(විමුක්ති එස් රුද්‍රිගු)
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් ප්‍රවේශ තුනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්වෙන උත්සවයකදී ආරම්භ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ යටතේ රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය, ඊ.එම්.බී.ඩී ලෙස හැඳිවෙන විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට සහතික කළ උපත්, මරණ සහ විවාහ සහතික තානාපති කාර්යාල ඔස්සේ නිකත් කිරීමේ සේවය සහ ජනාධිපති අරමුදලට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දෙන මාර්ගගත සේවය අද(07) සිට ආරම්භ වනු ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවැසුවේය.
රාජ්‍ය අංශයේ සියලුම ගෙවීම් මාර්ගගතව ගෙවීමට අවස්ථාව සලසා දෙන GOVPAY.LK වෙබ් අඩවිය අද(07) දියත් කරන බවත් පළමු අදියර යටතේ සේවා 16 කට වැඩි ප්‍රමාණයකට මාර්ගගත අන්තර්ජාල බැංකුකරණ සේවා සහ මූල්‍ය යෙදුම් භාවිත කරමින් GOVPAY.LK වෙබ් අඩවිය ඔස්සේ මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
අප්‍රේල් මාසය වනවිට තවත් සේවා 30 කට වැඩි ප්‍රමාණයක් GOVPAY.LK වෙබ් අඩවියට ඇතුළත් වනු ඇති බවත් ක්‍රමයෙන් සියලුම රාජ්‍ය සේවාවලට මෙම වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
නවවැනි ආසියානු ශීත ක්‍රීඩා උළෙල අද (7) සිට 14 දක්වා ඊසානදිග චීනයේ හෙයිලොංග්ජියැං පළාතේ හාර්බින් කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ පැවැත්වෙයි.
ඉපලෝගම රණජයපුර ප්‍රෙද්ශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් අවුරුදු 25 ක තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.
මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදු
පෞද්ගලික බැංකු මූලස්ථානයක විධායක අධ්‍යක්ෂකවරයෙකුගේ. නාරහේන්පිට නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමඟ එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගත් බව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නව ඩිජිටල්කරන ව්‍යාපෘති තුනක් අද සිට
රනේ Friday, 07 February 2025 09:07 AM
ජය වේවා!