IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි  දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයාට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය අද (19) වසර 37 ක සිර දඬුවමක් නියම කළාය.

දිනුෂ් කුරේරා සිය බිරිඳවූ නෙලෝමි පෙරේරාව, 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේ සෑන්ඩ්හර්ස්ට් නගරයේ පිහිටි ඇයගේ නිවසේදී තම දරුවන් ඉදිරියේ විනාඩි 14 ක කාලයක් පුරාවට කපා කොටා ඝාතනය කර තිබූ අතර ඇයගේ සිරුරේ කැපුම් තුවාල 35 සහිතව ලේ විලක් මැද වැටී සිටියදී ඕස්ට්‍රේලියානු පොලිසිය සොයා ගත්තේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු මිනීමැරීමේ චෝදනාවට වරදකරු බව වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. එහිදී දඬුවම් නියම කිරීම සඳහා ඊයේ(19) දිනට නඩුව කැඳවීමට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබිණි.

ආත්ම ආරක්ෂාව සඳහා තම බිරිඳ ඝාතනය කළ බව දිනුෂ් කුරේරා ප්‍රකාශ කළත් ඔහු නිදහසට ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව අමන්දා ෆොක්ස් විනිසුරුවරිය ප්‍රකාශ කළාය. හොඳ කල් ක්‍රියාවෙන් සිටීම හේතුවෙන් ලබා ගන්නා සමාවට අයැදුම් කිරීමටත් දිනුෂ් කුරේරා අවම වශයෙන් අවුරුදු 30 සිර දඬුවමක් විඳිය යුතු බවද ඇය පැවැසුවාය.

දිනුෂ් කුරේරා සිය පුතුණුවන්ට තුන්වතාවක් පොරවෙන් පහරදී ඇති බවත් සිය මවට පොරවෙන් පහරදෙන අවස්ථාවේ උදව් ඉල්ලීම සඳහා පිටතට දුව යෑමට උත්සාහ දැරීම හේතුවෙන් දිනුෂ් කුරේරා සිය පුත්‍රයාට මෙලෙස පහරදී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය. කුරේරාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයක් තිබෙන බවත් ඔහු වෙනත් කාන්තාවන් ආශ්‍රය කරන බවත් නඩු විභාගයේදී ඔප්පු විය. ඒ හේතුවෙන් කුරේරා 2022 වසර මුලදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ දික්කසාදවීමේ සැලසුම ඇතිව ඔහුට විරුද්ධව නෙලෝමි තහනම් නියෝගයක් ලබාගෙන ඇති බවත් එම නියෝගය හේතුවෙන් කුරේරාට නෙලෝමි සමඟ එක නිවසේ වාසය කිරීමට නොහැකි වී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය වූවේය.

නඩුව ආරම්භයේ සිටම දිනුෂ් කුරේරා ආත්ම ආරක්ෂාව සඳහා ඝාතනය සිදුකළ බව ඔහුගේ නීතිඥ කණ්ඩායමේ ස්ථාවරය විය. කෙසේ නමුත් දඬුවම් නියම කරමින් වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමන්දා ෆොක්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ දරුවන් ඉදිරියේ මව ඝාතනය කිරීම ම්ලේච්ඡ කිසිසේත් සමාවක් ලබාදිය නොහැකි ක්‍රියාවක් බවත් ඔහු නිදසහට ඉදිරිපත් කළ කරුණු විකාරයක් බවත්ය.



අදහස් (1)

දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්

Rohana Thursday, 19 December 2024 05:38 PM

වසර 37 සිරදඩුවමත් දීල තවත් දඩුවම් දෙන්නයි තිබුනේ

:       0       22

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලයිසන් තුවක්කු 20ට පෙර බාර දෙන්න
2024 දෙසැම්බර් මස 19 93 0

මේ දක්වා භාර නොදුන් හා විගණනයට ඉදිරිපත් නොකල සියලුම බලපත්‍ර සහිත ගිනි අවි ජනවාරි මස 20 වන දිනට පෙර භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙය


ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් දුම්රිය ධාවනයට බාධා
2024 දෙසැම්බර් මස 19 217 0

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අංගනය වෙත ධාවනය කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (19) සවස පිලී පැනීමකට ලක්වූ බව දුම්ර


ක්‍රීඩාවත් එක්ක සෙල්ලන් කරන්න කාටවත් දෙන්නෙ නෑ
2024 දෙසැම්බර් මස 19 234 0

ක්‍රීඩාවේ පරිපාලකයා ලෙස කිසිවිටෙක ක්‍රීඩාව සමඟ සෙල්ලම් නොකරන බවත් ක්‍රීඩාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩක් නොතබන බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් ක


පලතුරු ලොරිය අධිවේගයේ දොයි
2024 දෙසැම්බර් මස 19 954 0

පලතුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ 39 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද සවස පෙරළී අනතුරට පත්ව ඇතැයි මීරිගම අධිවේග


ඇමති පන්නිලගේ මන්ත්‍රීධූරයට එරෙහිව පෙත්සමක්
2024 දෙසැම්බර් මස 19 3151 3

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභා


දරුවන් ඉදිරියේ මව මැරූ පියාට වසර 37ක සිර දඬුවම්
2024 දෙසැම්බර් මස 19 2642 1

ඕස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී තම බිරිඳව පොරවකින් කපා කොටා ඝාතනය කර තම පුතුණුවන්ටද පහරදුන් 47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකික ජාතිකයා


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21426 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13871 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 338 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 297 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site