(ආරියරත්න රණබාහු)
තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ.
ශ්‍රී ලංකා තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් ස්කේසියෝග්ලු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්වයේදී බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැන් වැඩීම සිදුකෙරිණ.
නානාපතිනිය සමග ඇයගේ ස්වාමිපුරුෂයා, තානාපති කාර්යාලයේ නියෝජිතයකු සහ විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන මහතාද පැන් වැඩීමේ චාරිත්‍රය ඉටුකළ අයුරු සහ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ක්‍ඨායන කළ අයුරු. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබිණ.
(ඡායාරූප ගයාන් අමරෙස්කර)
බලපිටිය ඡන්ද කොට්ඨාසය පසුගිය ජනාධිපතිවරණයේදී. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාති
මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද: අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තුර්කියේ විපතට පත් ජනතාවට සෙත්පතා...
බද්රානි Thursday, 09 February 2023 07:44 PM
අනේ, මේ ලෝකෙට පේන්න මූණිච්චාවට කරන මේ විගඩම්වලින් තුර්කි ජනතාවට ඇතිවෙන අමුතු සෙතක් නැහැ. ඔස්ට්‍රේලියාව, ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් වලින් ඔවුන්ට අවශ්‍ය ආධාර හා සහයෝගයන් නොඅඩුව ලැබෙමින් පවතිනවා. කොහොමත්, මාස කිහිපයක් ඇතුළත ඒ තුර්කියේ නායකයින් ඒ රට යථා තත්වයට පත්කර ගනියි. ලංකාවේ වගේ සුනාමි ආධාරත් ගසාකන ජාතියේ පාලකයින් ඒ රටවල නැහැ. අනික ඉතින් තමන්ගේ රටටවෙලා තියන මේ ව්‍යවසනයට සෙත්පතා ගත්තා නම් හොඳයිනේ... අනුන්ගේ රටවලට සෙත් පතන්න කලින්...
පිටිගල මිලානෝ Thursday, 09 February 2023 09:24 PM
භූමිකම්පාවට ඉස්සෙල්ලානේ සෙත්පතන්න තිබ්බේ. එහෙම නම් භූමිකම්පාව වෙන්නේ නැතිවෙයි... එය සිදුවුණත් මිනිස්සු නොමැරී තියෙයි. මිනිස්සු මැරුණාට පස්සේ සෙත් පැතීම නිකං අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේනේ...
Mun Friday, 10 February 2023 05:22 PM
පිටිගල කළින් කියන්න එපෑයෑ...
Rohana Thursday, 09 February 2023 09:59 PM
මේ භවයේදී මෙන්ම මතු භවයන්වලදී මෙවන් දුක්ඛදායි විපත් කිසිවෙකුට සිදු නොවේවා.
ඵ.සී.ඵම්.ඉනායතුල්ලා Friday, 10 February 2023 09:21 AM
ඔව් ඇත්තෙන්ම අපිත් යාඥා කරන්නෙමු. තත්ත්පර කිහිපයකින්, එම රටේ, විශේෂයෙන්ම තුර්කිය සහ සිරියාවේ මිනිසුන්ගේ අනතුර, දුක් වේදනා සහ ඛේදවාචකය අපගේ ඇස් කම්පනයට පත්කරයි. අපිටත් ඒ තත්ත්වයම වුණොත් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කරනවා. සාමාන්‍ය ජීවිතයේදී විවිධ තත්ත්‍වයෙන් සිටි මිනිසුන්ට තත්පර කිහිපයකින් 20,000කට අධික පිරිසකගේ මරණය සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු. යා අල්ලාහ්, ඔබගේ සියුම් හා පරිපූර්ණ සැලැස්මට හසු වූ සියලුම දරුවන්, දරුවන්, කාන්තාවන්, මව්වරුන්, මහලු අය, තරුණ, තරුණියන්, පිරිමින් සහ ගැහැණුන් පිළිගෙන ඔවුන්ව ශුහදාස් ලෙස පිළිගෙන ඔබේ ස්වර්ගය ගෘහය ලබාදෙන්න. ඔවුන්ගේ පව්වලට සමාව දෙන්න, ඔවුන්ගේ වැරැදි සඟවන්න,... ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් හඳුනාගෙන ඔවුන්ට සදාකාලික සතුට ලබා දෙන්න. තුවාල ලැබූවන් සහ දිවි ගලවා ගත් අය ඔවුන්ගේ අනතුරෙන් ගලවා ඔවුන්ට ඉක්මන් සුවය සහ හොඳ සෞඛ්‍යය ලබාදෙන්න. විපතට පත් සේවක සේවිකාවන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට දෙවියන් වහන්සේ ඉවසීම සහ ඉවසීම ලබාදී ඔවුන් මෙම අර්බුදයෙන් මුදා ගනිත්වා. යා අල්ලාහ්, මෙතරම් විශාල පාඩුවක් සහ අර්බුදයක් අප වැනි කුඩා මිනිසුන්ට දරාගත නොහැක...
Jagath Friday, 10 February 2023 10:42 AM
විපතට පත් සියලු දෙනාට සුවය ලැබේවා. මෙවන් විපත් කිසිම කෙනෙකුට සිදු නොවේවා...!
anura Friday, 10 February 2023 11:40 AM
වෙන්න ඉස්සර යාතිකා කෙරුවා නම් එකක්. දැන් ඔය සෝබන වැඩකරනවාට වඩා කොන්ක්‍රීට් කඩන්න මිටි ටිකක්, සීතලට පොරෝනා ටිකක් ඒ අසරණ මිනිසුන්ට යැව්වා නම් නරකද?
widaaneFriday, 10 February 2023 04:19 PM
එහෙම වුණා නම් පත්තරේට ඔලුව ඔබාගන්න බැහැනේ...!