධානය වෙනත් දේවල් වලට යොමුවෙලා තියෙනකොට.අනෙක් ආයතන වල තත්ත්වයත් මෙයමයි.උදාහරණයක් හැටියට අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ ඒකකය ගනිමු.එහි සේවය කරන කොමසාරිස්වරුන් ගැන වරදක් කියන්න නැහැ.ඔවුන් අවංකව සේවය කරනවා.අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ව ආදර්ශයට ගතයුතුයි.ඔවුන් අවංකව සහ අපක්ෂපාතීව කටයුතු කළ යුතුයි.මම විවේචනය කළේ මෙය.රජයේ පවතින මේ වගේ ගැටලූ ගැනත් මම පහුගිය අවුරුද්ද පුරාම අදහස් දැක්වුවා.පහත මට්ටම් වල සිටිනා නිලධාරීන් කෙසේ කටයුතු කළ යුතුද කියන එකයි මම පෙන්වා දුන්නේ.නැතුව, විමර්ෂණ කටයුතු නවත්වන්න කියාවත්, එම විමර්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් මත පීඩනය යොදවන එකෙන් වළකින්න කියාවත් මම කිව්වේ නැහැ.මම වඩා පුලූල් දෙයක් ගැන කතා කළේ.නමුත් මාධ්‍ය ඒක අර්ථකථනය කළේ වැරදි විදිහට.‘‘
‘‘ මේ හින්දා ජනතාව අතර වැරදි ප‍්‍රතිරූපයක් ඇතිවුනා.මම අදටත් කියන්නේ මහා පරිමාන වංචා හා දුූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කඩිනම් විය යුතුයි කියන එකමයි.‘‘
ප‍්‍රශ්නය - එවැනි විමර්ෂණ කිහිපයක් ගැන උදාහරණ ඔබට ලබාදිය හැකිය?
පිළිතුර – ‘‘ එකක් තමයි ඩුබායි බැංකුවක මුදල් තැන්පත් කිරීම ගැන පැවැත්වෙන විමර්ෂණය.ඒ කටයුතු දැන් නතරවෙලා තියෙන්නේ.ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ නැව පහුගිය අවුරුද්ද පුරාවටම තිබුනේ අපේ භාරයේ.ඒක ගැන රජයේ රස පරික්ෂකවරයා නිකුත් කරලා තියෙන වාර්තාව ඇත්තටම හාස්‍යජනකයි.නැවේ තිබුනු අවි එකිනෙක ඇතිල්ලීම නිසා ඒවායේ අනු අංක මැකී ගොස් ඇති බව එම වාර්තාවේ සදහන්ව තිබෙනවා කියා මට දැනගන්න ලැබුනා.ඒ කියන්නේ අපි පහුගිය අවුරුද්ද තිස්සේ මේ නැව බලාකියාගෙන තියෙන්නේ නිකරුනේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යටතේ පැවැත්වෙන තාජුඞීන් ඝාතන විමර්ෂණයට අනිසි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.තව කියනවා නම් මිග් 27 යානා මිලයට ගැනීමේ ගනුදෙනුව තියෙනවා.මට තවත් උදාහරණ කිව හැකිය.ඒ සියල්ල ගැන දැනගන්න ජනතාවට අවශ්‍යයි.‘‘
‘‘ මම සත්‍ය ප‍්‍රකාශ කළ යුතුයි.නැතිනම් මම මේ ගැන අවධානය යොමුකර නැති බව ජනතාව සිතනවා.විමර්ෂණ ආයතනයන්ගේ කටයුතු වලට මැදිහත්වීම අපට අයත් රාජකාරියක් නොවෙයි.අපි ඒවා ඇති කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ එම ආයතන ස්වාධීනව කටයුතු කරනු ඇතිය යන්න.නමුත් සමහර නිලධාරීන්, විශේෂයෙන් පහත මට්ටම් වල අය, තම තමන්ගේ රාජකාරි හරිහැටි ඉටුනොකළහොත්, අරමුණු දිනාගන්න පුලූවන් කමක් නැහැ.ඒ නිසයි මම එවැනි ප‍්‍රකාශයක් සිදු කළේ.‘‘
‘‘ අපේ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම ගැන මම ප‍්‍රකාශයක් සිදුකළා.ඒක වෙනස්කරපු මාධ්‍ය ආයතනයන්, අනිත් පැත්තට ඒක වාර්තා කළා.ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා හැටියට, සේවයේ නියුතු හෝ විශ‍්‍රාමික හෝ යුද, ගුවන්, නාවික, හමුදාපතිවරයෙක් අධිකරණය හමුවට ගෙන ඒමක් සිදුවෙනවා නම් ඒ ගැන මම දැනගත යුතුයි.සේවය කරන අයට වගේම, විශ‍්‍රාම ගොස් සිටින අයටත් ආරක්ෂක අංශ සමග සබදතා තිබෙනවා.දෙයක් කරද්දී ජනතාව කුමන අයුරින් එය තේරුම් ගනීවිද කියන එක ගැනත් අවධානය යොමු කළ යුතුයි.අපි ජනතාවට පිටින් යමින් කටයුතු කිරීමෙන් වැළකිය යුතුයි.අප කටයුතු කළ යුත්තේ ජනතාවගේ ප‍්‍රාර්ථනා ඉෂ්ඨ වන ආකාරයට.‘‘
ප‍්‍රශ්නය - කොහොමද ඔබ එය කරන්නේ?
පිළිතුර – ‘‘ එය කළ යුත්තේ කොහොමද කියන එක දැනගත යුත්තේ නිලධාරීන්.ජනතාව අපේක්ෂා කරන ප‍්‍රතිඵල ලබාගත හැකි වන විදිහට විමර්ෂණ කටයුතු සිදුකළ යුත්තේ කෙසේද කියන එක තීරණය කළ යුත්තේ ඔවුන්.‘‘

ප‍්‍රශ්නය - මෙයින් ඔබ අදහස් කරන්නේ සමහර සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමෙන් වැළකිය සිටිය යුතු බවක්ද?
පිිළිතුර - ‘‘මම එහෙම කියලා නැහැ.මම කියන්නේ ඉක්මනින් සහ කාර්යක්ෂමව අදාළ කටයුතු සිදුවිය යුතුය කියන එක පමණයි.‘‘
ප‍්‍රශ්නය - ඒ එක්කම ජනතාවගේ පිළිගැනීම ලැබෙන විදිහට?
පිළිතුර - ඔව්.
ප‍්‍රශ්නය - අල්ලස් කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව යන මේ ආයතන වල කටයුතු ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර - ‘‘ඇත්තටම කියනවානම් මේ ආයතන වල ඉන්නා නිලධාරීන් ඉතාම වෙහෙසව කටයුතු කරනවා.මම ඒ ගැන හොදින්ම දන්නවා.නමුත් ඔවුන් එම කටයුතු කඩිනම් කළ යුතුයි, කාර්යක්ෂම කළ යුතුයි.මොකද ජනතාව ලබාදුන් කාලය දැන් අවසන්.ඉක්මන් විමර්ෂණ සහ ප‍්‍රතිඵල තමයි ජනතාව බලාපොරොත්තු වුනේ.නමුත් දැන් මාස 20 ක් පමණ ගතවෙලා.ඉතින් විමර්ෂණ කටයුතු කඩිනම් කළ යුතුමයි.තිබෙන ගැටලූව තමයි ප‍්‍රමාදය.‘‘
ප‍්‍රශ්නය - විමර්ෂණ කටයුතු කඩිනම් කරන්න ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? එය කරන්නට යන්නේ ඉහළ නිලධාරීන් හරහාද නැතිනම් අමාත්‍යවරුන් හරහාද?
පිළිතුර - ‘‘විමර්ෂණ කටයුතු වලට අමාත්‍යවරුන් වැදගත් නැහැ.ඒවා දේශපාලඥයින්ට අයිති රාජකාරි නොවෙයි.විමර්ෂණ පවත්වන නිලධාරීන්ට තමයි එම වගකීම් අයිති.ඉස්සර නම් දේශපාලඥයින් මේ කටයුතු වලට මැදිහත් වුනා.නමුත් අප එය නතර කර තිබෙනවා.ඉස්සර අධිකරණ ඉදිරියේ තීන්දුව ප‍්‍රකාශ වෙන්නට ඉස්සෙල්ලා දුරකතන ඇමතුම් ලැබුනා.විමර්ෂණ අත්හිටැවුනා.නමුත් දැන් එවැනි තත්ත්වයක් නැහැ.එම නිසාම අපි බලාපොරොත්තු වනවා විමර්ෂණ කටයුතු නිසි අයුරින් සිදු කෙරේවි කියා.ගැටලූව තියෙන්නේ මෙතැන.‘‘
ප‍්‍රශ්නය - සමහරු කියනවා තමන්ට එරෙහිව විමර්ෂණයන් පැවැත්වෙමින් තිබෙන නිසා සමහර හිටපු අමාත්‍යවරුන් රජයට පක්ෂපාතීව කටයුතු කරමින් සිටිනවා කියා.ඔබගේ අදහස?
පිළිතුර - ‘‘ඔවුන් රජයට එක්ව සිටින්නේ ඒ හේතුව හින්දා නොවෙයි.අපියි ඔවුන්ට ආරාධනා කළේ.ඔවුන් කිසිම බලපෑමකට යටත්වෙලා නොවෙයි අප හා එක්වූයේ.අනෙක් අතට, මැතිවරණ ප‍්‍රතිඵල වලට අනුව කිසිම පක්ෂයකට ආණ්ඩුවක් තනන්න තරම් බහුතරයක් හිමිවෙලා තිබුනේ නැහැ.එක්සත් ජාතික පක්ෂයට ආසන 106 ක් හිමිවෙනකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හිමිවෙලා තිබුනේ ආසන 95 යි.කිසිම පක්ෂයකට බහුතරය හිමිවෙලා නොතිබුනු නිසා, පක්ෂ දෙක එකතුවෙලා අවබෝධතාවක් යටතේ සභාග රජයක් පිහිටුවන එක අත්‍යාවශ්‍ය කාරණයක් වුනා.කවුරුත් බලෙන් ආවේ නැහැ.ඔවුන් ආවේ නැතිනම් සාමාජිකයන් 106 ක ආණ්ඩුවක් පිහිටුවන්න අපට හැකි වන්නේ නැහැ.‘‘
ප‍්‍රශ්නය - ඇමරිකාවෙන් සහ වෙනත් බටහිර රටවලින් ලැබෙනු ඇතිය කියා බලාපොරොත්තු වුනු සහය, ඔබ බලාපොරොත්තු වුනු අයුරින් ලැබුනේ නැතිය කියා මතයක් තිබෙනවා.මේ ගැන අදහස් දැක්වුවහොත්?
පිළිතුර - ‘‘ආසියා රටවල් අපට නිර්ලෝභීව සහය දෙනවා.ඉන්දියාව, චීනය, පකිස්තානය, ජපානය, සහ කොරියාව අපට ආධාර කරනවා.සිංගප්පූරුව, මලයාසියාව, තායිලන්තය සහ තවත් රටවල් අපට ආධාර කරනවා.බටහිර රටවලූත් අපට උදව් කරනවා.රාජපක්ෂ පාලන සමයේ ඔවුන් අපට පැනවූ තහනම් හා සීමා දැන් ලිහිලි වෙමින් තිබෙනවා.උදාහරණයක් කිව්වොත්, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය අපගේ ආරක්ෂක අංශ වලට ලබාදුන් විශේෂ පුහුණු වැඩසටහන, අද නැවත කි‍්‍රයාත්මකයි.ඇමරිකාවෙන් සහ යුරෝපා රටවලින් පිරිනැමෙන ආර්ථික සහය අපට ලැබෙමින් තිබෙනවා.එම රටවල පවතින ශක්තිමත් පෞද්ගලික ක්ෂේත‍්‍රයේ සිට අප රටට ආයෝජන එමින් තිබෙනවා.බටහිර රටවල සහය එක්ක දැන් අපට නැවතත් යුරෝපයට මසුන් අපනයනය කළ හැකියි.ජීඑස්පී ප්ලස් සහනයත් නැවත ලැබෙනු ඇතිය කියා අපට විශ්වාසයි.ඇමරිකාව සහ යුරෝපා රටවල් අපට ඇත්තෙන්ම සහය වෙමින් සිටිනවා.නමුත් වැඩි සහයක් ලැබෙන්නේ ඉන්දියාව, ජපානය, චීනය සහ වෙනත් ආසියාතික රටවලින්.‘‘
ප‍්‍රශ්නය - පහුගිය රජය කාලයේ කියැවුනු දෙයක් තමයි රටේ උතුරු පළාතේ සංවර්ධනය ඉන්දියාවටත්, දකුණු පළාතේ සංවර්ධනය චීනයටත් පවරා තිබෙන බව.ඔබගේ රජය මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද?
පිළිතුර - ‘‘අපි දිස්ති‍්‍රක්ක හෝ ප‍්‍රදේශ රටවල් වලට බෙදලා දෙන්නේ නැහැ.ඒවා බොරු වාර්තා.නමුත් ආයෝජන ලැබුනු විට අපි ඒ පිළිබද විමසා බැලීමක් සිදුකරනවා.විදෙස් ආයෝජන කියන්නේ එක කොටසක් විතරයි.දේශීය ආයෝජනත් තිබෙනවා.අපි අපගේ දේශීය කර්මාන්ත නගා සිටුවන්නේ කෙසේද යන්නත් සොයාබැලිය යුතුයි.කෘෂිකාර්මික රටක් හැටියට, අපි කෘෂිකර්මාන්තයට වැඩි තැනක් දෙන්නේ කොහොමද? දේශීය කර්මාන්ත සංවර්ධනය කරන්නේ කොහොමද? මේ සදහා අවශ්‍ය නවීන තාක්ෂණය බටහිර සහ වෙනත් රටවලින් ලබාගන්නේ කොහොමද? යන දේවල් ගැන සොයා බැලිය යුතුයි.රටකට සංවර්ධනය වෙන්න වුවමනානම්, ආර්ථික සහය ලබාගැනීමට වඩා අපි යොමුවිය යුත්තේ අලූත් දැනුම සහ තාක්ෂණයෙන් පෝෂණය වන්නට.‘‘
‘‘මේ ඔස්සේ අපේ බුද්ධිමතුන්ට රට සංවර්ධනය කළ හැකියි.ඒකට අවශ්‍ය අලූත් තාක්ෂණය සහ දැනුම අප රටට ගෙන ඒම කළ යුතුයි.අපේ රට නවීකරණය කරගත යුත්තේ අපිමයි.සංචාරක ක්ෂේත‍්‍රය ඉතාම සීඝ‍්‍රයෙන් සංවර්ධනය වෙමින් තිබෙනවා.ධීවර ක්ෂේත‍්‍රයද ඊට සමානයි.දිවයිනක් හැටියට අපට තිබෙන විශාලම සම්පතක් තමයි මත්ස්‍යය සම්පත.නමුත් අප එයින් නිසි පරිදි ප‍්‍රයෝජන ලබාගෙන නැහැ.එයින් අඩුම තරමේ සියයට පහක ප‍්‍රමාණයවත් භාවිතයට ගෙන නැහැ.රටේ ඛනිජ සම්පත් තිබෙනවා අපගේ අවධානයට ලක්විය යුතු.සංවර්ධනය වෙන්න අපට විදේශීය මෙන්ම දේශීය ආයෝජන අවශ්‍යයි.ඒ වගේම කෘෂිකර්මාන්තය, ස්වයං රැුකියා, දුෂ්කර පළාත් සංවර්ධන, දේශීය කර්මාන්ත සංවර්ධන, යන ක්ෂේත‍්‍ර වල වැඩිදියුණුවට පෞද්ගලික අංශයත් එක්විය යුතුයි.‘‘
ප‍්‍රශ්නය - උතුරේ මෑතකදී සිදුවුනු සිදුවීම් සම්බන්ධයෙන් ඔබගේ අදහස්..
පිළිතුර - ‘‘උතුරේ සිසුන් දෙදෙනකුගේ මරණය ඇත්තෙන්ම කණගාටුදායක සිදුවීමක්.මේ ගැන විමර්ෂණයක් පැවැත්වෙනවා.ඒ වගේම අධිකරණ කි‍්‍රයාමාර්ගයකුත් කි‍්‍රයාත්මකයි.මෙවැනි සිදුවීම් සිදුවිය යුතු නැහැ.එය විශාල වරදක්.එම සිසුන් දෙදෙනාගේ පවුල් වලට වන්දි ගෙවන්න අපි තීරණය කර තිබෙනවා.‘‘
‘‘මම හිතන්නේ මෙම සිදුවීම දකුණේ සිදුවූවානම්, තත්ත්වය මෙයට වඩා බරපතල වෙන්න තිබුනා.ඒ නිසා අපි මෙය උතුරේ සිදුවීමකට ලඝු නොකළ යුතුයි.කොතන සිදුවුවත්, එම ප‍්‍රදේශයේ ජනතා නොසන්්සුන්තාවක් ඇති වනවාමයි.විරෝධතා පැවැත්වෙනවාමයි.එම නිසා එවැනි සිදුවීම් අප තරයේම හෙළා දකිනවා.ඇත්තෙන්ම එවැනි දේ සිදුවිය යුතු නැහැ.‘‘
ප‍්‍රශ්නය - පිටස්තර කවරකු හෝ මේ පසුපස සිටින බව ඔබ සිතනවාද?
පිළිතුර - ‘‘නැහැ.දැනට පැවැත්වෙන විමර්ෂණ වලට අනුව සිදුව තිබෙන දේ පැහැදිලියි.පොලිස් නිලධාරීන් හතර දෙනෙක් - පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.අධිකරණය තීන්දුව ගනීවි.‘‘
ප‍්‍රශ්නය - වසර අවසානය වන විට නව ව්‍යවස්ථාව සූදානම්ව තිබේවිද?
පිළිතුර - ‘‘මේ වසර අවසානය වන විට එය කරන්න බැහැ.අනෙක් වසර අවසානය වන විට එම කටයුතු අවසන් කරන්නයි අප අපේක්ෂා කරන්නේ.‘‘
ප‍්‍රශ්නය - විධායක ජනපතිධූරයත් අහෝසි වේවිද?
පිළිතුර - ‘‘එය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වනවා.ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇති සියලූ කරුණු ඒ අනුවම කි‍්‍රයාත්මක විය යුතුයි.‘‘
ප‍්‍රශ්නය - රාජ්‍ය ආයතන විකිණීම ගැන ඔබගේ ප‍්‍රතිපත්තිය කුමක්ද?
පිළිතුර - ‘‘විකිණීම කියන වචනය ගැන මට එකග වන්නට බැහැ.ඒ වචනය භාවිතා කරන්නේ මාධ්‍ය.ලාභ ලබන ආයතන රජය සතුවම පැවතිය යුතුය කියන එකයි අපේ ප‍්‍රතිපත්තිය.නමුත් අලාභ ලබන ආයතන සැළකුවහම, අපට වැඩපිළිවෙලක් තිබිය යුතුයි පෞද්ගලික අංශයේ සහය ඇතවි එම ආයතන ලාභ ලබන තත්ත්වයට සංවර්ධනය කරන්නට.මෙයින් සම්පූර්ණ විකිණීමක් ගැන කිසිම අදහසක් නැහැ.දරාගත නොහැකි තරමේ අලාභයක් සිදුවෙමින් තිබෙනවානම් එම ආයතන විකුණා දැමිීමේ කිසිම වරදක් නැහැ.ලිට්රෝ ගෑස්, ලන්කා හොස්පිටල්ස් සහ ඉල්මනයින්ට විකුණා දමන්න නම් මගේ කිසිම අදහසක් නැහැ.‘‘
ප‍්‍රශ්නය - කැබිනට් සංශෝධනයක් ගැන මාධ්‍ය වාර්තා පලවෙනවා.ඔබගේ අදහස්?
පිළිතුර - ‘‘එහෙම දෙයක් ගැන මේ වෙනකන් අපි සාකච්ඡුා කරලා නැහැ.‘‘
ඇතැම් දේශපාලඥයින්ගෙන් එල්ල වන පීඩනයන් නිසා විමර්ෂණ කටයුතු නිසි පරිදි සිදුකළ නොහැකි බවට, එම කටයුතු භාර ආයතනයන් චෝදනා නගන බව රහසක් නොවේ.නමුත් අනෙක් පසින් ජනපති සිරිසේනට සමිීප අමාත්‍යවරුන් පිරිසක් පෙරළා චෝදනා නගමින් සිටින්නේ පීඩනය මත පටවා, මෙම ආයතනයන් විමර්ෂණ කටයුතු ප‍්‍රමාද කරමින් සිටින බවය.
මෙයින් පැහැදිලි වන්නේ දැනට පැවැත්වෙන විමර්ෂණ, විමර්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවක් ඇති බවය.නමුත් මාස 20 ක් විමර්ෂණ වලටම වැයව ඇති තැන, එවැන්නක් තවත් කාලය නාස්ති කරදමන්නක් වනු ඇත.පුදුමයට කරුණ වන්නේ දැනට පැවැත්වෙන විමර්ෂණ කටයුතු වල ප‍්‍රගතිය විමසා බැලීමේ සමත් යාන්ත‍්‍රණයක් තවමත් රජයට නොමැති වීමය.එවැන්නක් හදුන්වාදී විමර්ෂණ කටයුතු ප‍්‍රමාද වීමට හේතු හදුනාගැනීමටත්, ඒ අනුසාරයෙන් විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමටත්, තවමත් ප‍්‍රමාද නැත.නමුත් මෙය සිදුවිය යුත්තේ විමර්ෂණ කටයුතු වලට බාධාවක් සිදුනොවන පරිදිය.නමුත් එයටද මුහුණදීමට සිදුවනු ඇත්තේ , දැනට පැවැත්වෙන ඇතැම් බරපතල ගණයේ වංචා හා දුූෂණයන් සම්බන්ධ විමර්ෂණ කටයුතු අප‍්‍රාණික කර ඇති බලවේගයන් වලටමය.

 



අදහස් (0)

ඩුබායි බැංකුවේ පරික්ෂණ නවතී : තාජුඩීන් පරික්ෂණත් යටයයි

සත්‍යයා Monday, 07 November 2016 01:38 AM

හැමතැනම කථිකයෝ, පණ්ඩිතයෝ. පරණ ආණ්ඩුවේ ඉන්දැද්දීත් මිනිසුන් නොමඟ යවා මේ ආණ්ඩුවටත් ඇතුල්වෙලා අරයට මෙයාට අවලාද නඟමින් පරණ චග්ගුඩු සෙල්ලමමයි තවම කරන්නේ. මම නම් කියන්නේ පැණි රස වචන පාලකයින්ටම කවලා කෑ හැකි දෙයක් ඇත්නම් ජනතාවට ලබාදිය යුතුබවයි. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 07 November 2016 01:51 AM

මමත් හෙළ උරුමයේ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. සිංහලකම හෝ බෞද්ධ අයිතිය ගැන දැන් ඉන්න අයගේ කැක්කුමක් නැහැ. තියෙන්නේ බල පෙරේතකම. (නි)

:       0       0

සමරේ Monday, 07 November 2016 02:31 AM

ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරුන්ට විරුද්ධව තියෙන පැමිණිලි විභාග නොකරන්නේ ඇයි..?මේගොල්ලොත් මහජනයාව රවට්ටමින් කල්ගෙවනවා. (නි)

:       0       0

කමල් Monday, 07 November 2016 03:43 AM

හැමදාම මිනිසුන් රැවටීම ඉතා භයානක ප්‍රතිපල දෙන්නකි. (ම)

:       0       0

රන්දික Sunday, 06 November 2016 08:01 AM

2005 ජනවාරි ජනමතය...? අවාසනාවක මහත...! (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 06 November 2016 10:14 AM

ගරු දේශපාලකයනි බලය ලබා ගැනීමට ඔබතුමන්ලා විවිධ කරුණු කාරණා, පොරොන්දු, චෝදනා, ප්‍රතිපත්ති හා යෝජනා ඉදිරිපත් කරමින් මැතිවරණ ප්‍රාචාර කටයුතු කරන්නේ. සමහරු දූෂණය, භීෂණය, මැරකම්, මිනීමැරුම්,පැහැරගැනීම්, සොරකම්, වංචාව සහ මාධ්‍ය නිදහස කඩවීම් වැනි හේතූන් නිසා රට අරාජිත වී ඇති බවත් රට ඒ තත්වයෙන් බේරා ගත යුතු බවත් කියමින් බලය ඉල්ලති. තවත් සමහරු ජාතිය හා ආගම මුල්කරගෙන ඡන්ද කොල්ලකති, ඒ දේවල් විශ්වාස කරමින් අහිංසක ජන්ද දායකයින් ඔවුන්ට බලය ලබා දෙති. මේ සියල්ල බලය ලැබෙන තුරු පමණක් වලංගු වේ. ඉතින් සුපුරුදු පරිදි ජන්ද දායකය රැවටීමට ලක්වේ. එය දේශපාලකයා සිතන්නේ මහා ලොකු දෙයක් කියාය. අපිට නම් කියන්න තිබෙන්නේ කෙනෙකුගේ විශ්වාසය බිඳ දැමීම තරම් පාප කර්මයක් තවත් නැහැ, ඒ අය මොන ආගමට සම්බන්ධ වුවත් අනිවාර්යයෙන්ම ඒ පාප කර්මයට කවදා හෝ දිනයක ඔවුනට විඳවන්නට සිදුවේවි. (ර)

:       0       0

වින්සන්ට් Sunday, 06 November 2016 11:20 AM

ජනාධිපතිවරයාගේ පැහැදිළි කිරීම මේ මොහොතේ ඉතා වැදගත් වෙනවා ඇත. එහෙත් එය පැහැදිළි කිරීමකට පමණක් සිමා නොවීම ජනතාවගේ බලාපොරොත්තුව විය හැකිය.(හේ)

:       0       0

ජයරත්න Sunday, 06 November 2016 02:39 PM

ජනාධිපතිතුමා කල යුත්තේ තමන්ගේ ජනවරමට අනුව ක්‍රියා කරන එකයි. මහින්ද මහත්තයාගේ ෆයිල් න්‍යාය අනුගමනය කරන එක නොවෙයි. (ර)

:       0       0

දුමින්ද Sunday, 06 November 2016 03:26 PM

ඇති දැන් කතා. කෝ වැඩ? (නි)

:       0       0

අතුල Sunday, 06 November 2016 04:54 PM

මේවා ඔක්කොම අපබ්‍රංශ වගෙයි අපිට නම්. රටේ ජනතාවගේ මහා ධනස්කන්දය නැවත ජනසතු කරන්න ඒවා ගැන හිතලවත් නැහැ. රුපියල් කෝටි ලක්ෂ 3 කට මොකක්ද කළේ කියලා හොයන්න තමයි මෙතුමන්ලාව පත්කළේ (නි)

:       0       0

සිළිඳු Sunday, 06 November 2016 10:03 PM

මේ කියන දේවල් පිළිගන්න අය දැන් නැහැ (නි)

:       0       0

ලක්විදු Monday, 07 November 2016 12:41 AM

මේවා ගැන හිතනවට වඩා පාන් බාගයක් කාලා නිදාගන්න එක අපිට සැපයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 149 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 427 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 259 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 172 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 587 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site