IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘දුක්ඛ සමුදය සත්‍යය හා දුක්ඛ නිරෝධ්‍ය සත්‍යය‘

සමුදය යනු හටගැනීමයි පහළ වීමයි දුක්ඛ නිරෝධය යනු  එහි විරුද්ධ ආර්ථයයි. හටගැනීම පහළ වීම දුරුකිරීමයි. දුක්ඛ සමුදය නම් හේතුවක් නිසා එහි ප‍්‍රතිඵලය වශයෙන් දුක ඇතිවීමයි. දුක්ඛ නිරෝධය නම් දුක ඇතිවූ හේතුව දැන එයදුරු කිරීමයි. ඉවත් කිරීමයි.

පින්වතුනි, ඔක්තෝබර් මස පොහෝ දිනයේදී මා පැහැදිලි කළේ දුක්ඛ සත්‍යය පිළිබඳවයි. සැප්තැම්බර් මස පොහෝ දිනයේදී ඉදිරිපත් කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳ ලියූ ලිපියේ එක් කරුණක් පැහැදිලි කළ යුතුය. එයනම් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප අවසානයට යායුතු බවයි. නමුත් සම්මා දිට්ඨිය සම්මා සංකප්ප හෙවත් ප‍්‍රඥ්ඥාව මුල්වී ඇත්තේ පෘතග්ජන ලෞකික ලෝකයේදී මිථ්‍යා දුෂ්ඨිකයෙකුට මේ ගමන යානොහැකි නිසා ප‍්‍රඥ්ඥාව මුල් වී ඇත. මෙය කම්මස්සකථා සම්මා දිට්ඨියයි. නමුත් ලෝකෝත්තර අවස්ථාවේදී ශීල සමාධි ප‍්‍රඥ්ඥා හෙවත් ශීලයෙන් සමාධියත් සමාධියෙන් ප‍්‍රඥ්ඥාවත් ලැබිය යුතුබව දේශනා කර ඇති බව දැනගන්න. පෙර ලිපි කියවන්න එවිට පැහැදිලි වේවි.

සමුදය යනු හේතුවක් නිසා හටගන්නා වූ සිතුවිල්ලක ක‍්‍රියාවලියයි. මෙය දුකක් බව වැටහෙන්නේ එහි ඇති සැප සතුට ප‍්‍රීතිය අනිත්‍ය වූ දවසටයි. සිතුවිල්ලේ ක‍්‍රියාවලිය ප‍්‍රීතියක්, සැපක් සතුටක් වන්නේ එයින් ලැබෙන ආශ්වාදයට කැමති නිසයි. ආශ්වාදයට කැමැත්ත ඇතිවන්නේ ආශාව නිසයි. ආශාව නිසා ඇලීම බැඳීම සිදුවීම තන්හාවයි. සංසාර ගමනේදී තන්හාව දුකක් මිස සැපක් වන්නේ නැත. එසේනම් දුකේ මැවුම් කරුවා තෘෂ්ණාව නොවේද ? මා දුක්ඛ සත්‍ය ලිපියේ සඳහන් කළ පරිදි කයෙහි හටගත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්ගේ සිත මුල්කරගෙන හටගන්නා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වන පංචඋපාදානස්කන්දයෝම දුකක් බවය. මේ උපාදානස්කන්ධයේ ක‍්‍රියාවලිය හොද එකක් සැප එකක් මිස අප‍්‍රිය දුකක් ගෙනදෙන එකක් වනවාට කැමති නැත. දුකක් විදින අයෙකු දුකට හේතුව සොයා එයින් මිදීමට උත්සාහගන්නේ කලාතුරකිනි. සැප විදිනා අයෙකු දුකට කැමති වන්නේ නැත. ඔහුගේ හෝ ඇයගේ උත්සාහය වන්නේ තවත් සැප වැඩිකර ගැනීමය. මෙයට හේතුව නම් සැපෙහි ඇති ආශ්වාදයට ඇති කැමැත්ත, ආශාවය. ජීවත්වී සිටිනකම් උත්සාහ ගන්නේ කුමන හෝ ක‍්‍රමයකට මේ ඉන්ද්‍රියන් පහ පිනවීමටය. මෙසේ සිදුවන්නේද හේතුවක් මුල්කරගෙනය. එයනම් මම මගේ කියන සංකල්පය ශක්තිමත් කිරීමටය.

මේ ආශ්වාදයේ ආදීනව හෙවත් විපාකය භුක්ති වීදීම සිදුවන්නේ සැපයි හොදයි මගෙයි කියූ දේ තමුන්ගෙන් තමුන්ටත් නොකියා වෙනස්වන ඈත්වන විටයි. මේ ආශ්වාදයේ ආදීනව යයි නැතහොත් දුක්ඛ සමූදයයි. මුලින් අපි බලමු මම කියන සිතුවිල්ල හටගත් විට එය දුකක් බව පරිවර්ථනය වන ආකාරය, සමහර අයෙක් තමන්ගේ රූපයට ආශාවී (ගැහැණු, පිරිමි) විවිධ ක‍්‍රම අනුගමනය කරමින් තමන්ගේ රුව රැකගැනීමට උත්සාහ ගන්නවා. තමන් වෙත අනෙක් අය ආකර්ෂණය කරගැනීමට කථාව, ගමන, අංගචලනය පවා විවිධාකාර විදිහට වෙනස් කරනවා. මේ ගන්නා උත්සාහයන්ට කොපමණ උත්සාහයක් ගන්නවාද කියා සිතෙනවාද මෙසේ සිටින්නාවූ කෙනෙකුට කපුටෙක් වසුරු පිඩක් ඇගට දැමුවොත් පාරේ තිබෙන වතුර ටිකක් ඇගට විසි වුනොත් කොපමණ මානසික පීඩාවකට පත්වේයැයි සිතිය හැකිද ? සාමාන්‍ය කෙනෙකු ඒ සිදුවීමේ සාමාන්‍ය විදිහට සිතුවාට තමන්ගේ රූපයට ආශාවී සිටින කෙනෙකු දුකකට කම්පාවකට පත්වනවාමය. එයට හේතුව නම් ගදගහන පණුවො ගහන හොටු ගලන කබ ගලන අශූචි වලක් වැනි ජරාවට පත්වෙන ශරීරයට ඇතිවූ බැදීම ආශාව නිසා නොවේද. තවත් සමහරෙක් හිතනවා (ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයම) මම ගුරුවරයෙක්, මම උපදේශකයෙක්, අධ්‍යක්ෂක වරයෙක් මන්ත‍්‍රී වරයෙක්, ඇමැති වරයෙක්, අගමැති, ජනාධිපති වශයෙන් නොයෙක් තරාතිරම් වලින් ආරූඪ වෙනවා. ආරඪවෙනවා පමණක් නොව මංගල්‍ය අවස්ථා, අවමංගල්‍ය අවස්ථා, ආගමික සමාජීය පවුලේ අය එක්වන අවස්ථාවලදී මම කව්ද කියා කියනවා පෙන්වීමට රඟපානවා. මෙවැනි අය මෙසේ රඟපාන්නේ නිලය නිලය තියෙනකම් බවත්, බලය බලය තියෙනකම් පමණක් බවත්, ධනය ධනය තියෙනකම් පමණක් බවත්, රූපයේ ලස්සන යෞවනය තියෙන කම් බවත් නොදැනය. දැනගත්තත් එය පිළිනොගැනීමට දරණ උත්සාහය නිසාය. මෙසේ මාන්නයෙන් උඩගුකමෙන් වෙනස් වන දෙයට ආශාවෙන් තන්හාවෙන් සිටින අයෙකුට මේ බලය නැතිවූ දවසකට සැලකිලි නොසැලිකිලි බවට පත්වූ දවසකට වයසට ගොස් ඉන්න තැනම නොදැනී මලපහවන අවස්ථා වනකොට සිතට සතුටක් ඇති වේවිද මානසික ලෙඩෙක්වී අසිහියෙන් මිය ගොස් පේ‍්‍රතයෙක් වීමට පු`ඵවන. මමත්වය රජකරවන විට ලැබූ ආශ්වාදය සැප සතුටේ ආදීනවය මෙයයි. මෙය මම නිසා උදාකරගත් දුක්ඛ සමුදය සත්‍යයි. ඉහත ස`දහන් කලේ මම නිසා උදාකරගන්නා දුක්ය. දැන් බලමු මගේ කරගැනීම නිසා අප විසින් උදාකරගන්නා දුක්ඛ සමුදය මෙයද පේ‍්‍රත ආත්මයකට සුදුසුකම් සපුරා ගන්නා අවස්ථාවක් බව මුලින්ම කිය යුතුය. කව්ද මගේ ? මොනවද මගේ ? අම්මා, තාත්තා, බිරිද, ස්වාමියා, දරුවෝ, සහෝදරයෝ (ඥාතීන්, යහ`ඵවන්, ධනය වස්තුව, දේපල ප‍්‍රතජ්ජන මිථ්‍යා දාෂ්ඨිකයන්ට මගේය. මේ කිසි කෙනෙක් මා මැරුණ දිනකට මාත් සම`ග ඒවිද ? අඩුතරමේ අවුරුදු ගනනක් බදාගෙන තුරුළු කරගෙන රැකබලාගත් අය එක රැයක් මිනි පිටියේ මා සමග රැදෙනවාද මගේ කියූ දේවල් එකක් වත් පෙට්ටිය දෙපැත්තේ තියෙනවාද කාටත් වෙනස්නොවන සත්‍ය මෙසේ සිදුවනවානම් අප කර ඇත්තේ, කරන්නේ, කරන්න යන්නේ කුමක්ද ? උදාහරණයක් වශයෙන් මනුෂ්‍ය ලෝකයේ ලොකුම බොරුව මායාව වන අඹුසැමි සබදතාවයන් දරුවන් සමග ඇතිකරගන්නා බැදීම පමණක් විමසා බලමු.

මා මුලින්ම පවසන්නේ මුළු මනුෂ්‍ය ප‍්‍රජාවම මෙසේ නොවීමට පුළුවන. නමුත් වර්තමානයේ සිදුවන දෙය අනුව සිතිය යුත්තේ කුමක්ද ? අඹුවක සැමියෙකු වීමට ප‍්‍රථම ඔවුන් දෙදෙනා නාදුනන තරුණයෙක් සහ තරුණියක් යැයි සිතමු. දැන හ`දුනාගත් පසු ඔවුන් දෙදෙනා හැසිරෙන්නේ එකබඩ වැලකින් ආපු දෙන්නෙක් විදිහටයි. අත අතරින්නේම නැත. දෙනෝ දාහක් මිනිසුන් පූජකවරු වැඩිහිටියෝ වයසක අය පාසල් ළමුන් පොඩි ළමුන් ඉදිරියේ සුනඛ ජෝඩුවක් හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ රාගයෙන් මත්වී සිටින නිසා නොවේද ? (සියල්ලම නොවේ) මෙසේ සිදුවන්නේ රාගය සංසිදවා ගැනීමේ තන්හාව නිසා නේද ? මේ තරුණයාගේ තරුණිය කුමන චරිතයක් පෙලපතක්, උගත්කමක්, ශීලාචාරකමක් තියෙනවාද කියා සිතනවාද ? සොයනවාද ? මේ කිසි දෙයක් සිතෙන්නේ නැත්තේ සත්‍ය රාගයෙන් ආශාවෙන් තන්හාවෙන් වැසුනු නිසා නොවේද ? මේවා සොයන්නේ නැතිව දෙමාපියන්ගේ අනුදැනුමක් ආශිර්වාදයක් නොමැතිව විවාහවී දරුවන් ලැබූකල ජීවත්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා වන අදහස් පරස්පරවන විට ආර්ථික අපහසුතා ඇතිවන විට අඩුපාඩුකම් ඇතිවන විට අඩ දබර ඇතිවන්නේ විවාහවීමට ප‍්‍රථම අවශ්‍ය සුදුසුකම් නොසොයා ආශාවට රාගයට ප‍්‍රමුකත්වය දීපු නිසා නේද ? වෙනස් වන සැප සතුටේ ආශ්වාදයේ ආදීනව දැනෙන්නේ පිරිමියා හෝ ගැහැණිය අනියම් සම්බන්ධතා නිසා හෝ දරා ගැනීමට නොහැකිව හෝ ජීවිත වෙන්වීමක් හරි මරණයක් හරි වූ දාටය. මෙසේ වනවිට මගේ ස්වාමියා මගේ බිරිද සිටිනවාද ? මෙතන ඉන්නේ පෙර භවයක කර්මයක් සමග ගමනක් යන කෙනෙක් නිසා දෙදෙනාටම හෝ එක් අයෙකුට හෝ විපාක විදින්න සිදුවීම දුක්ඛ සමුදයයි. හේතුව රාගය නිසා සත්‍ය වැසූ තන්හාව නිසයි. එක් අඹුසැමි අවස්ථාවක් මෙසේ වනවිට යහපත් ගුණගරුක ජීවිත ගත කරන යුවලකගේ මගේ දරුවෝ නිසා දුක් විදීමට සිදුවන්නේ නැතිද ? දෙමාපියන් සැප සම්පත් ඇතිව හෝ නැතිව තමන් වැදූ හැදූ දරුවන් රැක බලාගන්නේ කොතෙක් බලාපොරොත්තු තියාගෙනද දරුවන් ශීලාචාරව හැදෙයි, උගතුන් වෙයි, මෙසේ ලොකු මහත්වී අපිව බලාගනියි. යන බලාපොරොත්තු නිසාත්, දරුවන්ගේ රූපය, උගත් කම, ධනය, ජීවත්වන රටාව නිසාත් ඇතිකරගන්නා මාන්නය උඩ`ගුකම නිසා දුක් විදීමට සිදුවන අවස්ථාවද (දරුවන්ගේ සැප තමන්ගේ කරගෙන සිට දරුවන් නොසලකා හැරිය විට) දරුවන්ට ඇති ලෙන්ගතුකම ආදරය බැදීම නිසා ඔවුන්ගේ දුකේද දුක්විදින දෙමාපියන් මේ සියලු දුක් විදීමට සිදුවන්නේ දරුවෝ මගේ පණ කියූ නිසානේද, දරුවෙක් මිය යනවිට ඒ මියයාම නවත්වා අම්මාගේ තාත්තාගේ පණ පූජා කර දරුවාගේ මිය යාම නැවැත්විය හැකිද, කරයිද, මගේ කියා ඇද බැද තබා ගැනීමට ස්ථීර දෙයක් මේ ලෝකයේ නැත. වෙනස්වන බව තේරුම් නොගෙන මගේ කියා ඇලීම බැදීමද ආශාවය, තන්හාවය. මේ දෙක ඇතිතැන හට ගන්නේ දුකක්මය. මෙය දුක්ඛ සමූදයයි. ධනයද වස්තුවද මගේ කර ගැනීම දුකක්ය. මේ දුක ඇතිවන්නේ මගේ කරගත් වස්තුව, දේපල, ධනය අතහැරීමට සිදුවන කාලය උදාවන විට ඇතිවන තන්හාව නිසාය.  ඕනෑම ධනවතෙක් බලවතෙක් දුගියෙක්, යාචකයෙක් මැරුණවිට මිනී පෙට්ටිය දෙපැත්තේ කිසිවක් රැගෙනයන වාද සිතින් බලන්න. මේ සියලු දුක් දුක්ඛ සමුදයට හේතුව වූයේ කැමැත්ත ආශාව නිසා සිදුවූ අනිත්‍ය වෙනස්වන දේට ඇලීම බැදීම වන තන්හාව බව අවබෝධයෙන් සිතන්න. මේ සිය`ඵදේ සිදුවන්නේ මම මාගේ කියන සක්කාය දිට්ඨියේ මිථ්‍යාවයි. මෙය නිවන් මග අහුරන ප‍්‍රබල සාධකයක් බව දැනගන්න.

සංසාර ගමන නොනවත්වා රැගෙන යන දුක්ඛ සමුදය නැතිකිරීම දුක්ඛ නිරෝධ සත්‍යයයි. තෘෂ්ණාව නැති කිරීමට කරන්නාවූ යම්කිසි දුරුකිරීමක් මතු ඇතිනොවන්නාසේ ඒ තන්හාව සඳහා නොඇල්මක් නොබැදීමක් වේද මෙය දුක්ඛ නිරෝධ සත්‍යයයි. හටගත් දෙයක් හටගැනීමට ප‍්‍රථම ඥානවන්තයාට හොද නරක අනුව එය ඇතිකර ගැනීමට හෝ නැතිකර ගැනීමට පුළුවන. නමුත් ඇතිවූවාට පසු නැතිකිරීම පෙරසේ නොවේය. වෙහෙසීමට සිදුවනවාමය. මෙයට හොද උත්සාහයකුත් හොද අවබෝධයකින් යුත් සිහියක් තිබිය යුතුය. මේ උත්සාහය සහ අවබෝධය සමුදය වූ දුක, නිරෝධය කිරීමට යොදා ගනිමු. ඒ කෙසේද කුමන ක‍්‍රමයක් උපයෝගී කරගෙනද, අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක ඇතිකරන්නා තන්හාව බවයි, ලංකර ගැනීමයි. ලංකර ගැනීම වෙනුවට අප එය ඉවත් කල යුතුය. ළංකරගත් බදාගත් දෙයක් ඉවත් කරන්නේ අතහරින්නේ කෙසේද ? අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය යනු ධම්මචක්කප්පවත්වන සූත‍්‍රයේදී දේශනා කරනවා ‘‘යෝතස්සා යේච තන්හාය අසේස විරාගනිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ’’ යන වග, මෙහි තේරුම යම්කිසි තන්හාවක් ආශාවක් පිලිබද සම්පූර්ණ (චාගෝ) නැතිකිරීමත් (පටිනිස්සග්ගෝ) දුරුලීමත් (මුත්ති) මිදීමත් (අනාලයෝ) නොඇලීමත් වේද එයයි දුක්ඛ නිරෝධය යන බවය.

චාගෝ - නැතිකරන්නේ ඇතිකරගත් තන්හාවය එසේනම් ලංකරගත් බදාගත්දේ අත හැරිය යුතුය. එයනම් දාන පාරමිතාවයි. පටිනිස්සග්ග - දුරු කරන්නේ මුරන්ඩු සිත ආශාවන්වලට බැදුන සිත සංවර කිරීමෙනුයි. එය ශීල පාරමිතාවයි. මුත්ති - මිදීමක් වීමට නම් ශීලයෙන් සිත සමාධිය වෙත ගෙන ආ යුතුය. එයනම් සමථ භාවනාවයි. අනාලයෝ - නොඇලී සිටීමට නම් සත්‍ය දැකිය යුතුය. ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට නම් විදර්ශනාව වැඩිය යුතුය. එය සතිපට්ඨානය වැඞීමයි. එයින් කියවෙන්නේ මේ දුක නැතිකරගැනීමට නම් ත‍්‍රිවිධ පුණ්‍යක් ක‍්‍රියාවන් වන දාන, ශීල, භාවනා කළ යුතු බව නේද ? පින්වතුනි අප සම්මා සම්බුදු රජාණන්වහන්සේ  ඕනෑම සත්වයෙකුගේ ඉපදීම දුකක් බවත්, එය ඇතිවන සැටිත්, නැතිවන සැටිත්, නැතිකරගන්නා මාර්ගය වන චතුරාර්ය සත්‍යය උන්වහන්සේදැන අවබෝධ කරගෙන පිළිපැද ප‍්‍රතිඵල ලබාගෙන දුකෙන් මීදී දුක් විදින අප වෙනුවෙන් සහම්පති බ‍්‍රහ්මයාගේ ඉල්ලීම පරිදි සියලු සත්වයාටම දුකෙන් මිදීමට කල සත්‍ය දේශනාවකි. නමුත් මනුෂ්‍ය ලෝකයේ මිනිසුන් මෙය තේරුම් නොගෙන සිදුකරන ක‍්‍රියාවන්ගෙන් මුදවා ගැනීමේ අදහසින් මාගේ දැනුමේ තරමින් චතුරාර්ය සත්‍ය පැහැදිලි කළේ, අප සම්මා සම්බුදු රාජනන් වහන්සේට කරන ගෞරවයක් ලෙසය. චතුරාර්ය සත්‍ය පිළිබඳ  මා ලියූ ලිපි පෙළ කියවන්න තවත් ධර්ම ග‍්‍රන්ථ කියවා සත්‍ය දැනගෙන පිළිපැද මේ සංසාර දුකින් එතෙරවීමට ශක්තිය ඥානය ලැබේවා යන්න මාගේ ප‍්‍රාර්ථනාවයි.

 

                                    හඳුනාගන්න නිවනට යායුතු                   පාර

                                    පහදා ගන්න සසරෙහි ඇති බිය               ඝෝර

                                    වනසා ගන්න කෙලෙසුන් පිරි සං            සාර

                                    සරසා ගන්නා සිතපින් දහමින්                 සාර

                                               

තෙරුවන් සරණයි !

මෙයට,ශාසනා ලැදි,

 සෝමතිලක හෙට්ටිආරච්චි (ධම්ම ගවේෂි පදනම) -  071 2385967       

                                                                                                            

                                                                                        

                                                                                                           

                                                                                                     



අදහස් (1)

‘දුක්ඛ සමුදය සත්‍යය හා දුක්ඛ නිරෝධ්‍ය සත්‍යය‘

S A Sunil Monday, 04 September 2023 06:31 PM

පංච උපාදානස්කන්ධය යනු රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 115 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 112 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 4381 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2628 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3279 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5941 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18915 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 92 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site