IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ



(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය  කිසිදු ලේඛනයක  සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ   ජේෂ්ඨ සහකාර  ලේකම්  (පාලන)  අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.

අබේරත්න  මහතාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය  සඳහන් කෙරුණු අතර  අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම  නාමය  දැක්වුණු බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අබේරත්න  මහතා මහාචාර්ය තනතුරක් දැරුවද මේ වනවිට විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු නොකරන තත්ත්වය යටතේ මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි හෙයින්  අබේරත්න මහතාගේ නම ඉදිරියෙන්  මින් ඉදිරියට පාවිච්චි කෙරෙන්නේ ආචාර්ය පදවිය පමණක් බව  එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ  විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන් වූ මහාචාර්ය නාමයද  පසුගියදා ඉවත් කෙරිණ. ඒ අමාත්‍යවරයා විසින් ස්විච්ඡාවෙන්  කරන ලද ඉල්ලීමක් අනුවය. විශේෂඥ වෛද්‍යවරයෙකුදවන අබේසේන  මහතා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ලෙස කාලයක් කටයුතු කළේය.

මහාචාර්ය පදවියක් ඉසිලූ  ආචාර්යවරයෙකු විශ්ව විද්‍යාල සේවයෙන් පසු එම තනතුරු නාමය පාවිච්චි කිරීමට හැකියාව නැති බවත්  විශ්ව විද්‍යාල සේවයෙන්  පසු ආචාර්යවරයෙකුට හෝ වරියකට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමුණහොත්  පමණක් එය භාවිත කිරීමට හැකියාව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.



 

 



අදහස් (15)

තවත් මහාචාර්ය පට්ටමක් ගැලවේ

Bunny Preena Monday, 27 January 2025 09:12 AM

මේකට වඩා වෙනත් වැදගත් වැඩක් සොයාගැනීමට මේ වාර්තාකාරිත්වය හෝ වාර්තාකාරියට නොහැකි වෙලා වගේ. නිල්කන් ඉන්න මාව අහලා ගියත් "මදැයි " කියනවා වගේ.

:       15       13

යෝගා Monday, 27 January 2025 09:16 AM

මාලිමාවේ බබ්බු ටික මහාචාර්ය පට්ටම් වලට අදාල චක්‍රලේඛ නොදැන හිටියා කියන එක තවත් සුපුරුදු කෙබරයක්. මොවුන් කලේ කිසි හිරිකිතයක් නැතුව මහාචාර්ය පට්ටම ඡන්ද ගන්න මාර්කට් කරපු එකයි. දැන දැන ජනතාව ඇන්දුවා.

:       23       80

හොර මහාචාර්ය බකල ජයා Monday, 27 January 2025 09:42 AM

මම දන්න විදියට මහාචාර්ය කියන්නෙ විශ්වවිද්‍යාලයක උගන්වන කාලයට අදාළ තනතුරක්. ඉගැන්වීම නවත්වපුවම මහාචාර්ය නෑ. නමුත් ගෞරවයක් හෝ සාමාන්‍ය භාවිතයක් හැටියට විශ්වවිද්‍යාලයකින් අයින් උනත් ඒ තනතුරු නාමය සමහරුන්ට යොදනවා. උදා: සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර. මේ විශිෂ්ඨයන්ගෙ නම් මහාචාර්ය නැතිව ඇහිල පුරුදුත් නෑ වගේ. නමුත් සමහරු ඒ තනතුර අනවශ්‍ය විදිහට ඉස්සරහට දාගන්නෙ මොකක් හරි අඩුවක් වහගන්න වෙන්න ඇති.

:       13       48

Rashmi Monday, 27 January 2025 10:13 AM

අපේ රටේ ව්ශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත උදවියට හැදෙන බරපතළ මානසික ව්‍යාධියක් තමා මේ පට්ටම් මානසිකත්වය. එයාල හිතන්නේ අනිත් මිනිස්සු අමු මෝඩයො, එයාල තමා පට්ට උගත්තු, එයාල තමා හැමදේම දන්නෙ කියලා.

:       3       30

අමරකීර්ති Monday, 27 January 2025 10:36 AM

හොර මහාචාර්ය බකල ජයාගේ දැනගැනීම පිනිසයි. සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන්ගේ නම් මහාචාර්ය යන පදවි නාමය සමග කියැවෙන්නේ ඒ අයට විශ්‍රාම ගියායින් පසුව "සම්මාන මහාචාර්ය" පදවිය හෙවත් "සේවාසම්මත මහාචාර්ය" පදවිය (emeritus professorship) අදාල විශ්වවිද්‍යාලය මගින් පිරිනමා ඇති නිසා මිසක් හිතුමතේ කැමති පරිදි "සාමාන්‍ය භාවිතයක්" හෝ "ගෞරවයක්" හැටියට නෙවෙයි. පසුගිය ආණ්ඩුවල හිටපු ජී.එල්. පීරිස් සහ රංජිත් මද්දුම බන්ඩාර වගේ අයටත් ඒ අය අවසාන වශයෙන් සේවය කල විශ්වවිද්‍යාලයෙන් සම්මාන මහාචාර්ය පදවිය ලැබුනු නිසා තාමත් දිගටම මහාචාර්ය පදවිය යොදන්න පුලුවන්. (ඒ අයගේ දේශපාලනය තුල භූමිකාව ගැන නෙවෙයි මේ කතා කරන්නෙ). නමුත් දැන් ආන්ඩුවේ ඉන්න තරුණ මහාචාර්යවරු කවුරුවත් විශ්‍රාම ගිහින් සම්මාන මහාචාර්ය පදවි ලැබූ වයසක අය නෙවෙයි. ඒ නිසා ඒ අය දේශපාලකයන් බවට පත් වෙලා සරසවි ඇදුරු පදවියෙන් අයින් වුනාම "ආචාර්ය" වීම සාමාන්‍යයි. එච්චරයි.

:       17       31

බකල ජයා (phd හොරකම, mbbs වැඩබිම, mphil බොරු සිතීම)Monday, 27 January 2025 12:14 PM

එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට එසේ පිරිනැමූ බවට සාධක සහිත මූලාශ්‍රය ඉදිරිපත් කරන්නේ නම් අමරකීර්ති මහතාට කෘතඥ වෙමි.

:       2       10

ddsMonday, 27 January 2025 12:42 PM

විශ්වවිද්‍යාලයකින් විශ්‍රාම ගත් මහචාර්යවරයෙකුට තමාගේ නමට පෙර "මහාචාර්ය" යන ශීර්ෂය භාවිතා කිරීමට හැක. ආයතනයෙන් විශ්‍රාම ගත් පසුත් එය භාවිතා කරනු ලබන්නේ, එම පුද්ගලයාගේ තත්ත්වය සහ ඔහුගේ ක්ෂේත්‍රයට කළ දායකත්වය පෙන්වීම සඳහාය. බොහෝ ආයතන සහ අධ්‍යාපනික සමාජයන් මෙම ක්‍රියාවලිය පිළිගනිමින්, විශ්‍රාම ගත් ආචාර්යයන්ට ඔවුන්ගේ සම්මාන සහ අත්දැකීම් සඳහා ගෞරවයක් ලෙස ශීර්ෂය භාවිතා කිරීමට ඉඩ දෙයි. එහෙත්, විශේෂිත ප්‍රතිපත්ති ආයතන අනුව වෙනස් විය හැකියි.

:       3       11

kumaraMonday, 27 January 2025 01:13 PM

ආචාර්ය (doctor) යන්න ආචාර්ය උපාධිය අවසන් කළ අයෙකුට මුලු ජීවිත කාලය පුරාවට භාවිතා කළ හැකිය. මහාචාර්ය (professor) යනු රැකියාවක තනතුරකි. පිටරටවල ඇතැම් අය Prof (Dr) ලෙස භාවිතා කරන අවස්ථා ඇත. උදාහරණ ලෙස චීනයේ ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරු, Prof නමට වඩා Dr නමට කැමැත්තක් දක්වන අය ඇත. මක්නිසාද යත්, ආචාර්ය උපාධියක් නොකර මහාචාර්ය විය හැකි නිසා ය. ඒ ඒ රටවල විශ්වවිද්‍යාල ආශ්‍රිත ලකුණු ක්‍රමයකට අනුව මහාචාර්ය පදවිය පිරිනමයි. ලංකාවේ ද ඇතැම් මහාචාර්යවරුන්ට ආචාර්ය උපාධිය නැත. ආචාර්ය උපාධිය අතිශය වටිනා උපාධියකි. Doctor of Philosophy, Doctor of Medicine (MD) (මෙය MBBS නොවේ. වෛද්‍ය වෘත්තිකයන් නම ඉදිරියේ Dr. යනුවෙන් දැමීම බොහෝ රටවල අනුමත නොකළ දෙයකි. MBBS උපාධිය අතිශය අසීරු බව සැබෑ ය. නමුදු එංගලන්තය වැනි රටවල් කිහිපයක පමණක් එසේ Dr ... යනුවෙන් MBBS උපාධියට භාවිතයට අවසර ඇත. කෙසේ හෝ ප්‍රායෝගික තත්ත්වය නම්, බොහෝ අය සිතන්නේ ආචාර්ය උපාධියට Dr දැමීම විමතියක් ලෙසයි. නමුත් සිදු විය යුත්ත අනිකකි). සම්මානිත මහාචාර්ය නම් එයට professor emeritus ලෙස භාවිතා කළ යුතුය; Prof ලෙස භාවිතා කළ නොහැක.

:       3       11

Jayantha Herath Monday, 27 January 2025 10:45 AM

ධූරකාලික පූර්ණ මහාචාර්යවරු ඔවුන් තෝරා ගන්නා තාක් කල් ඔවුන්ගේ මාතෘකා රඳවා තබා ගනී.

:       1       4

අරවින්ද මොනරවිල Monday, 27 January 2025 10:57 AM

විශ්ව විද්‍යාලයක මාහාචාර්ය පදවියක් දරමින් සිට මහ මැතිවරණය සදහා තරග කරන විට තම නම ඉදිරියේ මහාචාර්ය යන තනතුරු සදහන් කරන්නේ ඔහුව තම චන්දදායකයන්ට පහසුවෙන් හදුනා ගැනීම පිනිසයි. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දූන් පසුව එම මහාචාර්ය තනතුර නාමය තවදුරටත් භාවිතා කිරීම නොසුදුසු බව වැටහෙන හෙයින් ඔවුන් තමන්ගේ නමට ඉදිරියෙන් මහාචාර්ය ලෙස භාවිතා නොකරන ලෙස දැනුම් දෙන බව මහාචාර්ය භීහිතිකාවෙන් හෙවත් ප්‍රොෆෙසර් ෆොබියා එකෙන් පෙලෙන බයි සංසදයට සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.

:       15       22

සංක්‍රාන්තික භූමි Monday, 27 January 2025 12:11 PM

අපේ අගමැතිණියට නම් නියම ආචාර්ය පදවියක් තියෙනවා ! අපේ අගමැතිණියට ජයවේවා.!

:       4       12

Jamal Monday, 27 January 2025 12:21 PM

අරවින්ද ඇරැව්විල, බද්‍රානි, වගේ අයට අවුරුදු 5කට සට්ටැඹිකම බාරදීලා තියෙන්නේ..හොඳට ගලේ ගහලා හෝදනවා.

:       5       8

ලුම්බිණි Monday, 27 January 2025 12:22 PM

කෙනෙක් ආචාර්යද මහාචාර්යද කියන එක අපට නම් අදාලම නැහැ. බොහෝ අය ස්වයන්වින්දනය සඳහා තමන් දැරූ තනතුරු භවිතා කළත් අපි නම් ඒවාට කිසිම සැලකීමක් නැහැ.

:       3       5

අමරකීර්ති Monday, 27 January 2025 03:13 PM

බකල ජයා මහත්මාණෙනි, විකිපීඩියාවෙහි ඇති Ediriweera Sarachchandra යන ලිපියෙහි Career යන මාතෘකාව යටතේ ඇති කොටසේ අන්තිම ඡේදය බලන්න. තවත් විස්තර අවශ්‍ය නම් අදාළ විශ්වවිද්‍යාලයේ කවුන්සිල වාර්තා සහ 1982 වසරේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා බලන්න. ස්තුතියි.

:       0       5

Komaa Monday, 27 January 2025 03:18 PM

ලුම්බිණිත් එහෙම කරනවා එහෙනම්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි
2025 ජනවාරි මස 27 1 0

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගො


සාත්තු සේවයට 119ක් ඊශ්‍රායලයට
2025 ජනවාරි මස 27 1 0

2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.


’’කුඩ්ඩෝ’’ කොළොන්නාවේ පාසල්වලටත් පනිති
2025 ජනවාරි මස 27 52 0

මතට ලොල් වූ සොරුන් කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් වලට පැන වටිනා පාසල් උපකරණ සොරාගෙන යන බව කොලොන්නාව කොට්ඨාසයේ පාසල් වල ගැටලු පිළිබඳ සොයා බැලීමේ ස


වාහන ගෙන්වීම ගැන විශේෂ ගැසට්ටුවක්
2025 ජනවාරි මස 27 1057 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මෙරට වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් අද (27) නිකුත් කළේය


කටුනායක ගුවන්තොටුපළට ඇතුල්වීමේ කවුන්ටර 20ක්
2025 ජනවාරි මස 27 805 0

මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවතීම පිළිබඳව අවදානය යොමුකර ගුවන්තොටුපොළ පහසුකම් පුළුල් කරමින් කටුනායක ගුවන්තොටුපළේ ඇතුල්වීමේ


නව ගුවන් හමුදාපති වාසු බන්දු එදිරිසිංහ
2025 ජනවාරි මස 27 601 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 34 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 592 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 667 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site