ලොව අතිශය දුර්ලභ මිරිදිය මත්ස්‍ය විශේෂයක් කළුතර දිස්ති‍්‍රක්කයේ බදුරලිය අත්වැල්තොට ප‍්‍රදේශයෙන් හමුවී තිබේ. මෙම ශී‍්‍ර ලංකාවට ආවේණික මත්ස්‍යයකු වුව ද ලෝකයට හඳුන්වාදී ඇත්තේ ජර්මනියේදීය. අත්වැල්තොට ප‍්‍රදේශයෙන් හමුවන තුරු මෙම මත්ස්‍යයා මෙරට කිසිදු ස්ථානයකින් වාර්තා සොයාගැනීමට හැකිවී තිබුණේ නැත. වර්ෂ 1957 දී මෙරටින් ජර්මනියට අපනයනය කැරුණු විසිතුරු මසුන් තොගයක් අතර සිටි වෙනස් ස්වරූපයක් ගන්නා මාළුවකු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ ජර්මන් ජාතික විද්‍යාඥයකු වන එම්.මින්කන් මහතා එම මාළුවා පිළිබඳ පර්යේෂණ ආරම්භකොට තිබේ. ශී‍්‍ර ලංකාවේ සිටින හල්මල් දණ්ඩියා ඇතුළු දණ්ඩි විශේෂ කිහිපයක් අතර සිටි මෙම මාළුවා මෙතෙක් ලොව සොයානොගත් නව විශේෂයක් බව ද තහවුරු කැරුණි. මාළුවාගේ වරල්වල කළුපැහැති රේඛාවක් පිහිටීම සැළකිල්ලට ගනිමින් එම සත්ත්වයා විද්‍යාත්මකව රැුස්බොරා නිග්‍රොමාජිනාටා ඍ්ිඉදර් බසටරදප්රටසබ්ඒ ලෙස නම් කැර තිබේ. පසු කාලයක එම නම රැුස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ඍ්ිඉදරදසාැි බසටරදප්රටසබ්ඒ ලෙස වෙනස් කැර ඇත. නව විශේෂය එලෙස ලෝකයට හඳුන්වාදුන්න ද එම මාළුවා ශී‍්‍ර ලංකාවේ කුමන ස්ථානයක ජීවත් වන්නේ ද යන්න වසර ගණනක සිට සොයාගැනීම අපහසු කරුණක් වී තිබිණි. මේ මාළුවාගේ විද්‍යාත්මක දත්ත සැළකිල්ලට ගනිමින් ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විද්‍යාඥයන් රැුසක් පර්යේෂණවල නිරතවුව ද එම මත්ස්‍යයා ජීවත්වන ප‍්‍රදේශය හෝ මාළුවා හඳුන්වන සිංහල නාමයක් හෝ කිසිවකුට සොයා ගැනීමට හැකි වූයේ නැත. ඒ අනුව රැුස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා නැමැති මාළුවා ලෝකයෙන් වඳවීගිය මත්ස්‍යයකු ලෙස පිළිගැණුනි. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව කරන ලද පර්යේෂණයකදී මෙතෙක් වසර 57 ක කාලයක් ලෝකයෙන් සැ`ගවී සිටි නිග්‍රොමාජිනාටා සොයා ගැනීමට හැකියාව ලැබිණි. මෙම සොයාගැනීමත් සමග මාළුවා රතු වරල් දණ්ඩියා ලෙස හැඳින්වීමට ද පියවර ගෙන තිබේ. මෙතෙක් කරන ලද පර්යේෂණ අනුව බදුරලිය අත්වැල්තොට ප‍්‍රදේශයේ පමණක් දැකිය හැකි රතු වරල් දණ්ඩියා උපරිම සෙන්ටිමීටර දෙකක් පමණ විශාලත්වයෙන් වැඩෙයි. හල්මල් දණ්ඩියාට අතිශය සමීප ස්වරූපයක් ගන්නා රතු වරල් දණ්ඩියාගේ රතු පැහැති වරලේ දාරයෙහි කළු පැහැති රේඛාවක් දක්නට ලැබීමත් ඇසට උඩින් රතු ලපයක් දක්නට ලැබීමත් විශේෂත්වයකි. තමන් ජීවත්වන පරිසරයට අතිශයින්ම සංවේදී රතුවරල් දණ්ඩියා පරිසරයේ සිදුවන සුළු වෙනස්කමක් හේතුවෙන් වුවද මරණයට පත්වන බව පරිසරවේදීන් පවසයි. ජර්මනියේදී කරන ලද පර්යේෂණ අනුව 1957 දී ශී‍්‍ර ලංකාවට ආවේණික මාළුවකු ලෙස රතු වරල් දණ්ඩියා විද්‍යාත්මකව නම්කැර තිබුණ ද මෙරටින් කිසි දිනක වාර්තා නොවීම හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ මිරිදිය මතස්‍ය නාමාවලියට හෝ රතුවරල් දණ්ඩියා ඇතුලත්ව සිටියේ නැත. ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසන්නේ මෙම මත්ස්‍යයාගේ පරිසර පද්ධතිය පිළිබඳව, අනෙකුත් මිරිදිය ජීවී විශේෂ සමග අදාල පරිසරයේ ජීවත්වන ආකාරය, මුහුණපා ඇති තර්ජන සහ අභිජනන රටාව ගැන ඉදරියේදී පර්යේෂණ කිරීමට බලාපොරොත්තුවන බවයි. ශී‍්‍ර ලංකාවේ මසුන් පිළිබඳ දීර්ඝ කාලයක් ගවේෂණයේ නිරතව සිට දැනට ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂකයකුවන රොහාන් පෙතියගොඩ මහතා මේ සොයාගැනීම සම්බන්ධයෙන් මෙසේ කීවේය. ඉතාමත්ම දීර්ඝ කාලයක් අපි මේ මාළුවා ගැන සොයා බැළුවා. දැනට මාළුවා හමුවී තිබෙන පරිසර පද්ධතියේදීත් මීට පෙර සොයා බැළුවත් වාර්තා වූවේ නැහැ. මේ මාළුවා ශී‍්‍ර ලංකාවෙන් වාර්තාවන ඉතාමත්ම අලංකාර කුඩා මත්ස්‍යයෙක්. ඒ වගේම ඉතාමත්ම සංවේදීයි. මෙවැනි මසුන් වාණිජ අරමුණු සඳහා එක්රැුස් කිරීම වහාම නැවැත්විය යුතුයි. ඒ වගේම ඔවුන් ජීවත්වන පරිසර පද්ධතීන් දැඩි සේ සුරක්ෂිත කළ යුතුයි. රතුවරල් දණ්ඩියා ජීවත් වන අත්වැල්තොට ප‍්‍රදේශයේ ජනතාව ඒකරාශී කළ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය එම මත්ස්‍යයා පිළිබඳව සහ සංරක්ෂණය කිරීම පිළිබඳ ඔවුන් දැනුම්වත් කැර තිබේ. ඒ අනුව ලොව අතිශය දුර්ලභ මාළුවකුවන ශී‍්‍ර ලංකාවට ආවේණික රතුවරල් දණ්ඩියා සුරැුකීමට අත්වැල්තොට ජනතාව ඒකරාශී වී සිටිති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේය.
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය හෙට (05) මියන්මාරය බලා පිටත්ව යයි
වැඩබලන පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට දී තිබූ බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ’’අන්‍යෝන්‍ය බදු ක්‍රමය’’ ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වට
ශ්රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොස
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර ඇති බවත් එම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තු
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දුර්ලභ මාළුවෙක් බදුරලියෙන්
සි එල් මානගේ Saturday, 27 August 2011 10:18 AM
බොහොම වටින ලිපියක්. ලංකාවේ අපිට ආඩම්බරයක්. පරිසරය සුරක්ෂිත කිරීමට දක්වන උනන්දුව ගැන මගේ සුභ පැතුම්.
ප්‍රදීප් ප්‍රියන්ත Sunday, 04 September 2011 10:46 AM
ඉතාමත් වටින ලිපියක්
ජේ. කේ.සනත් ඉන්දික Monday, 05 September 2011 07:51 PM
පිට රටින් ආනයනය කරන ලද මාළු ප්‍රදර්ශණ නරඹන අපේ ශ්‍රිලාංකිකයන්ට අනාගතයේදී අපේ රටේ මාළු ප්‍රදර්ශණ නැරඹීමට මඟ පෙන්වන ලිපියකි.