(අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය.
වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී.
එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන ඇත.
එක් ඩ්‍රෝන යානාවකින් පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකි බවත් වී වැපිරීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙම ඩ්‍රෝන යානා සියය කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දෙන බවයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා බාර දීම සිදු කළ අතර එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂි අංශ නිපුණතා සභාවේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පි
වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පැවසීය.
කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි.
රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කි
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි
Aravinda Monarawila Wednesday, 17 January 2024 01:08 PM
ඩ්‍රෝන තාක්ෂණයෙන් වගාකරන්න ඕනෑ කියලා මෙයාලාට මතක් වුණේ මාලිමාවට පාලන බලය හිමිවූ සමූපකාර සමිතිවල ඒවා භාවිතා කරන්න පටන් ගත්තායින් පස්සේ... නැතිනම් ඩ්‍රෝන තියා පොහොර ටිකත් නැතිකරලයි නැවතුණේ...
ජේ ආර් නානා Wednesday, 17 January 2024 02:05 PM
පරාද වෙන්න ලං වෙනකොට තමයි රට හදන්න හිතන්නේ...!
Lalkantha Wednesday, 17 January 2024 02:18 PM
අමරවීරගේ පුද්ගලික මුදලින් දෙනවා වගේ... එයාගේ හිනාව.
බිංදුසරණ Wednesday, 17 January 2024 02:59 PM
මේ පොටෝ එකේ.. කාටද මේ දෙන්නේ කව්ද ලබාගන්නේ... දෙන්නගෙන් එක්කෙනෙක්වත් ගොවිතැන් කරන දෙන්නෙක් නෙමෙයි කියලයි පේන්නේ...!
PadukkageWednesday, 17 January 2024 04:03 PM
බිංදුසරණ ඉතාමත් නිවැරැදියි... මොකද මෙහිදී ඩ්‍රෝන යන්ත්‍රය ගත් පුද්ගලයා වගේ කෙනෙක් කොහොමවත් ලංකාවේ නම් ගොවිතැන කරන්නේම නැහැ.. මේවා පාක්ෂිකයින්ට / අනුගාමිකයින්ට සංග්‍රහ කිරීමක් වෙන්න පුළුවන්... ඇත්තටම ඕවා යොදාගෙන අහල පහළ තරහ කාරයින්ගේ වහලවල් වල වහලයේ සීට්වලට හානි කරාවිද කියලා හිතෙනවා...