IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?

(ගයාන් සූරියආරච්චි)

අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර් රථය, පොලිස් ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් අත්හිටුවීමට රජය පියවර ගැනීමට නියමිත බවට තොරතුරු අනාවරණය වේ.

දේශබන්දු තෙන්නකොන් මහතාගේ ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද ඉවත් කරන ලෙස ජනපති ලේකම් සනත් නන්දිත කුමානායක මහතාට පොලිස් මූලස්ථානයෙන් ලිපියක් යවා ඇති බව පැවැසේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට නිල නිවාසයක්, නිලමෝටර් රථයක්, ඇමති ආරක්ෂක අංශයෙ නිලධාරීන් හය දෙනකු, පොලිස් විශේෂ කාර්ය බළකායන් නිලධාරීන් දෙදෙනකු සහ වැටුප් සහිත වරප්‍රසාද හිමි වී තිබිණ.

වැලිගමදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් තැබූ බව කියන වෙඩි ප්‍රහාරයකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් එවකට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිම සදහා නියෝග නිකුත් කර තිබුණි.

එම නියෝගයට අනුගත නොවී දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බවද පැවැසේ.

මේවන විට දේශබන්දු තෙන්නකොන් මහතාගේ ජංගම දුරකතන තොරතුරු සහ රැදී සිටින ස්ථාන පිළිබදව පරික්ෂණ සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණයට බාර වේයැයි සිතා දින කීපයක් තිස්සේ මාධ්‍යෙව්දීන් රැසක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට රැදී සිටි බවද ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (27)

දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?

Nishan Friday, 07 March 2025 02:52 AM

ආණ්ඩුව පාතාලේ උවමනාවන් ඉටු කරනවා වගේ. දේශබන්දු එක්ක වැඩියෙන්ම ඇරියස් තියෙන්නේ පාතාලෙටයි, කුඩු ජාවාරම්කාරයන්ටයි යුක්තිය මෙහෙයුමෙන් බැට කාපු. මේ ආන්ඩුවේ නායකයෝ ඒ මෙහෙයුම කරන කාලේ ඒකට විරුද්දව උසාවි ගියා, බලේට ආපු ගමන් ඒක නැවත්තුවා. දැන් රට පුරා කුඩු සහ පාතාලේ ක්‍රියාකාරකම් ඉහ වහා ගිහින්.

:       77       250

LilasenaFriday, 07 March 2025 10:55 AM

ආණ්ඩුව ආපු ගමන්ම තඩි පාතාලයො දෙන්නෙක්ටම ඇප දුන්නා. යුක්තිය මෙහෙයුම් ඔක්කොම නැවැත්තුවා. පාතාලෙට නිකන් ඇවිත් අධිකරණෙ ඇතුලෙම වෙඩි තියන්න පුලුවන්ද? කෝ අර රට ඉඳන් ගේනවා කිව්ව පාතාලයො එකෙක් වත් ගෙනාවේ නෑනේ. ඒ කාලෙ කිව්වෙ නම් කොහොමද, දේශපාලුවො නිසා කිව්වා පාතාලේ දුවන්නේ. දැන් ඒ කියන්නේ අනිවාර්යෙන් ආණ්ඩුවේ අය තමයි පාතාලය දුවවන්නේ ඒගොල්ලොන්ගේ තියරිය අනුව බැලුවම.

:       25       144

බකල ජයාFriday, 07 March 2025 11:31 AM

නිෂාන් ට පේන්නෙ දකින්න ඕන ඒවා විතරයි වගේ. මේස පන්දු මහත්තයාට ඇරියස් තිබුණේ තමන්ට උදව් උපකාර නොදුන්න අය එක්ක විතරයි.

:       91       22

B Amarasinghe Friday, 07 March 2025 05:53 AM

"යුක්තියට" යුක්තිය ඉටු කරනු!

:       51       9

Krishan Senarath Friday, 07 March 2025 06:12 AM

පොලිසියේ පොලිස්පතිවරයා හොයාගන්න බැරි අය කොහොමද පාතාලයේ සංජිව වෙඩි තබා ඝාතනය කල සිද්ධියේ මහමොලකාරිය සොයාගන්නේ දැන් සති 3ක් පමණ වෙනවා .හිටපු පොලිස්පතිවරයා පළමු සතිය අවසන් උනේ මේරටේ අහිංසක මිනිස්සුන්ට ක්‍රියාත්මක වන නීතිය අන් අයට නැහැ .නිරුවතින් හෙල්මට් නැතුව නුවර පාරේ කිලෝමීටර් 100 කණුව දක්වා මෝටර් සයිකලයකින් ගියා. නුගේගොඩ ඉදලා ඒ අතරේ ට්‍රැෆික් රාජකාරි කරන නිලධාරින් මොනවාද කලේ. ඒ අයට එරෙහිව විනය පියවර ගන්න අවශ්‍යයි පොලිස්පතිවරයා විසින් ඒ පොලිසියේ දුර්වලකම නිසා තමයි එච්චර දුරක් ගියේ .මිනිහෙක් පාන් ගෙඩියක් ළමයින්ට කන්න දෙන්න හෝ බෙහෙත් ගෙන්න හදිසියේම හෙල්මට් නැතුව ගියත් ලියන රටේ ඔහොම උනේ කොහොමද .පොලිස්පතිවරයා වහාම විනය පියවර ගතයුතුයි

:       67       23

බකල ජයා අලස් Friday, 07 March 2025 06:49 AM

අපේ දිහා නෑ, අපේ දිහා නැ, ගෑණු ළමයි නැ, දීග යන්න නං //

:       45       12

Perera Friday, 07 March 2025 07:13 AM

රනිල් පත් කරපු තවත් එක නල්ල මලේ බඩුවක් මූ.

:       72       49

Kazi Shajahan Friday, 07 March 2025 07:34 AM

ඔය වගේ දෙයක් ගමක ඉන්න සිරිපාල හරි දනපාල හරි කළා නම්, කොහොමද පොලිසියහැසිරෙන්නේ ? පවුල් පිටින් ගෙනියනවා නේද? සිරිපාල හෝ දනපාල බාර වෙනකම්. නමුත් ලොකු මිනිසුන්ට එහෙම නැහැ . අපි හිතුවා අනුරලා ආපුහම ඕවා හරියයි කියලා, නමුත් එයාලත් තාම යන්නේ පරණ රෝඩ් එකේම. අපි රැවටුනා දෙයියෝ

:       50       19

Sathya Friday, 07 March 2025 10:21 AM

රනිල් පත් කලේ නෑ.. මෙයා පක්ෂපාත රාජපක්ෂලාට ටිරාන් අලස් තමයි ගෙනාවේ රනිල් අකමැත්තෙන් පොලිස්පති කලා

:       48       22

සුජිත් පල්ලේවත්ත Friday, 07 March 2025 10:46 AM

ජාතික ආරක්ෂාව ගැන උදම් අනමින් රටේ ජාතික ආරක්ෂාව බින්දුවටම ඇද දමා ඇති තත්වයක් උදාවී ඇත. පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් සපයා සිටි මොහොතක මොහු අතුරුදහන් වීම හාස්‍ය උපදවයි.කලයුත්තේ වරප්‍රසාද ඉවත් කිරීමද නැතිනම් ආරක්ෂාව සැපයූ එම නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොවේද?

:       35       9

Madawa Friday, 07 March 2025 10:57 AM

මේව නම් ඉතින් පැහැදිලිවම දේශපාලන පලි ගැනීම් තමයි ඉතින්. වෙන මොනම ආණ්ඩුවක් වත් හැබැයි මේ තරම් පහත් තත්ත්වෙට පත් වුනේ නෑ.

:       20       92

Devon Friday, 07 March 2025 11:03 AM

වෙඩි තිබ්බ එකට පොලිස්පති ගන්න කලින් වෙඩි තියපු අයයි, දැනුවත් කරන්නේ නැතුව වැටලීම් වලට ගියානම් ඒවයි, වටලන්න ගියා නම් තොරතුරු හොයන්නේ නැතුව එවුනුයි එපැයි අල්ලල ප්‍රශ්න කරන්න ඕන.

:       7       83

රම්බොඩ Friday, 07 March 2025 11:07 AM

රටට වැඩකළ චරිත එකින් එක ඝාතනය කිරීම මේ නිවට ආණ්ඩුවේ ක්‍රමය වග හැඟෙනවා. මොවුන් කා වෙනුවෙන් වැඩ කරනවාදැයි නොදැනේ. මේ වැරදි සහගත ක්‍රියාවලිය නතරවිය යුතුය.

:       16       77

සෙනෙවිරත්න Friday, 07 March 2025 11:07 AM

සමහරු අපි බබාල කියල හිතල මෙතන කතා කරනව, අනුර කියල නැහැ මෙයා ගන්න එපා කියල, අනුරට ඡන්දෙ දීපු අය දන්නව අනුර හරි බව, හැබැයි දේශබන්දුල පත්කරපු උන්ට කතිරෙ ගමපු අය රැවටුනාලු, අපරාධකරුවන් අල්ලගන්න බැරිවෙච්ච පළමු අවස්ථාවද මේ පොලීසියට? රටේ මිනිස්සුමනේ මේ අපරාධකරුවන් හංගගෙන ඉන්නෙ, සමාජයට යුතුකමක් නැද්ද මොවුන් හෙලිකරන එක?

:       74       17

අනුමත කල නොහැකියි Friday, 07 March 2025 11:27 AM

ඇයි මේ විදියට පොලිසියෙන් පලිගන්නේ? අපි දැක්කා පොලිසියේ, 150ක් විතර එක එක තැන් වලට දැම්මා. බුද්ධි අංශවල ලොක්කෝ ඔක්කෝම එළියට දාලා එයාලව බෑන්ඩ් එකටයි, කිචන් එකටයි දාලා තියෙනවා කියලා ප්‍රවෘත්ති ගියා. ඊට පස්සේ පොලිස් කොමිසමේ ඔවුන්ට පලු යන්න බනිනවා කියලත් ආරන්චියි. දැන් ඔය වැඩ සිද්ධ වෙන්නේ පොලිසියයි, ආරක්ශක අංශයි උද්යෝගීමත් වෙන විදියටද? නැත්තන් එපා වෙන විදියටද? යහපාලන කාලේ ඕවා කරපු කෙනාම නේද ආපහු ඇවිත් ඉන්නේ...? මේ පාර මොනවයින් නතර වෙයිද මන්දා...

:       7       67

Chandana Friday, 07 March 2025 11:35 AM

දැන් ඉතින් පාතාලයෙක් කෙලින්ම මේ මනුස්සයව මරල දාවි. යුක්තිය කාලේ කර ගන්න බැරි වෙච්ච එක දැන් හරි කරයි. දේශපාලන පක්ෂ පාට වලින් තොරව මේවට නම් විරුද්ධ වෙන්න ඕනැ. පාතාලය මර්ධනය කිරීම ඔච්චර වරදක්ද?.

:       8       61

dds Friday, 07 March 2025 11:35 AM

බයි පුතුන්ට නව පණක්, ජවයක් ලැබිල වගේ. තමන්වම රවට්ට ගන්න එකේ සීමාව කොතනද?

:       52       11

රනේ Friday, 07 March 2025 11:37 AM

හිටපු පොලිස්පති ගැන දැන්නම් ඇත්තටම දුකයි. එයාව පත්කරපු අය ගැන ඊටත් දුකයි.

:       44       8

Rata Perata Friday, 07 March 2025 12:37 PM

තවම රනිල් හාමුලට කඩේ යන ජනමාධ්‍ය වටේ කොච්චර බයියෝ එල්ලිලා ඉන්නවද කියලා පේනවා... මේ අදහස් දැක්කාම. මේ ගොන් අදහස් නිසා නෙවෙයි. දේශබන්දු දන්නවා මිනිහා කළ බලු වැඩ. ඒකයි හැංගිලා ඉන්නේ. පාතාලය එක්ක සම්බන්ධ කම් තිබුණු අය පාතාලයට බයයි.

:       44       11

Dayasena Friday, 07 March 2025 12:54 PM

අනිවාර්ය නිවාඩු යවා තිබුණත් පොලිස්පති දේශබන්දු තමයි එහෙම තියෙද්දී ඔහුගේ බලතල අඩුකරන්න හෝ ඉවත්කරන්න කියලා පොලිස් මූලස්ථානයට බලයක් කොයින්ද? ලිපියක් යවන්නේ ගොඩනැගිල්ලක් නොවෙයිනේ කවුරු හෝ නිලධාරි කෙනෙක්... එනිසා ලිපියට අත්සන්කළ කෙනාගේ නම නොමැති නිසා වාර්තාව නිවැරැදි නැහැ. 1971 දී පිරිසක් පොලිසිය ගැන කිව්වා කියපු දේ හරියට මතක නැහැ...

:       14       20

වෑල්ඩින් ආචාර්ය Friday, 07 March 2025 01:33 PM

ආණ්ඩුව දැන්වත් පලිගැනීම පැත්තක තියලා රට සංවර්ධනය කරන්න සැලැස්මක් හදන්න ඕනෑ. සැලැස්මක් නැතුව බොරු බේගල් ඇදබාලා නේ බලය ගත්තේ... දැනටමත් මාස 5ක් ගිහින්. රටට කරපු එක වැඩක් කියන්න විහිළු සැපයීමට අමතරව...

:       9       42

ප්‍රියන්තFriday, 07 March 2025 02:40 PM

මේ ආචාරියට මොල් කලදක් නෑ. කුහක කමට මොකවත් පේන්නෙ නෑ. එකයිනෙ ඇහුවෙ…., විදුලි බිල 30% දක්වා අඩු කිරීම. ඇතිද.. නැත්නං තව කියන්නද? ජනාධිපති, අගමැති, මැති ඇමති වැය ශීර්ෂ වලින් කෝටි ගනන් මුදල් කපා හැර ඒවා රටේ සංවර්ධනයට යොමු කිරීම, සැලකිය යුතු තරමින් වැටුප් වැඩිකිරීම. බිලියන ගානක් වටිනා තෙල් පිරිපහදු ආයෝජනයක් ලබාගැනීම, තුට්ටු දෙකට දේශපාලන හෙංචයියලාට විකුණන්නට ගිය හයිලන්ඩ් ආයතනය ඒසේ නොකර මිලියන ගණනකින් ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම..., ඕන නම් තව ලිස්ට් එකක් දෙන්නම්.

:       34       11

LalFriday, 07 March 2025 03:22 PM

ප්‍රියන්ත නමින් ඉන්න අරවින්ද මොනරවිල, විදුලි බිල අඩු කරේ මහජන උපයෝගීතා කොමිසමෙන්. මේක රජයෙන් වෙන් වූ ස්වාදීන කොමිසමක්. විදුලි ඇමති කිව්වේ තව අවුරුදු 2කට බිල අඩු කරන්න බෑ කියලා. ජනාධිපති වැය ශීර්ශය ගිය අවුරුද්දටත් වඩා වැඩියි. ඒක වත් දන්නෙ නැද්ද? වැ‍ටුප් වැඩි කරේ ණය අරගෙන. තෙල් පිරිපහදුව මහින්දගෙ කාලේ සැලසුම් කරලා ගෝඨාගේ කාලේ අනුමැතිය ගත්තු එකක්. හයිලන්ඩ් එක ලාභ ලැබුවේ ගෝඨාගේ කාලේ විමල් වීරවංශ යටතේ. ඔයාලා ඔහොම බොරුවෙන් තව කොච්චර කල් යන්නද

:       0       13

ලූට මූස්Friday, 07 March 2025 09:22 PM

ලාලෝ…., එතකොට ඔහේ ඔය කියන රට බංකොලොත් උනේ කොහොමෙයි?

:       5       0

ලක්විදුFriday, 07 March 2025 04:25 PM

ප්‍රියන්තගෙ මේ කමෙන්ට් එකටත් ඩිස්ලයික් දානවා නම් ඒ කුලී බත් බැලයෝ ටිකක්ම තමයි...

:       4       0

beauFriday, 07 March 2025 03:11 PM

මෝඩ කතා පුසිද්ධියේ කියන්න එපා

:       0       3

පිටිගල මිලානෝ Friday, 07 March 2025 05:30 PM

ඩෙස්ක් එකකුයි, බංකුවකුයි අරන් බදුල්ලේ ගිහිල්ලා ජාතික ආරක්ෂාව පිළිබඳව ටියුෂන් ගන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දේශබන්දු අඟුණකොලපෑලැස්සට
2025 මාර්තු මස 19 490 0

වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක්


විභාග ශාලාධිපති වෑන් රියට බිලි
2025 මාර්තු මස 19 705 0

තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන්


නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු
2025 මාර්තු මස 19 327 0

ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්


ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
2025 මාර්තු මස 19 1244 3

කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී


’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’
2025 මාර්තු මස 19 858 5

ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේද


’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’
2025 මාර්තු මස 19 338 2

තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 981 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 340 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site