IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දේශපාලන පොත් පෙරළන ෆේස් බුක්

ජනාධිපතිවරණයට ඇත්තේ තව දින කිහිපයකි. එළැඹෙන ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවනු ඇත. 9 වැනිදාට පහන් වන විට ශී‍්‍ර ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් හෝ ජනතා කැමැත්ත පරිදි හිටපු ජනපතිවරයාම පත්වී තිබෙනු ඇත.

මේ දක්වා පැවැති ජනාධිපතිවරණයන් සැලකීමේදී මෙවර ජනාධිපතිවරණය සුවිශේෂීය. අන්තර්ජාලය හා බැඳුනු ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි පොදු ජන මතය තැනීමේ කාර්යභාරයට වත්මන් රජය මෙන්ම පොදු විපක්ෂයද බහුලව යොදාගෙන තිබෙනු මෙවර දැක ගැනීමට හැකියාව ඇත.

දෙපාර්ශවයේම වැඩි අවධානය යොමුව තිබෙන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියටය. ඔබ දේශපාලන කටයුතු ගැන හෝ පුවත් ගැන හෝ උනන්දුවක් නැති තම මිතුරන් හා සම්බන්ධ වීමට පමණක් ෆේස්බුක් හා සම්බන්ධ වන්නෙකු පමණක් නම් මේ කියන දේ ගැන ඔබට වැඩි වැටහීමක් නොමැති වනු ඇත. නමුත් ඔබ රට තොටේ සිදුවන දේ ගැන උනන්දු, ෆේස්බුක්හි තිබෙන විවිධ දේශපාලන පක්ෂ හා දේශපාලඥයින්ගේ පිටු වලට කැමැත්ත පළ කර තිබෙන, ෆේස්බුක් භාෂාවෙන් කියතොත් ‘ලයික්’ කර තිබෙන අයෙකු නම් මේ කියනා දෙය ඔබට හොඳින්ම වැටහෙනු ඇත.

මේ දිනවල ඔබේ ෆේස්බුක් පිටුවේ මුල් පිටුව වැසී පවතිනු ඇත්තේ නොයෙකුත් ආකාරයේ පුවත්, තොරතුරු, ඡායාරූපයන් ගෙනි.

මේ ඔන්ලයින් ලෝකයේ බොරුව ඇත්තක් කිරීමටත්, ඇත්ත බොරුව කිරීමටත් ඉතා පහසුය. මේ නිසා මඩ ප‍්‍රහාර එල්ල කරගැනීමට ෆේස්බුක් තරම් හොඳ වේදිකාවක් මේ තවත් නොමැත. ඇත්ත පෙනි පෙනී තිබියදී නිමක් නැති අදහස් තෙපළමින් එය බොරුවක් බවට පත් කිරීමටත්, සකල බුද්ධියටම වැටහෙන බොරුවක් තිබුණද එය සත්‍යයක් බව හැඟවෙන පරිදි එය වෙනස් කර පෙන්වීමටත් අපේ ඇත්තන් දක්ෂය. මේ දිනවල ෆේස්බුක් වෙත පිවිසෙන්නෙකුට මෙවැනි අවස්ථා වලට උදාහරණ  ඕනෑ තරම් දැකගත හැකිය.

ශී‍්‍ර ලංකා දේශපාලඥයින්ද තම තමන්ගේ ෆේස්බුක් පිටුවලින් තම ආධාරකරුවන් හා හිතවතුන් සමඟ අන් කවරදාටත් වඩා මෙවර සමීපව සිටින ආකාරයක් දැකගත හැකිය. මෙම තත්ත්වය වඩාත් සුලභ විපක්ෂ දේශපාලඥයින් අතරය. ජනපතිවරණයක් ප‍්‍රකාශයට පත්කිරීමට පෙර සිටම විපක්ෂය තම අදහස් ප‍්‍රකාශ කිරීමේ වේදිකාව ලෙස තෝරාගෙන තිබුණේ සමාජ වෙබ් අඩවිය. රජය මාධ්‍ය මර්දනය කරමින් සිටින හෙයින් තම හඬ ජනතාව වෙත ගෙනයෑමට අන්තර්ජාලය යොදාගන්නා බව ඔවුහු කීහ. ඇත්තෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ ඔවුන්ගේ එම තීරණයය.

විපක්ෂයේ කැපී පෙනෙන දේශපාලඥයින් සියලුදෙනාටම පාහේ ඔවුන්ගේම ෆේස්බුක් ගිණුමකට අමතරව වෙනම ඔවුන් සඳහාම වූ ෆේස්බුක් පිටුවක්ද ඇත. මෙම පිටු බොහෝ විට යාවත්කාල කිරීම සිදුවන්නේ කුඩා කණ්ඩායමකිනි. ඇතැම් විට අදාළ දේශපාලඥයා තමන්ම තම පිටුවට අදාළ අන්තර්ගතය සකසයි. මෙසේ ෆේස්බුක් හි යාවජීව සාමාජිකයින් බවට පත්ව සිටින විපක්ෂයේ බහුතර දේශපාලඥයින් ඔවුන්ගේ ෆේස්බුක් සාමාජිකයින් හා කටයුතු කරන්නේ ඉතා සමීපවය. අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික‍්‍රමරත්න, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, දයා ගමගේ වැනි විපක්ෂ දේශපාලඥයෝ ඔවුන්ගේ සාමාජිකයින් හා දිනපතාම සම්බන්ධ වන්නෝය. ඔවුන් කරමින් කියමින් සිටින දේ ගැන හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කරමින් ඔවුන්ගේ ෆේස්බුක් පිටු යාවත්කාල කරන්නෝය.

පොදුවේ ගත්කළ සමස්ත විපක්ෂයම එදා සිට ෆේස්බුක්හි අතිශයින් කි‍්‍රයාකාරීය. ජනපතිවරණය එළැඹීමත් සමග එය දෙගුණ තෙගුණ වී ඇති අයුරුද දැකිය හැකිය. ඔවුන්ගේ පිටු පොදු අපේක්ෂකයා සම්බන්ධ තොරතුරු වලින්, විවිධ ඡායාරූප වලින්, වැදගත් පුවත් වලින් මේ දිනවල දිනකට ඇතැම් අවස්ථාවන්හිදී දහ දොළොස් වතාව යාවත්කාල වන්නේය. ජනපතිවරණය ඔවුන් කෙරේ වෙස්වලාගත් ආශිර්වාදයක් බවටද පත්ව ඇති බවක් පෙනෙන්නේ මේ ගතවුණු මාස කිහිපයට ඇතැම් දේශපාලඥයින්ගේ පිටු වල සාමාජිකත්වය ලබාගෙන ඇති පිරිස එක්වනම දහස් ගණන් වලින් ඉහළ ගොස් ඇති නිසාය.

වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සාමාජිකයින් ලක්ෂ 5 කට ආසන්න ප‍්‍රමාණයක් හා ඔහුගේ පුත් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ලක්ෂ 4 කට ආසන්න සාමාජික ප‍්‍රමාණයක් ඇතිව ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළම සාමාජිකයින් ගණන හිමි ෆේස්බුක් පිටු හිමිකරුවන් බවට කිරුළු දරා සිටියද, ඔවුන් දෙදෙන හැරෙන්නට කිසිදු ආණ්ඩු පක්ෂ දේශපාලඥයෙක් ෆේස්බුක්හි සැලකිය යුතු තරමේ හඬක් නැගීමට සමත්ව නොමැත. ආණ්ඩු පක්ෂයේ තරුණ ඇමතිවරුන් ෆේස්බුක් සාමාජිකත්වය ලබාගෙන සිටියද ඔවුන්ගේ නමින් ෆේස්බුක් පිටු නොමැතිවීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය. සමන්මලී සකළසූරිය වැනි තරුණ දේශපාලඥවරියන් ෆේස්බුක්හි වඩා කි‍්‍රයාකාරී හැසිරීමක් පෙන්වුවද එය විපක්ෂයේ රැල්ල මර්දනය කරන්නට තරම් ප‍්‍රමාණවත් බවත් පෙනෙන්නට නැත.

නමුත් එසේ යැයි කියා ආණ්ඩු පක්ෂයේ හඬ සම්පූර්ණයෙන්ම ෆේස්බුක් අවකාශයෙන් මැකී ගොස් නොමැත. මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට පක්ෂපාතීත්වය පළ කරන වෙනත් පුද්ගලයින් පවත්වාගෙන යනු ලබන පිටු බොහෝමයක් එහි ඇත. විශේෂයෙන් මේ දිනවල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ඡන්ද ව්‍යායාමයෙහි වැඩි බර දරමින් කටයුතු කරමින් සිටින්නේ ඒවාය.

මෙවැනි පිටු හා ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සෘජු සම්බන්ධයක් හෝ ඇතැම් විට කිසිඳු ආකාරයක හෝ සම්බන්ධයක් නොමැත. එනිසා මෙවැනි පිටු යාවත්කාල කරන්නෝ කටයුතු කරන්නේ ඔවුන්ට රිසි ලෙසය. කැපුවත් කොළ,කැපුවත් නිල් ගානට සිටින මොවුන්ගෙන් බහුතරයට ප‍්‍රතිවාදියා පෙනෙන්නට බැරිය. එනිසාම දෙපැත්තට එල්ල කරගන්නා මඩ ප‍්‍රහාර වලද නිමක් නැතිය.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල ෆේස්බුක්හි අනුගමනය කරමින් සිටින්නේ උපදේශාත්මක චරියතයක් බව හඳුනාගත හැකිය. ඔවුන්ගේ ප‍්‍රධාන පිටුවේ ලක්ෂයකට ආසන්න සාමාජිකයින් පිරිසක් සිටී. ප‍්‍රධාන පක්ෂ දෙක ෆේස්බුක්හි යුද්ධ කරද්දී ජනතා විමුක්ති පෙරමුණ වැඩි අවධානයන් ජනතාව කෙරෙහි යොමුකරමින් ඔවුන් දැනුම්වත් කිරීමේ නිරතව සිටිනු පෙනෙන්නට ඇත.

ෆේස්බුක් හි වැඩි වශයෙන් සිදුවෙමින් තිබුණද ජනාධිපතිවරණ උණුසුම ට්විටර් වැනි අනෙක් සමාජ ජාල වෙබ් අඩවි කරාද, යූටියුබ් වැනි වීඩියෝ හුවමාරු වෙබ් අඩවි කරාද ව්‍යාපත්ව ඇත. නමුත් එවැනි වෙබ් අඩවි වල අදහස් පළ කිරීමේ හැකියාව සීමා සහිත වන බැවින් බොහෝ දෙනා දවසේ අනිවාර්ය නවාතැන කරගෙන සිටින්නේ ෆේස්බුක්ය.

පෙර සඳහන් කළ ලෙස ෆේස්බුක්හි වැඩි ආධිපත්‍යයක් පතුරුවාගෙන සිටින බවක් පෙනෙන්නේ විපක්ෂයයි. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ දක්වා ගතව ඇති කාලයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පොදු විපක්ෂයේ ෆේස්බුක් පිටුවලට කැමැත්ත පළ කර ඇති සාමාජික සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන්නේ දහස් ගණනිනි. පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මෑතකදී ආරම්භ කෙරුණු ෆේස්බුක් පිටුවට මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් කැමැත්ත පළ කර තිබේ. විපක්ෂයට එක් වෙද්දී ආණ්ඩු පක්ෂයෙන් හැලී යන බවක් පෙනෙන්නටද තිබේ. ජනපතිවරයාගේ ෆේස්බුක් පිටුව වෙත ගොස් එය පරීක්ෂා කරන්නෙකුට ගතවූ මාස කිහිපයේදී ඔහුගේ පිටුවට කැමැත්ත පළ කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව ක‍්‍රමයෙන් පහත ගොස් ඇති බව දැකගත හැකිය. පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතාද ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරනා ෆේස්බුක් පිටු හිමිකරුවන් බහුතරයකගේ තත්ත්වය මෙයය.

ෆේස්බුක්හි වැඩි මනාපය විපක්ෂයට බව පෙනෙන්නට තිබුණද එයින් කියැවෙන්නේ රටේ පොදු ජනතාවගේ මනාපය මෙවර විපක්ෂයට යන්න බව නොවේ. තේරුම් ගත යුතු කරුණ වන්නේ විපක්ෂයට පක්ෂව අදහස්  පළ කරන විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින අය බොහෝ දෙනෙක් තවමත් ඡන්ද අයිතියවත් හිමි නොමැති පුද්ගලයින් වීමය. ෆේස්බුක් තරුණ තරුණියන් ඉලක්ක කර තැනූවක් හෙයින් මෙය අපේක්ෂා කළ යුතු දෙයකි. වැඩිහිටි සාමාජික පිරිසක්ද සිටියත් ඔවුන් සංඛ්‍යාවෙන් ඉතා සීමිතය.

අනෙක් අතට ෆේස්බුක්හි කියුම් කෙරුම් ගැන ඈත ගම්වල වෙසෙන අපේ වැසියන් උන්නදුවෙතැයි සිතිය නොහැකිය. ෆේස්බුක් කොළඹ ආදී නගරාසන්න පරපුරට තවමත් සීමාවී තිබෙන හෙයින් තවමත් රූපවාහිනියට, ගුවන්විදුලියට ගමේ ගොඩේ තැනක් ඇත. ආණ්ඩු පක්ෂය මෙම මාධ්‍ය යොදාගැනීම අතින්නම් සිටින්නේ විපක්ෂයට වඩා ඉතාම ඉහළිනි. ෆේස්බුක් වලින් සිදුවෙමින් තිබෙන හානිය රූපවාහිනියේ හා ගුවන්විදුලියේ ප‍්‍රචාර වලින් පියවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින සෙයක් පෙනේ.



අදහස් (0)

දේශපාලන පොත් පෙරළන ෆේස් බුක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1002 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4086 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site