(සුනිල් ඒකනායක)
මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබිය.
රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද එම වාට්ටු සංකීර්ණය ඉතා චාම් අයුරින් ජනතා අයිතියට පත් කළේය.
රෝගී ඇඳන් 167 කින් සමන්විත වාට්ටු හතරක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පුර්ණ චින රජයේ ප්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.
වසර දෙකකින් එහි කටයුතු නිම කිරිමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මුල්‍ය අවපාතයත් සමඟ එහි වැඩකටයුතු අඩපණ වී තිබුණද මේ වන විට සියලූ කටයුතු අවසන් කිරිමට හැකි වී තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නාය
ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හි
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍ර
ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලකයෝ නෑ:රෝහල් වාට්ටුව රෝගීහු විවෘත කරති
don Monday, 02 December 2024 05:14 PM
මීට කළින් නම් ආණ්ඩු වලින් හදපුවත් පස්සේ පත්වෙච්චි ආණ්ඩුවල අය ඇවිත් තමන්ගේ නම ගහලා ලොකු වියදමක් දරලා ඕපන් කළේ. සමහරු තමන්ගේ බූදලයෙන් හැදුවා වගේ විවෘත කළේ. මෝඩ මිනිස්සු ඒවා බලලා අප්පුඩි ගැහුවා.
ranjith Monday, 02 December 2024 05:28 PM
ආයතනයක් දියුණු කරන්න කැපවෙන්නේ ආයතනයේ කාර්ය මණ්ඩලය... එමනිසා කාර්ය මණ්ඩලය විසින් විවෘත කිරීම හොඳ දෙයක්... පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කරන පොදු වැඩක් එම දානපතියා ලවා විවෘත කිරීම වඩාත් සුදුසුය...
අරවින්ද මොනරවිල Monday, 02 December 2024 05:46 PM
එහෙම උත්සවයක්වත් අවශ්‍ය නැහැ නේද? දේශපාලකයෝ නැති නිසා දැන් නිලධාරින් බඩ පිනුම් ගහන්න අවශ්‍ය නැහැ.
බකල ජයා Monday, 02 December 2024 06:20 PM
ඒ වුණාට හරි නෑ. කැසිකිළි, වැසිකිළි විවෘත කරන ඒවට හිටපු අයට ආරාධනා කරලා, ඇතුලේ නම් ලොකුවට ගහන්න ඕනෑ. නම තියෙනවාට එතුමන්ලා හරි කැමැතියි...
Nimnada Monday, 02 December 2024 06:21 PM
නියමයි. අවම වියදමක් යන්න ඇත්තේ..
රුවන් Monday, 02 December 2024 07:07 PM
මට මතකයි ඉස්සර, මමත් රජයේ සේවකයෙක් හින්දා, ගොඩැනිල්ලට වියදම කෝටි 3යි නම් ඇමැතිගේ විවෘත කිරීමට ලක්ෂ 25ක් ගිය අවස්ථාවක්. කාගේ සල්ලි ද පුච්චන්නේ අපේ සල්ලි නේද? කුලී වැඩ කරන සුගත් අයියාගේ, වතුකරයේ තේ දළු කඩන සේල්වී අක්කාගේ බදු මුදල් නේද?