IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


දරුවාගේ හෝඩුවාවෙන් පතුරම් තොගයක් සොයා ගනී

(දයාරත්න ඇඹෝගම)

ගලෙන්බිදුණුවැව,අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබු ටී 56 ගිනි අවි සදහා භාවතා කරන  පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10 ක් හා රිවෝලර් සදහා භාවිතා කරන  පතුරම් 01 ක්  සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ 06 වන වසරේ අධ්‍යාපනය ලබන දරැවකු විසින් පාසලට ගෙන එන ලද ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන  පතුරමක් ලග තබාගෙන සිටියදි එම සිසුවාගේ පංති බාර ගුරැවරයා  ඒ පිලිබදව පාසලේ විදුහල්පතිවරයා දැණුවත් කොට තිබුණි.

ඒ අනුව විදුහල්පතිවරයා ගලෙන්බිදුණුවැව පොලිසියට සිදුකළ දැණුම් දිම මත පොලිස් නිලධාරින් පිරිසක් දරැවාද කැටුව ඔහුගේ නිවසට ගොස් සිදුකළ පරික්ෂණයේදි මෙම පතුරම් මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ සගවා තිබියදි පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබුණි.

පොලිසිය විසින් එම දරැවාගේ නිවස පරික්ෂා කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.

ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය පැවසිය.

 



අදහස් (0)

දරුවාගේ හෝඩුවාවෙන් පතුරම් තොගයක් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 51 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 458 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 179 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 16 264 0

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.


දුම්රිය ධාවනය තව දුරටත් ප්‍රමාදයි
2024 සැප්තැම්බර් මස 16 292 0

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබියදී රාගම දුම්රිය ස්ථානයේදී අද (16) පෙරවරුවේ පීලි පැනීමකට ලක්වූ දුම්රිය පස්වරුව දක්වා ඉවත්කිරීමට නොහැකි වූ බව ද


ප්‍රතිපත්ති ප්‍රකාශය නොගත්තැයි කනේ පහර
2024 සැප්තැම්බර් මස 16 2509 11

ප්‍රධාන පක්ෂයක අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආධාරකරුවෙකුට නාවලපිටිය ආසන සංවිධායකවරයෙකු පහරදෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමර


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2127 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site