ශ්රී ලාංකේය රංගන කලා කෙත අස්වද්දන්නට දශක හතර හමාරකට අධික කාලයක් කැපකළ රංගනවේදියෙකු සහ නිර්මාණකවෙකු වූ ජයලත් මනෝරත්නයන් ඇගැයීමේ නාට්‍ය උළෙලක් 'තෙවත' මනෝ රඟ පෙළහර නමින් 2012 ජනවාරි 5 සිට 7 දක්වා ලයනල් වෙන්ඩට්හිදී පවත්වන්නට සද්ජන සහෘද සංසදය කටයුතු යොදා තිබෙනවාග මේ අනුව ජනවාරි 5 වැනිදා 'අන්දරේලා', 6 වැනිදා 'සුද්දෙක් ඔබ අමතයි' සහ 7 වැනිදා 'බූරැවා මහත්තයා' යන නාට්‍ය ප.ව 7.00 ට ඔබට නැරඹිය හැකියි. මනෝරත්නයන්ගේ මෙකී 45 වසරක කලාදිවිය සම්බන්ධව අපි ඔහු සමග සංවාදයෙහි යෙදුණෙමු. 'තෙවන' නාට්‍ය උළෙල ගැන මුලින්ම කතා කළොත්? මගේ නාට්‍ය දිවියට වසර 45 ක් සපිරීම තේමාකරගෙන තමයි සද්ජන සහෘද සංගමය විසින් 'තෙවත' නාට්‍ය උළෙල සංවිධානය කෙරෙන්නේ. මෙහිදී මම ප්‍රධාන චරිතය නිරෑපණය කරන විවිධ ශෛලීන්ල විවිධ ආකෘතීන්ල විවිධ රංගන ස්වරෑපයන් සහිත නාට්‍ය ත්‍රිත්වයක් වේදිකාගත කිරීමට මෙම උළෙල සංවිධානය කරන සද්ජන සහෘද සංසදය කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා 'අන්දරේලා' , 'සුද්දෙක් ඔබ අමතයි' සහ 'බූරැවා මහත්තයා' නාට්‍ය ඇතුළත් වෙනවා. 'අන්දරේලා' 1993 දී තමයි නිෂ්පාදනය කළේ. මෙය නොකඩවා වේදිකාගත කෙරෙන නාට්‍යයක්. මුල් නළු නිළියේ මෙහි තාමත් මෙහි රඟපානවා. ‘අන්දරේලා' වැඩවසම් යුගය පසුබිම් කරගත් නාට්‍යයක්. විශේෂයෙන් කලාකරැවා පාලකයන් අතට හසුවුණාම ඇතිවන ඛේදවාචකයක් තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. මේ නාට්‍ය කරන්න මට විශේෂයෙන් හේතු වුණේ නිහාල් සිල්වාගේ මරණයයි. ඔහු ඉතා සරල දිවියක් ගත කළ අයෙක්ග නමුත් ඔහුව විහිළු සැපයීමට රජවාසලට ගෙනයනවා. ඉන් පස්සෙ සත්කාරල සම්මාන දීලා ඔහුව වෙනම තලයකට ගෙනයනවා. නමුත් අවසානයේදී ඔහුට සිදුවෙනවා අවාසනාවන්ත මරණයකට ගොදුරැවෙන්න. අපේ රටේ අතීතයේ සිට අන්දරේ කියන සරල ගැමියට අර්ථකථනය කළේ මේ සිදුවීමයි. ‘සුද්දෙක් ඔබ අමතයි' නැවුම් ආකෘතියක්. ලංකාවේ පළමුවරට නාට්‍යය තුළ තුන්දෙනෙක් කතා තුනක් පවත්වනවා. ඒ කතා තුන තුළ දක්නට ලැබෙන්නේ රංගෝචිත ආකෘතියක්. මෙයින් කියවෙන දේ අතිශය දේශපාලනිකයි. 'බූරැවා මහත්තයා' ඉන්දියානු නවකතාවක් පාදක කරගෙන මම ලියූ නාට්‍යයක්. මට හිතුණා 1930 ගණන්වල , 40 ගණන්වල කතාවක් වුණත් සමකාලීන ලාංකික සමාජයට හුඟක් ගැළපෙනවා කියලා. මේ නාට්‍ය නිදහස් ශෛලියකින් ගීත හා නැටුම් අන්තර්ගත කරලා නිර්මාණය කළේ. මේ නාට්‍ය තුනේම යටි පෙළ අර්ථය අතිශය දේශපාලනිකයි. වසර 45 ක් වේදිකාව තුළ ගෙවුණු ජීවිතය ගැන මොකද හිතෙන්නෙ? හරිම තෘප්තිමත්. විශාල ආස්වාදයක් වින්දා. ඒ නිසාම තමයි නාට්‍ය ක්ෂේත්‍රයේ රුඳිලා ඉන්නෙ. එවැනි අවස්ථාවක් නොලැබුණා නම් මේ ක්ෂේත්‍රය අතහැරලා ගොස් හුඟක් කල්. ලංකාව වැනි රටක වේදිකා නාට්‍ය තුළ මෙතරම් කාලයක් රුඳී සිටීම ලෙහෙසි පහසු නැහැ. ඒ කාලෙ අපි අසාවට නාට්‍ය කළාට නාට්‍ය කලාවට තිබෙන ආදරය, ගෞරවය හා කැපකිරීම නිසා තමයි තවත් මේ තුළම රුඳී ඉන්නෙ. අනික අපට දැනෙනවා යම් දෙයක් ප්‍රකාශ කළ යුතුයි කියා. එය අවුරැදු ගණනක් තිස්සේ දැනෙන දෙයක්. විවිධ වෘත්තිකයන් විවිධ ස්වරෑපයෙන් සිය ප්‍රකාශනය කරනවා. මේ ප්‍රකාශන මගින් රටක පාලනමය සැලැස්ම කිසියම් ආකාරයක යහමට්ටමක පවත්වාගෙන යන්න යම් ඉඟියක් දිය හැකියි. ඒ වගේම නාට්‍ය කලාවල සිනමා කලාවල ගීතය වැනි දේ ගත්තම උසස් වින්දනයක් එක් කළ හැකි ශක්තියක් මේ ප්‍රකාශන තුළ තිබෙනවා. ඒ නිසා අපගේ ප්‍රකාශනය කවදාවත් අවසන් වෙන්නෙ නැහැ. දැන් වැඩ කරලා ලබන අවුරැද්දේ ඉඳලා නිදහසේ ඉන්නවා කියලා හිතුවට රටල සමාජය දිහා බැලුවම නිහඬව සිටීම අපගේ යුතුකම නෙවෙයි කියලා හිතෙනවා. ඒ නිසා ආයෙමත් වැඩක් පටන් ගන්නවා. ඒ වැඩේ කියන්නේ අපේ ප්‍රකාශනයක්. සමාජයේ සාකච්ඡාවට ලක්විය යුතු සිදුවීම් නිර්මාණ ලෙස පසුගිය සමයේ එළිදැක්වුවත් මේ තුළ යම් හෝ පණිවුඩයක් සමාජයට එන්නත් කරන්න ලැබුණා කියා ඔබ විශ්වාස කරනවද? මේ දේවල් ග්‍රහණය කරගන්න අපේ ප්‍රේක්ෂකයන් සමත්ද? ඒකට දෙන්න තියෙන පිළිතුර හරි සංකීර්ණයි. අවම වශයෙන් 10% ක්වත් ඔබ විමසන ප්‍රශ්නයට පිළිතුරැ සපයලා තිබෙනවා. උදාහරණයක් ලෙස අපි පිටපළාතකට ගිහින් නාට්‍ය පෙන්වන විට ඒ ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝදෙනා නාට්‍ය ඉවරවුණ ගමන් යන්නෙ නැහැ. ඔවුන්ට ප්‍රවාහන අපහසුතා තියෙනවා. නොයෙක් වැඩ තියෙනවා. එසේ තිබියදීත් නාට්‍ය හරහා අපි කියන දේ ග්‍රහණය කරගන්නවා. ඔවුන් මේ කරන දේ ගැන අපට ගෞරව කරනවා. අපි කරන නිර්මාණය පාලන පක්ෂයටත් දැනෙන බව පේනවා. අපට අවශ්‍යවන්නේ මේ දැනවීමයි. කොහොම වුණත් ප්‍රේක්ෂකයන්ට කළ හැක්කේ මේක බලලා, පිළි අරන්, රසවිඳලා අපව ධෛර්යමත් කරලා යාම පමණයි. ඉතිරි පක්ෂය වන පාලකයන් හා ව්‍යාපාරිකයන්ට තමයි මින් කතාවෙන සමාජ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒමට උදව් කළ හැක්කේ. නමුත් එවැනි ක්‍රියාවලියක් තාම අපට පේන්න නැහැ. ලංකාවේ නාට්‍ය කලාව ගත්විට ලයනල් වෙන්ඩට් කේන්ද්‍රකරගත් එකක් සහ බහුතර ප්‍රේක්ෂකයන් වෙත ගෙනයන නාට්‍ය යනුවෙන් ධාරා දෙකක නර්ථනයන් තිබෙනවා නේද? කලාවේ එක අංශුවක් තමයි නාට්‍ය කලාව කියන්නේ. අප ඒ මාධ්‍යයට අනුව නිෂ්පාදනයක් ඉදිරිපත් කළහම ලංකාවේ විදිහට කොළඹ පමණක් පවත්වලා අවසන් කරන්න බැහැ. අනිත් මාධ්‍යවලටත් මේක කරන්න පුළුවන්. පොත් කර්තෘවරයාටල චිත්‍රපටකරැවාට, රෑපවාහිනී මාධ්‍යකරැවාට ඕක කරන්න පුළුවන්. වෙනත් දියුණු රටවල නම් රංග ශාලාවේ නාට්‍ය ප්‍රදර්ශනය වෙනවා. රසිකයන් ඇවිත් බලනවා. එහෙම නැතුව බඩු පොදි බැඳගෙන නාට්‍ය දිස්ත්‍රික්කයක් ගානේ ගෙනයන්නෙ නැහැ. නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසා නාට්‍යකරැවන් ලෙස පමණක් නෙවෙයි සමාජයේ ජීවීන් ලෙස සිතලයි අපි කටයුතු කළ යුත්තේ. පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් එක කොළඹ හැදුවා. කොළඹ අවට ඉන්න අයට මේකට ඇවිත් නාට්‍ය බලන්න පුළුවන්. නමුත් දෙහිඅත්තකණ්ඩියල අම්පාරල බදුල්ල රසිකයන්ට නාට්‍යයක් බලන්න කොළඹට එන්න පුළුවන්ද? නාට්‍ය සංස්කෘතිය මුළු රටේම හැමදෙනාටම මිසක් කොළඹට විතරක් සීමාවෙන්න බැහැ. 70 දශකයේ විවෘත ආර්ථිකය සමග කලාව වෙළඳ භාණ්ඩයක් බවට පත්වනවා. විශේෂයෙන් ජනප්‍රිය සංස්කෘතිය තුළ විකිණි භාණ්ඩවලට ලැබෙන අර්ථකථනය වැඩියි. මුල සිටම මේක විකුණන්නෙ කොහොමද කියන දේ ගැන සිතනවාට වඩා තමන් නිර්මාණය කරන දේට වෙළඳපොළක් සොයාගැනීම වෙනම දෙයක්. කලාවේ ඉල්ලුම හැම විටම ඉහළ මට්ටමක පවතින්නෙ නැහැ. විද්‍යුත් මාධ්‍යවල පවා ප්‍රාසංගික නිර්මාණවල බලපෑම වැඩි නිසා මධ්‍යමත් නොවන ඊටත් තරමක් පහළ ස්ථර තමයි තිබෙන්නෙ. නාට්‍යකරැවා කලාකරැවා ලෙස ගන්නවා නම් කළ යුත්තේ මේ මාධ්‍යයට උචිතව අවංකව මේ මාධ්‍යයෙන් ප්‍රකාශ කරන දේ ඉදිරිපත් කිරීම. එසේ නොමැතිව මුදලාලිලාල සංවිධානයන් ආදී අතරමැදියන්ට අවශ්‍ය දේ නොපෙන්විය යුතුයි. මොකද අතරමැදියන් පවසන්නේ ජනතාවගේ අදහස නොවෙයි. වේදිකාව තුළ වසර 45 ක් ගත කළ ඔබ ටෙලි නාට්‍ය රංගනයල අධ්‍යක්ෂණ කාර්යයේ පසුගිය සමයේ නිරතව සිටියත් මෑතකාලීනව එකී ක්ෂේත්‍ර පිළිබඳ නිද්‍රාශීලීත්වයක් දක්නට ලැබෙනවා නේද? මම නිරන්තරව වේදිකා නාට්‍ය සමග සිටිනවා. රෑපවාහිනී මාධ්‍ය තුළ මේ ගතවෙන කාලයේ අපට කරන්න දෙයක් නැහැ. බොහෝ ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණත් එහි පිටපත කියවලා බැලූවිට ඉන් මට ප්‍රයෝජනයකුත් නැහැ. නරඹන අයට ප්‍රයෝජනයකුත් නැහැ. මේ නිසා එවැනි දේවලින් තරමක් ඈත්ව සිට හොඳ නිර්මාණයක් ලැබුණු විට ඊට දායකවිය හැකියි. කෙසේ වෙතත් සිනමාව සම්බන්ධව ගත්විට අතරින් පතර හොඳ නිර්මාණ එක දෙකකට සම්බන්ධ වෙනවා. ඒ අතර මෑතකදී ඉන්දියානු අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක රඟපෑවා. එසේම සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකටත්, කේ.ඒ.විජේරත්න අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයකටත් දායකවීමේ අවස්ථාව මට ලැබිලා තිබෙනවා. මේ අතරම සරත් ධර්මසිරිගේ සහ සිවදාසන්ගේ චිත්‍රපට වලට ප්‍රධාන චරිත නිරෑපණය කිරීමේ අවස්ථාවත් මට හිමිවුණා. වේදිකාවට අලුත් නිර්මාණයක් ගෙන එන්නට අදහසක් නැද්ද? මම මීට වසර දෙකකට පමණ පෙර රචනා කළ 'සෙල්ලම් නිරිඳු' සඳහා නළු නිළියන් තෝරාගෙන පිටපත කියවීම සිදුකළා. නමුත් විවිධ අයගේ කාර්යයබහුල වීම නිසා අප ටික කලකට මේ නිර්මාණය නැවැත්වූවා. කෙසේ වෙතත් තවත් මාස කිහිපයකින් මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹිය හැකිවේවි. 071 2282035
ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප
නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න
කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු
පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,
වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂෂා හේතුවෙන් වව්නියාවේ වැව් 125 ක් පමණ මේ වන විට වාන් දමා ඇති අතර වැව් 3 ක් කැඩී ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තෙවත
ප්‍රේම් Thursday, 12 January 2012 02:36 PM
ශ්‍රේෂ්ඨ කලාකරුවාණෙනි ඔබ කළ සේවයට සදා ජය
Marie Wednesday, 11 January 2012 09:10 AM
මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ අගය කරන්න ඕනා. බොහොම වටින, හොද නිර්මාණකරුවෙක් සහ රංගන ශිල්පියෙක්. ඔබට ජය
මාලි Monday, 09 January 2012 10:55 AM
හොද නාට්‍යයක් බලන්න පුළුවන්ද?
අජිත් Thursday, 12 January 2012 04:54 PM
මේ වගේ කලාකරුවන් රටට ගොඩාක් වටිනවා.
Janaka Doloswala Monday, 16 January 2012 06:00 PM
මේ වගේ කලාකරුවන් රටට ගොඩාක් වටිනවා
චාමර Thursday, 12 January 2012 08:28 AM
මේ වගේ කලාකරුවන් රටට ගොඩාක් වටිනවා. මගේ කැමතිම නලුවා ඔහුය
කුමාර පීරිස් Thursday, 12 January 2012 01:23 PM
හොද කලාකරුවන්ගෙන් එක් සම්පතකි. අලුත් දෙයක් අරන් නැවත මෙහි එන්න. ඔබට දීර්ඝායුෂ.