(මොහොමඩ් ආසික්,ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.
ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සැදුණු පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් ගණනකාවක් දුරට විහිදී ගොසි තිබුණි.
මහනුවර කටුගස්තොට මාර්ගයේ ඇති පෝලිම කටුගස්තොට නගරයද පසු කර ශ්‍රී දළඳා මාලිගාවේ සිට කිලෝ මීටර් පහකට වඩා වැඩි දුරක් විහිදී ගොස් තිබේ.
මෙම පෝලිම්වල විශේෂත්වය වනුයේ පෝලිමේ දිග පමණක් නොව පළලද විශාලව පැවතීමයි.
පෝලිමේ හය හත් දෙනකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා පෝලිම්වල පළලද වැඩි වී ඇත.
ශ්‍රී ලංකා පොලීසිවේ වෙබ් අඩවිය මගින් හඳුන්වා දී ඇති නව මෘදුකාංගයක් මගින් දැක්වෙන්නේ අද පස්වරු 3.30 වන විට මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිමේ සැදැහැවතුන් 1,13,100 ක් රැඳී සිටි බවත් එය මුළු සැදැහැවතුන් ප්‍රමාණයෙන් සියයට 29 ක් බවත්ය.
සංඝරාජ මාවතේ පෝලිමේ ද 1,37,490 ක් රැඳී සිටි බවත් එය එම වේලාවේ රැඳී සිටි මුළු සැදැහැවතුන්ගෙන් සියයට 36 ක් බවත් සදහන් වෙයි.
මාලිගාව ආසන්නයේ පෝලිමේ තවත් සැදැහැවතුන් 1,37,010 ක් රැඳී සිටින බවත් එය මුළු ප්‍රමාණයෙන් සියයට 35 ක් බවත් සඳහන් කර තිබේ. අද සවස් වන විට පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 3,87,600 ක් වන බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.
කෙසේ නමුත් දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ඇත්තේ මෙම පිරිසෙන් සියයට 35 කට පමණක් බවත් ඉතිරි සියයට 65 හෙට දිනයට ඉතිරි වන බවත් එහි සඳහන් වී තිබිණ.
කෙසේවුවද පොලිම්වලට රැඳී සිටින බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානය යුහුසුළුව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.
නගර සභාව මෙන්ම ස්වේච්ඡා සංවිධාන අවශ්‍ය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන අතර ආහාර පාන ලබාදීමට ශ්‍රි දළදා මාලිගාව මූලික කරගනිමින් විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටිති. මෙහි විශේෂත්වය වුයේ නගරයේ මුස්ලිම් දේවස්ථාන මූලික කරගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් රැය පහන් කරමින් පොලිම්වල සිටින පිරිසට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම සතුටට කරුණකි.
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී