IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

(අංජුල මහික වීරරත්න)

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම  මෘදුකාංග හරහා සිදු කළ හැකිය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත්  කටයුතු කරයි.

"Govpay " වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.



අදහස් (1)

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

Asela Friday, 07 February 2025 05:25 PM

මේ කෙටි කාලීන වැඩසටහන් වෙනුවට ඇමතුමකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ කූඩැල්ලන්ට පුහුණුවක් ලබා දෙනවා නම් ඉතා හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 පෙබරවාරි මස 07 37 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.


’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’
2025 පෙබරවාරි මස 07 104 0

වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද


ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි
2025 පෙබරවාරි මස 07 162 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා
2025 පෙබරවාරි මස 07 249 0

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (


තුන්වන පන්තියේ වෙන්කළ ආසන ඉවත්කිරීම අත්හිටුවයි
2025 පෙබරවාරි මස 07 274 0

කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර


ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට
2025 පෙබරවාරි මස 07 918 2

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 818 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 759 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site