(සුරංග රාජනායක)
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුවර දවුලගල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18යි මාස හයක් වු පාසල් සිසුවියකි. ඇය අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් හැදෑරීම සඳහා දවුලගල කැටකුඹුර අම්බර පොල පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යන බව පැවසේ.
මෙම පැහැර ගැනීමට සම්බන්ධව ඇත්තේ ගම්පොළ කහටපිටිය බැබිල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි දවුලගල පොලිසිය පවසයි.
පැහැරගත් බව කියන වෑන් රිය කදුරුවෙල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇති අතර එහෙත් මෙහි ගිය පිරිස හා ගැහැණු ළමයා සොයාගෙන නොමැති බව පොලිසිය පවසන අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
ගැහැණු ළමයා පැහැරගෙන යාම පිළිබඳව ඇය නැවතී සිටි හපුගහතැන්න දෙහිවත්ත ප්‍රදේශයේ නිවෙස් හිමිකරුවන්ගෙන් හා ඇගේ පියා මේ පිළිබදව දවුලගල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
දැරිවිය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයාට කුමක් සිදු වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු හෝ පොලිසියට මේ වනතුරු පැමිණ නොතිබෙන බවද පොලිසිය සඳහන් කරයි.පැහැරගැනීම සිදුවන අවස්ථාව සි සී ටිවි කැමරා පද්ධතියකද සටහන්ව තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ජලාශ 14 න් ජලාශ 09 ක්ම වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 ද
ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල ව
රුපියල් ලක්ෂ පණහක මුදලක් ඉල්ලා වෑන් රථයකින් පැමිණ පුද්ගලික අධ්‍යාපන ආයතනයකට යමින් සිටි දහ අට හැවිරි ගැහැණු ළමයෙකු පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් උඩුනුව
පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බ
පක්ෂ නායකත්වයන් ගැන නොසිතා සජබ එජාප සියලු දෙනා එක්ව වැඩ කර ජයග්‍රහණය ලබාගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග පළ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දහ අට හැවිරිදි පාසල් දැරියක වෑන් රියකින් පැහැරගෙන
Pradeep Kumara Sunday, 12 January 2025 03:07 PM
"Clean Sri Lanka" වලින් මූලිකවම කරන්න ඕනෑ මෙන්න මේ වගේ අපරාධ නවතන එක සහ එවැනි පුද්ගලයින් සඳහා ලබාදෙන දඬුවම් දැඩි කිරීම. මොවුන් මේ වනසා දමන්නේ මේ රටේ අනාගතයයි.
ජිල්බු Sunday, 12 January 2025 04:56 PM
මේ අපරාධ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා කට්ටිය නම් ඒ අයට පුළුවන් මේවා නොකර ඉන්න. එතකොට අපරාධ වෙන්නෑ. ප්‍රශ්නෙ තියෙන්නේ...
ගුණරත්න Sunday, 12 January 2025 06:08 PM
ඔය අපරාධකරුවන්ට දිය හැකි ඉහළම දඬුවම් දිය යුතුයි.