IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 3000 ක් සමගය.

සැකකාර කාර්යාල කාර්ය සහයකයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

ඉකුත් 2 වෙනි දින කොලොන්නාව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියකගේ වට්සැෆ් ගිණුමට " ඔයා ඔය ජොබ් එක පරෙස්සමෙන් කරගන්න" යනුවෙන් කෙටි පණිවිඩයක් ලැබී ඇති අතර ,එය දුටු රූපලාවන ශිල්පිණියගේ සිත බයෙන් තිගැස්සී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරුව එම පණිවිඩය කාගෙන්ද යන්න රූපලාවන ශිල්පිනිය විසින් දුරකථනය පරීක්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිල ඇඳුමෙන් සැරසුණු අයකුගේ බව දැක ඇත.

එම රූපලාවන ශිල්පිනියට ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නඩුවක සැකකාරියක්ව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ යම් නිලධාරියෙක් කිසියම් හෝ පණිවිඩයක් තමන් වෙත දැන්වූවාදැයි යන සැකයෙන් වට්සැප් තාක්ෂණය ඔස්සේ එම ගිණුමට ඇමතුමක් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

එහිදී පවසා ඇත්තේ රූපලාවන ශිල්පිනිය හට රතු නිවේදනයක් අත්සන් කිරීමට සූදානමින් සිටින බවත් එය අත්සන් කළහොත් ඇයට බන්ධනාගාර ගතවීමට සූදානම් වී සිටින ලෙසත් , එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් රුපියල් 50000/= ක මුදල ලබා දෙන ලෙසත් , එය ලබා නොදෙන්නේ නම් හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවීමට සිදුවන බව දන්වා ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

එදින රුපියල් 50000/= මුදලක් ලබාදීමට නොහැකි තත්ත්වයක සිටි රූපලාවන ශිල්පීනිය මහත් අසරණභාවයට පත්ව එය රුපියල් 25000/= දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ලබා දුන් ගිණුම් අංකයට මුදල් බැරකර ලදුපතේ ඡායාරූපයක් වට්සැප් තාක්ෂණය ඔස්සේ වට්සැෆ් ගිණුමට යොමු කිරීමටද කටයුතු කර ඇත.

අනතුරුව මඳ වේලාවකදී රූපලාවණ්‍ය ශිල්පිනිය ඇමතු පොලිස් නිලධාරියා යැයි කියු සැකකාර පුද්ගලයා රූපලාවණ්‍ය ශිල්පිනියගේ මිතුරියගේ ඡායාරූපයක් ඇය වෙත වට්සැෆ් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇයගේද දුරකථන අංකය ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එම පුද්ගලයා සමග තවදුරටත් දුරකථනය හා සම්බන්ධ නොවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

ලද පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශන වලදී කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් වට්සැප් ගිණුම සකස් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඡායාරූපයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ විවේක කාමරය තුළදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී සැකකරු වට්සැප් ගිණුම සඳහා භාවිතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගෙන ඇති බවත්, දුරකථන අංකය ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවේ රියදුරකුට අයත් සිම්පතක් බවට අනාවරණය වූ බවත් මුදල් තැන්පත් කරවාගෙන ඇත්තේ එම ඩිපෝවේ ම ලිපිකරුවෙකුට අයත් බැංකු ගිණුමකට බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු එම රියදුරාගේ සහ ලිපිකරුගේ , දුරකථන සිම්පත සහ බැංකු ගිණුම භාවිතා කර ඇත්තේ ඔවුන් දෙදෙනා නොමඟ යවමින් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට
2025 ජනවාරි මස 07 71 0

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නව නිපැයුම් කොමිසමට ’’ලොක්කෝ’’ පත් වෙති
2025 ජනවාරි මස 07 135 0

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’රිච්මන්ඩ් කාසල්’’ රාජ්‍ය පෞද්ගලික හවුලකට
2025 ජනවාරි මස 07 915 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාස්කු ප්‍රහාරයට සැක 747ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 07 1009 0

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා


ජනපති 14 චීනයට
2025 ජනවාරි මස 07 303 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.


හොර කච්චේරියක් වටලයි
2025 ජනවාරි මස 07 353 0

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 465 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 239 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site