IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවේය.

බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවේය.

බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළේය.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද වූවාය. ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්විය.

ඩේවිඩ් කැම්බල් සිය පුත්‍රයාගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රථමවරට 2019 වසරේදී මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශයක් කර ඇති අතර බිලී සැබැවින්ම ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය යැයි විශ්වාස කරන පිරිසක් මෙන්ම රංගන ශිල්පියාගේ පුත්‍රයාද රංගන ශිල්පියකු බව පවසමින් විවේචන එල්ල කරන පිරිසක්ද සිටී. කෙසේ නමුත් අට හැවිරිදි බිලී ප්‍රකාශ කරන විස්තර සම්බන්ධයෙන් බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන අතර උනන්දුවක්ද දක්වයි.



අදහස් (15)

ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී

Rohana Wednesday, 04 September 2024 09:49 AM

සාහිත්‍ය සම්මාන ලැබියයුතු ඉතා වටිනා ප්‍රබන්ධයක්.

:       40       39

එඩී Wednesday, 04 September 2024 11:58 AM

නිරාගමික අප්පුහාමිලාටත් දැන් බය නැතුව පුනරුත්පත්තිය විස්වාස කරන්න පුළුවන්. මොකද සුදු හම ඇති අයෙක්, ඔස්ට්‍රේලියාව වගේ අපේ බොහෝ දෙනෙකුගේ සිහින දේශයේ දරුවෙක් ඒ ගැන කතා කරන නිසා.

:       13       43

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 12:00 PM

සියුම් විදියට හොයා බැලුවොත් සත්‍ය වැටහේවි, කුඩා ළමුන්ගේ මොළය මතකයෙන් හිස්,දරුවාට ගෝචර දෙය පුරවගන්නව, මේ කතාව කවුරුහරි කියන්න ඇති නැත්නම් නරඹන්න ඇති, පසුව වැඩිහිටියන් දිගින් දිගට එකම අහනකොට ළමයාගේ අත්දැකීමක් වගේ කියනව, වැඩිහිටියන් එකතුකරනව තමන් දන්න කෑලි අන්තිමට පුතිිපලය ඩයන නැවත ඉපදීම. මේ පුනරුප්පත්තිය කියන ජාන ගත.බොරුව අපේ රටට නම් සාපයක්.

:       67       20

පාඨකයෙක්Wednesday, 04 September 2024 01:53 PM

යමක් පිළිබඳව තමන්ට අත්දැකීම් නැති නිසා ඒ දෙය විවේචනය කිරීම ඇතැමුන්ගේ සිරිතයි. පුනරුත්පත්තිය පිළිබඳව විද්‍යාත්මක මට්ටමෙන් කළ අධ්‍යයනයන් සහ එවායේ ප්‍රතිඵල පිළිබඳව නොයෙක් පර්යේෂණ ලිපි සහ පොත් පළකර තිබේ. දිවයින පුවත්පතේ 1981 වසරේ පළවුණු එවැනි ලිපියක් මට තවමත් මතකයි. එය වඩාත්ම මගේ සිතේ සනිටුහන් වූයේ මමද අවුරුදු 2-3 පමණ වයසේදී මගේ පෙර භවය පිළිබඳව කතාකළ බැවිනි. මගේ පෙර භවයේ නිවසට යන පාර පවා කී මා, එම ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී, 'මගේ ගෙදරට යන පාර තියෙන්නේ අතනින්, ඒ පැත්තට හරවන්න" යනුවෙන් කීවා පමණක් නොව, අපගේ රියැදුරු මහතාගේ බෙල්ලේ එල්ලී, වාහනය හරවන්න යයි බල කළ අවස්ථාද අනේක විය. නමුත් අවාසනාවකට, කවුරුවත් මාගේ ඉල්ලීමට කන් නුදුන්නේ, මම එම නිවසට ගියහොත්, නැවත ඒමට ප්‍රතික්ෂේප කරනු ඇතැයි නිසා විය හැකියි. ඊට අමතරව, ඒ කාලයේදී මට සිහිනයෙන්ද පෙර භවය පිළිබඳව පෙනෙන්නට ඇති බව දනිමි. එම සිහින කෙතරම් පීඩාකාරී වූවාදැ'යි කිවහොත්, මැතිරූ තෙල්සහිත සුරයක් මගේ කොට්ටය තුළට දමා තැබීමට මගේ වැඩිහිටියෝ කටයුතු කළහ. විශේෂයෙන්ම අවුරුදු 2-3 අතර දරුවන් පවසන දේ සහ ඔවුන්ගේ සිහින පිළිබඳව වැඩිහිටියෝ අවධානය යොමු කළ යුතුයි.

:       9       52

සෙනෙවිරත්න Wednesday, 04 September 2024 12:03 PM

යුද්ධය දවස්වල මෙහෙත් සෑහෙන්න සටනෙදි මළ සෙබලුන් නැවත ඉපදුන , දැන් ඒ කතා නැහැනේද, එදත් උනේ ටී වී බලල ළමුන් එකතුකරගත් කෑලි තමන්ගෙ අත්දැකීමක් වගේ කියන එක. අපේ සමාජයෙ මුල් බැසගත් මිත්‍යාව අනුව ඒකට පොහොර වැටෙනව.

:       50       14

Hira Wednesday, 04 September 2024 01:58 PM

සත්‍යය බුද්ධියෙන් විමසමු...

:       2       24

sugath Wednesday, 04 September 2024 02:19 PM

මෙය සත්‍ය සිද්ධියක් විය හැකියි. අද බොහෝ දෙනෙක් පුනර්භවය පිළි නොගන්නේ එය "විද්‍යාත්මකව" ඔප්පු කළ නොහැකි නිසයි. මෙහිදී සිහි තබාගත යුතු දේ නම්, පදාර්ථයේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන නවීන විද්‍යාව සහ බුදුදහම යනු එකිනෙකට වෙනස් විෂය පථ දෙකක් වන අතර, ඒවාට එකිනෙකින් අනෙක ඔප්පු කළ නොහැකි බව...!

:       8       21

Ruwan R Wednesday, 04 September 2024 03:16 PM

නොදැනුවත්කම, නොපිළි ගැනීමට හේතුවිය හැකි නමුදු උජාරුවෙන් ප්‍රතික්ෂේප කිරීමට තරම් වූ ආශ්චර්යක් නොවේ.

:       4       28

Harimanis Wednesday, 04 September 2024 04:09 PM

ඩයනා දිව්‍ය ලෝකයට ගිහිල්ලා නෑ වගේ...

:       2       9

Nihal Wednesday, 04 September 2024 04:17 PM

ප්‍රංශ ජාතිකයින් 58%ක් පුනර්භවය පිළිගන්නවා, ඇමෙරිකාවේ 48% පිළිගන්නවා, යුරෝපයේ සෑම රටකම විශාල වශයෙන් පිළිගන්නවා...!

:       8       21

Gunendra Wednesday, 04 September 2024 04:35 PM

මේ ගැන මට අවබෝධයක් නැහැ, ගැටලුව ඩයනා නැති වුනේ 1997 දී, අතර මැද කාලය කුමක් වන්න ඇත්ද? දන්නා අයෙක්ට පැහැදිලි කරන්න පුළුවන්ද?

:       3       10

NeluWednesday, 04 September 2024 10:29 PM

අපි ගන්ධබ්බ අවස්ථාව කියන්නේ එක් භවයකින් තවත් එකකට පිවිසෙනතුරු ඉන්න කාලය කියන එකටනේ. සමහරු මියගිය මොහොතේම නැවත මවු කුසක පිළිසිඳ ගන්නවාලු සමහරු අවුරුදු ගානක් අන්තර් භවයේ හෙවත් ගන්ධබ්බයෙක් ලෙස ඉන්නවලු.. තමන්ට හිමි අත්මයට යනතුරු. හැබැයි මේ සිදුවීම් පිළිගන්නේ පුනරුත්පත්තිය පිළිගන්න අය පමණයි. ඉතින් මේ දේවල් ඇත්ත නම් ඩයනා කුමරිය අවුරුදු ගාණක් ගිහින් ඉපදෙන්න ඇති. නැත්නම් ඒ මැද තව ආත්මයක ඉපදිලා මැරිලා ආවා වෙන්නත් පුළුවන්. එකම දේ නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි තාම ඔය පුවත ගැන මෙහේ මාධ්‍ය වලින් අහලා නෑ. මේ දරුවාගේ පියාත් ප්‍රසිද්ධ කෙනෙක්. ඔහුගේ පියා ජිමී බාන්ස් කියන්නේ ඉතාම ප්‍රසිද්ධ ගායකයෙක්. ඉතින් තාම මෙහේ පුවත්වල දැක්කේ නැති බව නම් පුදුමයි....

:       2       3

සුජිත් පල්ලේවත්ත Wednesday, 04 September 2024 11:40 PM

යමෙක් කුමන හෝ ආගමක් දර්ශනයක් ඇදැහුවද විශ්ව සමීකරණය බුද්ධ ධර්ශනයයි..එය බුදුන් වහන්සේ විසින් සොයා ගත් බැවින් එම නමින් හැඳින්වූවද එයයි විශ්වයේ ධර්මතාවය... ඔව් ඩයනා කුමරිය 1997 මියයැදුනද ඇයට නැවතත් මිනිස් ආත්මයක ඉපදීමට අවකාශ ලැබී ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයා බිහිවූ කාල වකවානුවේ විය හැකියි.මන්ද යත් තමන් රැස්කල කුසල් අකුසල් අනුව තමන් ලබන ආත්මය රඳා පවතින බැවිනි.සමීකරණය එයයි.සරලයි.. ....පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ..පින නම් නොපමාවම කර ගන්නේ...

:       1       2

primeshikaThursday, 05 September 2024 05:20 AM

පෙර ආත්මයක සිදුකල අකුසල කර්මයක් නිසා අකල් මරණයකට නැවතත් ගොදුරු වූවා විය හැකියි...!

:       2       0

සූතින්ද්‍ර Wednesday, 04 September 2024 09:48 PM

මේ කතාව විශ්වාස කරන්න අමාරුයි.

:       2       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 630 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 199 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 466 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 710 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 182 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 577 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site