
(මොහොමඩ් ආසික්,ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සේනෙවිරත්න)
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.
ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සැදුණු පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් ගණනකාවක් දුරට විහිදී ගොසි තිබුණි.
මහනුවර කටුගස්තොට මාර්ගයේ ඇති පෝලිම කටුගස්තොට නගරයද පසු කර ශ්‍රී දළඳා මාලිගාවේ සිට කිලෝ මීටර් පහකට වඩා වැඩි දුරක් විහිදී ගොස් තිබේ.
මෙම පෝලිම්වල විශේෂත්වය වනුයේ පෝලිමේ දිග පමණක් නොව පළලද විශාලව පැවතීමයි.
පෝලිමේ හය හත් දෙනකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා පෝලිම්වල පළලද වැඩි වී ඇත.
ශ්‍රී ලංකා පොලීසිවේ වෙබ් අඩවිය මගින් හඳුන්වා දී ඇති නව මෘදුකාංගයක් මගින් දැක්වෙන්නේ අද පස්වරු 3.30 වන විට මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිමේ සැදැහැවතුන් 1,13,100 ක් රැඳී සිටි බවත් එය මුළු සැදැහැවතුන් ප්‍රමාණයෙන් සියයට 29 ක් බවත්ය.
සංඝරාජ මාවතේ පෝලිමේ ද 1,37,490 ක් රැඳී සිටි බවත් එය එම වේලාවේ රැඳී සිටි මුළු සැදැහැවතුන්ගෙන් සියයට 36 ක් බවත් සදහන් වෙයි.
මාලිගාව ආසන්නයේ පෝලිමේ තවත් සැදැහැවතුන් 1,37,010 ක් රැඳී සිටින බවත් එය මුළු ප්‍රමාණයෙන් සියයට 35 ක් බවත් සඳහන් කර තිබේ. අද සවස් වන විට පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 3,87,600 ක් වන බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.
කෙසේ නමුත් දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ඇත්තේ මෙම පිරිසෙන් සියයට 35 කට පමණක් බවත් ඉතිරි සියයට 65 හෙට දිනයට ඉතිරි වන බවත් එහි සඳහන් වී තිබිණ.
කෙසේවුවද පොලිම්වලට රැඳී සිටින බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානය යුහුසුළුව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.
නගර සභාව මෙන්ම ස්වේච්ඡා සංවිධාන අවශ්‍ය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන අතර ආහාර පාන ලබාදීමට ශ්‍රි දළදා මාලිගාව මූලික කරගනිමින් විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටිති. මෙහි විශේෂත්වය වුයේ නගරයේ මුස්ලිම් දේවස්ථාන මූලික කරගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් රැය පහන් කරමින් පොලිම්වල සිටින පිරිසට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම සතුටට කරුණකි.



2025 දෙසැම්බර් මස 04
779
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
බද්රානි Tuesday, 22 April 2025 08:07 PM
සැදැහැවත්, පින්වන්ත බෞද්ධයෝ ඓතිහාසික මහනුවර නගරය ඉතාම අලංකාර ලෙස කුණු කසල වලින් තිබෙනවා... නගර සභාව විසින් කසල කළමනාකරණය නියමෙටම කරලා තියනවා.. මුස්ලිම් ජනතාවගේ උදව් උපකාරය නොතිබෙන්න, මිහිපිට අපාය මහනුවරින් බලා ගත හැකිව තිබුනා... දළදා වහන්සේව වැඳපුදා ගෙන පින් ලබා ගැනීම කෙසේ වෙතත්, පහුගිය සමයේ මුස්ලිම් ජනතාව කෙරෙහි තිබු වෛරය සමනය කරගෙන පින් අනුමෝදම් රැස් කරගැනීමට මේක කදිම අවස්තාවක්...හලාල් කෑම, වඳ කොත්තු, හා අපේ කාන්තාවන් වඳ කිරීමේ ක්‍රියාවලිය තප්පුලපු සම හරක් දැන් වඳ වෙලා වගෙයි නේද..? පොකට් එකට වැටෙන මුදල ගැන නොසිතා, අඩුතරමේ මේ වගේ අවස්තාවක, කුණු බක්කි ටිකක් වත් තියලා මේ රටට සේවයක් කරන්න උත්සහ කරපල්ලා අන්තවාදී අධර්මිෂ්ඨයිනේ...
Jayasekara Wednesday, 23 April 2025 09:04 AM
අපේම සිංහල කතෝලික ජනතාවට (කතෝලික සභාවට) අමතක උනා, සත්කාර කරන මුස්ලිම් ප්‍රජාවට සහ මුස්ලිම් පල්ලීවල ආගමික නායකයන්ට අපේ හද බැති පිංසාර ස්තූතිය...!! ඔබ සැමටම උතුම් දළදා හිමියන්ගේ සරණයි...!!!