IMG-LOGO

2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා


දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන  ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්   විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී   විරෝධය පළකර ඇත.

සමගි ජන බලවේගය,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  නායකයන්  මෙසේ විරෝධය පළ කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සමගි  ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසා ඇත්තේ  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත්  යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.

අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද  එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

මේ අනුව එම පක්ෂවල විරෝධය පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභා රැස්වීමේදී සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද   ස්ථාවර නියෝග වල පැහැදිලිවමසඳහන් වන බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක්  පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8  වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න  මහතාට පසුගියදා  බාරදෙනු ලැබීය.



අදහස් (15)

දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්

NImal 1 Saturday, 05 April 2025 05:14 PM

මේ අයව හැකි ඉක්මණින් එළවමු...

:       23       77

Suneth Saturday, 05 April 2025 05:19 PM

159 පාවිච්චි කරලා දූෂිතයින් එලවමු. ජනමතය එයයි. එය සියල්ල අතික්‍රමණය කරයි...

:       24       103

සුද්දාSaturday, 05 April 2025 06:09 PM

සුනෙත්, අපි 159 බස්සමු 157ට. අර බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල් නිරීක්ෂණය කරන්න ගිය දෙන්නාව ගන්න බෑනේ. ඒ වගේම ඒ දෙන්නා ගැන හොයන එක යටගහපු එකත් දූෂිත කමක ලකුණු. එතකොට තව කීදෙනෙක් 157 න් පවා අයින් කරන්න වෙයිද දන්නේ නෑ. ඉතුරු කට්ටියට කියමු ඔය අලුතින් ඉන්න දූෂිතයින්වත් එළවන්න කියලා හොඳේ. ඔය අපි අර හොර උපාධි සහතික වලින් ඉන්නවා කියන අයව ගනින්නේ නැතුව කිව්වේ...!

:       65       126

සත්‍යපාල Saturday, 05 April 2025 07:52 PM

සුද්දා, ඔබ හරි, 159 ම එළවලා රනිලුයි සිරිසේනයි චන්ද්‍රිකයි ගෙන්නමු. එතකොට අපේ රට නැවතත් ගොඩ. සුඛිත මුදිත රටක්.

:       1       2

janahithaSaturday, 05 April 2025 08:46 PM

හා හා ඔය අර පොහොට්ටුව ගැනද කියන්නේ? හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ලඟදී ගමේ ගියැයි. සිල්ලර කතා නේ ඔහේ කියන්නේ."

:       0       0

Suneth Sunday, 06 April 2025 07:08 AM

ඒ තර්කෙට අනුව විපක්ෂෙ කීදෙනෙක්ව අයින් කරන්න වෙයිද? එතකොට විපක්ෂයේ බිංදුවක්ද?

:       1       3

nihal Saturday, 05 April 2025 05:37 PM

මේ ගැන මෙතරම් දුරදිග කතා කරන්නේ ඇයි? කෙළින්ම නෙරපා දමන්නේ නැතිව...

:       16       76

Rama Sunday, 06 April 2025 11:48 AM

නිහාල් ඔය ගැන දුරදිග බලන්න ඕනෑ වෙන මුකුත් නිසා නොවෙයි. නීතිය කියන දේ ඒ විදිහට ගෙනියනවා කියලා මේ පාර්ලිමේන්තුව පටන් ගත්තු නිසා. එහෙම දුරදිග නොබලා හිතුණු විදිහට කරපු කාලෙක තමයි ඔයාලාගේ රෝහණ විජේවීර සහෝදරයාවත් කනත්තේදීම නිකම්ම එලොවට ඇරියේ... අන්න එහෙම දේවල් නොවෙන්න තමයි දුරදිග බලලා සොයා බලලා නීතියට අනුව වැඩ කරන්න ඕනෑ...

:       3       5

ගුණරත්න Saturday, 05 April 2025 05:54 PM

අපේ රට ලොකු අර්බුදයක වැටීගෙන එන්නේ, බදු සංශෝධනයක් ගෙනාවොත් ආණ්ඩුවේ අයවැය බදු ඉලක්ක ඔක්කොම අවුල් වෙනවා, අලුතින් මුදල් මුද්‍රණය කරන්න වෙනවා, රුපියල පිරිහෙනවා, රටේ ඩොලර් ණයබර වැඩි වෙනවා, එත් ආණ්ඩුව ඒවා සම්බන්ධයෙන් නොවෙයි උනන්දුව, දේශබන්දුවෙක් පන්නන්න ප්‍රමුඛතාව දීල පාර්ලිමේන්තුව රැස්කරන්නත් අඬනවා. මොකක්ද මේ විකාරය...?

:       75       128

ලලනිSunday, 06 April 2025 08:30 AM

අනේ මේ ගුණරත්නට මොලයක් දෙන්නේ කව්ද? ඒක පාර්ලිමේන්තුවට ගෙනා එක් යෝජනාවක් මිස, ප්‍රමුඛ තාවය දැක්වීමක් නොවේ.

:       3       1

කපුරු හාමි Saturday, 05 April 2025 07:17 PM

සිද්දාලේප බන්දුවා කරපු දේවල් ගැන දන්නෝ හොන්දාකාරවම දනිති .වැරදි කළා නම් ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබෙයි

:       0       0

ජයනාාත් Saturday, 05 April 2025 09:01 PM

දැන් පේනවා නේද .. දේශබන්දු ට බොරුව ට බැන බැන ආරක්ෂා කරපු සෙට් එක..

:       0       0

Nihal Dharmatileke Sunday, 06 April 2025 01:18 PM

අපරාදයේ සහ දඬුවමේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කතා දෙකක් බෑ.

:       0       2

රන්චා Sunday, 06 April 2025 04:36 PM

ඇත්ත. කතානායකට බලය තියෙනවා. විපක්ෂය ඒක දන්නේ නැද්ද? තාමත් හොරු රකින්න හදනවා වගෙයි..!

:       3       2

Sunil Jayasundera Monday, 07 April 2025 09:08 AM

මේ වෙලාවේ මුළු රටම දන්නවා දේශපන්දු කියන්නේ රටේ ද්‍රෝහියෙක්, ඔහුව ආරක්ෂා කරන්න කවුරු හරි එනවා නම් ද්‍රෝහියෙක් වෙන බව මුළු රටම දැනගන්නට ඕන එනිසා අපේ මුදල් නාස්ති නොකර වහාම දෝශාභියෝගයක් ගෙනල්ලා දේශපන්දුව අයිතිවාසිකම්ශ්‍ විශ්‍රාම වැටුප් ආදිය අහෝසි කළ යුතු බවත් කිව යුතුයි එහෙම නොකළොතින් 159 තියාගෙන එය ආණ්ඩුවටත් අබසරණං

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංගම ඩිපෝ 55ක් කොට උඩ
2025 අප්‍රේල් මස 08 74 0

ලංගම බස් ඩිපෝ පනස් පහක් පාඩු ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.


විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 145 1

විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම් උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක් සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගු


වියෝ වූ මන්ත්‍රී ගැන ජනපතිගෙන් සටහනක්
2025 අප්‍රේල් මස 08 501 2

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ෆේස් බුක් සටහනක් ත


කෝසල නුවන්ට මැති සබෙන් සොව
2025 අප්‍රේල් මස 08 297 1

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසල නුවන් මහතාට අද පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරනු ලැබීය.


යාපනය සරසවියේ ඇදුරෝ අසූවක් රට පැනලා මුළු පාඩුව කෝටි 17ක්
2025 අප්‍රේල් මස 08 275 0

ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගතවූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අසූ දෙනෙකු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 21 දෙනෙකු රුපියල් කෝටි 17කට ආසන්න


දේශබන්දු යෝජනාවට අද ඡන්දයක්
2025 අප්‍රේල් මස 08 383 0

පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට අද(8) ඉදිරිපත් කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 623 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 548 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1011 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site