IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නව ජනපති දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී  ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23)  සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේදී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා  අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.


ජනපති දිවුරුම් දෙන්න සුදානම්

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා  මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

 ජනාධිපති ලේක්ම් කාර්යාලය පරිශ්‍රයේ  මේවන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අතර ඉතා චාම් උත්සවයකින් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.

(ඡායා  ළහිරු හර්ෂණ)



අදහස් (9)

නව ජනපති දිවුරුම් දෙයි

Kazi Shajahan Monday, 23 September 2024 10:24 AM

අපේ සුබ පැතුම් ඔබට... අපිට ඔබව විශ්වාසයි...

:       8       83

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 10:41 AM

අභිනවයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබපැතුම් !

:       4       80

nanda Monday, 23 September 2024 10:55 AM

දශක හතකට වඩා කාලයක් කළු සුද්දෝ අවභාවිතා කරපු මේ රටේ ස්වර්ණමය යුගය බිහිකිරීමට සියලු ශක්තිය ලැබේවා..!

:       6       66

ashok Monday, 23 September 2024 10:58 AM

පාර්ලිමේන්තුවේ 222 ගෙදර යවලා එයාලගේ සියලු පහසුකම් ඉවත්කර එම සුවිශාල මුදල් රෝහල් වලට බෙහෙත් ලබාදීමට යොදවන්න.

:       7       72

සෙනෙවිරත්න Monday, 23 September 2024 12:30 PM

පාර්ලිමේන්තුවේ 222ගෙදර යවන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඕනෑ, එයාලාට දෙන වරප්‍රසාද අඩු කළාම ඇති, එහෙමනේ කිව්වෙත්...!

:       0       2

රාජාංගනේ හාමුදුරුවෝ Monday, 23 September 2024 12:34 PM

මා මෙතෙක් කිසිදු දේශපාලකයකුට තෙරුවන් සරණ පතා නැත. ඔබට මේ රටේ මජර තක්කඩි දේශපාලන මාෆියාව අවසන් කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...! 

:       0       3

චින්තක Monday, 23 September 2024 12:47 PM

මේ රටට ගැලපෙනම ජනපති ඔබයි. රටේ සංවර්ධනයට මෙන්ම රටේ සියලු පුරවැසියනට යහපත් ජිවන පැවැත්මක් ලබා දීමට සියලු ශක්තිය හා ධ්‍යෛර්ය ඔබ තුමාට ලැබේවා

:       0       12

පිටිගල මිලානෝ Monday, 23 September 2024 01:05 PM

ජයෙන් ජයම වේවා….! අප ඔබ ගැන විශාල බලාපොරොත්තුවක් සහ මහත් විශ්වාසයක් තබා ඇත.

:       2       6

Che Monday, 23 September 2024 01:21 PM

කිව්ව විදිහට වැඩකර පෙන්වන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 515 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 74 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 461 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 267 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 980 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 935 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21633 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21306 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site