(රේඛා තරංගනී ෆොන්සේකා)
දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ තුළින් වැඩි දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලැබීම වැඩි කර ගත හැකි බවද හෙතෙම පැවසීය.
පළමු වැනි පන්තියේ නිදන මැදිරි ප්‍රවේශව පත්‍රයක මිල රුපියල් 1200 ක් වන අතර එක් මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 12 දෙනකුට පමණි.
ආසන වශයෙන් ගත්විට මගීන් 40 කට වැඩි සංඛයාවකට මැදිරියක ගමන් ගත හැකි බව පෙන්වාදෙන සාමාන්‍යාධිකාරිවරයා 50 කට ආසන්න පිරිසකට ගමන් කළ හැකි මැදිරියක මගින් 12 දෙනකුට නිදන මැදිරි ලෙස වෙන් කිරීම දෙපාර්ත මේන්තුවට සිදුවන පාඩුවක් බව පැවසීය.
නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි පාඩු නොවන මට්ටමෙන් පවත්වාගෙන යාහැකි බව සඳහන් කරන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුම්රිය නිදන මැදිරි වෙනුවට නිදන ආසන මැදිරි වැඩි කරන්න යයි
sachith Thursday, 31 January 2019 06:47 AM
ටික ටික මොලේ පෑදෙනවා වගේ. ඔය වගේම සිග්නල්, මාර්ග නඩත්තුව වගේ ඒවටත් මොලේ පෑදේවා..!!!
දමිත Thursday, 31 January 2019 06:58 AM
පමාවී හෝ මෙවැනි බුද්ධිමත් තීරණයක් ගැනීම ගැන අගය කරන අතර ජනතාවට ඉතාමත් සැප පහසු ගමන් ලබා දෙන්න.
හේරත් Thursday, 31 January 2019 07:33 AM
පාඩු සිදුවෙන්නේ මේ අයගේ නොහැකියාව නිසා මිස නිදන මැදිරි නිසා නොවෙයි. බදුල්ලේ / මඩකලපුවේ වගේ තැන් වල ඉඳලා පැය 6 කින් කොළඹ එන්නේ මොන කෝච්චියද?
ravi Thursday, 31 January 2019 08:55 AM
ඕක ඉතින් දැනුත් තියන දෙයක්නේ .. කෙල හලාගෙන .. ගොරවන දුම්රිය මගීන් අපිනම් ඕන තරම් දැකල තියනවා .
bandula Thursday, 31 January 2019 10:49 AM
වටිනා අදහසක්, වෙන රටවල නිදන මැදිරි යොදන්නේ නම් 2000 -3000 වැනි දුර යාමටය. කිලෝමීටර් 400 වැනි දුරකට යාමට ඇඳන් අවශ්‍ය නැත .
sirimal Thursday, 31 January 2019 11:00 AM
අපේ දුම්රිය මැඳිරි බොහොමයක් ඉතාම පැරණි දිරාපත්වූ ඒවා බව පෙනෙන්ට ඇති බැවින් ඒවා ඉවත්කර නවීන පහසුකම් සහිත නව මැඳිරි හඳුන්වා දීමටත් ඒවා වගකීමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම පිළිබඳව මඟීන් දැනුවත් කිරීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුවෙයි. ලෝකයේ ඉතාම අඩු මුදලකට ගමන් කල හැකි දුම්රිය සේවයක් ඇත්තේ අපේ රටේ බවයි මම හිතන්නේ. මෙතරම් සුළු මුදලක් අයකරමින් දුම්රිය සේවාවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් පුදුමයක්. දුම්රිය මෙන්ම දුම්රිය ස්ථානද නිසි පරිදි පවත්වාගෙන යාම වැදගත් වෙයි. විශේෂයෙන් දුම්රිය ස්ථානවල ඇති වැසිකිලි ආදියද ප්‍රසන්න භාවයකින් යුක්තව පවත්වා ගෙන යාම වැදගත් වෙයි.
Donald Thursday, 31 January 2019 07:00 PM
අපට දුම්රිය දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නැත. ෆේස්බුක් එකේ ඉන්නවා කෝච්චි ගැන දැනුම තියන කොල්ලෝ ඕන තරම්. ඒ උදවිට දුන්නානම් අපූරුවට කෝච්චි ටික දුවවනවා. මේ අලුත් ඇන්ජින්, පවර් සෙට් පවා ලැබුණේ ඒ උදවියගේ කැපවීම නිසා. ෆේස්බුක් එකේ එක කෝච්චි සම්බන්ධ සමූහයක මිතුරෙකු ඉන්නවා ඔහු පෞද්ගලික ධනයෙන් ඉන්දියාවට ගියා මෙම අලුත් ඇන්ජින්, පවර් සෙට් වල ගුණ දොස් නිරික්ශණය කර රේල්ලුවට දැනුම් දීමට. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආණ්ඩුවේ මුදලින් පිටරට ට්‍රේනින් යන්න හදන කාලෙක, මෙවැනි සිදුවීම් අගය කල යුතුයි.
Tharanga Friday, 01 February 2019 05:13 AM
එන්න එන්න දුම්රියේ පහසුකම් අඩු වෙනවා. පහසුකම් අඩු වුනාම අමාරු වෙන්නේ දුර යන මගීන්ට.