IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නව වසර කටු පඳුරු උඩින්

ශ්‍රී ලංකා අපට 2017 වසර උදාවන්නේ අභියෝග සහ අවිනිශ්චිතතා රැසක් මැදය.එදා ආඩම්බරයෙන් හඳුන්වාදුන් එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග රජය අද ක්‍රමයෙන් දෙදරා යන ලකුණු පෙන්වමින් ඇත.දෙපක්ෂයේ සාමාජිකයන් අතර අමනාපකම් වර්ධනය වෙමින් තිබෙන බව තවදුරටත් රහසක් නොවේ.ඔවුහු දැන් ප්‍රසිද්ධියේම එකිනෙකා විවේචනය කරගනිමින්ද සිටින්නෝය.මේ හමුවේ පැහැදිලි වන කරුණු දෙකකි.එයින් එකක් වනුයේ එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධතාවයේ බරපතළ පළුදු වීම් ඇතිව තිබෙන බවය. අනෙක වන්නේ දෙපාර්ශවය තම තමන්ගේ දේශපාලන ගැටුම් වල ප්‍රසිද්ධියේම පැටලීමට පෙළඹ සිටින බවය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ එළැඹුණු 2017 වසරේ එකිනෙකාගේ වෙනස්කම් අමතක කර දමා නැවත එක්සත් වනු ඇතිද? එසේත් නැතිනම් දෙපාර්ශවය අතර නොගැලපීම් ඇතිබව පිළිගෙන වෙන්වනු ඇතිද? යන්න රට හමුවේ ඇති බරපතළ ගැටලුවයි. දෙපාර්ශවය අතර සාමය ඇතිවීම යනු වංචා, දූෂණ මර්දනය වනු දැකීමට, ජාතික සංහිදියාව ඇතිවනු දැකීමට, බලා සිටින ශ්‍රී ලංකා වාසී ජනතාවගේ අපේක්ෂා දල්වන්නකි. එහෙත් දෙපාර්ශවයේ වෙන්වීම, එම අපේක්ෂා පෙරදැරිව මෙම රජය බලයට පත්කළ ජනතාවට ඉතිරි කරනු ඇත්තේ පසුතැවීමක් පමණකි.

කෝප් විවාදය

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගෙමින් පැවැති පීඩනය පුපුරා යන තත්ත්වයට පත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාවත් සමගය.එවන් වංචාවක් සිදුව තිබෙන බව කෝප් කමිටු වාර්තාවෙන් තහවුරු කිරීමත් සමග තත්ත්වය තවත් බරපතළ විය. බැදුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තාව මෙම මස තෙවැනි සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. ඇතැම් ජ්‍යෙෂ්ඨ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ එවන් වංචාවක් සිදුව නොමැති බව ප්‍රසිද්ධියේ කියා සිටි මුත් පෞද්ගලික මට්ටමින් අදහස් දැක්වූ අවස්ථාවල දී වරදක් සිදුව තිබෙන බව පිළිගත්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ මෙම සිදුවීම පසුපසම සිටිමින් එය තවදුරටත් විමසුමට ලක්කළ යුතුව ඇතැයි අවධාරණය කළෝය.මහ දවාලේ සිදුකළ සොරකමක් මෙන් මහජන මුදල් වංචා කර ඇති ආකාරය දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව ඔවුහු කීවෝය. පැවැත්වීමට යන පාර්ලිමේන්තු විවාදයේදී තම තමන්ගේ පදනම් මත පිහිටා දෙපාර්ශවය ඉදිරිපත් කිරීමට යන කරුණු හමුවේ නොයෙකුත් අමිහිරි මතක සහ චෝදනා කිරීම් ඉතිරි වනු ඇති බවට සැකයක් නැත.

කෝප් කමිටු වාර්තාව අරබයා පසුගිය සමයේ තිරය පිටුපස නොයෙක් දේ සිදුවිය.ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන් ඉදිරියේ ගතයුතු පියවර සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබාගනිමින් සිටියේය.කෝප් වාර්තා විවාදය අවසන් වූ වහාම අදාළ පියවර ගන්නා බවට මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් තමන් වෙත පිළිගැන්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට ඔහු සහතික වී තිබිණ. පිටු හයකින් යුතු මෙම වාර්තාව පසුගිය දෙසැම්බර් 11 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවේ පළවිය.කෝප් කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමට දැනට සේවය කරන හෝ විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ, ආර්ථික කටයුතු පිළිබද විශේෂඥයකුගේ සහ විගණන කටයුතු පිළිබද පිළිගත් වෘත්තිකයකුගේ හෝ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් ජනපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ඔවුහු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

වංචා, දුූෂණ සහ මහජන මුදල් අවභාවිත කර තිබෙන්නවුන්ට දඩුවම් දීම සඳහා අපරාධ විනිශ්චය කොමිසම් ඇති කිරීමේ අවසරය ලබාදෙන කෙටුම්පතක් පිළියෙළ කිරීමේ කටයුතු වල ඇතැම් අමාත්‍යවරු නියැළී සිටින්නෝය.මේ සදහා ඔවුන් උපදෙස් ලබාගනිමින් සිටින්නේ ඔවුන්ගේම නීති උපදේශකයන්ගෙන්ය.මහ බැංකු බැදුම්කර වංචාවද මෙම අපරාධ විනිශ්චය කොමිසම් යටතේ විභාගයට ගැනීමට නියමිතය.මේ අරබයා සකස් කැරෙන කෙටුම්පත සහ කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන් පිරිසක් එක්ව සකස් කළ කරුණු 19 කින් යුතු වූ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව එකවර කැබිනට් මණ්ඩල සාකච්ඡාවකට යොමුකිරීම මෙම අමාත්‍ය පිරිසේ වුවමනාවයි. මෙම කටයුතු වල පෙරමුණ ගෙන සිටින්නේ සරත් අමුණුගම සහ පාඨළී චම්පික රණවක යන අමාත්‍යවරුය. මෙම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව පසුගිය මස 18 වැනිදා මෙම දේශපාලන තීරුවේ පළවිය.
ජනපතිවරයාට සමිීප ආරංචි මාර්ගයක් අදහස් දක්වමින් පවසා සිටියේ බැදුම්කර වංචාව යට යෑමට ඉඩ දී බලා සිටීමක් මෙවර සිදුනොවනු ඇති බවය.ජනපතිවරයා හමුවේ තෝරාගැනීම් තුනක් තිබෙන බවත්, පුළුල් මට්ටමින් බලය හිමි අපරාධ විනිශ්චය කොමිසම් පිහිටුවීම, අධිකරණයට ඉදිරිපත් කළ හැකි සාක්කි සෙවීමේ බලතල සහිත ජනපති විමර්ශන කොමිසමක් පිහිටුවීම, අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහය ලබන පොලිස් විමර්ශනයක් දියත් කිරීම, එම තෝරාගැනීම් තුන බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් කීවේය.පෙර අනාවරණය කළ ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අමාත්‍යවරු ද ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවට සහය දක්වමින් තම අත්සන් ලබාදී සිටිති. එහෙත් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට ඔවුන් නිල මට්ටමින් සහය දක්වනු ඇතැයි සිතීම උගහටය.ඒ මන්ද යත් එසේ බැදුම්කර නිකුත් කිරීමේ වරදක් නැතැයි යන පදනමේ ඔවුන් සිටින නිසාය.

රජයේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙපාර්ශවය ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා නැගීම ආරම්භ කළේ මෙම පසුබිම යටතේය.රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරමින්, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි නිවෙසක දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී ඇති බවත්, නව පක්ෂයක් තැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් පැවසුවේය. හැරෙන තැපෑලෙන් මෙයට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂය, එම චෝදනාවම ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වෙත එල්ල කළේය.එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී තමන්ගේම මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම චෝදනා එල්ල කළේ එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ එක්සත් ජාතික පක්ෂය වෙත චෝදනා නැගීමට හේතුව වූයේ ඇතැම් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේයැයිද, එම සාමාජිකයන් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන වල තොරතුරු ඔවුන් අතටම ලබාදීමට මෙම අමාත්‍යවරුන් කටයුතු කරමින් සිටින්නේයැයිද රාවයක් පැතිරීමය.පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දේශනයක් අතරතුර දී තම දුරකතනයට පිළිතුරු දෙමින්, පුද්ගලයකුට සර් යැයි අමතමින්, එක්තරා නිළමේවරයකු අත්අඩංගුවට නොගන්නා බවට සහතික කිරීමත්, මෙම සිදුවීම පටිගත කළ මාධ්‍යවේදියෙකු ඔහු නියෝජනය කරන මාධ්‍ය ආයතනය ඔස්සේ එය රටටම පෙන්වීමත් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කලබල විය.

එතෙක් රත් වෙමින් පැවැති දේශපාලන කල්දේරම බුබුලු දමමින් නටන්නට ගත්තේ තවත් සිදුවීම් ද්විත්වයක් හමුවේය.එම සිදුවීම් ද්විත්වයේ දී ලැජ්ජාවටත්, කෝපයටත් පත්වූයේ එක්සත් ජාතික පක්ෂයයි.එයින් පළමුවැන්න වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනකුට එස්යූවී ගණයට අයත් රථු මසකට රුපියල් ලක්ෂ හතක කුළී පදනම යටතේ ලබාදීමට රජය ඉදිරිපත් කළ යෝජනාවයි. මෙම මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වල සභාපතිවරුන් වූ අතර, දිස්ත්‍රික් සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සදහා මෙම රථ ලබාදෙන බව කියැවිණ. මෙසේ රථ ලබාදීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණේ, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් ලක්ෂ දෙක බැගින් වන මාසික දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කරගැනීම හමුවේය.මෙම යෝජනාව ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් විරෝධයක් නොනැගුණු අතර, අවශ්‍ය අවස්ථාවල තම තමන්ගේ පෞද්ගලික වාහන පවා යොදාගනිමින් තම රාජකාරි කටයුතු වල යෙදීමට මෙම මන්ත්‍රීවරුන් පියවර ගත්තෝය.ඉදිරිපත් කෙරුනු නව යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන බහුතරයක් විරුද්ධ වූහ.ඔවුන්ට මෙයින් කිසිදු ප්‍රයෝජනයක් අත්වන්නේ නැත.තවද, මෙසේ කුළී පදනම යටතේ වාහන ලබාගැනීමෙන් වාසි සැළසෙන්නේ අදාළ කල්බදු සමාගමට බව ඔවුහු පැවසුවෝය.එම චෝදනාව හරි හෝ වැරදි හෝ වන්නට පිළිවන.

කෙසේවුවද මෙම යෝජනාවටද අනුමැතිය නොලැබිණ .එයට හේතුව වූයේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා රජය වෙනුවෙන් එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමද ඔහු බැහැර කළේය. ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශ ලේකම්වරයා ලෙස බෝපගේ පත් කෙරුණේ ජනපති සිරිසේනගේ අණින්ය. යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීමෙන් නොනැවතුණු බෝපගේ මාධ්‍ය හමුවක්ද කැදවූයේය. එහිදී ඔහු කියා සිටියේ මෙම රථ කුලියට ලබාගැනීමේ බලතල හිමි තම අමාත්‍යාංශ්‍ය ඊට අවශ්‍ය ටෙන්ඩර් කැදවීමක් පවා තවමත් සිදුකර නොමැති බවය.වෙනත් වචන වලින් කිවහොත් ඔහු පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් ටෙන්ඩර් පටිපාටියට බැහැරව යමින් එම රථ කුලියට ගැනීමට කටයුතු කර ඇති බවය.මෙම යෝජනාවට තම අත්සන ලබාගැනීමට සැරසෙන්නේ, තම අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව එසේ රථ ලබාගැනීමට සේවාසපයන්නකු පවා තෝරාගෙන අවසන්ව තිබෙන පසුබිමක බව බෝපගේ කීවේය.මෙහි ප්‍රතිඵලක් ලෙස මසකට රුපියල් ලක්ෂ හතක කුලී පදනම යටතේ එස්යූවී රථ ලබාගැනීමට ඉදිරිපත් කෙරුණු යෝජනාව ඉවත් කර ගැනිණ. මෙසේ අමාත්‍යාංශ ලේකම්වරයකු, කැබිනට් මණ්ඩලයෙන් ගත් තීරණයක් වෙනස් කිරීමට සමත්වීම හමුවේ ලැබෙන පණිවුඩය ප්‍රබලය.

සංවර්ධන පණතට සිදුවූ අබග්ගය

එක්සත් ජාතික පක්ෂයට ප්‍රබලම පහර එල්ල වූයේ සංවර්ධන (විශේෂ අවස්ථා) පනත ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියදීය.නිල වශයෙන් ප්‍රකාශයට පත් කැරුණු පරිදි මෙම පනතෙහි අරමුණ වන්නේ සියලු විෂයයන් අරබයා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමත්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත්, මෙම කටයුතු හා අදාළ වන වෙනත් හේතු සහ සිදුවීම් වලට වැදගත් වන පියවර ගැනීමත්, හි ලා පහසුකම් සැපයීමය. මෙම පනතට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවිය.

එසේ වුවත් මෙම පනතෙහි අන්තර්ගත කරුණු දෙකක් සම්බන්ධයෙන් ගැටලු මතුවිය. පනත මාර්ගයෙන් සියලු බලැති බලවත් අමාත්‍යවරයකු ඇති වන බවටත්, පළාත් සභා වලට දැනට හිමිව තිබෙන බලතල හීනවන බවටත් තර්ක නැගිණි. මෙවන් තත්ත්වයක් ඇතිවූයේ පසුගිය මස 23 වැනිදා අගමැති වික්‍රමසිංහ පළාත් සභා අමාත්‍යවරුන් හමුවී, මෙම පනත සකස් කර තිබෙන්නේ සංවර්ධනය කඩිනම් කිරීමට පමණක් බවට ඔවුන් නැවත නැවතත් අස්වැසීමට කටයුතු කර තිබූ පසුබිමකය.නව නීතිය යටතේ බලයලත් අමාත්‍යවරයා ලෙස නම් කෙරෙන්නේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයාය. මෙම විෂය පථය දැනට පවතින්නේ අගමැති වික්‍රමසිංහ යටතේය. මෙම අමාත්‍යාංශයද බලවත් අමාත්‍යංශයක් බවට පත්වනු ඇති බවට කසුකුසු මතුවිය.

යෝජිත නව නීතිය යටතේ සංවර්ධනය සදහා වූ ඒජන්සියත් පිහිටැවීමට නියමිතය. ආර්ථිකය නවීකරණය කිරීම, භාණ්ඩ හා සේවා අපනයනය ප්‍රවර්ධනය කිරීම, පාර්භෝගික සුබසාධනය සුරක්ෂිත කිරීම, රැකියා අවස්ථා ඇති කිරීම ආදී අරමුණු 16 ක් පෙරදැරිව මෙම ඒජන්සිය ක්‍රියාත්මක වීමට නියමිතය. එහෙත් මෙම අරමුණු බොහෝමයක් දැනටමත් වෙනත් අමාත්‍යංශ යටතේ පවතින බව පැහැදිලිය.මේ හමුවේ එම අමාත්‍යංශ වල ඇතැම් වගකීම්ද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා අතට පත්වීමට යන බවක් පෙනෙන්නට ඇත.තම තමන්ගේ අමාත්‍යංශ වල කටයුතු වෙනත් තැනක සිට ක්‍රියාත්මක වීමට යන වාතාවරණයක අදාළ අමාත්‍යවරුන්ගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් මතුවන්නේ ගැටලුවකි.ඇත්ත වශයෙන්ම කියහොත් දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ මන්දගාමීවය. එහෙත් ඔවුන් සතු වගකීම් වෙනත් තැනකට යොමු කිරීම මගින් ඔවුන් බාරව සිටින අමාත්‍යාංශ වල කටයුතු කාර්යක්ෂම වනු ඇතැයි සිතිය නොහැකිය.

උදාහරණයක් ලෙස ගතහොත්, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට, අපනයන සංවර්ධන මණ්ඩලයට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියට, සිවිල් ගුවන්සේවා අධිකාරියට, ශ්‍රී ලංකා වරාය අධිකාරියට, ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට, සහ ශ්‍රී ලංකා සංචාරයක ප්‍රවර්ධන මණ්ඩලයට, අවශ්‍ය උපදෙස් ලබාදීමේ නීතිමය අවසරය පිහිටැවීමට යන මෙම සංවර්ධනය සදහා වූ ඒජන්සියට හිමිය. මෙවැනි වාතාවරණයක ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය කිසියම් ආයෝජන ප්‍රවර්ධන කලාපයක සංවර්ධන කටයුත්තක නියැළීමට යන්නේ නම් ඊට අදාළ අයැදුම්පතක් මෙම ඒජන්සියට යොමුකර එහි අනුමැතිය ලබාගත යුතුය. මෙයට සමානවම සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයට, ආයෝජන ප්‍රවර්ධන කලාපයක කිසියම් සංවර්ධන කටයුත්තක හෝ නියැළීමට අවශ්‍ය වන්නේ නම් අදාළ අයැදුම්පත සංවර්ධනය සදහා වන ඒජන්සියට යොමුකර අනුමැතිය ලබාගත යුතුය.

මෙම පනත් කෙටුම්පත ඌව, උතුරු මැද, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් සභා වලින් ප්‍රතික්ෂේප කර ඇත.උතුරු පළාත් සභාවද පෙර අවස්ථාවක අදහස් දක්වමින් කියා සිටියේ පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බවය. පනත් කෙටුම්පතට එරෙහිව නැගෙන විරෝධය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවාදී පාර්ශවයෙන් මෙන්ම මහින්ද හිතවාදී පාර්ශවයයෙන්ද එකසේ නැගෙමින් ඇත.මෙම පිරිසට ඒකාබද්ධ විපක්ෂයද අයත්ය. පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පතට සහය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී හිතවත් පාර්ශවය දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ සංවර්ධන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනෙනු ඇතිද, එසේත් නැතිනම් එහි සදහන් අතිශයින් ආන්දෝලනාත්මක කරුණු සංශෝධනය කර නැවත ඉදිරිපත් කැරෙනු ඇතිද යන්න ගැටලුවකි. පළාත් සභා බහුතරයක් පනත ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක් පැවතියද, එය සම්මත කරගැනීමේ වුවමනාවක් ඇතැම් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ට ඇත.

දැන් මෙවැනි විරෝධතා නැගෙමින් පැවතියද සංවර්ධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීම නිසා එය මේ වන විට ගැසට් කර ද අවසන්ය.කැබිනට් හමුවේදී එයට එරෙහිව විරෝධතා මතු කළේ අමාත්‍යවරුන් කිහිපදෙනකු පමණකි.ඔවුන් අස්වසමින් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජනපති සිරිසේන, පණත අරබයා පාර්ලිමෙන්තු විවාදය පැවැත්වෙන විවිධ අදියරවලදී අදාළ සංශෝධන ඊට එක් කෙරෙනු ඇති බව පැවසූහ.කැබිනට් මණ්ඩලයේ දී පනතට අනුමැතිය ලබාදුන් ඇතැම් අමාත්‍යවරුන් දැන් ප්‍රසිද්ධියේ එය විවේචනය කරමින් සිටීම ඇත්තෙන්ම පුදුම සහගතය.ඔවුන් එක් අයෙකුවත් මෙම පනතෙහි අන්තර්ගතය හොදින් විමසා බලා නොමැති බව මේ තත්ත්වය හමුවේ සහතිකවම කිව හැකිය. එක් කැබිනට් අමාත්‍යවරයකු අදහස් දක්වමින් කියා සිටියේ, කැබිනට් මණ්ඩලය කෙතරම් විශාලද යත් ඇතැම් අවස්ථාවලදී සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නේ කුමක්ද යන්න පවා නොඇසෙන බවය.එවන් අපහසුතාවක් නොතිබුණේ නම් සාකච්ඡා අදියරේදීම මෙම යෝජනාවට විරෝධය දක්වන්නට හැකිව තිබුණු බව එම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. ගෙවුණු සතියේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශයක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ නව පනතින් විශාල බලයක් තනි අමාත්‍යාංශයකට වෙන් කර දී ඇති බවත්, සහ ඒ මාර්ගයෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා අද්විතීය තත්ත්වයකට පත්කර ඇති බවත්ය.එවැනි බලයක් ශ්‍රී ලංකාවේ ජනපතිවරයාටවත් නොමැති බව ඔහු කීවේය. ඔහු මෙම අදහස් දැක්වූයේ සංවර්ධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසුව බව සදහන් කළ යුතුය.

වත්මන් කැබිනට් මණ්ඩලයේ තත්ත්වය හමුවේ සිහිවන්නේ ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වූ ආකාරයයි.එදවස කැබිනට් මණ්ඩල හමුව පැවැත්වුණේ බදාදා දිනයේදීය.ඊට පෙර අගහරුවාදා දිනයේ සන්ධ්‍යාවේ කැබිනට් අමාත්‍යවරු පොදු හෝ පෞද්ගලික හෝ කටයුතු වල නියැළීමෙන් වැළකුණහ.මෙමගින් ඔවුනට බදාදා දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රය අධ්‍යයනය කිරීමටත්, විවාදයට ගැනීමට නියමිත වූ යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට වෙන් වෙන්ව කරුණු ගොනු කරගැනීමටත් කාලය හිමිවිය.එදා පැවැතුනේ සියල්ලන්ගේම අදහස් හා සහභාගීත්වය තහවුරු කැරුණු කැබිනට් සාකච්ඡාය. එහෙත් අද, ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා වලට කැබිනට් අනුමැතිය හිමිවන්නේය.කැබිනට් මණ්ඩල සාමාජිකයන් එම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා මතු කරන්නේ පසුවටය.

ගැටලු මධ්‍යයේ වුවද ජනපති සිරිසේන මෙම මස ඇතුළතදී කැබිනට් අමාත්‍ය තනතුරු වෙනසක් සිදුකිරීමට අවධානය යොමු කර ඇති බව මුල් පෙල ආරංචි මාර්ගයක් පැවසුවේය.එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සදහන් කළ ආකාරයට මෙසේ කැබිනට් මණ්ඩල තනතුරු වෙනසක් සිදුකෙරෙන්නේ කැබිනට් මණ්ඩල න්‍යාය පත්‍රය අනුව වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මකවීමේ සමත් හැකියාවන්ගෙන් පිරි කණ්ඩායමක් තෝරා ගැනීමටත්, ඒ මාර්ගයෙන් ජනතා විවේචනවලට ධනාත්මක පිළිතුරක් ලබාදීමටත්, අරමුණෙන්ය. බරපතල ගණයේ චෝදනා නැගී තිබෙන ඇතැම් අමාත්‍යවරුන්ව ඔවුන් දැනට දරමින් සිටින තනතුරු වල සිට වෙනත් තනතුරු කරා මාරු කෙරෙනු ඇති බවද පැවසින. එහෙත් රජයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය, පක්ෂය නියේාජනය කරනා අමාත්‍යවරුන්ගේ තනතුරු මාරුවීමකට එකහෙළාම විරුද්ධය.නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නම් තරමකින් හෝ කලබලයට පත්ව නැත. මේ හමුවේ තනතුරු වෙනසක් සිදුකිරීම පවතිනුයේ, එය සිදුවන්නට හෝ සිදුනොවන්නට පිළිවන් තත්ත්වයකය.මේ අතරේම ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ පක්ෂය නැවත එක්සත් කිරීමේ කටයුතු වලද නියැලී සිටින්නෝය.පසුගියදා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන්නැයි, අභිනවයෙන් පිහිටැවුණු මහින්ද රාජපක්ෂ හිතවාදී ශ්‍රී ලංකා ජනතා පක්ෂයෙන් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගැටුම දේශපාලන කරළියෙන් ඔබ්බටද විහිදෙන බව පසුගිය සතියේ සිදුවීම් වලින් පැහැදිලි විය.පොළොන්නරුවේ ප්‍රමුඛ පෙළේ හාල් මෝල් හිමිකරුවකු සහ ජනපතිවරයාගේ සොහොයුරකු වන ඩඞ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වමින් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු සහල් මිල අයථා ලෙස පාලනය කරමින් සිටින බවට චෝදනා කළේය.ඔහුගේ චෝදනාවට ලක්වූයේ එක්සත් ජාතික පක්ෂ දුෂ්කර පළාත් ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතාය.ඔහුද හාල් මෝල් හිමිකරුවෙකි.පැය 48 ක් ගතවීමට මත්තෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඩඞ්ලි සිරිසේනගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දැක්වීමක් සිදුවිය.විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් කැදවමින් ඩඞ්ලි සිරිසේනට චෝදනා කළේ රටේ හාල් මාෆියාවක් දියත් කර ඇති පුද්ගලයා ලෙස ඔහු හදුන්වාදෙමින්ය.එය ජනපතිවරයාගේ සොහොයුරාට එල්ල කළ බරපතළ චෝදනාවක් විය.
සභාග රජයක් පිහිටුවා ඇතත්, එහි දෙපාර්ශවය සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළත්, උද්ගත වෙමින් පවතින තත්ත්වය හමුවේ පැහැදිලි වන්නේ ඊට ඉදුරාම වෙනස් දෙයකි.ආරම්භයේදී දෙපක්ෂයටම වුවමනා වූයේ ඔවුනොවුනේගේ දේශපාලන මතිමතාන්තර අමතක කර දමා පොදු ජන හිතසුව වෙනුවෙන් කැපවීමය. එහෙත් දෙපාර්ශවය අතර ආරම්භයේ සිටම පැවති සන්නිවේදන දුබලතා, රජයේ කටයුතු සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට තිබූ නොහැකියාව, ඒ හමුවේ එකිනෙකා තම තමන්ට වුවමනා ලෙස අදහස් දැක්වීමට යාම හමුවේ ඇතිවූ පරස්පර විරෝධතා, ගමන ප්‍රමාද කළේය.දැන් ඇතිව තිබෙන තත්ත්වය හමුවේ දෙපාර්ශවයේම සාමාජිකයෝ සිටින්නෝ ඔවුන්ගේ මෙන්ම රජයේ පැවැත්ම අරබයා සැකයෙන් හා බියෙන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිීපාල සිරිසේන පාර්ශවයට අනුව ඔවුන්ට ඇති ප්‍රබලම දේශපාලන තර්ජනකාරීහු වන්නෝ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඔහුගේ හිතවත්හුය. පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් 95 දෙනාගෙන් හරි අඩක් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින්නෝය. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ කදවුරෙන් නැගෙන තර්ජනයක් බලාපොරොත්තුවෙන් සිටින බවක් පෙනෙන්නට නැත.ඔවුන් පසුගිය සමයේ රාජපක්ෂවරුන් විවේචනය කළේ නම් ඒ ඉතා කලාතුරකින් විය. විමර්ශන කඩිනම් කරන ලෙසවත් ඔවුන් ඉල්ලා සිටියේ නැත. ඇතැම් විට එක්සත් ජාතික පක්ෂය මෙසේ කටයුතු කරමින් සිටින්නේ දෙපිළ බෙදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් දේශපාලන වාසි සලසා ගැනීමට හැකිවනු ඇතැයි සිතා විය හැකිය. එහෙත් මෙය බූමරංගුවක් මෙන එක්සත් ජාතික පක්ෂය වෙතම කැරකී එනු ඇත්තේ, ජනපති සිරිසේන තම පාක්ෂිකයන්ගේ ඉල්ලීම් වලට කන්දී ක්‍රියාත්මක වුවහොත්ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් කිරීමට ඔහු අපොහොසත් වුවත් ඔහු අත තවත් විකල්ප රාශියක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂය අමතක කළ යුතු නැත.

එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල තවදුරටත් පවත්වාගන්නේදැයි එළැඹෙන අගෝස්තු මාසයේදී තීරණය කරන බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසා සිටින්නේ මෙවන් වාතාවරණයකය. ඔහු පක්ෂයේ දෙවැනි හෝ තෙවැනි පෙළ නියෝජනය කරන පුද්ගලයකු බවත්, එනිසා ඔහුගේ අදහස් ගණනකට නොගත යුතු බවත්, කෙනෙකුට කිව හැකිය. එහෙත් මේ දක්වාම ඔහු දක්වන අදහස්, ඔහුගේ පෞද්ගලික අදහස් මිස පක්ෂයේ අදහස නොවන බව කිසිවෙකුත් ප්‍රකාශ කර නැත. එසේ නම් ඩිලාන් පෙරේරා මෙසේ අදහස් දක්වමින් සිටින්නේ පක්ෂ නායකත්වයේ ආශිර්වාදය යටතේද යැයි පැනයක් නැගේ. මෛත්‍රී කදවුරේ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ එය එසේය කියාය. ඒ හමුවේ නැගෙන තවත් පැනයකි. දෙපාර්ශවයේ වෙන්වීම නවතා ගත හැකිද?, එසේ නවතා ගත නොහැකි නම් දැනට දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘතින්ට සහ න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති රටේ ආර්ථිකය ගලවාගැනීමේ කටයුතු වලට අත්වන ඉරණම කවර වනු ඇතිද?

චීන ගනුදෙනු

විදෙස් ආයෝජන ක්ෂයව යමින් තිබීම සහ බටහිර බලවතුන්ගෙන් අපේක්ෂිත සහය නොලැබීම හමුවේ චීනය මත තවදුරටත් රදාපැවැතීමට රජයට සිදුව ඇත.හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ අවසන් වාර්තාව අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේ විමසුමට ලක් කෙරෙනු ඇත.ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ මෙම මස හත් වැනිදා හම්බන්තොටදීය.මේ මාර්ගයෙන් රජයට ලැබෙන ආර්ථික ප්‍රතිලාභය ඩොලර් බිලියන 1.2 ක් පමණ වන බව සදහන්ය.

එසේ වුවත් ගිවිසුම ප්‍රකාරව චීනයට අක්කර 15000 ක බිම් කොටසක් වෙන් කර දීම සම්බන්ධයෙන් තවමත් පවතිනුයේ ගැටලුකාරී තත්ත්වයකි.පැවැත්වෙන කැබිනට් හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් සූදානමින් සිටිති. මෙවැනි විශාල බිම් කොටසක් විදෙස් රටකට, විශේෂයෙන් විදෙස් රටකට අයත් සමාගමකට පවරා දීම සුදුසු නොවන බවට ඔවුහු දැනටමත් ජනපති සිරිසේන ඉදිරියේ කරුණු දක්වා ඇත්තාහ. වරාය හා නාවික ගමනාගමන අමාත්‍යංශය මෙම ගිවිසුමට අත්සන් තැබීමට තීරණය කර ඇති බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වන යි ෂියැන්ලින්ග් හා ජනපති සිරිසේන අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර එහිදී සාකච්ඡා කැරුණු කරුණු සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවක් නැතත්, ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට චීන තානාපතිවරයා අවධානය යොමු කර ඇත්තේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනයට චෝදනා නැගෙන ලෙස පළවෙමින් තිබෙන මාධ්‍ය වාර්තා වලටය.ශ්‍රී ලංකාවට ආධාරයක් ලෙස, රටේ ව්‍යාපෘති වලට මැදිහත් වීමට චීනය කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙවැනි වාර්තා පළවෙමින් තිබීම සම්බන්ධයෙන් ඔහු ජනපතිවරයාගේ අවධානය යොමුකර ඇත.

මූල්‍ය කටයුතු වල නියැලෙන ආයතන

දිවයිනේ දැනට ක්‍රියාත්මක මූල්‍ය කටයුතු වල නියැලෙන ආයතන පාලනය කිරීම සදහා ක්‍රියාමාර්ග හදුන්වාදීමට රජයේ අවධානය යොමුව තිබේ.මේ සදහා ආර්ථික සම්පත් කළමණාකරන ඒජන්සියක් පිහිටැවීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතෙහි අවසන් සංශෝධන කටයුතු සදහා, ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටුවේ අනුමැතිය ලබාගැනීමට මුදල් අමාත්‍ය රවී කරණානායක පසුගිය මසදී කටයුතු කළේය.මෙම පණත් කෙටුම්පත අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කැරෙනු ඇත.මූල්‍ය සහ ආර්ථික කටයුතු වල නියැලෙමින් සිටියදී කඩා වැටුණු ආයතන නැවත ප්‍රතිව්‍යූහගත කිරීමට, උනන්දුව දක්වන ආයෝජකයන් තෝරාගැනීමේ ක්‍රමවේදයක්ද මෙම පනතට ඇතුළත්ය.
මෙම ආයතනය ඇති කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිවූ බවද, 2016 අගෝස්තු මස නව වැනිදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී, මෙම ආයතනය පිහිටැවීමට අවශ්‍ය නීතිමය ව්‍යුහය සකස් කිරීමටත්, ආයතනයේ සේවය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ සේවකයන් අනුයුක්ත කිරීමටත් තීරණය වූ බව, කරුණානායක ආර්ථික කළමනාකරණය පිළිබද කැබිනට් කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.මෙම යෝජනාව සහතික කරමින් 2017 අයවැයෙන් ආර්ථික සම්පත් කළමණාකරන ඒජන්සියක් පිහිටුවීම සදහා මූලික පිරිවැය ලෙස රුපියල් ලක්ෂ 100 ක් වෙන් කිරීමටද, වසර හතක එහි ක්‍රියාකාරීත්වය සහතික කිරීම සදහා රුපියල් බිලියන 10 ක වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවත් නිදහස් කිරීමටද, අවශ්‍ය පියවර ගැනුනු බව එහි වැඩිදුරටත් සදහන්ය.

දිවයිනේ මූල්‍ය කටයුතු වල නියැලෙන ආයතනයන්ගේ තත්ත්වය ගැන හැදින්වීමක් අනතුරුව සිදුකර තිබෙන අතර අධික ලෙස පොළී රහිත ණය ලබාදීම හේතුවෙන් ඇතැම් ආයතනය කිහිපයක පිරිවැය දියව ගොස් ඇති බවත්, ඒ හමුවේ මෙවැනි ආයතන සම්බන්ධයෙන් ජනතාව අතර පැවති විශ්වාසය හීනව ගොස් ඇති බවත් කරුණානායක තම වාර්තාවේ සදහන් කර ඇත.මේ හමුවේ බැංකු නොවන, මූල්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සදහා අධික ලෙස මුදල් යෙදවීමට සිදුව තිබෙන බවත්, එයින් අඩු ලාභ ලැබෙන, මුදල් තැන්පත්කරුවන්ට මෙන්ම මුදල් ලබාගන්නා දෙපාර්ශවයටම අවාසිසහගත වන තත්ත්වයක් නිර්මානයව ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
මෙවන් ආයතනයන් ප්‍රතිව්‍යූහගත කිරීම සහ ප්‍රති පිරිවැය සැපයීම සිදුවිය යුතුය.ඒ සදහා,
1. පොළී රහිත ණය ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයේන අවධානය යොමු කිරීම
2. මෙවන් ආයතනයන් වලට නැවත පිරිවැය සැපයීම
3. අධ්‍යක්ෂ මණ්ඩල සහ කළමණාකරන මණ්ඩල සාමාජිකයන් අලුතින් පත් කිරීම
4. බැංකු නොවන මූල්‍ය ආයතනයන් යාමනය කැරෙන සහ අධීක්ෂණය කැරෙන ක්‍රමවේදය ශක්තිමත් කිරීම
සිදුවිය යුතුය.

අනතුරුව අමාත්‍යවරයා දක්වා ඇත්තේ කඩාවැටුණු මෙවන් මූල්‍ය ආයතනයක්  ඇති කිරීමට යන නව නීතිය යටතේ නැවත ගොඩනැගෙන ක්‍රමවේදයයි.එයට අනුව කිසියම් ආයතනයක් කඩාවැටී ඇතිද, එසේත් නැතිනම් කඩාවැටීමට යන්නේද, යන්න තීරණය කරන මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, 2007 වෙළෙද හා මූල්‍ය පනත ප්‍රකාරව ආයතනය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කරනු ඇත.

අනතුරුව ආර්ථික සම්පත් කළමනාකාරණය සම්බන්ධ ආයතනය මැදිහත්ව, අනතුරුදායක අවදියක පවතින්නේ යැයි මහ බැංකුවෙන් තීරණය කළ මූල්‍ය ආයතනයේ සම්පත් පවරා ගැනීම, කළමනාකරණය කිරීම හා ඉවත් කිරීම සිදුකරනු ඇත.

එයින් පසුව උනන්දුව ඇති ආයෝජකයකුගේ මාර්ගයෙන් අවදානම් අවදියේ ඇති මූල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම, ආයතනයට නැවත ප්‍රතිපාදන සැපැයීම සිදුකෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් වන පණත් කෙටුම්පත සකස් කර ඇත්තේ අන්තර්ජාතික තලයේ පිළිගත් ක්‍රමවේදවලට හා තත්ත්වයට අනුව බවද මුදල් අමාත්‍යවරයා විශේෂයෙන් සදහන් කර තිබේ.

කිසියම් මූල්‍ය ආයතනයක් අනතුරුදායක තත්ත්වයේ පවතින්නේ යැයි හඳුනාගැනීම “ මහ බැංකුව හෝ ආර්ථික සම්පත් කළමනාකරණ ආයතනය, මුදල් අමාත්‍යවරයාගේද අනුමැතිය සහිතව, කිසියම් මූල්‍ය ආයතනයක් අනතුරුදායක තත්ත්වයේ පවතින මූල්‍ය ආයතනයක් ලෙස හදුන්වාදෙන්නැයි මහ බැංකුවට නියම කරනු ඇත.මෙසේ ආයතනයක් අනතුරුදායක තත්ත්වයේ පවතින බව හදුනාගැනෙනු ඇත්තේ සකස් කර ඇති දර්ශක කිහිපයක් භාවිතයෙන්ය.“

“ ගැටලුකාරී යැයි නම් කර ඇති අදාළ ආයතනය යටතේ පවතින සම්පත් අතරින්, භාවිතයට ගත හැක යැයි මහ බැංකුව නම් කරන සම්පත් ආර්ථික සම්පත් කළමනාකරණ ආයතනය පවරා ගනු ඇත.“

භාවිතයට ගත හැකි සම්පත් කළමනාකරණය කර ගැනීම, ප්‍රතිව්‍යුහගත කිරීම, සහ බැහැර කිරීම ’‘ රජය මැදිහත්ව සිදුකරන තක්සේරු කිරීමකින් පසු ආර්ථීක සම්පත් කළමනාකරන ආයතන අදාළ ආයතනය වෙත සළකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කරනු ඇත.“

’‘ අධිකරණ මැදිහත් වීමකින් තොරව සිදුකළ හැකි ණය බේරීම්, ණය ප්‍රතිව්‍යූහගත කිරීම් සහ සම්පත් බැහැර කිරීම්, ආර්ථික සම්පත් කළමනාකරණ ආයතනය සිදුකරනු ඇත.“

විශේෂ බලතල

“ මුදල් තැන්පත්කරුවන්ගේ, මුදල් හිමිකරුවන්ගේ, කොටස් හිමිකරුවන්ගේ, අයිතීන් වලට යටත් නොවී සම්පත් අත්පත් කරගැනීමට, කළමණාකාරනය කරගැනීමට සහ බැහැර කිරීමට බලය ආර්ථික සම්පත් කළමනාකාරණ ආයතනයට තිබෙනු ඇත.“
“ එම ආයතනය ගන්නා තීරණ නැවත හැරවීමේ බලයක් අධිකරණ වලට නොතිබෙනු ඇත.අධිකරණ වලට හැකියාව තිබෙනු ඇත්තේ ආපදා අවස්ථාවකදී ඒ සදහා සහනයක් ලබාදෙන ලෙස නියම කිරීම පමණකි.“
“ දේශීය ආදායම් දෙපාර්තමේන්තු පණතින් හා මුද්දර ගාස්තු පනතින් මෙම ආයතනය නිදහස් වනු ඇත.“

“ වැරදිකරුවන්ට දැඩි දඩුවම් පැමිණවීමද ආර්ථික සම්පත් කළමනාකරණ ආයතන පනත යටතේ තහවුරු කෙරෙනු ඇත.“

මුදල් අමාත්‍යවරයාගේ යෝජනා අනුව රජය දිවයිනේ ක්‍රියාත්මක මූල්‍ය හා ආර්ථික කටයුතු වල නියැලෙන ආයතන මත දැඩි පාලනයක් ගෙන යනු ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් වන වැදගත් සහ ආන්දෝලනාත්මක කරුණු පළමුකොට අධ්‍යයනය කර විසදුම් සොයා ගත යුතුය.ඒ සියල්ලටම පෙර මෙවන් නීතියක් ස්ථාපිත කරගැනීමට රජයේ වාතාවරණය සාමකාමිී විය යුතුය.

ගෙවුණු සිකුරාදා දිනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් ජනපති සිරිසේන හමුවූහ.එහිදී ඔවුහු රටේ වත්මන් දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම අදහස් ජනපතිවරයා සමග හුවමාරු කරගත්හ. චෝදනාද නැගූහ. ඔවුන්ට පිළිතුරු දුන් ජනපති සිරිසේන චෝදනා නැගුනු ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ඉදිරිපත් කළේය. අනෙක් චෝදනා අරබයා තමා ඉදිරියේදී පියවර ගන්නා බව ඔහු කීවේය. මෙය ඇත්තෙන්ම සුබ ලකුණකි. එහෙත් ගැටලුව වන්නේ දේශපාලන කරලියේ ඇතිවෙමින් පවතින පෙරැළි මැද ජනපතිවරයා පවසන ලෙසටම කටයුතු කළ හැකිවනු ඇතිද යන්නය.
හමුවේ අවසානයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිස හා එක්වූයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාය.ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට හමුව අවසන්ව පැය කිහිපයක් ගතවූ තැන කුඩා කණ්ඩායමක් ජනපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවසරය ඉල්ලා ඇත.
අලුත් අවුරුදු ප්‍රකාශය සිදුකරමින් ජනපති සිරිසේන පවසා සිටි විශේෂ දෙයක් විය.

“ අප අපගේ කටයුතු කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායකව, කළමනාකරණය කරගන්නේ නම් අප හඹා යන ඉලක්ක දිනාගැනීමට කිසිම අපහසුවක් නැහැ.හරි දේ හරි වේලාවට ක



අදහස් (0)

නව වසර කටු පඳුරු උඩින්

සත්‍යයා Monday, 02 January 2017 12:27 AM

මෛත්‍රීපාල සිරිසේන මහතා හොඳ එඩිතර දක්ෂ පාලකයෙකුට උපදෙස් දෙන්න ඉතා සුදුසු බව මගේ හැඟීමයි. අපිට ප්‍රශ්නය තිබෙන්නේ රට ගොඩගැනීමට සුදුසුයි කියා හිතෙන හැම පුද්ගලයෙකුගේම කිල්ලෝට වල හුණු තිබීමයි. ඒ නිසා මේ රාජ්‍ය පාලනය සුපුරුදු ලෙසම දිගටම කෙරේවි. (නි)

:       0       0

බන්දුල Monday, 02 January 2017 02:19 AM

මෙතන සදහන් කර ඇත්තේ පවතින රජයේ අඩුපාඩුය. නමුත් ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍යනම් මේ රජයටම හැකියාව හා බලයක් ඇත. ඒ සදහා අවශ්‍ය වන්නේ එම වැරදි පිළි අරගෙන ඒවා නිවැරදි කර ගැනීම පමණි. මේ රජය එවැනි නිවැරදි කර ගැනීම් පසුගිය කාලයේ කර තිබෙනව දැනට යන ක්‍රමය පැවතී ක්‍රමයට වඩා සුබදායකයි, මේකට විකල්පයක් හැටියට ජනතාව ප්‍රතික්ෂේප කල කණ්ඩායමක් නැවත බලයට ගෙන එම එතරම් සුදුසු නොවේ. මොකද තාම ඒගොල්ලෝ පරණ පුරුදු අත හැරලා නෑ. ඒ අයට නැති කරගත්තේ තිබුන අසීමිත බලයක් , නැති කරගත් හේතුව බලය තිබෙන විට මොලය නැති වීමයි . (අ)

:       0       0

වසන්ත Monday, 02 January 2017 07:59 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 48 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3011 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 551 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1048 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 761 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 808 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site