IMG-LOGO

2025 අප්‍රේල් මස 14 වන සඳුදා


දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි

(අංජුල මහික වීරරත්න)

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21  තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ඉල්ලා සිටී.

අවුරුදු සමයේ විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බල ශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව විදුලි බල මණ්ඩලය කියයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස ලෙස පහත වැටී  ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය පවසයි.

එබැවින් මෙම තීරණාත්මක කාලය පරිච්ඡේදයේ  ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලය මත සවි කරන ලද සූරිය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබන බවද විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.



අදහස් (0)

දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වැඩ ඇල්ලීමේ නැකත උදා වෙයි
2025 අප්‍රේල් මස 14 72 0

වැඩ ඇල්ලීමේ සහ ආහාර අනුභව කිරීමේ නැකත උදාවිය. පෙරවරු 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනු


ගිනි මෙලවීමේ නැකත උදා වෙයි
2025 අප්‍රේල් මස 14 162 0

අලුයම 04.04 ට ලිප් ගිනි මෙලවීමේ නැකත උදා විය. තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක්ද කිරි සහ විලඳ ද ප


අලුත් අවුරුද්දේ එකම අරමුණකට පෙළ ගැසෙමු
2025 අප්‍රේල් මස 14 171 0

දේශපාලනික පරිවර්තනයක් සාක්ෂාත් කෙරෙන ජාතික වැඩපිළිවෙල සාර්ථක කර ගනිමින් රටත්, ජනතාවත් දිනවීම පිණිස එළැඹෙන අලුත් අවුරුද්දේ තවත් සවිමත්ව, සහෝදරත්වයෙ



ජනතා සිහිනයට තවත් වීරියෙන් කැපවෙමු
2025 අප්‍රේල් මස 14 166 0

ජනතා සිහිනය යථාවක් කරගැනීමට නව වසරේ දී තව තවත් වීර්‍යෙන් යුතුව සද්-අධිෂ්ඨානයෙන් යුතුව කැප වෙමු යැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නව අවුරුදු ස


සුභ අලුත් අවුරුද්දක් වේවා
2025 අප්‍රේල් මස 14 254 0

ලක් වාසීන්ට මෙන්ම ලංකාදීප පාඨක ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි ලංකාදීප වෙබ් අඩවිය සුභ ප්‍රාර්ථනා කරන්නෙමු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 90 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 243 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 812 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site