ඩයනා උදයංගනී
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
තවත් දින 5කට සරිලන තෙල් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර දැනට පැමිණෙමින් තිඛෙන තෙල් නැව එම දින 5 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
එම ඉන්ධන දිවයින පුරා නිසි අයුරින් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිභෝගිකයා පිළිබඳ සිතා බව ද ලේකම්වරයා කීවේය.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තෙල් නැව භාර නොගන්නා බව අමාත්‍යංශය කියයි
Chamara Sunday, 05 November 2017 03:35 PM
එහෙම කියන්නේ කොහොමද ඉන්දියාවේ දේවල්වලට... අපොයි,.. අපි කිව්වා ඕක, දොස්තරලාත් ගේමු කියලනේ කියන්නේ සමහරු .. තෙල් නම් ගේද්දිම හොයාගත්තැහැකි. මිනිස්සු මැරෙද්දී තමා දොස්තරලා ගෙනාවොත් හොයාගන්න වෙන්නේ.. බලන් කඩතුරා හැර දෑසේ...
sunil Sunday, 05 November 2017 04:23 PM
අපි මේවා දැන් විශ්වාස කරන්න හරි බයයි.
Sam Sunday, 05 November 2017 04:54 PM
මෙහෙමත් රටවල් එක තෙල් නැවක් ප්‍රමාද වුනොත් තෙල් නැ, ආණ්ඩු මොකටද ? නිකන් තියන තෙල් ටැංකි ටික පුරවා ගන්නවත් බැ.
anthony Sunday, 05 November 2017 09:37 PM
අයියෝ ලැජ්ජයි. පෙට්‍රෝලියම් එක ලාභ ලබන රජයේ ආයතනයක් නේද ...පෙට්රෝල් ලීටරයකට මොන තරම් ලොකු බද්දක් ජනතාවගෙන් අය කරනවද ? ඔය ලබන ලාබය මොනවටද කොහාටද වියදම් කරන්නේ ? මුළු රටම එක සතියක් දුවන්න ඕන කරන්නේ එක තෙල් නැවද? එහෙම එන නැවක් හදිසියේ හරි මගදී කැඩුනොත් රටේ ජනතාවට වෙන්නේ උඩ බලන් ඉන්නද ? මෙහෙම රටක් කරන්න ආණ්ඩුවක් ඕනද ? අපේ රට කරන්න කොහෙන් හරි රටකින් හොඳ කොම්පැනියක් හොයාගෙන බාරදුන්නොත් මෙයිට වඩා ලස්සනට කරලා පෙන්නයි ..
himalMonday, 06 November 2017 09:06 AM
පෙට්‍රෝලියම් එක කොහෙද ලාභ ලබන්නේ? ලංගම, දුම්රිය, තැපෑල වගේම පෙට්‍රෝලියම් එකත් නොසෑහෙන්න පාඩු ලබනවා.
naradhaMonday, 06 November 2017 10:40 AM
ඒ ලබන ලාබෙන් තමයි නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි දේ ලබා දෙන්නේ.
ජගත් ලියනගේ Monday, 06 November 2017 12:32 AM
මේ වෙනකම් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බලධාරීයා කියල තියන බොරු හැටියට, අපිට ඔය කියන කතාවත් විශ්වාස කරන්නද කියන්නේ?
bopage Monday, 06 November 2017 01:31 AM
මේ සේරම වැඩ බැරි ඇමතියෙක් සහ එයාගේම සහෝදරයෙක් කරන වැඩ....
Poosa Monday, 06 November 2017 01:58 AM
බෑ බෑ.. තෙල් ටැංකි ටික විකුනන්නමයි ඕන.. දැන් සැපද මිත්‍රවරුනි .. දැන්වත් ටිකක් මොලේ පාවිච්චි කරලා වැඩ කරමු.. රටේ සම්පත් රැක ගන්නවනම් මෙහෙම දෙවල් වෙන්නෙ නෑ.. තෙල් බලය අයිඕසී දුන්නොත් වෙන දේ දැන් හිතාගත්තැහැකි..
ත්‍රීවීලර්කාරයා Monday, 06 November 2017 02:52 AM
කුරුණෑගලට පෙට්‍රල් නැත
alwis Monday, 06 November 2017 02:53 AM
අපේ තෙල් සංස්ථාවට අවශ්‍ය තරම් ගබඩා කරගැනීමට තෙල් ටැංකි නැහැ. පහුගිය දවස්වල තෙල් සංස්ථාවේ යුනියන් වර්ජනය කලේ හම්බන්තොට තෙල් ටැංකි සහ ත්‍රිකුනාමලේ තෙල් ටැංකි සංස්ථාවට දෙන්න කියල අපිට අවශ්‍ය තෙල් ප්‍රමාණය ගබඩා කරගන්න. දැන් රජයේ සම්පත් විකුණගෙන කන එකේ ප්‍රතිපල භුක්ති විදින්න පටන් අරගෙන නේද?
ruwan Monday, 06 November 2017 03:11 AM
අනේ අපොයි රටේ ජනතාව වෙනසක් කරන්න ගිහින් කරගත් විනාසයක මහත.
sarath Monday, 06 November 2017 03:12 AM
අයවයෙනුත් කරන්නේ ඉන්දියාවෙන් එන කබල් වාහන වල බදු අඩු කරන එක
Chandima Fonseka Monday, 06 November 2017 03:42 AM
මිනිස්සුන්ටත් හොඳයි යමක් තේරෙන්න.
ලුම්බිණි Monday, 06 November 2017 03:47 AM
ඉතා පහල මට්ටමක තිබෙන සැපයුම් ප්‍රතිපත්තියක් මත ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරන බවකුයි පෙනෙන්නේ. අඩුම වශයෙන් මාස 3 කට වත් අවශ්‍ය ඛණිජ තෙල් රට තුල ගබඩා කල යුතු නේද? වෙන රටවල් වැඩ කරන විදිය බලලවත් ඉගෙන ගත යුතුනේද? ඛණිජ තෙල් ගෙන්වා අලෙවි කරන්න තව තව පුද්ගලික ආයතන වලට දෙන්න බැරි මොකද?
naradhaMonday, 06 November 2017 10:35 AM
පහළ මට්ටමක තිබෙන සැපයුම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ තෙල් ගබඩා කර තැබීමේ පිරිවැය අවම කිරීමටයි. ණය බරින් කඩා හැලෙන ආර්ථිකයකට මෙවැනි දේ කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථාවක ඇති එක් අවදානමක් නම්, සැපයුම අඩාල වූවොත්, ඉන්ධන හිඟයක් ඇති විය හැකි වීමයි.
bamunuarachchiTuesday, 07 November 2017 02:28 AM
"ණය බරින් කඩා හැලෙන ආර්ථිකයකට මෙවැනි දේ කිරීමට සිදු වෙනවා." එහෙනම් බස්තියන් පයින් යන්න. ණය බරක් තිබෙනවා නම් කාර් ගෙන්වන්න පරිපූරක ඇස්තමේන්තු දමන්නේ කොහොමද? කිසිම වැඩකට නැති පිරිසක්...හලෝ තෙල් ගෙනල්ල නොමිලේ දෙන්නේ නැත. සෑහෙන ලාභයකුත් තියාගෙන තෙල් දෙන්නේ. සැප පහසු කාර් ගෙනෙන්න පරිපූරක ඇස්තමේන්තු දමනවානම් පරිපූරක ඇස්තමේන්තු දමා තෙල් ටික ගෙන්වාගෙන අපේ ටැංකි පුරවා ගන්න බැරි මොකද. පරිපාලනයේ දුර්වල කම් හලෝ පරිපාලනයේ දුර්වල කම්. සිල්ලර වෙළෙන්දෙකුගේ මොළය මුන්ට නොමැත.
sathyapala Monday, 06 November 2017 04:10 AM
මග එන තෙල් නැවත් මේ තෙල්ම නම් මොකක්ද කරන්නේ? තිබෙන අර්බුධකාරී තත්වය නිසා මේ වතාවේ පමණක් භාරගන්නවා කියල භාර ගනී නේද ? ඒ මදිවට මුලින් තෙල් පරික්ෂා කල නිලධාරීන් රජය අපහසුතාවට පත්කිරීම සදහා බාල තෙල් බව පැවසුවද සිංගප්පුරුවට යැවූ සාම්පලය පරික්ෂාවේදී තෙල් හොද බවට සහතිකයක් ලැබුනා කියා ලංකාවේ පරීක්ෂාකළ නිලධාරියා ගෙදර යවා සියල්ල යට ගසාවි නේද ? එහෙම කරන්න දැනටත් ඉන්දියාවෙන් දැඩි බලපෑම් ඇති නේද ? අපි ඉන්දියාවට යටත්වෙලා ඉවරයි නේද ?