ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කරන 2016‐ ජාතික නීතී සම්මේලනය ලබන මාර්තු 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වාද්දූව බ්ලූවෝටර් හෝටලයේදී පැවැත්වෙන බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා පැවසීය.
‘‘ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති ගමන් මඟ’’ යන තේමාව යටතේ පැවැත්වෙන 2016 ජාතික නීතී සම්මේලනය මඟින් ජනවාර්ගික අසමගිය සහ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සඳහා මුල්වූ හේතු යන කරුණු පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවද නීතීඥ සංගම් සභාපතිවරයා එම සංගම් මූලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙවර නීතී සම්මේලනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නීති විශාරදයින් සහ විශේෂඥයින් සම්මේලනය අමතන බවද අලගරත්නම් මහතා කීය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීති සම්මේලනය ලබන මාර්තුවේ
යසන්ත Tuesday, 08 December 2015 03:21 AM
නීති විශාරදයින් සහ විශේෂඥයින්ට මේ ජනවාගේ දැවෙන ප්‍රශ්න කෙරෙහිත් අවධානය යොමු කෙරේවා කියලා උදේ සවස මම ප්‍රාර්ථනා කරනවා. (හේ)
ලලිත් Tuesday, 08 December 2015 04:10 AM
සමහරු නඩු කියනවා කියලා හිත්නනේ දිනයක් අරන් දෙනවට. කතා කළත් දිනයක් ගත්තත් ගානෙ නමි වෙනසක් නැහැ. (ම)
ප්‍රියන්ත Tuesday, 08 December 2015 04:44 AM
සමහරු මානසික ප්‍රශ්න නිසා නඩු පිට නඩු දානවා. මෙය තනිකරම ලෙඩක්. වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා විනා දිගින් දිගටම තව තව නඩු දැමීමට නොපෙලඹිය යුතුයි. (ම)
කුමාර Tuesday, 08 December 2015 12:23 AM
සුබ පැතුම්! (නි)
කෝනාර Tuesday, 08 December 2015 12:32 AM
අපේ නඩු විසඳීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂමයි. සාමාන්‍ය නඩු පවා වසර ගණන් යනවා කිසිම පදනමක් නැතුව. අවම මශයෙන් සිවිල් නඩුවත් ඉක්මනින් විසඳීමේ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙන්න. අනවශ්‍ය ලෙස කල්ඇදීමට ඉඩ නොදීමට විනිසුරුවරුන්ට උපදෙස් දෙන්න. දියුණු රටවල් අනුගමනය කරන්න.මෙයින් නැතිවන්නේ මිනිස් ජිවිතයක කවදාවත් ආපසු ගත නොහැකි වටිනා කාලයයි. (නි)
සෝමදාස Tuesday, 08 December 2015 12:38 AM
හොඳ අය ගොඩක් ඉන්නවා. ඒ වගේම සමහර මහත්තුරු උසාවියට ගිහින් කරන්නේ ඊළඟ දිනය ගන්න එක විතරයි. සේවාදායකයත් ඉවරයි, රටත් ඉවරයි. රටේ සම්පත්, කාලය නේද මේ නාස්ති වෙන්නේ කියලා හිතන්නේ නැහැ. මේ ගැන සිතා බලන්න. මෙහෙම නිකරුනේ කල්මැරීම නිසා මිනිසුන්ට වෙන මානසික පීඩනය, අසහනයත් එක්ක එන කේන්තියත් එක්ක කරන ශාප නම් කාට කාටත් වදිනවාමයි. (නි)
සම්පත් Tuesday, 08 December 2015 01:34 AM
රටට වැඩක් වෙනවා නම් හොඳයි. හුගක් මිනිස්සු නීති ප්‍රශ්න නිසා දහදුක් විඳිනවා. නඩුයන්නෝ වැනසෙන්නෝය කියන තරමට මෙය ඔඩුදුවලා. සාධාරණ, ඉක්මනින් ඉටුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් හොඳයි. (නි)
ට්‍රිෂාන් Tuesday, 08 December 2015 01:48 AM
අද යාළුවෙන ආකාරය, විවාහවෙන ආකාරය, පවුල් කන ආකාරය සියල්ල වෙනස්. නමත් දික්කසාදය ලබාගැනීමට සම්පූර්ණ කළයුතු කරුණු පරණ ඒවාමයි. මේ දෙක අතර ලොකු නොගැළපීමක් තිබෙනවා. පහසුවෙන් කසාද බඳින්න වගේම එහි රැඳීසිටීමට නොහැකි නම් ඉන් පහසුවෙන් ඉවත්වීමටත් හැකිවිය යුතුයි. රටක සමානාත්මතාවක් තිබියු යුතුයි. නමුත් අපේ රටේ උඩරට නීතියෙන් විවාහවූ අයට පහසුවෙන් දික්කසාදය ගන්න පුළුවන්. සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ අයට තමයි දික්කසාදයක් ගන්න කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වෙලා තියෙන්නේ. (නි)
දිල්රුක් Tuesday, 08 December 2015 02:20 AM
සමහර අය දික්කසාදය පාචිච්චි කරන්නේ පරම්පරා ගානක් එගොඩ කරවාගන්න පුළුවන් මෙවලමක් ලෙසයි. දරදඬු ස්ත්‍රින් අද සමාජයේ වැහිවැහැලා. නමුත් පිරිමියා දිහා සමාජය/නීතිය සාධාරණව බලනවාද? හැමතැනම පාහේ කතා කරන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැනම නේද? කෝ සමානාත්මතාවය? “පිය සෙනෙහෙසට කවි ගී ලියවුණා මදි“ වගේම කතාන්දරයක් තමයි මෙතනත් තියෙන්නේ. (නි)
ගයාත්‍රි Tuesday, 08 December 2015 02:31 AM
උඩරට නීතියෙන් විවාහවූ අයට විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් පහසුවෙන් දික්කසාදය ගන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. (නි)
රසිකා Tuesday, 08 December 2015 02:40 AM
මේ රටේ නීතියේ කඩාවැටීම ගැන මොවුන්ට අවංක උවමනාවක් තිබේ නම් එය විසඳීම මහා කජ්ජක් නොවේ. නඩු ප්‍රමාද කරන්නේ මොවුන් හැර වෙන කවුද? (නි)
සකුන්තලා Tuesday, 08 December 2015 02:52 AM
වැදගත් නීතිඥයෝ බිහිකරන්නත්, ඉන්න නීතිඥයෝ වැදගත් කරන්නත් මේ සම්මේලනයේදී අදහස් පෑදේවා! (නි)
උදාර Tuesday, 08 December 2015 03:13 AM
ගයාත්‍රි, උඩරට අය විතරක් ප්‍රශ්න පහසුවෙන් බේරගෙන ජීවත්වුණාම ඇති කියලා හිතන නිසා වෙන්න ඇති ඒ අයට විතරක් එහෙම පුළුවන්. අනෙක් මිනස්සු ගාස්තු ගෙව ගෙවා විඳව විඳවා මොනතරම් පීඩනයකින් වසර ගණන් ඉන්නවද තීන්දුවක් ගන්න. සමහර කලු කබා අය කරන්නෙ වවාගෙන කන එක. නඩු කියන්නෙත් මසුස්සයෙක් නේද කියලා හිතෙන්නෙ නැති අය බොහෝයි. (නි)
ප්‍රබෝදනී Tuesday, 08 December 2015 03:15 AM
21 වෙනි සියවසට ඇවිල්ලත් අපේ රටේ අඩුතරමේ ගොඩ ගැහිලා තියෙන නඩත්තු හා දික්කසාද නඩු ඉක්මනින් විසදන ක්‍රමයක් හදන්න බැරි වුනානේ විශාරදයෝ කොච්චර බිහි වුනත්. රසිකා හරියටම හරි. උවමනාවකත් ඇත්නම් මෙය කළ හැකියි. (හේ)