IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘දෙකම එකට නැත්නම් බෑ‘

දැනටමත් චෝදනා රැසකට ලක්ව සිටින යන්තම් දින 66 ක් වයසැති නව රජයට පසුගිය සතියේද නිදහසක් නොතිබුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නම්වූ පිටු 66 කින් යුතු කෙටුම්පතක් ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අතර අපේක්ෂා නොකළ පරිදි එයට ඇතැම් කැබිනට් ඇමතිවරු විරෝධය පළකිරීම ඊට හේතුව වුණි.

එක්සත් ජාතික පක්ෂ ඇමතිවරුන් නොවන පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න අගමැතිවරයා ඉදිරිපත් කළ කෙටුම්පතට දැඩිව විරෝධය පළකළෝය.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය යෝජනා කිසිත් සැළකිල්ලට  නොගෙන එක්සත් ජාතික පක්ෂයට වුවමනා හැටියට ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර ඇතැයි ඔවුහු චෝදනා කළෝය.එක්සත් ජාතික පක්ෂය හා සැසදීමේදී තුන් ගුණයකට ආසන්න පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාවකට හිමිකම් කීවද ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් කිසිවෙක් නව රජයේ අමාත්‍යධූරයන් හොබවන්නේ නැත.

මෙසේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන තිබෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනා නොසළකා හැර ඇති හෙයින් ජනතාවට මෙම යෝජනාවලිය ගැන තොරතුරු දැන  ගත හැකිවන පරිදි එය ගැසට් කිරීම හෝ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම හෝ නොකළ යුතු බව රණවක හා සේනාරත්න අමාත්‍යවරු දෙපළ කීහ.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳ සංක්ෂිප්තයක් පෙබරවාරි 22  වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන විචාරයේ පළවුනි.

ඇමති දෙපළගේ විරෝධතාව නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡුා කිරීමට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් ඊයේ (15* දින සවස 2.00 ට පැවැත්වීමට නියමිතව තිබුණි.මෙහි අරමුණ වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා යෝජනා හා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන්  කිසියම් එකගතාවයකට පැමිණීමය.කෙසේවුවද යෝජනාවලීන් දෙක සම්බන්ධයෙන් ඊයේ දිනයේදීම එකගතාවයකට පැමිණීමට හැකිවූවාදැයි සැකසහිතය.දින සියයයේ වැඩසහනින් තවත් ගතවීමට තිබෙන්නේ දින 34 ක් වැනි කෙටි කාලයකි.පසුගිය සදුදා පැවැත්වුනු ජාතික විධායක කවුන්සිල හමුවේදී යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් හදිසි කෙටුම්පතක් ලෙස පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට අගමැතිවරයා එකග වුනි.නොඑසේ නම් ව්‍යවස්ථා සංශෝධයන් ගැන ජන මතය විමසීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.හදිසි කෙටුම්පතක් ලෙස කිසියම් යෝජනාවලියක් ඉදිරිපත්  කිරීමේදී විමසා බැලෙන්නේ පාර්ලිමෙන්තු මතය පමණකි.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැුස්වීම පැවැත්වුනේ සාමාන්‍ය බදාදා දිනයේදී නොව බ‍්‍රහස්පතින්දා දිනයේදීය.ඊට හේතුව වූයේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ලන්ඩන් සංචාරයයි.පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස එහිදී පැවැත්වුනු උත්සවයන්ට  සහභාගීවූ ජනපතිවරයා නැවත දිවයිනට පැමිණියේ බ‍්‍රහස්පතින්දා උදැෑසනය.රැුස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ සවස 6 ට වුවත් සැළසුම් නොකළ පරිදි වෙනත් කටයුත්තක් යෙදීම නිසා රැස්වීම් කටයුතු ආරම්භ වූයේ පැය භාගයක් පමණ ප‍්‍රමාදවීය. එලෙස ඇරඹුනු රැස්වීම පස්වරු 9 දක්වා වන තෙක් පැවැත්වුනි.

නීතිඥවරයෙකු වන ජයම්පති වික‍්‍රමරත්න මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජනපතිවරයාව හමුවූහ.එහිදී අගමැතිවරයා ව්‍යවස්ථා සංශෝධනයන් පිළිඹද එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළේය.මෙම හමුවට දැන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ විශේෂ උපදේශිකාවක ලෙස කටයුතු කරනා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගීව සිටියාය.ඇය ගෙවුනු සමයේ ජනපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ අතර සම්බන්ධීකාරිනියක ලෙස කටයුතු කරනු දැකගත හැකිවුනි.වත්මන් ජනපතිවරයාට,ජනාධිපතිවරණයට ඉදිරිපත්වවන්නැයි බලකළේද ඇයයි.අගමැතිවරයාගේ කරුණු දැක්වීම අවසන්වූ පසු ජනපති සිරිසේන හා හිටපු ජනපතිනිය ඒ පිළිඹද පෞද්ගලිකව සාකච්ඡුා කිරීම සදහා එතැනින් ඉවත්ව ගියහ.කැබිනට් මණ්ඩල රැුස්වීම පැවැත්වුනේ දෙදෙනගේ සාකච්ඡාවද අවසන්වූ පසුවය.

වික‍්‍රමසිංහ ඉදිරිපත් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පෙරේදා දිනයේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා ජාතික හෙළ උරුමය විශේෂ විමර්ෂනයකට ලක් කළෝය.චෝදනා නැගුනද ශී‍්‍රලංකා නිදහස් පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත්විය යුතුයැයි ඉදිරිපත් කළ ඇතැම් යෝජනාද එක්සත් ජාතික පක්ෂයේ  යෝජනාවලියට ඇතුලත්ව තිබෙන එහිදී දැකගත හැකිවුනි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයද ඉදිරිපත් කළ ජනපතිධූර කාලය වසර 6 ක සිට වසර 5 ක් දක්වා අඩු කිරීම,මූලික  අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙන් ජනපතිවරයාට  අභියෝග කිරීමට රටේ පුරවැසියන්ට අවස්ථාව ලබාදීම,දෙවරක් ජනාධිපතිධූරය හෙබවූ පුද්ගලයෙකු නැවත වරක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සුදුස්සෙක් නොවීම ආදී යෝජනා එහි විය.මිීට අමතරව පසුගිය කැබිනට් මණ්ඩල හමුවේදී අගමැතිවරයා අමාත්‍යවරුන් අතර බෙදාදුන් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයන් ගැන සංක්ෂිප්තව සදහන් කළ විශේෂ ලියැවිල්ලක්ද ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ හා ජාතික  හෙළ උරුමයේ විශේෂ අවධානයට ලක්ව ඇත.එම පක්ෂ මෙම ලියැවිල්ලේ අන්තර්ගත කරුණු එකින් එක විමසා බලමින් සිටිති.සියලූදෙනාට අදහස් පළ කළ හැකි වන සේ මෙය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීමට අගමැතිවරයා කටයුතු කර තිබුණි.සන්ඬේ ටයිම්ස් ලබාගැනීමට සමත්වූ මෙම ලියැවිල්ලේ පිටපතක් මේ ලිිපිය අවසානයේ දැක්වෙනු  ඇත.

එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇති එක් සුවිශේෂී යෝජනාවක් වන්නේ රාජ්‍ය කවුන්සිලයක් ඇතිකිරීමය.පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් හා ස්වාධීන කණ්ඩායම් වල නායකයින් එහි නිත්‍ය සාමාජිකයෝ වන්නෝය.සාමාජිකයින් 36 දෙනෙක් පත්කර ගැනෙන්නේ අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා එක්ව ඉදිරිපත් කරන නාම යෝජනාවලියකිනි.මෙම නාම යෝජනාවලියට ව්‍යවස්ථා කවුන්සිලයේ අනුමැතියද හිමිවිය යුතු අතර මෙම සාමාජිකයින් අතර කාන්තාවන් 10 කට නොඅඩු ගණනක්ද සිටිය යුතුය.පළාත් සභා මහ ඇමතිවරු සියලූදෙනාම කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයෝය.තවත් සාමාජිකයින් 20 දෙනෙක් විවිධ කණ්ඩායම් අතරින් තොරා ගැනේ.එම කණ්ඩායම් වලට පාර්ලිමෙන්තුවේ හිමි බලය අනුව කවුන්සිලයේ අසුනක් ලැබේද නොලැබේද යන්න තීරණය වේ.

රාජ්‍ය කවුන්සිලයේ කාර්යභාරය වන්නේ

රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන්ව තිබෙන කරුණු කි‍්‍රයාවට නැංවීම

රජය හා එයට අනුබද්ධිත ආයතන වල යහපාලන ප‍්‍රතිපත්තීන් ස්ථාපිත කිරීම

සියලූ පණත් කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සදහා යොමු කිරීම.අනුමැතිය ලැබෙන කෙටුම්පත් ගැසට් කිරීම

නීති කටයුතු පිළිඹද යෝජනා අන්තර්ගත කෙටුම්පත් කැබිනට් මණ්ඩලයේ විශේෂ අවධානයට යොමුකිරීම

පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍ය සියලූ මාධ්‍ය සදාචාරයන් බිද හෙළමින් නිද්දිත අයුරින් හැසිරීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීමේදී වත්මන් රජයේ විශේෂ අවධානයට ලක්ව තිබෙන කරුණක් බව පෙනේනන්ට තිබේ.මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන ව්‍යවස්ථා යෝජනා ඉදිරි මැතිවරණයකදී රාජ්‍ය මාධ්‍ය  ආයතන වලට එලෙස හැසිරීමට ඇති ඉඩකඩ අවුරා තිබෙනු හදුනාගත හැකිය.මැතිවරණ  සමයකදී සියලූ ගුවන්විදුලි සේවා,රූපවාහිනී සේවා,පුවත්පත් හිමිකරුවන් හා ප‍්‍රකාශකයින්  හැසිරිය යුතු ආකාරය පෙන්වා දෙන,එම ආයතන පරිපාලනයට හා හිමිකරුවන්ට උපදෙස් නිකුත් කිරීමේ බලය හිමි විශේෂ මැතිවරන කොමිසමක් ඇති කිරීමට නව  ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් යෝජිතය.ශී‍්‍රලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති,ශී‍්‍රලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති,ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති,රජයට අයත් වෙනත් මාධ්‍ය ආයතන වල විධායක නිළධාරීන්,පෞද්ගලික මාධ්‍ය ආයතන වල විධායක නිළධාරීන්, මෙම මැතිවරණ කොමිසම ලබාදෙන උපදෙස් අනුව  කටයුතු කළ යුතු බව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ සදහන් වේ.කෙසේවුවද  නාමයෝජනා භාරදී දින 7 ක් ගතවීමට මත්තෙන් තම මාධ්‍ය ආයතනය කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හෝ ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටිනවායැයි ජනමත විචාරණයක් සිදුකර ඊට පක්ෂව පළවන ජනමතයක් කොමිසමට ඉදිරිපත් කිරීමට සමත්වන මාධ්‍ය ආයතනයකට මෙම උපදෙස් වලංගු නොවේ.තවත් සරලව පැහැදිලි කළහොත් මෙම යෝජනාවෙන් මාධ්‍ය ආයතන වලට මැතිවරණ  සමයේදී අපේක්ෂකයින්ගේ ගුණ වර්ණනා කරමින් සිටීමට හෝ රටේ දැවෙන ගැටලූ ගැන පුලූල් සංවාදයක් ඇතිකරීමට හෝ අවස්ථාව ලැබේ.අතීතයේ බටහිර මාධ්‍ය ආයතනයන්ද විවිධ අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි අවස්ථා තිබුණු අතර වර්තමානයේ එම මාධය  ආයතනයන් වල එවන් තත්ත්වයක් දක්නට නොමැත.

පාර්ලිමෙන්තුව අප්‍රෙල් මස 23 වැනිදා විසිරුවිය යුතුයැයි පසුගිය බදාදා දිනයේදී එක්සත් ජාතික පක්ෂය ඒකමතිකව ගනු ලැබූ තීරණය නව රජයේ හවුල්කරුවන් අතර උද්ගතව තිබෙන ගැටුම්කාරී තත්්ත්වය තවත් බරපතල කර ඇත.එම තීරණය ගැනීමෙන් නොනැවතී පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමෙන් පසු කළයුතු දේ පිළිඹද ඉදිරි සැළසුම් සකස් කිරීමටද එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.එහි එක් අදියරක් ලෙස සමෘද්ධි වැඩසටහන යටතේ දරිද්‍රතාවය දුරැලීමේ නව වැඩසටහනක් සකස් කිරීම සදහා  නව කමිටුවක් එදිනම පත්කෙරුණි.කරූ ජයසූරිය,සජිත් පේ‍්‍රමදාස,රවී කරුණානායක,ගයන්ත කරුණාතිලක,රංජිත් මද්දුම බණ්ඩාර,ඉරාන් වික‍්‍රමරත්න,අකිල  විරාජ් කාරියවසම් හා හරීන් ප‍්‍රනාන්දු එහි සාමාජිකයෝ ලෙස පත්වූහ.පක්ෂයේ මැයි දින  පෙළපාලිය සංවිධානය කිරීමට කමිටුවක් පත්කිරීමද සිදුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවීම ඔවුන් ඉදිරිපත් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන්ද පිළිඹිඹු  වන්නකි.එම කෙටුම්පතේ සදහන් වන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයන් පාර්ලිමෙන්තුව විසිරුවීමට දිනකට මත්තෙන් එනම් අප්‍රෙල් මස 22 වැනිදා සිට කි‍්‍රයාත්මක වනු ඇත.නමුත් එක්සත් ජාතික පක්ෂය පවසන පරිදි පාර්ලිමෙන්තුව විසිරුවා හැරීම සිදුකළ නොහැකි බව දිනෙන් දින වඩ වඩාත් පැහැදිලිව පෙනේනට ගෙන තිබේ.තම බි‍්‍රතාන්‍යය සංචාරය අතරතුරදී ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ සාමජිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ජනපති සිරිසේන ඔවුන් හා පැවසුවේ යෝජිත  ව්‍යවස්ථා සංශෝධනයන් හා මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම කි‍්‍රයාත්මක කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇති බවයි.එනම් පාර්ලිමෙන්තුව නියමිත දිනයේදී  විසිරුවා හැරීමේ හැකියාවක් නොමැති බව ජනපතිවරයාද පසක් කරගෙන සිටින බව  පැහැදිලිය.

පාර්ලිමෙන්තුව විසිරුවා නොහැරෙන බව ස්ථීර වුවහොත් එක්සත් ජාතික පක්ෂයට ගැලවීම සදහා විකල්ප දෙකක් ඇත.ඉන් එකක් වන්නේ නියමිත දිනයේදී පාර්ලිමෙන්තුව විසිරුවා හැරෙන බවට දැඩි ප‍්‍රකාශ කිරීමෙන් වැළකී රජයක් ලෙස ඉදිරි කටයුතු කර  ගෙන යෑමය.පාර්ලිමෙන්තුව විසිරුවීමේ බලය ඇත්තේ ජනපතිවරයා අත බව එක්සත්  ජාතික පක්ෂයට ජනතාව හමුවේ පවසා සිටිය හැකිය.මෙවැන්නක් පක්ෂය කෙරේ ජනතාවට ඇති විශ්වාසය දරුණු ලෙස පලූදු කරන්නක් වනු ඇති බව අමුතුවෙන්  පෙන්වා දිය යුතු නොවේ.පසුගිය සති කිහිපයේදී මෙම තීරුවට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතා නැවත නැවතත් සදහන් කළේ නියමිත දිනයේදී පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය යුතු බවය.ජනතාවට පොරොන්දුවක්දී ඇති බැවින් එය එළෙසම ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

පක්ෂයට ඇති අනෙක් විකල්පය වන්නේ රජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී විපක්ෂයේ  අසුන්ගැනීමය.එවැනි තීරණයක් ගතහොත් නැවත මැතිවරණයක් පැමිණෙන තෙක් සැළකිය යුතු කාලයක් විපක්ෂ බංකුවේ හිදගෙන සිටීමට එක්සත් ජාතික පක්ෂයට  සිදුවන අතර රජයක් ලෙස සිටියදී සතුව තිබූ බලතලද පක්ෂයට අහිමිවේ.ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කළේ යැයි පවසා ලැජ්ජාව යම්තාක් දුරට වසා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබුණද එයින් ඵලක් නොවන්නේ දින 100 යේ පොරොන්දු ඉටු නොකර පලා යන්නේයැයි ජනතාවගෙන් නොඅනුමානවම නැගෙන චෝදනා වලට මුහුණදීමට සිදුවන නිසාය.මේ විකල්ප දෙකට මැදිව පීඩාවට පත්ව සිටින එක්සත්  ජාතික පක්ෂයට අනෙක් පසින් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වෙමින් තිබෙන තර්ජනයටද මුහුණදීමට සිදුව තිබේ.පක්ෂයේ ජේ්‍යෂ්ඨ සාමාජිකයින් පවසන ආකාරයට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් ඇතිව තිබෙන මෙම සමයේ වහාම පාර්ලිමෙන්තුව විසිරුවා හැර මැතිවරණයකට ගියහොත් පාර්ලිමෙන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගැනීමේ 

හැකියාවක් එක්සත් ජාතික පක්ෂයට ඇත.ඔවුන් එසේ කීවද අසුන් 225 ක් තිබෙන පාර්ලිමෙන්තුවෙන් බහුතරයක් වන අසුන් 113 කට වඩා වැඩි සංඛ්‍යාවක් හිමිකරගැනීමට කුමන සෙල්ලම් දැමුවද එක්සත් ජාතික පක්ෂයට තනි හැකියාවක් ඇත්දැයි ගැටලූවකි.නම් සදහන් කිරීමට අකමැතිවූ ජේ්‍යෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකු සන්ඬේ  ටයිම්ස් හා පැවසුවේ පාර්ලිමෙන්තුව විසිරුවීම කල්දැමිීම යනු එක්සත් ජාතික පක්ෂයට කිසිසේතම සුභ ආරංචියක් නොවන බවයි.ජනාධිපතිවරණයේදී වැරදිකරුවන්ට දඩුවම් දෙන බව පුනපුනා පැවසුවද මේ දක්වාම චෝදනා වලට ලක්ව සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට තම පක්ෂය අපොහොසත්ව සිටීම නිසා පක්ෂය ගැන ජනතාව අතර තිබෙන විශ්වාසය සොදාපාලූව යමින් තිබෙන බව ඔහු පැවසුවේය.වැරදිකරුවන් ආරක්ෂා කරමින් සිටින බවක් පෙනෙන නිසා මේ කට්ටියගෙත්් හිටපු රාජපක්ෂගෙත් වැඩිවෙනසක් නැහැ යැයි ජනමතයක් ගොඩනැගී තිබෙන බව ඔහු කීවේය.තත්ත්වයට පිළියම් යෙදීමට තවමත් තම පක්ෂය උත්සුකවී නොමැති බවත්  එය ජනතාවට සිදුකරන බරපතල වරදක් බවත් එම ජ්‍යෙෂ්ඨ සාමාජිකයා පැවසුවේ  කණගාටුවෙනි.

 

එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටින්නේ ශී‍්‍රලංකා නිදහස්  පක්ෂයයි.පසුගිය අගහරුවාදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක ද සිල්වා හා  පක්ෂයේ මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධයෙන්  පමණක් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන යෝජනාවලියකට තම පක්ෂයේ සහයෝගය නොලැබෙන බව පැහැදිලිවම පවසා සිටියහ.ව්‍යවස්ථා සංශෝධනයන් සිදුවිය යුත්තේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීම් සමගම බව ඔවුහු කීහ.වෙනත් අයුරකින් කිවහොත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමද ඇතුළත්විය යුතු බවය.මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම හා සම්බන්ධ ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමට මාස 3 ක පමණ කාලයක් ගතවන්නේයැයි මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දී ඇති බවත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය මැතිවරණයක් පැවැත්වීමට  එකගතාවය පළකරනු ඇත්තේ එම කටයුතු සිදුවනු පසු බවත් නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය හමුවේදී පැවසීය.

නැත්තන් අපි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අත ඔසවනවා. ඔහු කීය.

එක්සත් ජාතික පක්ෂය ඔය කලබල වෙලා ඉන්නේ.දැන් දින 100 වැඩසටහනත් හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නැති නිසා එයාලට  ඕනේ ව්‍යවස්ථා සංශෝධනය සිදුකරලා දුන්නු ලොකු පොරොන්දුවක් ඉටු කළා කියලා ජනතාවගෙන් ලකුණු දමා ගන්න.ව්‍යවස්ථා සංශෝධනයත් සමග මැතිවරණ ක‍්‍රමයත් වෙනස් වෙලා දෙමුහුන් මැතිවරණ ක‍්‍රමයක්  ඇතිවෙන්න  ඕනෙය කියලා සියලූ දේශපාලන පක්ෂ එකගතාවයකට  පැමිණිලා ඉන්නේ.ඒ නිසා ඒකත් සිදුවෙන්න  ඕනේ.එක්සත් ජාතික පක්ෂය දැනගන්න  ඕනේ පාර්ලිමෙන්තුවේ බහුතර බලය තියෙන්නේ අපට කියලා.

ඔවුන් සිතා සිටිනවා ඉක්මනින් මැතිවරණයකට යන්න  ඕනෙය කියලා.නමුත් ඇත්තටම ඔවුන් කරන්න  ඕනේ ව්‍යවස්ථා සංශෝධනයෙන් වගේම ඒ එක්කම සිදුවෙන මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයෙනුත් ප‍්‍රයෝජනය ගන්න එක.මේ කටයුතු සම්බන්ධයෙන් අදහස් පළ කරන්න ඔවුන්ටත් පුළුවන්.එය වැදගත් දෙයක්.

යැයි සන්ඬේ ටයිම්ස් හා අදහස් දකවමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

මහ බැංකුවේ බැදුම්කර සම්බන්ධයෙන් මතුව තිබෙන තත්ත්වය පිළිඹද මිීළග පාර්ලිමෙන්තුවේ රැස්වීමේදී විමසීමට තම පක්ෂය අපේක්ෂාවෙන් සිටින බව ඔහු  කීය.අත යටින් සිදුව තිබෙන ගනුදෙනුවක් හා හිතවත්කම් මත තනතුරු ලබාදීමක් ලෙස විපක්ෂ නායකවරයා නව බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගේ කි‍්‍රයාකලාපය හදුන්වාදුන්නේය.තමන්ට නැගී ඇති චෝදනා තරයේම ප‍්‍රතික්ෂේප කිරීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇතත් විපක්ෂයේ අදහස වෙනකකි.

 

ඔහු නිර්දෝශියි නම් පරීක්ෂණ කටයුතු අවසන් වෙනකන් තනතුරින් ඉල්ලා අස්වෙන්න  ඕනේ. ද සිල්වා මහතා කීය.

මේ සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට එක්සත් ජාතික පක්ෂය පත්කර තිබෙන කමිටුවද ඔවුන් කළ යුත්තේ කුමක්ද කියා නොදැන අතරමන්ව සිටින සෙයක් දැකගත හැකිය.මෙයද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේකෙන් පේනවානේ එක්සත් ජාතික පක්ෂයට ඇත්ත හොයාගන්න කිසිම වුවමනාවක්  නැහැ කියලා.හිතවත්කම් වලට ලබාදෙන තනතුරු අපට  ඕනේ නැහැ.අපට  ඕනේ විනිවිදභාවයෙන් යුතු වගකීම් සහගත යහපාලනයක්.ඒත් කෝ? වැරදි කරපු පුද්ගලයින් ආරක්ෂා කරද්දී එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලූවන්ද? ද සිල්වා මහතා  පැවසීය.

මහ බැංකුවේ බැදුම්කර සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වයට  අමතරව බැංකුවේ පරිගණක පද්දතිය නවීකරණය කිරීමේ කටයුතු මෙහෙයවූ කණ්ඩායමේ  සාමාජිකාවක වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සොහොයුරිය වෙනත් අංශයකට මාරු කර යවා ඇතැයි චෝදනාවක්ද වත්මන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව නැගී තිබේ.මහබැංකු අධිපති ලෙස මහේන්ද්‍රන් පත්කළ යුතු බව සදහන් පති‍්‍රකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ රණවක අමාත්‍යවරයා ඊට දැඩිව විරෝධය පළ කළ අයෙකි.මේ සම්බන්ධයෙන් විමසීමට මහබැංකු අධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.පසුව වාර්තාවූ තොරතුරු වලට අනුව ඔහු සිංගප්පූරුවේ සිට  ඩුබායි හරහා ඇමරිකාව බලා ගොස් තිබේ.

අගමැති වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශයන්ට දැඩිව ප‍්‍රතිචාර දැක්වීය.

කවුද කියන්නේ අපට වැඩපිළිවෙලක් නැහැ කියලා.දින 100 වැඩසටහන හොදට කියවලා  බලන්න.ඒකේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා අප්‍රෙල් 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවනවා කියලා.ඒක තමයි අපටත් කරන්න  ඕනේ. යැයි අගමැතිවරයා පැවසීය.

කිසිම වැරදිකරුවෙක් ආරක්ෂා කිරීමේ වුවමනාවක් රජයට නොමැති බව අවධාරණය කළ වික‍්‍රමසිංහ මහතා බොහෝ දෙනාට රජය ඉබි ගමනේ යන බව පෙනුනද සැබෑවටම සිදුවෙමින් තිබෙන්නේ නීතියට කි‍්‍රයාත්මක වීමට ඉඩදී රජය ඉවසිල්ලෙන් බලාසිටීම බව කීය.දැනටමත් වරදකරුවන් හදුනාගෙන ඔවුන්ට එරෙහි පරීක්ෂණ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව පැවසූ හෙතෙම ඉතාම ඉක්මනින් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන එන බව සහතික කළේය.

 

ව්‍යවස්ථා සංශෝධනයන් සමගම මැතිවරණ ක‍්‍රමයද වෙනස් කිරීමට අගමැති රනිල් වික‍්‍රමංසිහ,සභාපති මලික් සමරවික‍්‍රම පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්,කරු ජයසූරිය හා ජනපති සිරිසේන අතර පැවති සාකච්ඡාවකින් පසු එක්සත් ජාතික පක්ෂයද එකගතාවය පළකර තිබුණි.ව්‍යවස්ථා සංශෝධනයන් හා සමග මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමද කි‍්‍රයාත්මක කළ හැකි බව ජනපතිවරයා ඔවුන්ට පෙන්වා දී තිබුණු අතර මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සති කිහිපයකින් සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා හා සමිීක්ෂණ ජෙනරාල්වරයා තමන්ට දැනුම්දුන් බවද කියා තිබුණි.එළැඹෙන 18 වැනිදා මෙම නිළධාරීන් දෙපළ හා ජනපති සිරිසේන අතර විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.  මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් පිළියෙල කර තිබෙන වාර්තා ජනපතිවරයාට ඉදිරිපත් කිරීම එහිදී සිදුවනු ඇත.

ව්‍යවස්ථා සංශෝධනයන් පිළිඹද ඇතිව තිබෙන ගැටලූකාරී තත්ත්වය විසදාගැනීමට තවත් කාලයක් ගතවනු ඇතිබව රජයේ වත්මන් කි‍්‍රයාකලාපය දෙස බැලීමේදී පැහැදිලිවම පෙනෙන්නකි.ඊයේ දිනයේදී පැවති විශේෂ කැබිනට් හමුවේදී එකගතාවයක් ඇතිකර ගැනීමට හැකිවූවේදැයි හෝ නොවේදැයි යන්න ගැන තවමත් වාර්තාවක් නොමැති වුවත්  එකගතාවයකට පැමිණීමට නම් දෙපාර්ශවයේම යෝජනා සැළකිල්ලට ගෙන ව්‍යවස්ථා  සංශෝධනයක දළ කෙටුම්පතක්  සකස් කිරීම මුලින්ම සිදුවනු ඇතැයි නිගමනය කළ හැකිය.අනතුරුව මෙම දළ කෙටුම්පත මහජන අදහස් විමසීම සදහා ඉදිරිපත් කළ යුතුවේ.මේ සියල්ලට සැළකිය යුතු කාලයක් ගත වනු ඇති බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවන අතර එනිසාවෙන්ම පාර්ලිමෙන්තුව අප්‍රෙල් මස 23 වැනිදා හෝ ඊට පෙර  විසිරුවාහැරීම නොකළ හැක්කකි.ගෙවෙන්නට ඇති දින ගණන සැළකීමේදී රජයේ හා  පොහොය නිවාඩු දිනයන්ද සැළකිල්ලට ගත්විට නියමිත දින වලදී තම ඉලක්ක සපුරා ගැනීම එක්සත් ජාතික පක්ෂයට සිහිනයකට නොඅඩු දෙයක් බව පැහැදිලිය.දින 34 ක් පමණ ගෙවෙන්නට තිබියදී එක්සත් ජාතික පක්ෂය කි‍්‍රයාත්මක කරන්නට යන බව කියන වැඩටහන්වල ප‍්‍රායෝගික ස්වභාවයද ගැනද ගැටලූ පැනනගී.ශී‍්‍රලංකා නිදහස් පක්ෂය  එක්සත් ජාතික පක්ෂ නායකත්වය සෙළවිය නොහැකි සේ සිරකර දමා ඇති අයුරුය මේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන යෝජනා

 

ජනාධිපති –

 

රටේ නායකයා වන්නේද,විධායකයේ බලතල දරන්නේද,ආරක්ෂක අංශ වන  සේනාධිනායකයා වන්නේද ජනාධිපතිවරයායි.අගමැතිවරයා පත්කිරීම හා ව්‍යවස්ථාවෙන් ඉඩ සළසා දී ඇති අවස්ථාවකට අමතරව අන් සියලූ පරිපාලන කටයුතු වලට ඔහුගේ දැායකත්වය ලබාගැනෙන්නේ අගමැතිවරයාගේ හෝ අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කරන අමාත්‍යවරයෙකුගේ උපදෙස් පරිදිය.තමන්ට ලැබෙන උපදෙසක් සම්බන්ධයෙන් දෙවන මතයක් විමසා සිටීමට අගමැතිවරයා හෝ අගමැතිවරයාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වන අමාත්‍යවරයෙකුගේ සහය ලබාගැනීමට ජනපතිවරයා කටයුතු කළ යුතුවේ.එමෙන්ම අනුමැතිය ලබාගැනීමට ඔහුට ඉදිරිපත් කෙරෙන කෙටුම්පතක් සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් සිදුකිරීමට එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමටද ඔහු කටයුතු කළ යුතුවනු ඇත.දෙවන මතය විමසීමෙන් පසු ලැබෙන උපදෙස් ප‍්‍රකාරව කෙටුම්පත ස්ථාපිත කිරීම හෝ නොකිරීමට ඔහු කටයුතු කරනු ඇත.

 

33 වැනි වගන්තියේ සදහන් වගකීම් හා බලතල කි‍්‍රයාත්මක කරනවාට අමතරව සංහිදියාව හා සහයෝගීතාව ඇතිකිරීම ආගමික හා ජාතික සමගිය ඇතිකිරීම මෙන්ම වි්‍යවස්ථාදායක කවුන්සිලයේ හා අනෙක් ස්වාධීන කොමිෂන් සභාවල කි‍්‍රයාකාරීත්වය  නිසි පරිදි සිදුවන්නේදැයි සොයා බැලීම ජනාධිපතිවරයාට පැවරෙන අනෙක් රාජකාරි වනු ඇත.

 

ජනාධිපතිධූරය හෙබවූවද තමන් සතුවන බලතල වලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් ජනපතිවරයාට නොමැත.එවැනි අවස්ථාවක් වේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමේ චෝදනාවක් ඉදිරිපත් කර ඊට එරෙහිව පියවර  ගැනීමට රටවැසියාට අවස්ථාව ඇත.මෙවන් අවස්ථාවකදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිනු ඇත්තේ රාජ්‍ය කවුන්සිලයයි.

 

ජනපති ධූර කාලය වසර 5 කට සීමා වේ.වර්තමානයේ භාවිතයට ගැනෙන ජනපතිවරණ ඡුන්ද විමසීමේ වැඩපිළිවෙලෙහි කිසිදු වෙනසක් සිදුවන්නේ නැත.ජනපතිවරයෙක් පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ගෙන එන විශ්වාසභංග යෝජනාවකින් ඉවත් කළ හැකිය.වර්තමානයේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කර තිබෙන දෝශාභියෝග චෝදනා සියල්ල බලරහිත කෙරේ.

 

අගමැතිවරයා හා කැබිනට් ඇමතිවරුන් -

කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නේ අගමැතිවරයායි.රජයේ කටයුතු පාලනය කිරීමේ බලය හිමිවන්නේ ඔහුටය.අගමැතිවරයා පත්කිරීමේ බලතල හිමිවන්නේ ජනාධිපතිවරයාටයි.පාර්ලිමෙන්තුවේ බහුතර විශ්වාසය දිනාගෙන සිටිනා පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙක් අගමැති තනතුරට තෝරා ගැනෙනු ඇත.ඇවැසි වේ නම් ජනාධිපතිවරයා මාර්ගයෙන් නියෝජ්‍ය අගමැතිවරයෙකු පත්කරගැනීමටද අගමැතිවරයාට හැකිය.

 

ඇමතිවරුන් ගණන 30 නොඉක්මවිය යුතුය.රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 40 නොඉක්මවිය යුතුය.දෙවැනි තැනට හා තෙවැනි තැනට වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිවන පක්ෂවලට බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පාලක පක්ෂය හා ජාතික රජයක් 

තැනීමට එක්විය හැකිය.එවැනි අවස්ථාවකදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවකින් ජාතික රජය කෙතරම් කාලයක් පවතීදැයි නිගමනයකට එළැඹියායින් පසු ඇමතිවරුන් ගණන 45 - 55 අතර ගණනකට ඉහළ නැංවිය හැකිය.මෙය බලපැවැත්වෙන්නේ මිීළග පාර්ලිමෙන්තුවට පමණි.

 

ජනාධිපතිවරයාට ලබාදී තිබෙන විශේෂ බලතල -

 

ආරක්ෂක කටයුතු,මහවැලි සංවර්ධන,පරිසර යන අමාත්‍යංශයන් වත්මන් ජනාධිපතිවරයා යටතට පවරා දී තිබේ.එම අමාත්‍යංශ වල කටයුතු වලට බලපැවැත්වෙන තීන්දු තීරණ ගැනීමේදී හෝ රටට වැදගත් කරුණක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවශ්‍යවූ විටෙකදී කැබිනට් හමුවක් කැදවා එම තීන්දු තීරණ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය.

 

පාර්ලිමෙන්තුව 

 

පාර්ලිමෙන්තුවේ ධූර කාලය වසර 5 කි.නමුත් වසර 4 ක් හා මාස 6 ක් ගතවූ තැන තුනෙන් දෙකක බහුතර කැමැත්තෙන් ගෙන එන යෝජනාවකින් පාර්ලිමෙන්තුව විසිරුවා හැරිය හැකිය.

 

ව්‍යවස්ථා කවුන්සිලය හා ස්වාධීන කොමිෂන් සභා –

 

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබෙන ව්‍යවස්ථා කවුන්සිලය හා  ස්වාධීන කොමිෂන් සභා සුලූ වෙනස්කම් කිහිපයක් සිදුකර එලෙසම ඇතිකෙරෙනු  ඇත.ව්‍යවස්ථා කවුන්සිලයට අදාළ යෝජනා වල වැඩි වෙනසක් සිදුනොකරන අතර එයට  පත්කෙරෙන සාමාජිකයින් පස් දෙනා නම් කිරීමේ බලතල අගමැතිවරයාට හා විපක්ෂ  නායකවරයාට හිමිකරදීම පමණක් සිදුවනු ඇත.මෙම පස් දෙනා පත්කිරීමට ප‍්‍රථමයෙන් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡුා කිරීමට සිදුවන අතර එම පුද්ගලයින් පස් දෙනා ශී‍්‍රලංකාවේ ජීවත්වන සියලූ ජාතීන් නියෝජනය කිරීමට සමත්වන්නන් විය යුතුය.මෙහිදී ඔවුන්ගේ වෘත්තිමය හා සමාජමය වටපිටාව සැළකිල්ලට ගැනෙනු ඇත.වෘත්තිමය අත්දැකීම් හිමි පුද්ගලයින්ට වැඩි තැනක් 

හිමිවේ.තෝරාගන්නා පුද්ගලයින්ට ජනපතිගේ කැමැත්ත හිමිනොවුනහොත් වෙනත්  පුද්ගලයින් තොරාගැනීම සිදුවනු ඇත.කැමැත්ත හිමිවන පුද්ගලයින් කිහිපදෙනා සමග හෝ පුරප්පාඩු තිබියදීම මෙම කවුන්සිලයන් හා කොමිෂන් සභා කි‍්‍රයාත්මක කෙරෙනු ඇත.

 

විගණන සේවා කොමිසම හා ජාතික ප‍්‍රතිසම්පාදන කොමිසම ස්වාධීන ආයතන ලැයිස්තුවට එක් කර තිබේ.ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට සිදුකෙරෙන පත්කිරීම් වලදී ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාගේ,අධිකරණ අමාත්‍යවරයාගේ,නීතිපතිවරයාගේ හා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ මතය විමසීමට  ව්‍යවස්ථා කවුන්සිලය කටයුතු කරනු ඇත.

 

ජාතික පොලිස් කොමිසම –

 

කොමිසම ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැුස්වීම් වලට පොලිස්පතිවරයා අනිවාර්යයෙන්  සහභාගී විය යුතුය.පොලිස්පතිවරයාගේ පැමිණීම අත්‍යාවශ්‍ය නොවන කරුණක් ගැන  සාකච්ඡුා කෙරෙන රැුස්වීමක් හැර අනෙක් රැුස්වීම් වලට සහභාගීවීම මගහැරීමට ඔහුට නොහැකිය.ඔනෑම පොලිස් නිළධාරියෙකුට නියෝග නිකුත් කිරීමේ අයිතිය කොමිසමට  ඇත.කිසියම් පොලිස් නිළධාරියෙකුට කොමිසම නිකුත් කර තිබෙන නියෝග කි‍්‍රයාත්මක  වීම වැළැක්වීමට පොලිස්පතිට අවශ්‍යවේ නම් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් කමිටුව හමුවේ ඔහු සිදුකළ යුතුය.

 

පාර්ලිමෙන්තු මැතිවරණ –

නව මැතිවරණ ක‍්‍රමය කේවල හා සමානුපාතික මැතිවරණ ක‍්‍රමයන්ගේ මිශ‍්‍රණයක් වනු ඇත.සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම ජනතා නියෝජිතයෙකු පාර්ලිමෙන්තුවට යැවීමට සියලූ පක්ෂ වලට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

 

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හෝ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස හෝ ඉදිරිපත් විය නොහැකිය.

 

තමන්ගේ පක්ෂයේ සිට වෙනත් පක්ෂයකට මාරු වන පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකුට මන්තී‍්‍ර අසුන අහිමි වනු ඇත.

 

කෙටුම්පත් –

 

පළමු කියවීමට ඉදිරිපත් කිරීමට දින 14 කට ප‍්‍රථමයෙන් කිසියම් කෙටුම්පතක් මහජනතාවගේ දැනගැන්ම සදහා ගැසට්පත‍්‍රය මාර්ගයෙන් ප‍්‍රසිද්ධ කෙරෙනු ඇත.සම්මත කරගත් කෙටුම්පතක් ජනපති සහතික කළ පසු භාවිතයට ගැනෙනු ඇත.හදිසි කෙටුම්පත් සම්මත කරගැනීමක් ඉදිරියේදී සිදුවන්නේ නැත.

 

විගණකාධිපති හා විගණන සේවා කොමිසම –

 

විගණන සේවා කොමිසම විගණකාධිපතිවරයාගෙන්,හිටපු විගණකාධිපතිවරුන් හෝ හිටපු  නියෝජ්‍ය විගණකාධිපතිවරුන් වන විශ‍්‍රාමික විගණන නිළධාරීන් දෙදෙනෙකුගෙන්ල  විගණන,ගණකාධිකාරී,නීතිය,ආර්ථික කටයුතු,පරිපාලන ආදී ක්ෂේත‍්‍ර වල සේවයේ නියුතුව විශ‍්‍රාම ගිය නිළධාරීන් දෙදෙනෙකුගෙන්ල හෝ රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ  වසර 15 කට නොඅඩු අත්දැකීම් ඇති විශ‍්‍රාමික නිළධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත වනු  ඇත.සුදුසු රාජ්‍ය නිළධාරීන් තෝරාගැනීම ජනපතිවරයා සිදුකරනු ඇති අතර අනුමැතිය  ලබාදීම ව්‍යවස්ථා කවුන්සිලයට අයත්ය.

 

කොමිසමේ කාර්යභාරය වන්නේ –

 

x          විශ‍්‍රාම යෑම,අලූතින් පත්කර ගැනීම,දීමනා ගෙවීම,මාරු කර යැවීම්,සේවයෙන් පහ කිරීම,විනය කටයුතු ආදිය ආවරණය වන සේ විගණන සේවයේ නීති පද්දතිය  ශක්තිමත් කිරීම.

 

x          ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමෙන්තු වාර්තාව පිළියෙල කර පාර්ලිමෙන්තුවේ විවරණයට එය ලක්කිරීමට කථානායකවරයාට භාරදීම

 

x          නීත්‍යානුකූලව පැවරී ඇති වෙනත් රාජකාරි ඉටු කිරීම

 

විගණකාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය,සියලූ අමාත්‍යංශ,රජයේ දෙපාර්තමෙන්තු,කාර්යාල,ආයතන හා කොමිෂන් සභා ආවරණය වන පරිදි විගණන වාර්තා පිළියෙල කිරීමත්,පාර්ලිමෙන්තුව,පළාත් සභා,ප‍්‍රාදේශීය පරිපාලන ආයතන,පොදු ආයතන ආදිය ඉදිරිපත් කරන වැය ශීර්ෂ සළකා බැලීමත් සිදුකරනු ඇත.අමතරව  රජය සපයා දී තිබෙන අමුද්‍රව්‍ය වක‍්‍රව හෝ සෘජුව භාවිතා කරන ව්‍යවස්ථාවේ සදහන් නීති ප‍්‍රකාරව රජයට අයත්යැයි තහවුරු කෙරී ඇති ව්‍යාපාර හෝ සමාගම් හෝ වෙනත් පරිපාලනයක් හෝ වේවා ඒවායේ කටයුතු සොයාබැලීමද,ආයතන වල කොටස්  හා ප‍්‍රාග්ධනය සැළකීමේදී කිසියම් ආයතනයක කොටස් වලින් සියයට 40 කට නොඅඩු ගණනක හිමිකාරීත්වය රජයට ඇත්නම් හෝ කිසියම් ආයතනයකට සපයා ඇති ප‍්‍රාග



අදහස් (0)

‘දෙකම එකට නැත්නම් බෑ‘

ප්‍රකාශ් Monday, 16 March 2015 09:55 AM

මේ ව්‍යවස්ථා සංශෝධන කරන්නේ තමන්ගේ වාසිය සඳහා පමණකි.නීති විශාරදයින් යයි කියාගන්නා මහදැන මුත්තලාද කරන්න ඕන දේ දන්නේ නැති බව බුද්ධිමත් ජනතාව නම් දන්නවා.(ම)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 03:45 AM

අදහස් ගැන සෙවීම පුද්ගලයින් ගැන සෙවීමට වැඩිය වැදගත්ය (නදී)

:       0       0

ප්‍රිය Monday, 16 March 2015 05:17 AM

දඟලපු තරමට ජනපති බලතල අඩු කල ප්‍රමාණය මදි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 5 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 21 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 166 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 155 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 518 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායලයෙන් යේමනයට ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 30 703 0

යේමනයේ, හිස්බුල්ලා සහ ඉරාන හිතවාදී, හවුති කැරැලිකරුවන් ඉලක්ක කරමින්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර මාලාවක් එල්ල කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site