IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නඩු නවත්වන්න මට බලයක් නෑ

( +++ මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැතැයි නීතිපති දප්පුල ද  ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය.

අධිකරණය හමුවේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත් එය විධායක බලතලවලින් බැහැර කාර්යයක් වන බවත් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හෝ නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බව ද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

නීතිපතිවරයා මෙම ලිපිය යවා ඇත්තේ රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය පෙබරවාරි 3 දාතමින් යවා තිබූ ලිපියට පිළිතුරු වශයෙනි.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද  සඳහන් වෙයි. 2020.02.03 දිනැති ඔබගේ ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මූල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් කරුණු සාක්ෂි මගින් තහවුරු වී නැති අතර, එකී කරුණු විමර්ශනයට ද භාජන වී  නැති බවය.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක් අත්හිටුවිය හැකි වනුයේ අධිකරණ නියෝගයකින් වන අතර එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බව ද දන්වමි.

පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදු වේ ද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.

එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) සමග කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව, නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යය බාරයක් වන අතර එම කාර්යයෙන් බැහැරව කටයුත්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරීන්ගේ බැහැර කාර්යයක් වනු ඇත.

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක්  නිකුත් කිරීමට 2008 අංක 16 දරන කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරික්ෂණ සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බව ද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වන ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වන දින ලිපියේ සඳහන් කරුණු නිවැරැදිව පිළිබිඹු කිරීමක් නොවන බව ද මින් දන්වමි.



අදහස් (4)

නඩු නවත්වන්න මට බලයක් නෑ

Champa Thursday, 13 February 2020 04:43 AM

කතාව ඇත්ත. නීතිපතිවරයාට එහෙම බලයක් නැහැ. අනිත් කාරණේ තමයි උසාවියේ තියෙන නඩු ගැන ජනාධිපති කොමිසම් පත් කරන්න පුළුවන්ද කියන එක. ඒ මොකොද කිව්වා නම් දේශපාලකයන් පත් කරන එවැනි කොමිසම් වලින් උසාවියේ පවතින නඩු වලට සහ විනිසුරුවන්ගේ ස්වාධින තීන්දු වලට සෘජු බලපෑමක් එල්ල වෙන නිසා. අනිත් අතට ජනාධිපති කොමිසම් වලට නඩු විභාග කරන්න පුළුවන් නම් අධිකරණයක් සහ විනිසුරුවන් කුමටද? සාමාන්‍ය මිනිහෙකුට බොරු හෝ ඇත්ත නඩුවක් වැටුනහම ඔහු උසාවි වල රස්තියාදු වෙලා නීතිඥයන්ට වියදම් කරලා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න ඕනේ. දැන් මේ ක්‍රියාවලියම දේශපාලකයන්ගේ ගජ මිතුරන්ට, ධනවතුන්ට සහ සමාජයේ ඉහල පැලැන්තියේ පිරිසට අනුගමනය කරන්න බැරි තරමට රටේ නීතිය වල් වැදිලා තියෙන්නේ කොහොමද? පහුගිය කාලේ දේශපාලන පලිගැනීම් සඳහා දාපු නඩු වල නිවැරදි භාවයක් නැති බව උසාවියේ ඔප්පු කරන්න බැරි මොකද? ආදර්ශය එන්න ඕනේ ඉහලින්ම.

:       0       187

Neethigaruka Purawesiya Thursday, 13 February 2020 04:45 AM

ඔබ නිවැරදියි. පොලිස්පති තාම දන ගාන වයසේ ඉන්න පොඩි එකෙක් වගේ. නීතිය නවපු පොලිසිය සහ නීතිය නවන පොලිසිය.

:       0       108

kawan siriwardena Thursday, 13 February 2020 08:03 AM

සිරිසේන රටට ගිනි තියාගෙන යන්න ගියා. මේ ගිනිපුපුරු තවමත් ඇවිලෙනවා. මේ ආත්මයේදීම ඒ කරුමවලට පව් ගෙවන්න සිද්දවේවා...!!!

:       0       26

Rata Perata Friday, 14 February 2020 07:27 AM

නවත්තන්න බැරිනම් පටන් ගන්න බැංකු නඩුව, පාස්කු ප්‍රහාරයේ නඩුව වගේ ඒවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 63 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 203 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 221 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 848 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 948 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 535 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site